මහජනතාවගෙන් මුදල් සම්මාදම් කොට දාන දෙන බව
නිමි රජු දුටු නිරයන් හා එහි යාමට හේතුවන කර්ම යන මාතෘකාව යටතේ කාර්ම විපාක නම් නොමිලේ බෙදා දෙනු ලබන ග්‍රන්ථයේ 13 වන පිට
මාතලී දෙව් පුත් නිමි රජු රැගත් රථය අන් නිරයක් කරා පදවාගෙන ගොස් එහි දුක් විඳින සත්වයන් නිමි රජුට දැක්වීය. එහි යම් පල්ලෝ වටකොට ගිනිගෙන දිලිසෙන ආයුධ ආයුධ වලින් කොටමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරු වලට පන්නති. එහි වැටුනාවූ නිරී සතුන් තුනටිය දක්වා ගිනි අඟුරු වලෙහි එරෙති. යාම පල්ල්ලෝ මහත් වූ කුඩ වලින් ගිනි අඟුරු ගෙන නිරී සතුන් ගේ මත්තෙහි හලති. නිරී සතුන් වෙදනාවෙන් විලාප දෙති. ඇතැම් නිරී සතුන් සිහිමුලාවෙන් තමාම දෝතින් ගිනි අඟුරු ගෙන හිස ලා ගනිති. මෙය දුටු නිමි රාජු බියට පත් වී මාතලී මේ කිනම් පව් කළවුන් මේ නිරයෙහි වැටෙත් දැයි අසු විට මාතලී තෙමේ මෙසේ කීවේය.
අවස්ථාවක් ලද කල දානයක් හෝ දෙන්නෙමු, පුජාවක් හෝ පත්වන්නෙමු, විහාරයක් හෝ කරවමු යැ යි පිරිස් එකතුව මහජනයාගෙන් මුදල් සම්මාදම් කොට සමුහය ගේ ප්‍රධානියාට අල්ලස් දී අසවල් තැන වැඩ සඳහා මෙපමණ වියදම් ගියේය, අසවල් තන කටයුතු සඳහා අප විසින් මෙපමණ දෙන ලද්දේ යැ යි බොරු සාක්ෂි දී, ඒ මුදල් කා දමා ජනයා රැවටු හොර සම්මාදම් කාරයෝ මේ නිරයට වැටෙති. ඔහු අඟුරු වලට වැටීමෙන් කම්පාවෙති යැයි අටුවාවට ද අනුව අර්ථ දත යුතුය.