මස් මාළු ආහාරයට ගැනීම පවක් ද?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මස් මාළු ආහාරයට ගැනීම පවක් ද?

    මස් මාළු ආහාරයට ගැනීම පවක් ද? ප්‍රාණඝාතයට අනුබල දීමක්ද?- මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි





    ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවත්නා ශ්‍රී‍්‍ර ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල්හි මස් මාළු ආහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දකි. තමා වෙනුවෙන් නොමැරූ වෙළෙඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් , මාළු, මිලට ගෙන උයා පිහා ආහාරයට ගන්නා බෞද්ධයෝ ඒවා භික්‍ෂූන්ට පිළිගන්වති. බුද්ධ පූජාවට ද පූජා කෙරෙති. ඔවුහු මෙය පාපයක් ලෙස නොසිතූහ. එහෙත් මෑත යුගයේ විවිධ මාධ්‍යවලින් කෙරෙන ප්‍රචාරයන් නිසා ධර්මය පිළිබඳ අවිනිශ්චිත බවක් සමාජය තුළ ගොඩනැගී ඇත. 

    ප්‍රාණ ඝාතයෙන් වැළකීම අවබෝධයෙන් කළ යුත්තක්එ වන අතර එය මස් ,මාළු, කෑම වර්ජනය කරන ව්‍යාපාරයකින් කළ නොහැකි දෙයකි.

    ගව ඝාතනය පිළිබඳ ඊට එරෙහි සංවිධාන රැසක් ගොඩනැගෙමින් පවතින අතර ඒ ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩත්වය දක්වාද වර්ධනය වී ඇත. සමහර විට ආගම් අතර විරෝධතාවන් පැන නැගීමටද අවස්ථාව උදාවී ඇත. බුදුදහම බලකිරීමක් හෝ බලහත්කාරකමකින් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ප්‍රාණ ඝාතයෙන් වැළකීම අවබෝධයෙන් කළ යුත්තකි. එය මස් ,මාළු, කෑම වර්ජනය කරන ව්‍යාපාරයකින් කළ නොහැකි දෙයකි.
    මස්, මාළු, ආහාරයට ගැනීම බෞද්ධයන්ට අකැප බවත් මස් , මාළු, ආහාරයට ගන්නා තැනැත්තා ප්‍රාණඝාතයට අනුබල දෙන්නකු බවත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද ගිහි පින්වතුන් ද ප්‍රකාශ කරනු අසන්නට ලැබේ.

    සැබවින්ම මස්, මාළු, ආහාරයට ගැනීම ප්‍රාණඝාත අකුසලයට අනුබල දීමක්ද? මේ පිළිබඳ සැබෑ බෞද්ධ මතය විමසීමට අප පසුබට විය යුතු නොවේ. බුද්ධ දේශනාව, ත්‍රිපිටක ග්‍රන්ථයන් සැක කටයුතු නැත. මේ පිළිබඳව සැක සංකා තිබේනම් එම විචිකිච්ඡාව නිවනට බාධාවකි. බුද්ධ දේශනාව පරික්‍ෂා කරන තරමටම එහි සත්‍යතාව පැහැදිලිවන්නකි.  
    බුදුරදුන් දේශනා කළේ මුල, මැද, අග කිසිදු පරස්පර විරෝධි බවක් නැති ආදි කල්‍යාණ, මජ්‍යෙ කල්‍යාණ ,පරියොසාන කල්‍යාණ ධර්මයකි. ඒ නිසා බුදු දහමේ අනුමත ත්‍රිකොටි පාරිශුද්ධ මාංසය, නිර්භය ලෙස සංවාදයට භාජනය කළ යුතු මාතෘකාවකි. ධර්මය පිළිබඳ දුර්මත පැමිණි අවස්ථාවලදී අපේ සංඝ පීතෘත් වහන්සේලා සංගායනා මගින් එබඳු අවස්ථා නිරවුල් කළහ. වර්තමානයේදී එබඳු දුර්මත රාශියක් ශාසනය තුළත් දේශනා තුළත් ගොඩ නැඟෙමින් පවතී. මස්, මාළු ආහාරය පවක් නොවේය යන කාරණය පැහැදලි කරන ත්‍රිපිටක ග්‍රන්ථයන්හි නොපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීමටත් ඒවා වඩාත් ගැඹුරු ලෙස විග්‍රහ කිරීමටත් අට්ඨ කතා සාහිත්‍යයක් ද ගොඩ නැගූහ. ටීකා ටිප්පනී ආදි වශයෙන් ඒ අට්ඨ කතා ආදිය තවත් වර්ධනය කොට විශාල සාහිත්‍යයන් ගොඩ නැගූහ. එහිදී බුද්ධ වචනය හෙවත් ත්‍රිපිටක භාෂිතයන් කිසිසේත්ම වෙනසකට ලක් නොකළහ. මේ නිසා සැක මුසු දහම් කරුණක් නිවැරදිව පරීක්‍ෂා කර ගැනීමේ විධි ක්‍රමයක් උන්වහන්සේලා අපට සලසා දුන්නාහ. එය මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි සහ සමන්තපාසාදිකාවෙහි එන මහා පදේශ නම් වූ විධික්‍රමයයි. එසේම කාලාම සූත්‍රයේ ඉගැන්වෙන්නේ නිදහස් චින්තන ක්‍රමයයි. මස් මාංශ ආහාරය පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට මේ මහාපදේශ නම් විධි ක්‍රමයත්, නිදහස් චින්තන ක්‍රමයත් අනුගමනය කළ යුතුය. මහාපදේශ ක්‍රමය යනු පළමුකොට මෙම කරුණ සූත්‍රවලට අනුකූල දෙයක්ද එයට විරුද්ධ දෙයක්දැයි විමසා දත යුතුය. සූත්‍රවලට එකඟ නොවී නම් එය ධර්ම විරෝධී කරුණකි. එය මනාව පැහැදිලි නැතිනම් අටුවා ටීකා ආදිය අනුව විමසිය යුතුය. එයද පැහැදිලි නොවේ නම් තම තමන්ගේ ගුරු පරපුරේ ආචාර්යවරුන්ට අනුව විමසීමක් කළ යුතුය. අවසාන අවස්ථාව ලැබෙන්නේ අත්තනො මතයටයි. මේ නිසා අත්තනොමතිකව එක්වරම තීරණය නොගත යුතුය. ත්‍රිකොටි පාරිශුද්ධ මාංශය පිළිබඳ ත්‍රිපිටකාගත ධර්ම කරුණු පසෙක දමා අටුවා මතයන් හා ආචාර්යවාදයන් පිළිබඳව විමසීමක් නොකොට මස් මාළු වැළදීම මහත් පාපයක් ලෙස නිගමනය කිරීම අත්තනෝමතික තීරණයක් බව පෙන්වාදීම ට කැමැත්තෙමි.
    මස්, මාළු, වැළඳීම පිළිබඳව පළමු විරුද්ධත්වයක් ශාසනය තුළින් මතුවන්නේ බුදුරදුන්ට ගල්පෙරළු දේවදත්ත භික්‍ෂුවගෙනි
    සූත්‍ර දේශානවන්හි හෝ අටුවා ග්‍රන්ථයන්හි හෝ තමා දන්නා තරමින් මහායාන සම්ප්‍රදාය හැරෙන්නට කිසිදු ගුරුකුලයක් විසින් මස් ,මාළු, වැළදීම පාපයක් ලෙස සලකා නැත. මස්, මාළු, වැළඳීම පිළිබඳව පළමු විරුද්ධත්වයක් ශාසනය තුළින් මතුවන්නේ බුදුරදුන්ට ගල්පෙරළු දේවදත්ත භික්‍ෂුවගෙනි. මෙහිදී දේවදත්ත භික්‍ෂුව ඉදිරිපත් කළ පංච වස්තුවෙහි භික්‍ෂූන් දිවිහිමියෙන් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන ඉල්ලීම බුදුරදුන් හමුවේ ඉදිරිපත් කළේ මස්, මාළු වැළඳීම පවක්ය යන මතය දැරූ නිසා නොවේ. සෙසු ඉල්ලීම් සතර මගින්ද ඔහු බලා පොරොත්තු වූයේ උග්‍ර කටුක, ප්‍රතිපදාව සිල්වත් කමේ විශේෂ ලක්‍ෂණයක් බව සිතන විශාල පිරිසකගේ සිත එමගින් තමන් වෙත පහදා ගැනීමටයි. 

    භික්‍ෂූන් දිවිහිමියෙන් ආරණ්‍ය වලම වාසය කළ යුතුය. 
    භික්‍ෂූන් තැනින් තැනින් අසුලාගත් රෙදි කැබලි එක්කොට මැසූ පාංශුකූල සිවුර දැරිය යුතුය. 
    භික්‍ෂු පිඬුසිඟීම පමණක් තම ජීවිකා වෘත්තිය ලෙස අනුගමනය කළ යුතුය. භික්‍ෂූන් ආරාම කුටිවල නොව ගස් මුල් යට පමණක් ජීවත්විය යුතුය. භික්‍ෂූන් මස් ,මාළු, නොවැළදිය යුතුය. 


    මේ කරුණු පහේම දක්නට ලැබෙන්නේ දුෂ්කර කටුක පැවිදි මතයි. මස්, මාළු, එදත් අදත් සමාජය පිළිගන්නේ, රස මස වුළු, ගණයට අයත් ඉන්ද්‍රියන් පිනවන දෙයක් ලෙසයි. ඔවුන්ට අවශ්‍ය වූයේ සැබෑ පැවිදි බව යනු රූක්‍ෂ ප්‍රතිපත්ති පුරන භික්‍ෂූන්ට ගරුකරන (ලූඛ පසනෙනා ආවුසො මනුස්සා) මිනිසුන් හා භික්‍ෂූන් තමන්ට නම්මවා ගැනීමටයි. සැබවින්ම දේවදත්ත භික්‍ෂුව සංඝ භේදයක් කොට පන්සියයක් භික්‍ෂූන් තමා වෙත නම්මවා ගත්තේ මේ භික්‍ෂූන් මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය යන කරුණුද ඇතුලත් පංච වරයන් ඉදිරිපත් කිරීමෙනි. බුදුරදුන් මෙහිදී නිදහස් මතය ඉදිරිපත් කරමින් කැමති කෙනෙක් මෙසේ හැසිරුණාට කම් නැතැයි නිගමනය කොට මේ අවුල විසඳාලූහ. දේවදත්ත විසින් කඩාගෙන ගිය පන්සියක් භික්‍ෂූහු කරුණු තේරුම් කරදීමෙන් සැරියුත් හිමියන් සමග ආපසු පැමිණියාහ.

    මස්,මාළු, ආහාරයට ගැනීම සැබවින්ම පාපයක්ද? සතුන් මරන්නේ අප කන නිසා නොවේද? අප නොකා සිටියොත් කිසිවකු සතකු නොමරන්නේය. විවිධ තර්ක විතර්ක අසන්නට ලැබේ. 

    මස්,මාළු, ආහාරයට නො ගැනීමට සමහරු පෙළඹෙන්නේ අහිංසාවාද ගරුකිරීමක් වශයෙන් වන අතර තවත් සමහරෙක් සෞඛ්‍ය හේතු නිසාද එසේ කරති. මෙසේ කෑම හා නොකෑම පිළිබඳ වගකීම තම තමන් සතු බව බුදුරදුන් පෙන්වා දුන් අතර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනීමට බුදුරදුන් අනුමතය ලබා දුන් බව සිහිපත් කළ යුතුය. සැබවින්ම බුදුන් වහන්සේ මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ප්‍රාණඝාත අකුසලයට කවර හෙයකින් හෝ සම්බන්ධ වේ නම් කිසිදාක එබඳු මසක් මාළුවක් වැළඳීමට උන්වහන්සේ භික්‍ෂූන්ට අවසර නොදෙන්නාහ.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය දන් දුන් සීහ සේනාපති සුත්‍රය  
    මේ පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා වන්නේ සීහසේනාපති විසින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පිළිගැන්වූ දානයට පසුවය. සීහ සේනාපති තුමා පළමුව නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ ප්‍රධාන දායකයෙකි. ඔහු බුදුරදුන්ගෙන් ධර්මය අසා පැහැදී තෙරුවන් සරණ ගියේය. පසුදා බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට දහවල් දානය සඳහා තම නිවසට වඩින ලෙස ආරාධනා කළේය. ආරාධනාව පිළිගැනීමෙන් පසු දානය සූදානම්කරමින් මස් ව්‍යාංජනයක් සඳහා වෙළඳපළට ගොස් මස් ටිකක් මිලදීගෙන එන ලෙස එක්තරා සේවකයකු යැවීය.

    මෙහිදී සීහ සේනාපති අණකළේ පවත්ත මංසයක් හෙවත් විකිණීම පිණිස මරා ඇති සතකුගේ මස් ටිකක් මිලදීගෙන එන ලෙසයි. ‘පවත්ත මාංසය’ යනු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයකි. මේ කාරණය ජෛන ශ්‍රාවකයන්ට ආරංචි වී ඔවුහු මේ සිදුවීම විකෘති කොට මහජනතාව අතරේ විශාල ප්‍රචාරයක් ගෙන ගියාහ. ඔන්න සීහ සේනාපති “ බුදුන් උදෙසා’ ලොකු සතකු මරා වළඳන්නට දීලා. යයි ඔවුහු මේ වැරදි ප්‍රචාරය කළෝ සීහ සේනාපතිත් බුදුරදුහුත් ප්‍රාණඝාතයට හවුල් වූවාය යන චෝදනාව එල්ල කරමිනි. පවත්ත මාංසයක් සීහ සේනාපති පිළිගැන්වූවත් ඔවුහු චෝදනා කළේ "උද්දිස්ස කථ - යමෙක් උදෙසා" මාංශයක් පිදුවාය යනුවෙනි. මේ අනුව පවත්ත මාංශයක් වැළඳීම පාපයක් ලෙස නිගණ්ඨයො පවා පිළිනොගත්තාහ. ඒ අනුව පරම අහිංසාවාදී නිගණ්ඨයන් පවා උදෙසා මැරූ සතුන්ගේ මස්,මාළු, වැළදීම් ප්‍රතික්‍ෂේප කොට පවත්න මාංශය හෙවත් වෙළඳපොළෙන් මිලදී ගෙන පිදූ මස් මාංශ වැළඳු බව පැහැදිලි වේ. මේ නිසා පරම අහිංසා වාදි නිගණ්ඨයන් පවා මස්, මාළු, වැළඳූ බව වටහාගත යුතුය.

    ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසය යනු කුමක්ද? 
    එය ප්‍රාණඝාත අකුසලයට හසු නොවන්නේ කෙසේද යන්න මීළ¼ගට පරීක්‍ෂා කර බලමු.
    1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
    2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
    3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
    යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.
    මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්‍ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්‍ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්‍ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්‍ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්‍ෂුව විසින් සැකහැර දත යුතුය.


    ‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්‍ෂූන් විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස්, මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත. මෙහිදී මස්, මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි.
     




    ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ
    එහෙත් සර්ව භාක්‍ෂික මිනිසාට මාංශ ප්‍රෝටීන් අවශ්‍ය බැවින් මස්, මාළු කෑම බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළේ නැත. එබඳු දෙයකින් පෝෂණයක් නොලබන කෙනෙක් මන්දපෝෂණය නොව රෝගි වූවා නම් මන්දපෝෂණයෙන් මිය ගියා නම් මස්, මාංස නොකැපයැයි අවවාද දුන් බුදුන් වහන්සේ එබඳු දෙයට වගකිව යුතු නොවන්නේ ද? බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම පසක්කරගත් සර්වඥයන් වහන්සේ කෙනෙක් නිසා මානව වර්ගයාට එබඳු ශික්ෂා පදයක් පැනවීමට උනන්දුවූයේ නැත. ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ.
    මිනිසා මස්, මාළු වලින් වැළකිය යුතුයයි බුදුරදුන් අවවාද නොකළේ මේ ප්‍රායෝගික හේතුසාධක නිසා බව අප බුද්ධිමත්ව වටහාගත යුතුය. අප උත්සාහ දැරිය යුත්තේ මස්, මාළු කෑමෙන් මිනිසුන් වැළැක්වීමට නොව මිනිසුන් ප්‍රාණ ඝාත අකුසලයෙන් මුදා ගැනීමටයි. අප කළ යුත්තේ ප්‍රාණඝාතය වැඩිකරන සැලසුම් නතරකිරීමයි.

    බුදුරදුන්ට රහතන්ට මස් මාංශ පිදූබවත් පෙර බුදුවරු පසේ බුදුවරු පවා මස් ,මාංශ වැළඳූ බවත් සූත්‍ර පිටකය ආශ්‍රයෙන් කරුණු පෙන්වා දීමට කැමැත්තෙමි. ඉදිරි ලිපියකදී මේ පිළිබඳව කරුණූ පෙන්වා දීමට කැමැත්තෙමි. ධර්මය ගැන පරීක්‍ෂාකාරීව බැලීම ධර්මාවබෝධය පිණිස හේතුවන බවත් සත්‍යය දෙස බැලිය යුත්තේ හැඟීම්වලට වහල් නොවීමෙන් බවත් අවධාරණය කරමි.


    http://protectpurebuddhism.blogspot.com/2016/09/blog-post_24.html
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    නුසුදුසු වෙලඳාම් අතරේ මත් ද්‍රව්‍ය වගේම මාංශ වෙලඳාමත් සඳහන් කලා. එහෙව් වෙලඳ භාන්ඩයක් බෞද්ධයෙකුට කැපද? එහෙනත් ඉතින් අල්ලෑ හුවැක්බර කියල කුඩු ජුන්ඩක් ගහලම ඔය මොකක්ද කියපු තිරිකොඉටික මාන්ස කාපියව්.

    සාදර අනුග්‍රහය මොන මස් කඩෙන්ද කියලත් දාපන්.



    www.nirwanaya.com/උපාසකවරුන්-විසින්-නොකලය/
    12088007_911533175580672_5931587605832188957_n.jpg
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    නුසුදුසු වෙලඳාම් අතරේ මත් ද්‍රව්‍ය වගේම මාංශ වෙලඳාමත් සඳහන් කලා. එහෙව් වෙලඳ භාන්ඩයක් බෞද්ධයෙකුට කැපද? එහෙනත් ඉතින් අල්ලෑ හුවැක්බර කියල කුඩු ජුන්ඩක් ගහලම ඔය මොකක්ද කියපු තිරිකොඉටික මාන්ස කාපියව්.

    සාදර අනුග්‍රහය මොන මස් කඩෙන්ද කියලත් දාපන්.



    මෙහිදී මස්, මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව බොරු කතානේ බන් මිනිස්සු වෙනුවෙන් සත්තු මරලා විකුනනේ නැතුව කොටි සිංහයන්ට කරන්න මරලා විකුනන්නද?ඔච්චර දෙයක් නොතේරෙන්න මේ මින්ස්සු හීන් බබා සීයලාද? ඔව ඔක‍්කොම බොරු විකාර සත්තු මැරුවට පව් වෙන්නෙත් නෑ කෑවට පව් සිද්ද වෙන්නෙත් නෑ පව් පින් කියලා ඇති ඉටි ගෙඩියකුත් නෑ .එහෙනම් කාන්තාරේ හෝ අයිස්ලන්තේ උපදින එකෙක්ට නොකා නො‍බී මැරෙන්න තමයි වෙන්නේ තව එකෙක් මරලා ‍ගෙනත් කවන්නත් වෙනවා ත්‍රිකොටි මොකද්ද එකෙන් මස් වෙන්නත් ඔනේලු අයියෝ විකාර ඔය වගේ බහුබුත හින්ද තමයි ලංකාවේ මිනිස්සු දුරුවල වෙලා තියෙන්නේ මිටි වෙලා තියෙන්නේ .හරිහැටි සෞක්‍ය පෞෂණයක් නැති හින්දා තමයි දුර්වල ඡාතියක් වෙලා තියෙන්නේ .බලපන්කෝ ඔස්ට්‍රේලියන් කාරයෝ හොදට මස් මාලු කා‍ලා හොද හැඩි දැඩිව ඉන්නේ ඔනේ ක්‍රිඩාවකට දක්ෂයි ඔලිම්පික් මට්ටමත් ඡය ගන්නවා මිනිස්සුන්‍ ගේ පලදායිතාවයත් වැඩි .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    මෙහිදී මස්, මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි.

    අග-මුල ගැලපෙන්නේ නෑනේ බන්.
    වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස්, මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත ලු.

    ඒත්, මස්, මාළු, විකිණීම “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් ලු

    මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි ලු.

    මස් වෙළෙන්ඳා මස් විකුනන්නේ පාරිබෝගිකයා මිලදී ගන්න නිසා බැවින් පාරිබෝගිකයාද ප්‍රාණඝාතයට හවුල් විය යුතුය. අහ් නැහ්නේ එව්වා තිරිකෝටික පාරිසුද්ද මාන්ස නෙහ් :D

    බඩ ජහරි කමට කනවා නම් කාපියව් බුදු රජාණන්වහන්සේට අපහාස නොකර, ධර්මය විකෘති නොකර.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    අග-මුල ගැලපෙන්නේ නෑනේ බන්.
    වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස්, මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත ලු.

    ඒත්, මස්, මාළු, විකිණීම “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් ලු

    මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි ලු.

    මස් වෙළෙන්ඳා මස් විකුනන්නේ පාරිබෝගිකයා මිලදී ගන්න නිසා බැවින් පාරිබෝගිකයාද ප්‍රාණඝාතයට හවුල් විය යුතුය. අහ් නැහ්නේ එව්වා තිරිකෝටික පාරිසුද්ද මාන්ස නෙහ් :D

    බඩ ජහරි කමට කනවා නම් කාපියව් බුදු රජාණන්වහන්සේට අපහාස නොකර, ධර්මය විකෘති නොකර.

    Oka Apahu kiyawala balapankoo, Uba rata patalawan inne, oken kiyanne danatama marala ho marila tiyna, thaman wenuwen nomarapu, maranna anubala nodun. mansa aharayata gaththata pawak ho pinak naa kiyala.

    Mewa mama kiyapuwa neme, Buduhamuduro ma deshana karapauwa. Uba kiyanawa nam mee Dharamaya wikurthi kirimak kiyala. Hari dharamaya mokakda kiyannakoo.

    Thripitaye tiyenwa ewath boruii kiyana Ubala hena buddagam karayoo ne :P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මම ඊයේ රෑ YOUTUBE එකේ මේක බලලා පාන්දර තුනට විතර නීනෙන් බය වෙලා ඇහැරුණා බන්.:sorry:


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    Oka Apahu kiyawala balapankoo, Uba rata patalawan inne, oken kiyanne danatama marala ho marila tiyna, thaman wenuwen nomarapu, maranna anubala nodun. mansa aharayata gaththata pawak ho pinak naa kiyala.

    Mewa mama kiyapuwa neme, Buduhamuduro ma deshana karapauwa. Uba kiyanawa nam mee Dharamaya wikurthi kirimak kiyala. Hari dharamaya mokakda kiyannakoo.

    Thripitaye tiyenwa ewath boruii kiyana Ubala hena buddagam karayoo ne :P

    උන් වහන්සේ කොහෙවත් කන්න කියල දේශනා කරල නෑ, කන්න එපා කියලත් දේශනා කරල නෑ. හැබැයි පන්සිල් පදවල මුල්ම පදයට ප්‍රාණඝාතයත් ඊට අනුබල දීමෙනුත් වලකින ලෙස ශික්ෂාවක් විදිහට පනවලා තියෙනවා. කැමති කෙනෙකුට කඩන්න පුලුවන්. එතනත් තහනමක් නෑ. තව නොකලයුතු වෙලඳාමක් විදිහට දේශනා කරලත් තියෙනවා. එතනත් තහනමක් නෑ. තහනම් නැති නිසා බෞද්ධයොත් ඔය වෙලඳාම කරනවා. සප්ලයර්ස්ලත් ඉන්නවා. පෝශනය බලාපොරොත්තුවෙන්, පුරුද්දට වගේ විවිධ හේතු නිසා මාංශ මිලදීගෙන අනුභව කරන පාරිබෝගිකයින් ඉන්නවා. හැබැයි කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගෙන බුදින උබලා වගේ එවුන් බඩ ජහරි කමට කන්නේ බුද්ධ ශාසනය කට ගැස්මට අරගෙන.

    මෙහෙම පැහැදිලිව දේශානා කරපු ධර්මය පෙනි පෙනී ඇසි ඇසී,

    මස් නොකන්න ඕන කෙනා, මස් කන්න හේතු 1000ක් තිබ්බත්, නොකන්න 1 හේතුවක් හොයාගෙන මස් නොකා ඉන්නවා
    මස් කන්න ඕන කෙනා, මස් නොකන්න හේතු 1000ක් තිබ්බත්, කන්න 1 හේතුවක් හොයාගෙන මස් කනවා.


    මම ඊයේ රෑ YOUTUBE එකේ මේක බලලා පාන්දර තුනට විතර නීනෙන් බය වෙලා ඇහැරුණා බන්.:sorry:


    :shocked::shocked: ඒ මොකෝ බන් ඒ
     

    Similar threads