ඊයෙ නංගි මසිනට බේත් අරං දෙන්ඩ එක්ක ගිහිං. පොලීසියෙන් කියල බේත් අරං ඇවිත් පෙන්නන්ඩ ඕනැ කියල. එදා ගෙදර එවල තියෙන්නෙ මසිනගෙ ලයිසන් කාඩ් එක ඇපේට තියාගෙන. නංගි බේත් අරං දෙන්ඩ ඒ මහත්තයට පොරොන්දු වෙල. අද මායි මසිනයි ගියා බේත් ටිකයි, බේත් පොතයි පෙන්නල එන්ඩ. ස්කුටරෙ පැදන් ගියෙ මම මසින පස්සහ. ආයෙ ජඩ වැඩ කරොත් නම් සමාවක් නෑයි කියල ලයිසන් එක දුන්න. මසිනට අවුරුද්දක්වත් ඔය බේත් ටික බොන්ඩ වෙයි. මගක් බීල නවත්තයිද කියල මට බය. ඊට පස්සෙ ලෙඩෙ එක දෙක වෙල නවති.
