මව බයිබල් ආගමට ?

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මව බයිබල් ආගමට ?

දැඩි ලෙස රෝගාතුරව ගිලන් ඇඳේ පසුවෙන 73 හැවිරිදි තම මව බයිබල් ආගමට වහා හරවන ලෙසට බලකරමින් තම ඥාති දියණියට (අයියාගේ දුවට) පිස්‌තෝලයක්‌ එල්ල කර මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියකට අදාළ සැකකාර කෝටිපති බාප්පා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් කපිල දුෂන්ත එපිටවල මහතා නියෝග කළේය.

සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත ඇප නියම වූ සැකකරු (බාප්පා) වූයේ නයිනමඩම අංක( 90/බී දරන ස්‌ථානයේ පදිංචි එස්‌. ඉච්චම්පුල්ලිගේ මරියෝ ජෙරාඩ් ප්‍රනාන්දු නමැති ධනවත් ව්‍යාපාරිකයෙකි. මොහු දෙදරු පියෙකි. එම සැකකරු අධිකරණය හමුවට පැමිණවූ මීගමුව පොලිසියේ පො. කො. (56351) සරත් ප්‍රේමකුමාර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙහි පැමිණිලිකාරිය වූයේ මීගමුව පෙරියමුල්ල අංක( 41/16 හි පදිංචි ඩබ්ලිව්. එස්‌. කැරොලි ෂෙහරා සමන්මලී නමැති 21 හැවිරිදි ශිෂ්‍යාවකි.

එම පැමිණිල්ල අනුව පැමිණිලිකාරියගේ නිවසට පැමිණි බාප්පා තම රෝගී මව කඩිනමින් සුවපත්වීමට ඇය වහා බයිබල් ආගමට හරවන ලෙසට මෙහි පැමිණිලිකාරිය වු මිනිබිරියට බළකළ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරු විසින් කතෝලික බැතිමතකු වූ තම මවගේ කරෙහි පැලඳි බොරලික්‌කම (කිතුණු ආගමේ සංකේතය) ඉවත් කිරීමට තැත් කළ බවත් එයට පැමිණිලිකාර මිනිබිරිය එරෙහිවූ අවස්‌ථාවේ ඇයට ඔහු සතුව තිබූ පිස්‌තෝලය එල්ල කර තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

සැකකරු වෙqනවෙන් නීතීඥ වනුජිර රොද්රිගු මහින්ද සුගතදාස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා යන මහත්වරුන් අධිකරණය හමුවේ පැවසුවේ මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ උපන් දින සාදයක්‌ බවත් එයට එරෙහිවීමක්‌ වශයෙන් මෙම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත්. මෙම සිද්ධියට අදාල බව කියන පිස්‌තෝලය පැමිණිල්ලෙන් අධිකරණය වෙත ඉදිරිපත් කොට නොතිබිණි. මෙහිදී පැමිණිල්ලෙන් සහ විත්තියෙන් ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්‍ෂයක ශරීර ඇප නියම කර නඩුව සමථ මණ්‌ඩලයට යොමු කරන ලදී. පො. කො. (56351) සරත් ප්‍රේමකුමාර මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතීඥ වජිර රොද්රිගු මහින්ද සුගතදාස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා යන මහත්වරු පෙනී සිටියහ. වැඩිදුර විභාගය 2017 ජනවාරි මස 26 වෙනි දින පැවැත්වේ.
Source
 

Similar threads