මස්=එලවළු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    සහෝ.. මම ඔයාගෙ ලිපිය කියෙව්වා.. ඔව් තථාගතයන් වහන්සෙ කවදාවත් දේශනා කලේ නෑ මස් නොකා ඉන්න කියල..
    නමුත් උන්වහන්සෙ දේශනා කලා අවිහිංසාව කියන දේ ඔබේ සිතට ලං කරගන්න කියලා.. ඒ අනුව ජීවත් වෙන්න කියලා..

    අපි මෙහෙම හිතමු .. සුපර් මාකට් එකේ තියෙන මස්, මාලු එතැනට එන ක්‍රියාවලියෙ මුල තියෙන්නෙ සතෙක් බිහිසුණු ලෙස ඝාතනය කිරීමක් නේද.. ඒ සතා ගෙන අසාධාරණව ලබා ගත් මසක් බව ඔබට තේරුම් ගන්න පුළුවන් නේද ?
    ඉතින් එලෙස අසාධාරණයෙන් ලබා ගත් මස කන එක ... කුඩ්ඩෙක් හොරකම් කරපු රත්තරන් මාලයක් ඇඳගෙන යනවා හා සමානයි නේද.

    මචන්.. මෙතන තියෙන්නෙ මසේ රසට ලොල් වී විවිධ විධියට ඒක සාධාරණය කර ගැනීම කියලයි මට හිතෙන්නෙ. මම මෙහම කියන්නම්
    වෙන අය කියන නිසා නෙවෙයි. ඔබ ඔබෙන් අහන්න.. මේ වැඩේ හරිද කියල. හරි කියල හිතෙන විධියක් කරන්න.. නමුත් හරි කියල ප්‍රත්‍යක්ශව දැන ගන්න ධර්මය එක්ක ගලපන්න..
    ඔබ ආර්‍ය මාර්ගයේ යන්න හිතනවා නම්, නමට බෞද්ධ නෙවෙයි නම් අවිහිංසාව හැම වෙලාවෙම හිත මුලින් ම තියා ගන්න..
    ඔබේ කෑම එක අතට ලැබුණාම හිතට එකඟව ඔබට සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා කියල කියන්න පුළුවන් නම් ඔබ යන මාර්ගය හරි මචන්. එච්ච්චරයි.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ෆාම් බිත්තර ගැන නම් ටිකක් ගැඹුරු දෙයක් කියන්න තියෙනවා..
    විද්‍යාව අපිට කියනවා ෆාම් බිත්තර වල ජීවයක් නෑ කියල..
    නමුත් කර්ම.. කර්ම ඵල.. ප්‍රතිසන්ධිය අපිට මොකක්ද කියන්නෙ ?
    කර්මය අනුව ප්‍රතිසන්ධි වෙන එක ගැන ... ඔබේ සිතේ ගැටීමක් ඇති නොවෙන්නට මම පසුව ඒ ගැන ලියන්නම්..

    දුරකථන අංකයක් තිබේ නම් කැමති නම් මට PM එකක් දාන්න.
    මම ෆාම් බිත්තර ගැන වහරක අභයරතනාලංකාර හිමිපාණන් හිතන්නට කියා දුන් දෙයක් කියල දෙන්නම්.
    ඔබ ධර්මය අනුව ගලපා අවබෝධ කරගන්න
    තෙරුවන් සරණයි
     
    Last edited:
    May 21, 2013
    47
    3
    0
    චගු;15038664 said:
    ෆාම් බිත්තර ගැන නම් ටිකක් ගැඹුරු දෙයක් කියන්න තියෙනවා..
    විද්‍යාව අපිට කියනවා ෆාම් බිත්තර වල ජීවයක් නෑ කියල..
    නමුත් කර්ම.. කර්ම ඵල.. ප්‍රතිසන්ධිය අපිට මොකක්ද කියන්නෙ ?
    කර්මය අනුව ප්‍රතිසන්ධි වෙන එක ගැන ... ඔබේ සිතේ ගැටීමක් ඇති නොවෙන්නට මම පසුව ඒ ගැන ලියන්නම්..

    දුරකථන අංකයක් තිබේ නම් කැමති නම් මට PM එකක් දාන්න.
    මම ෆාම් බිත්තර ගැන වහරක අභයරතනාලංකාර හිමිපාණන් හිතන්නට කියා දුන් දෙයක් කියල දෙන්නම්.
    ඔබ ධර්මය අනුව ගලපා අවබෝධ කරගන්න
    තෙරුවන් සරණයි

    කැමති කතා කරන්න. දුරකථන අංකය දෙන්න අකමැත්තක් නෑ ඒත් ඔයාට කරදරයක්නේ.
    ස්කයිප් ඉන්නවානම් බිසී නැත්නම් කතා කරන්න පුලුවන්ද
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    "#.සමහරවිට කෙනෙක්ට මස් මාලු කන එක අප්පිරිය වෙන්න පුලුවන් අන්න ඒ නිසා එයා මස් මාලු නොකනවා වෙන්න පුලුවන්.
    #.සමහරවිට තමන්ගේ රුව ඒ කියන්නේ පෙනුම ලස්සන කර ගන්න එයා මස් මාලු නොකනවා වෙන්න පුලුවන්.
    #.සමහර විට කෙනෙක් නිකන් සමාජයේ පවතින රැල්ලකට වගේ සටයිල් එකට මස් මාලු කන එක නවත්තලා ඉන්නත් පුලුවන්..."

    ඔයා මේ දාලා තියන හේතු වලට අමතරව තවත් විශාල පිරිසක් ඉන්නවා පෘ‍ථිවිය මිනිසාට සින්නක්කරට පවරා දුන් දේපලක් නොව බව විස්වාස කරන. ඒ අය හිතනව මිනිසා ඇතුලු සෑම සත්ව විශේෂයකටම මේ පොලොවේ ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බව. ඒ වගේම සත්වයින් මිනිසාගේ හිංසනයට බඳුන් නොවිය යුතු බව.
    මෙහෙම හිතන්න ආගමක් අවශ්‍ය නෑ. මේ හේතුව නිසා නිර්මාංශික වන අය බෞද්ධ ආගමේ අයම නෙමෙයි. මොකද බුද්ධාගමේ මස් කෑම ප්‍රතික්ශේප කරල නෑ.