මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-&#3523

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-&#3523

    යුක්තියේ කන්‍යාව අභියාචනාධිකරණය මැදදී අමු අමුවේ මහ දවාලේ දූෂණය කළ ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරන් දෙදෙනා ඉඩම් ‍ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ ලක්ෂ 910 ක් මහජන මුදල් තම දෙමාපියන්ගේ සොහොනක් හැදීමට මංකොල්ලා කෑ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය කටයුතු කිරීම වහාම නතර කරන්නැයි කියමින් එනම් (අත් අඩංගුවට ගැනීමට වළකා) 6 දා දක්වා අතුරු තහනම් නියෝගයක් අද (29) නිකුත් කෙළේය.

    මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙළේ ගෝඨාභයගේ නීතිඥයන් වූ සනත් විජේවර්ධන සහ රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බලමිනි. පෙත්සමින් ඉල්ලා තිබුනේ ගෝඨාභයට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කටයුතු කිරීම සඳහා බී 60485/4/15 යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ සහකාර පොලිස් අධිකාරිවරයාගේ වාර්තාව බලරහිත කරන ලෙස සහ එම වාර්තාව අනුව කටයුතු කිරීම වළක්වන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. රු. ලක්ෂ 910 ක් මහජන මුදල් වියදම් කර රාජපක්ෂ සොහොන හැදුවේ ඩී.ඒ. රාජපක්ෂ පදනම සහ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය අතර සිදුව ඇත්තේ සිවිල් ගනුදෙනුවක් මගින් බවත් එය පොදු දේපොල යටතේ ගැණෙන අපරාධ වරදක් ලෙස සැලකිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පෙත්සම්කරුට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් පෙත්සම් කරුවෝ කියා සිටියහ.

    මෙම පෙත්සම ඉදිරිපත් කිරීමටත් පෙර තීන්දුව සකසා ගෝඨාට පක්ෂව අතුරු තහනම් නියෝග දුන් විනිසුරුවන් දෙදෙනා අමු අමුවේ මහ දවාලේ යුක්තියේ කන්‍යාව දූෂණය කළා යැයි අප කියන්නේ හේතු සහිතවය.

    ඉන් ප්‍රධානතම කාරණය නම් ගෝඨා තම දෙමාපියන්ගේ සොහොන් හැදීමට වියදම් කරන ලද මුදල වූ රුපියල් ලක්ෂ 910 අයත් වන්නේ කිසිදු ආකාරයකින් පෞද්ගලික හවුල්කාරත්වයක් නැති ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය නමැති රාජ්‍ය ආයතනයටය. එනම් එම මුදල් මහජන මුදල් ය. මෙය පොදු දේපොල පණත යටතට ගැනෙන වරදක් යැයි නිගමනය කර ඒ අනුව කටයුතු කරන්නැයි උපදෙස් දී ඇත්තේ අන් කවරෙකු හෝ නොව රටේ නීතිපතිවරයා ය. විභාගයට ගැනීමටත් පෙර එය වෙනස් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයි නීති විශාරදයෝ කියති.

    තවත් ප්‍රධාන කරුණක් වන්නේ මෙම කාරණය එනම් ගෝඨාභයට එරෙහි චෝදනා පොදු දේපොල පණත යටතට වැටෙනවා ද නැතිද යන්න සලකා බැලිය යුත්තේ එම නඩුව පහළ අධිකරණයේ දී විභාගයට ගැනීමෙන් පසුව එම නඩු ක්‍රියාවලිය යද්දී මිස ඊට පෙර අභියාචනාධිකරණය විසින් නොවන නිසාය. මෙය සම්පූර්ණයෙන්ම අධිකරණ ක්‍රියාවලිය ඔළුවෙන් සිටුවීමක් හෙවත් යුක්තිය පසිඳලීමේ නියමාකාර ක්‍රියාවලියට සාපරාධී ලෙස පයින් ගැසීමකි. හොරාට පෙර කෙහෙල් කැණත් රැගෙන අභියාචනාධිකරණ විනිසුරුවෝ වැට පැනීමකි. අභියාචනාධිකරණය මෙසේ ක්‍රියා කළ හොත් ලංකාවේ කිසිදු නඩුවක් පහළ අධිකරණ වලින් විභාගයට ගැනීමට නොහැකි වනුවා ඇත. අභියාචනාධිකරණය තිබෙන්නේ පහල අධිකරණ වලින් දෙන තීන්දු සලකා බැලීමට මිස පහළ අධිකරණ තීන්දු දීමටත් පෙර එකී පහළ අධිකරණ ක්‍රියාවලිය බකල් කිරීමට නොවේ.

    තෙවැනි කාරණය නම් මෙම පෙත්සම ඊයේ ඉදිරිපත් කරන ලදුව අධි වේගයෙන් අදම විභාගයට ගෙන අතුරු තහනම් නියෝගයක් ද ලබා දීම ය. සාමාන්‍ය යෙන් මෙම අධිකරණ ක්‍රියාවලියට අඩුම වශයෙන් මාසයක්වත් ගත විය යුතු නමුත් ගෝඨාගේ පෙත්සම කම්බි පස් පොටින් පැන අදම තහනම් නියෝගය ලබා දුන්නේය.

    මෙම තහනම් නියෝගය දුන් ශිරාන් ගුණරත්න යනු 6 දෙනෙකු ඝාතනය කළ මිනීමරු දුමින්ද සිල්වා කිසිදු චෝදනාවකට වැරදි කරු නොවේ නිවැරදි කරු යයි කැකිල්ලේ පන්නයේ ඒක පාක්ෂික තීන්දුවක් දුන් තක්කඩි නඩුකාරයා බවද අමතක කළ යුතු නොවේ.

    අනෙක් අතට මෙම නඩුවේ දේශපාලන හස්තය කාගේද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවන්නේ ගෝඨාභය පොදු දේපොල පණත යටතේ වරදක් කර නැතැයිද ඔහු හොරෙක් නොවේ යයිද පසුගිය 27 වෙනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමග කොරියාවේ සංචාරය කරන ඇමැති ආචාර්ය සරත් අමුණුගම නිසාය. දින දෙකකට පසු අද කැකිල්ලේ නඩු කාරයන් දෙදෙනාද එම කතාවම කියා තිබේ. ෆික්ස් කරන ලද නඩු තීන්දුව කලින් ප්‍රකාශයට පත් කළ සරත් අමුණුගමගේ නීති දැනුම ගැන සහතිකයක් ලබා ගත හැක්කේ තම හොර අඹුවට ද්විත්ව පුරවැසි භාවය තිබියදී ඡන්දයට ඉදිරිපත් කර අවසානයේ ඇයගේ මන්ත්‍රීධූරයත් අහිමි වීම සලකා බලද්දී ය.

    ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග දී තිබියදී එම නියෝගය නවතන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බවත් ඒ මැදගොඩ අභයතිස්ස සහ ඉත්තෑපානේ ධම්මාලංකාරගේ කීමට බවත් ලංකා ඊ නිව්ස් පසුගිය 23 වෙනිදා ප්‍රථම වරට හෙළිකර සිටියේ ය. මෛත්‍රී ජනාධිපති වී දින කිහිපයක් තුලදී ලයිට් නිවාගෙන තම පැජට් පාරේ නිවසේ දී ගෝඨා සමග රහස් සාකච්ඡා පැවැත්වූවා යැයි හෙළිකරන ලද්දේ මෛත්‍රීගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක ලියූ පොතෙනි.

    මීට පෙර මිග් යානා දූෂණයේ දී ද ගෝඨා අත් අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා දුන්නේ ය. ලංකාවේ අධිකරණය බලවත් දූෂිතයන් ඉදිරියේ පරඬැලාවක් සේ නැවෙන බවට මීටත් වඩා උදාහරණ අවශ්‍ය නැත. මැදගොඩ අභයතිස්සලාට, අමුණුගමලාට, දෙහිදෙනියලාට ගුණරත්නලාට රාජපක්ෂ චෞරයන්ව වංගු ගසා නීතියෙන් බේරා ගැනීමට ඉඩ දෙනවාද යන්න 62 ලක්ෂයක් වූ ජනතාව සහ සිවිල් සංවිධාන නායකයන් තීන්දු කළ යුතුය.