මස් කන ඒක පවුද

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පවක්
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ
    කනවා නම් මැරුණු සතෙක්ගේ කන්න කියලලු
    මැරුණු සතෙක් කියන්නේ කන්න මරපු එකෙක් නෙමෙයි ස්වභාවිකව මැරුණු රෝගයකින් මැරුණු
    කොටින්ම කන්න එපා කියලා තාම දේශනා කරලා තියන්නේ
    වැරදි නම් මාව නිවැරදි කරන්න දන්නා කෙනෙක්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    වැරදියි!

    ඛුද්දකනිකායෙ
    සුත්ත නිපාතය
    2. චූල (සුළු) වර්ගය
    2. ආමගන්ධ සූත්‍රය

    “බඩහමු, රත්තණ, හීංමුං කොළ වර්ග, අල මුල්, ගස් වැල්වල ගෙඩි, දැහැමින් ලද දෙය යන මෙතෙක් දේ ශාන්තවූ ආර්යයෝ වළඳන්නාහ. කැමති දේ ප්‍රාර්ථනා කරන්නෝ බොරු නොකියත්.

    “යහපත්කොට කරණ ලද්දාවූ මනාකොට නිම කරණ ලද්දාවූ, අනුන් විසින් දෙන ලද්දාවූ, ආදරයෙන් එළවන ලද්දාවූ, ප්‍රණීතවූ යම්කිසි මසක් ඇද්ද, එය අනුභව කරන්නාවූ එසේම ඇල් සාලේ බත අනුභව කරන්නාවූ කාශ්‍යප ගොත්‍ර ඇති සර්වඥය. නුඹවහන්සේ මත්ස්‍ය මාංශය යයි සලකන ආමගන්ධය (කුණප ගන්ධ) අනුභව කරණ සේක්ද?”

    “බ්‍රහ්ම බන්ධු නම් ගෞතමයන් වහන්ස, මොනවට ඉදිකරණ ලද්දාවූ පක්ෂි මාංශයෙන් යුක්තවූ ඇල්සාලේ බත වළඳන්නාවූ නුඹවහන්සේ ආම ගන්ධය මට නොකැපයයි මෙසේ කියන්නාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ආම ගන්ධය කෙසේවූ විශෙෂයක් ඇත්තේදැයි” විචාළේය.

    “ප්‍රාණඝාතයද තැලීම, කැපීම, බැඳීම යන මෙයද, සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති අවැඩට හෙතු පොත් කියවීමද, අනුන් අයත් අඹුවන් කරා යාමද, යන මේ ආම ගන්ධ නම්වේ. ත්‍රිකොටික පරිශුද්ධ මාංශය හා භොජනය ආමගන්ධ නොවේ.

    මේ ලෝකයෙහි යම්කිසි පෘථග්ජන කෙනෙක් කාමයන්හි සංවර නැත්තෝද, රසයන්හි ගිජුවූවාහුද, අපවිත්‍ර භාවයෙන් මිශ්‍රද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, විෂමයෝද, කරුණු කියාවත් නොදැක්විය හැක්කාහුද, මේ තෙම ආමගන්ධ නම් වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.

    “යම් පෘථග්ජන කෙනෙක් රජවූවෝද, කුලෑටියෝද, පිට මස් කන්නවුන් වැන්නෝද, මිත්‍ර ද්‍රොහියෝද, කරුණා නැත්තෝද, අධික මාන ඇත්තෝද, නොදෙන සුල්ලෝද, කිසිවෙක් හට ඉල්වන ලදුවත් නොදේද, මේ ආමගන්ධ නම් වේ. මස් මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.

    “ක්‍රොධයද, ජාතිමදාදි මදයද, දැඩිකමද, පසමිතුරුව සිටීමද, මායාවද, ඊර්ෂ්‍යාවද, තමා උසස් කරණ කථා ඇතිබවද, මානය හා අතිමානයද, අසත් පුරුෂයන් හා මිත්‍රත්වයද, යන මෙය ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.

    “මේ ලොකයෙහි යම් පෘථග්ජන කෙනෙක් ලාමක ආචාර ඇත්තෝද, ණය ගෙන නොදෙන්නෝද, කේළාම් කියන්නෝද, අල්ලස් ගෙන නඩු අනඩු කරන්නෝද, අධර්මය කරමින් ධර්මයෙහි හැසිරෙන්නේයයි අඟවන්නෝද, මේ ලොකයෙහි යම් අධම ලාමක සත්ව කෙනෙක් පව් කෙරෙත්ද, මෙතෙම ආමගන්ධය වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.

    “මේ ලොකයෙහි යම් ජනකෙනෙක් සතුන් කෙරෙහි අසංයත වූවාහුද, අනුන්ගේ ධනය හෝ ජීවිත ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරෙත්ද, අන් සතුන්ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරේද, දුරාචාර හා රෞද්‍ර ක්‍රියා ඇත්තාහුද, රළු තෙපුල් ඇත්තාහුද, ආදරයක් නැත්තාහුද මේතෙමේ ආමගන්ධ හෙවත් කුණප ගන්ධ නම්වේ. මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.

    “මේ ප්‍රාණීන් කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙත්ද, ද්වෙෂයෙන් විරුද්ධයෝ වෙත්ද, නුවණින් සැලකීමක් නැතුව යෙදුනාහුද, ඒ සත්වයෝ මේ ලොවින් පරලොවට ගොස් අඳුරට පැමිණෙත්. යට හිස් ඇතිව අවීචි ආදී නිරයට වැටීම් වශයෙන් පැමිණෙත්. මේතෙමේ ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.

    “දුරුනොවූ සැකය ඇති සත්වයා මත්ස්‍ය මාංශයන්ගේ නොකෑම හෝ නොකෙරෙයි. වස්ත්‍ර නොහැඳ කරණ තපසද ශුද්ධ නොකරන්නේය. මුඩු කළ පමණින්ම කරණ තපස්ද දළ මඬුළු හා දූවිලි දැලි දරා කරණ තපස්ද, කුර සහිත අඳුම් දිවිසම් දරා කරණ තපස්ද, ශුද්ධ නොකරයි. ගිනි පිදීම් වශයෙන් සෙවනය කිරීමද, ශුද්ධ නොකරයි. නැවත මේ ලොකයෙහි දිව්‍ය භාවය පතා කරන්නාවූ බොහෝවූ ශරීර තාපයෙන් කරණ තපස්ද ත්‍රි වෙදයද, ගින්නෙහි හොම කිරීමද, අශ්වමෙධාදි යාගද, ඍතු සේවනයද යන මෙකී කරුණු ශුද්ධ නොකෙරෙත්.

    ඉන්ද්‍රිය සය වසන ලද්දේ, ඉන්ද්‍රිය සය දන්නා ලද්දේ වෙත්ද, ධර්මයෙහි පිහිටියේද, ඍජු බැව්හි හා මොළොක් බැව්හි ඇලුනේවේද, රාග ද්වෙෂ සංවෙගයන් ඉක්ම ගියාවූ සියලු ශොක දුක් ප්‍රහාණය කළාවූ නුවණැති පුද්ගලතෙම දැකි ඇසූ ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලේයයි” වදාළසේක.

    “උක්ත ප්‍රකාරවූ මේ අර්ථය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවත නැවත විස්තර කොට වදාළසේක. ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ තෘෂ්ණා දෘෂ්ටීන් නික්මුණාවූ බාහ්‍ය දෘෂ්ටි වශයෙන් මේ ශ්‍රෙෂ්ඨයයි කිසිවකු විසින් නො පැමිණ විය හැකිවූ බුද්ධ මුනිතෙම විසිතුරු ගාථාවෙන් ප්‍රකාශ කොට වදාළසේක. ඒ විසිතුරු දෙශනාව වෙදත්‍රයෙහි පරතෙරට පැමිණි හෙයින් මන්තපාරගු නම් වූ ඒ බ්‍රාහ්මණතෙම අවබොධ කෙළේයි.

    “ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ සියලු දුක් නසන්නාවූ සුභාෂිය නම්වූ ධර්ම දෙශනාව අසා, යටත්වූ සිත් ඇති ඒ තිස්ස නම් බමුණුතෙම බුදුන්ගේ පා යුවල පසඟ පිහිටුවා වැන්දේය. එම අස්නෙහිම හුන් කසුප් බුදුන්ගෙන් ප්‍රව්‍රජ්‍යාව කැමතිව ආරාධනා කළේයි.”

    ආමගන්ධසුත්තං දුතියං නිට්ඨිතං.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පවක්
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ
    කනවා නම් මැරුණු සතෙක්ගේ කන්න කියලලු
    මැරුණු සතෙක් කියන්නේ කන්න මරපු එකෙක් නෙමෙයි ස්වභාවිකව මැරුණු රෝගයකින් මැරුණු
    කොටින්ම කන්න එපා කියලා තාම දේශනා කරලා තියන්නේ
    වැරදි නම් මාව නිවැරදි කරන්න දන්නා කෙනෙක්
    :yes::yes::yes:
    'සත්ව අවිහින්සාවෙන් පවා පව් පුරවා ගන්න බුදු දහමේ හය හතරවත් නොදන්න තරුණ බෞද්ධයෝ'
    පුදුමාකාර බණ තමා අහන්න ලැබෙන්නේ. 'මස් මාලු කැවට කමක් නැහැ, බුදු දහමට අනුව ඒකෙ කිසි පාපයක් නැහැ' කියන මතය සමාජගත කරන්න සැහෙන්න මහන්සි වෙන පිරිසක් ඉන්න බවක් පේනවා. මේ අය කියන විදියට 'සත්තු මරන්න එපා, ඒත් සත්තුන්ගෙ මස් කැවට කමක් නැහැ' කියල තමා බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ.
    ප්‍රාණඝාතයෙන් වළකින්න කියන එක බුදු දහමේ මූලිකම දේශනාවක්.
    ප්‍රාණඝාතයක් නොකර මස් මාලු කන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද​?
    මස් මාන්ශ අනුබවයට සත්ව ඝාතනය කියන එක කොහෙන් හරි සම්බන්ධ වෙනවා, හැබැයි මරන්නෙ වෙන එක්කෙනෙක්, කන්නෙ වෙන එක්කෙනෙක්, කන එක්කෙනාට ඒකෙ පවක් නැහැ කියලා ලොජික් හදලා පෙන්නන්න දන්න උදවිය ඉන්නවා. කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා කියමනකුත් තියෙනවා නෙ.
     
    • Like
    Reactions: ForgottenSand
    Sep 4, 2015
    3,212
    269

    දන්න හුත්තක් කියවපන්. :lol:
     
    ආම ගන්ධ සූත්‍රයේ බුදු පියානන් දේශනා කලේත් ඒ ආකරයෙන්ම තමා. සමහර විට ඔබ අන්‍ය ලබ්දිකයෙක් වෙන්න ඇති.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    චේතනාව අනුව පින් පව් තීරණය වෙනවා කියන නිසා අපි මස් මාංශ කන විට එලෙස සිතුවොත් අපට පව් සිදු වෙන්නේ නෑ නේද? ඒ සතා කෙරේ ද්වේශයකින් හිතමින් කෑවොත් නම් පව් සිදු වෙනවා ඇති.
    මෙහෙම වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මම නිර්මාංශ වෙනවා. මගේ පවුලේ අයත් නිර්මාංශ වෙනවා. මේ විදියට හිතලා නගරයෙන් භාගයක්ම නිර්මාංශ වෙනවා. එහෙම වුනොත් මස් කඩ වල වෙළෙදාම අඩු වෙනවා. එවිට මස් පිණිස සතුන් ඝාතනය කරන එක අඩු වෙනවා. එවිට සතුන්ගේ ජිවිත රැකෙනවා.
    අපි මේ විදියට හිතුවොත් වැරදිද?

    මේ කියපු එකේ වැරද්දක් තියෙනවනම් නිවැරදි කරන්න. මමත් තවත් අයගෙන් අහලා තියෙන දේවල් කිව්වේ ඔප්පු කරන්න දන්නේ නම් නෑ.
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    අනේ මෙහෙමත් හාමුදුරුවරු' බුදු බණත් විකුර්ති කරනව :/
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    buddhagamen, kristhiyani agamen, muslim agamen anith agam walin wadak nh.
    mokda kiyanne thaman wadiyenma adare karana kenage mas kaala oya pawa pina gana katha karamuda?

    ubalata wagema untath jeewath wenna aithiyak thiyenwa. ara agamen mehemai me agamen mehamai, paw nh anan manan wadak nh. ubala ubema manasin hithala balapan.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    Eating meat ok because animals are not intelligent, ඒ මොන මෝඩ කතාවක්ද බං ඒ කියන්නේ සත්තු බුද්දිමත් නැති නිසා උන්ගේ මස් කන එක අවුලක් නෑ කියලද? බං එහෙම හිතුවොත් මන්දබුද්දික හෝ උම්මත්තක පුද්දලයෙක් මරන් කෑවත් කිසි අවුලක් නෑ කියයි

    බොරැ කියන්න ඔනේ නෑ මම මස් මාළු කනවා ඒත් ඇත්ත කතාව නම් අපි මස් මාළු කන එකෙන් පවක් වෙනවද දන්නේ නෑ නමුත් මස් පිනිස මරපු සතෙක් කාලා මම කෑවට මරුවේ නෑනේ කියලා පුරසාරම් දොඩන අයට කියන්න තියෙන්නේ ඔයා ජීවිත කාලෙටම සත්තු 100000 කගේ මස් කෑව නම්(මාළු මස් කූනිස්සෝ ඔක්කෝම අයිතියි) ඔයා නොකා හිටියනම් සත්තු 100000 කගේ මරන්න ඔයා දීපු ඔඩර් එක කැන්සල් වෙනව‍ා (ඉල්ලුමට සැපයුම ඉල්ලුම අඩ් උනොත් සැපයීම අඩුවෙනවා සැපයීම අඩු අනොත් මරන එක අඩු වෙනවා) මේ මගේ මතය සම්බුද්ධ දේශණාවක් නෙවෙයි
     
    මමත් බුද්ධාගම ගැන ගැබුරින් දන්නෙ නැහැ, නමුත් මිනිස්සු උතසහ කරන්නෙ තමන් කරන වැඩ සාධාරණීකරණය කරන්න​, ඉතින් මස් කන්න ඕන අය ඒකෙ වැරැද්දක් නැහැ කියන එක සමාජගත කරනවා. ඒකෙන් වෙන්නෙ අනෙක් අයත් වැඩිපුර මස් මාන්ශ කන්න පෙළබෙන එක​. මස්වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා කියන්නෙ ඒ හා සමානව ඒ වෙනුවෙන් සත්තු මරන්න වෙනවා කියන එකයි. අපි බහුතරයක් අහල තියෙනවා කරණීයමෙත්ත සූත්‍රය​, ඒ කියන විදියට හරියට මෛත්‍රී කරන කෙනෙකුට දැන දැනත් කැම වේලක් වෙනුවෙන් සත්තු මැරෙන්න ඉඩ දෙන්න පුලුවන් ද​ කියන එක ප්‍රශ්නයක් මටනම්. බුද්ධාගමේ මස් කන්න එපා කියලා වාරණයක් නැහැ. වෙනයම් විදියකට මැරුනු සතෙකුගෙ මසක් කැවට කාටවත් හානියක් නැති නිසා වගේ හේතුවක් නිසා වෙන්න ඇති එහෙම වෙලා ඇත්තෙ, මම ඒ ගැන කියන්න දන්නෙ නැහැ හරියටම​. නමුත් තමන්ට බුද්ධියක් තියෙන්න ඕනෙ තමන් කරන වැඩෙන් ලෝකෙට යහපතක් ද අයහපතක් ද වෙන්නෙ කියලා තීරණය කරගන්න​
     
    briandom

    Member
    Jul 19, 2017
    8
    3
    0
    Man nam hithanne oka katha karala wadak na.
    Kanda hodada nathda kiyala ahanne kanda uwamana nisane.
    Ehema uwamanawa thibila noka hitiyath wadak naha man hithana widiyata.
    Thamantama ehema asawak uwamanawak en nathi dawasata thamai oka nawaththanda one.
    Ehema dawasak ikmanin laga karaganda karanda puluwan dewal ithin hari kenekgen ahala igena ganda wei.
    Mage adahasa pamanai.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :yes::yes::yes:
    මමත් බුද්ධාගම ගැන ගැබුරින් දන්නෙ නැහැ, නමුත් මිනිස්සු උතසහ කරන්නෙ තමන් කරන වැඩ සාධාරණීකරණය කරන්න​, ඉතින් මස් කන්න ඕන අය ඒකෙ වැරැද්දක් නැහැ කියන එක සමාජගත කරනවා. ඒකෙන් වෙන්නෙ අනෙක් අයත් වැඩිපුර මස් මාන්ශ කන්න පෙළබෙන එක​. මස්වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා කියන්නෙ ඒ හා සමානව ඒ වෙනුවෙන් සත්තු මරන්න වෙනවා කියන එකයි. අපි බහුතරයක් අහල තියෙනවා කරණීයමෙත්ත සූත්‍රය​, ඒ කියන විදියට හරියට මෛත්‍රී කරන කෙනෙකුට දැන දැනත් කැම වේලක් වෙනුවෙන් සත්තු මැරෙන්න ඉඩ දෙන්න පුලුවන් ද​ කියන එක ප්‍රශ්නයක් මටනම්. බුද්ධාගමේ මස් කන්න එපා කියලා වාරණයක් නැහැ. වෙනයම් විදියකට මැරුනු සතෙකුගෙ මසක් කැවට කාටවත් හානියක් නැති නිසා වගේ හේතුවක් නිසා වෙන්න ඇති එහෙම වෙලා ඇත්තෙ, මම ඒ ගැන කියන්න දන්නෙ නැහැ හරියටම​. නමුත් තමන්ට බුද්ධියක් තියෙන්න ඕනෙ තමන් කරන වැඩෙන් ලෝකෙට යහපතක් ද අයහපතක් ද වෙන්නෙ කියලා තීරණය කරගන්න​

    උබ කියන එක ඇත්ත මචං