මස් කෑමෙන් වළකිමු
Blue Blood Member Feb 15, 2010 257 21 0 Sep 7, 2010 #2 නිර්මාංශ භෝජනය... වර්තමාන ලෝකයේ බොහෝ රට වල ජනතාව නිර්මාංශභෝගී ආහාර පාන වලට හුරු වී ඇති බව රහසක් නොවේ. එයින් ශරීර සෞඛ්‍යයට ඇති වන හිතකර බලපෑම් ගැන කොතෙකුත් කතාබස් වී ඇති නිසා එයට වඩා වෙනත් පැතිකඩකින් ඒ ගැන කතා කළ යුතු යැයි සිතුණා. මෙය වඩා භාවාත්මක (emotional) පැතිකඩක් කියා කීවොත් වඩා නිවැරදියි. ලොව උසස්ම බුද්ධි මට්ටම ඇති සත්ත්ව කොට්ඨාශය ලෙසින් මිනිසා විසින්ම නම් කරගන්නා ලද මිනිස් වර්ගයට අයත් වන අප අතරින් බොහොමයක් දෙනා ස්වභාව ධර්මය ගැන බොහොම සෞන්දර්යාත්මක ඇසකින් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් ඒ ස්වභාව ධර්මය ගැන කාරුණික ඇසකින්, දුර දක්නා නුවණකින් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ කීයෙන් කී දෙනාටද? අපි ඇළක, පොකුණක පිහිනන සුන්දර මසුන් රංචුවක් දුටු විට ඒ සුන්දර දසුනින් සතුටු වෙනවා. පුංචි කුකුළු පැටව් ටිකක් හුරතලේට පැද්දි පැද්දී කෑම හොයන අපූරුව මොන තරම් ලස්සනද. ගවයාගෙන් අපට ලැබෙන සේවාව ගැන කවි ගීත පවා පබැඳිලා තියෙනවානේ. ඉතින් මේ අසරණ සතුන්ගේ මාංශ බුදින වෙලාවට එයින් දිවට දැනෙන රස ගැන මිසක් ඒ අසරණුන් ස්වභාව ධර්මයට එක් කළ සුන්දරත්වය, ඔවුන්ගෙන් වූ සේවාව ගැන හිතට නැගෙන කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවනම් එවන් කෙනෙක් කිසිදාක ආපසු මස් මාළු අනුභව කරන එකක් නෑ. ඇත්තටම, ඔබත් තවම නිර්මාංශ ප්‍රතිපත්තිය පුරුදු පුහුණු කරගත් කෙනෙකු නොවේනම්, ඒ සඳහා යොමු වීමේ කැමැත්තක් අධිෂ්ඨානයක් ඇති කෙනෙකුනම්, ඊලඟ වතාවේ ප්‍රාණ ඝාතනයකින් සපයාගත් ආහාරයක් ගන්නා විට ඒ සත්ත්වයාගේ ජීවමාන ස්වරූපය සිහියට නගාගන්න. සංවේදී සිතක් ඇත්තෙකුනම් ඔබ එතැනින්ම මස් මාළු අනුභවය අත් හරිනු ඇත. එසේම, මාංශ ලබා ගැනීම සඳහා සත්ත්වයින් ඝාතනයට ලක් කරන්නේ තමා නොවන්නේනම් එයින් තමාට ප්‍රාණඝාත අකුසලයක් සිදු විය හැකිද යන්න ඇතැමෙකු නගන පැනයකි. 'සතා මරන්නේ මට කන්න කියලා නෙවෙයිනේ, මස් විකුණන්න තියෙන නිසා මම අරගෙන කනවා' යන්න ඔවුන්ගේ තර්කයයි. නමුත් සැබැවින්ම එලෙස සත්ත්වයින් ඝාතනයට ලක් කෙරෙන්නේ අනුභව කරන පිරිසක් සිටින නිසාවෙන්මය. එලෙසින් එම ප්‍රාණ ඝාතයේ වගකීම සැබැවින්ම මස් මාංශ අනුභව කරන්නා මතද පැටවේ. බෞද්ධයින් ලෙස අප නිති සමාදන් වන පංච ශීල ප්‍රතිපත්තිය තුළ ඇති ප්‍රාණ ඝාතයෙන් වැළකෙමි යන සිල් පදය සිහියට නගාගන්න. නිසි ආකාරයෙන් පංච ශීල ප්‍රතිපත්තිය රකින්නෙකුනම් එය ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට අනුව රැකිය යුතුය. එනම්, ඒ එක් එක් සිල් පදයේ කියවෙන අකුසලය සිදු නොකිරීම, වෙනත් අයෙකු ලවා නොකරවීම හා එය කරන්නන්ට අනුබල නොදීම යනුවෙනි. මස් මාංශ අනුභව කරන්නන් ඉහත දෙවන හා තුන් වන ආකාරයට ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමට අසමත් වේ. බෞද්ධ ඇසින් පමණක් නොව පියවි ඇසින්ම මේ කරුණ දෙස බැලුවහොත් මස් පිණිස එම අසරණ සතුන් අමානුෂික ලෙස ඝාතනය කරන අන්දම පෙනෙනු ඇත. එම අසරණ සතුන්ගේ මස් මාංශ අනුභවයෙන් ඈත්ව සිටියහොත් අපටද කුමන ලෙසකින් හෝ අභය දාන පුණ්‍ය කර්මයට මඳ වශයෙන් හෝ දායකත්වයක් ලබා දිය හැකි වනු ඇත. http://wmcreations.blogspot.com/2010/04/blog-post_252.html
නිර්මාංශ භෝජනය... වර්තමාන ලෝකයේ බොහෝ රට වල ජනතාව නිර්මාංශභෝගී ආහාර පාන වලට හුරු වී ඇති බව රහසක් නොවේ. එයින් ශරීර සෞඛ්‍යයට ඇති වන හිතකර බලපෑම් ගැන කොතෙකුත් කතාබස් වී ඇති නිසා එයට වඩා වෙනත් පැතිකඩකින් ඒ ගැන කතා කළ යුතු යැයි සිතුණා. මෙය වඩා භාවාත්මක (emotional) පැතිකඩක් කියා කීවොත් වඩා නිවැරදියි. ලොව උසස්ම බුද්ධි මට්ටම ඇති සත්ත්ව කොට්ඨාශය ලෙසින් මිනිසා විසින්ම නම් කරගන්නා ලද මිනිස් වර්ගයට අයත් වන අප අතරින් බොහොමයක් දෙනා ස්වභාව ධර්මය ගැන බොහොම සෞන්දර්යාත්මක ඇසකින් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් ඒ ස්වභාව ධර්මය ගැන කාරුණික ඇසකින්, දුර දක්නා නුවණකින් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ කීයෙන් කී දෙනාටද? අපි ඇළක, පොකුණක පිහිනන සුන්දර මසුන් රංචුවක් දුටු විට ඒ සුන්දර දසුනින් සතුටු වෙනවා. පුංචි කුකුළු පැටව් ටිකක් හුරතලේට පැද්දි පැද්දී කෑම හොයන අපූරුව මොන තරම් ලස්සනද. ගවයාගෙන් අපට ලැබෙන සේවාව ගැන කවි ගීත පවා පබැඳිලා තියෙනවානේ. ඉතින් මේ අසරණ සතුන්ගේ මාංශ බුදින වෙලාවට එයින් දිවට දැනෙන රස ගැන මිසක් ඒ අසරණුන් ස්වභාව ධර්මයට එක් කළ සුන්දරත්වය, ඔවුන්ගෙන් වූ සේවාව ගැන හිතට නැගෙන කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවනම් එවන් කෙනෙක් කිසිදාක ආපසු මස් මාළු අනුභව කරන එකක් නෑ. ඇත්තටම, ඔබත් තවම නිර්මාංශ ප්‍රතිපත්තිය පුරුදු පුහුණු කරගත් කෙනෙකු නොවේනම්, ඒ සඳහා යොමු වීමේ කැමැත්තක් අධිෂ්ඨානයක් ඇති කෙනෙකුනම්, ඊලඟ වතාවේ ප්‍රාණ ඝාතනයකින් සපයාගත් ආහාරයක් ගන්නා විට ඒ සත්ත්වයාගේ ජීවමාන ස්වරූපය සිහියට නගාගන්න. සංවේදී සිතක් ඇත්තෙකුනම් ඔබ එතැනින්ම මස් මාළු අනුභවය අත් හරිනු ඇත. එසේම, මාංශ ලබා ගැනීම සඳහා සත්ත්වයින් ඝාතනයට ලක් කරන්නේ තමා නොවන්නේනම් එයින් තමාට ප්‍රාණඝාත අකුසලයක් සිදු විය හැකිද යන්න ඇතැමෙකු නගන පැනයකි. 'සතා මරන්නේ මට කන්න කියලා නෙවෙයිනේ, මස් විකුණන්න තියෙන නිසා මම අරගෙන කනවා' යන්න ඔවුන්ගේ තර්කයයි. නමුත් සැබැවින්ම එලෙස සත්ත්වයින් ඝාතනයට ලක් කෙරෙන්නේ අනුභව කරන පිරිසක් සිටින නිසාවෙන්මය. එලෙසින් එම ප්‍රාණ ඝාතයේ වගකීම සැබැවින්ම මස් මාංශ අනුභව කරන්නා මතද පැටවේ. බෞද්ධයින් ලෙස අප නිති සමාදන් වන පංච ශීල ප්‍රතිපත්තිය තුළ ඇති ප්‍රාණ ඝාතයෙන් වැළකෙමි යන සිල් පදය සිහියට නගාගන්න. නිසි ආකාරයෙන් පංච ශීල ප්‍රතිපත්තිය රකින්නෙකුනම් එය ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට අනුව රැකිය යුතුය. එනම්, ඒ එක් එක් සිල් පදයේ කියවෙන අකුසලය සිදු නොකිරීම, වෙනත් අයෙකු ලවා නොකරවීම හා එය කරන්නන්ට අනුබල නොදීම යනුවෙනි. මස් මාංශ අනුභව කරන්නන් ඉහත දෙවන හා තුන් වන ආකාරයට ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමට අසමත් වේ. බෞද්ධ ඇසින් පමණක් නොව පියවි ඇසින්ම මේ කරුණ දෙස බැලුවහොත් මස් පිණිස එම අසරණ සතුන් අමානුෂික ලෙස ඝාතනය කරන අන්දම පෙනෙනු ඇත. එම අසරණ සතුන්ගේ මස් මාංශ අනුභවයෙන් ඈත්ව සිටියහොත් අපටද කුමන ලෙසකින් හෝ අභය දාන පුණ්‍ය කර්මයට මඳ වශයෙන් හෝ දායකත්වයක් ලබා දිය හැකි වනු ඇත. http://wmcreations.blogspot.com/2010/04/blog-post_252.html
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Nov 23, 2012 #3 ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගෑනීමෙන් අකුසලයක් සිඩු වන්නෙ නහ නේද
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Nov 23, 2012 #4 asliyanage said: ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගෑනීමෙන් අකුසලයක් සිඩු වන්නෙ නහ නේද Click to expand... oka dan kiparak uba ahuwada?
asliyanage said: ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගෑනීමෙන් අකුසලයක් සිඩු වන්නෙ නහ නේද Click to expand... oka dan kiparak uba ahuwada?