Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහජන~මුදලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහජන මුදලින් පාලම් හදල මගේ නම දාන්න ඕන නෑ

දිනක් ප්‍රේමදාස මහතා හමුවට පැමිණි ප්රදේශවාසියකු මෙන්ම සමීපතම ඡන්දදායකයකු මෙසේ විමැසීය.

'ඔබතුමා මේ පළාතෙ ඉපදිලා හැදිලා, වැඩිලා මෙතැනින් ඉහළට ගිය කෙනෙක්. ඒක අපි ඇස් දෙකෙන් දැක්කනෙ. ඇයි තමුන්නාන්සේ මේ වෙච්ච දේවල් අනාගතේ දරුවන්ට කියවන්න ලියලා තියන්නැත්තේ? අඩුම තරමේ තමුන්නාන්සේගේ අතීත කතාව ගැන රැස්වීමකදීවත් කියන්නෙත් නෑනේ ඇයි ඒ? ඊට කට කොනකින් හිනැහුණු ප්‍රේමදාස මහතා මොහොතකට පසු මෙසේ කීය.

'මගේ වරුණාව ගැන මම කියන එක හරි නෑ. මම අකැමැති දේත් ඒකයි. මම කළ දේ ගැන පුරාජේරු කියන්නෙ කොහොමද? මම කළ දේට මගේ නමක්වත් දාන්න කැමැති නෑ. මිනිස්සු දන්නවනෙ මං කවුද කියලා. මට ඒ ඇති! ඒත් තමුන් දැන් කියපු එක දෙයක් මට ළඟදී දවසක කරන්න වෙනවා. ඒ තමයි ශ්‍රී සුචරිත ව්‍යාපාරය පටන්ගත්ත තැන හදපු ගොඩනැඟිල්ල විවෘත කරන දවසෙ ඒකෙ අතීතය මටම කියන්න වෙන නිසයි බලමු!'

ඔහු කියූ සේම එහි ඉතිහාසය ගැන කිව යුතුව තිබුණේ ප්‍රේමදාස මහතාටම බැවින්, ඔහුගේ හිතවතකු වූ බේරුවල ධනපතිවර නලීම් හාජ්ජියාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ වත්මන් සුචරිත මාවතේ ප්‍රේමදාස මහතා ජීවත් වූ 'සැනසුම' නිවෙසට යාබදව දක්නට ඇති ශ්‍රී සුචරිත ශාලාව විවෘත කරන දා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුන හෙබවූ රැස්වීමේදී එම කතාව හෙළි කළේය. තැනෙක ඔහු මෙසේ කීය.

"ශ්‍රී සුචරිත ව්‍යාපාරය පටන්ගත්තේ දුප්පත්ම සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වඩවන්න නොමිලයේ සේවාවක් විදියටයි. ඒකට අරක්කු කාරයොයි පළාතේ බලවන්තයොයි බය වුණා. ඒ අය හිතුවා මේ ලෑස්ති වෙන්නෙ ඊළඟ මැතිවරණයට තරග කරන්න හදන නිසාය කියලා අපේ රැස්වීම්වලට හරියට කරදර කළා. අපට පිළිසරණක් නෑ. අන්තිමට ගල් ගැසුවා. රැස්වීම කඩාකප්පල් වුණා. මිනිස්සු දිව්වා. අපි හිටපු තත්ත්වෙ, ජීවත්වෙච්ච හැටි අපේ ජනාධිපතිතුමා දන්නවානේ. එතුමා දැකලා තියෙනවා මෙතැන තිබුණු ටකරන් මඩුව. අපිට ජීවිතේ හංගන්න දෙයක් නෑ. ඒ නිසා මම තීරණය කළා දේශපාලනයට එන්ඩ. ඒත් ඉරිදා ඉස්කෝලේ උගන්වපු සාගර පලන්සූරිය මහත්තයා කිව්වේ දේශපාලනයට යන්ඩ එපා කියලයි. ඒත් ගල් ගහපු වැඩේ නිසා මගේ සමාජ සේවාවලට උදව් කළ අය බයවෙලයි හිටියේ. පළාතේ වැරැදි දේශපාලන නායකයත්වය පෙරළන්න ඊට මුහුණ නොදීත් බැහැ. මම තාත්තගෙන් ඇහුවා මම දේශපාලනය කරන්නද කියලා. ඒ.ඊ. ගුණසිංහ මහත්තයා මට තදින්ම හිටියා දේශපාලනයට එන්ඩ කියලා. පළාතේ මිනිස්සු මට තදින් බලපෑම් කළා. තාත්තා උත්තරයක් දුන්නෙ නැතත් මම ඉබේම 'ලංකා කම්කරු පක්ෂය' තුළින් ඒ.ඊ. ගුණසිංහ මහත්තය යටතේ දේශපාලනය ඇරැඹුවා. නැත්නම් ප්‍රේමදාස දේශපාලනයට එන්නේ නෑ."

එදා ඔහුට කම්කරු පක්ෂය හරහා දැවැන්ත බලයක් ගොඩනැඟුණේ නැතුවා වුවද ඔහු හා කතා කරනවාටත් විරුද්ධ වූ අය සිටියහ. 'ප්‍රේමදාස එක්ක කතා කරලා තොපි අහුවුණොත් මරනවා!' යන තර්ජනය තිබිණි. දිනක් ප්‍රේමදාස මහතා ව්‍යාපාරයේ හිතවතකුගේ මළ ගෙදරකට ගියේය. එහිදී හොරෙන් මෙන් අයෙක් විත් ඔහු හා ආගිය තොරතුරු වටපිට බලමින් රහසේ කතා කළේය. ප්‍රේමදාස මහතා පිටත්ව ගිය පසු කනත්තේදීම ප්‍රේමදාස මහතා හා කතා කළ තැනැත්තාට පහරදී තිබිණි. ඒ නිසා ප්‍රේමදාස මහතා දිනක් මෙසේ කීය.

'මේ විදියට අකුළගෙන ඉඳලා වැඩක් නෑ! මුන් එහෙම නම් මුන්ට හරියන විදියට නැඟිටින්න ඕනෑ. බලමු මොකද වෙන්නේ කියලා.'

ඒ අනුව ප්‍රේමදාස මහතා වැඩට බැස්සේය. ඒ.ඊ. ගුණසිංහ මහතා මැතිවරණයෙන් පැරැදී ඉන්දුනීසියාවට ගියේය. ප්‍රේමදාස මහතා දේශපාලනය මරු කතරේ තනි නොවී එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේය. එදින ඔහු සුචරිතයේදී තම හිතවතුන්ට මෙසේ කීවේය.

'හිතන්න එපා මගේ පස්සේ ආපු ඔයගොල්ලෝ දාලා මම පැනල යන කෙනෙක් කියලා. මළත් මං පස්සට යන්නෙ නෑ. ඒ විශ්වාසය හිතේ තියාගන්න. මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තෙ ඒක හැම ජාතිකකාරයටම තැනක් තියෙන ජාතිවාදී පක්ෂයක් නොවෙන නිසයි. බය වෙන්න එපා අපි බලමු මොකද වෙන්නෙ කියලා. මම කෙළින් ඉන්නව නම් ඔයගොල්ලො බය වෙන්නෙ ඇයි?'

ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ උත්සව සභාවේදී ඔහු මෙසේ කීවේ අතීතය සිහිගන්වමිනි.

"මම පක්ෂයට බැඳුණු වෙලාවෙ දිවංගත ඩඩ්ලි සේනානායක මහත්තයා මහත්මා ලීලාවෙන් පක්ෂයේ නායක කමේ හිටියා. උප නායක වුණේ අපේ වත්මන් ජනාධිපති (ඔහු දක්වමින්) ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. මේ දෙපොළගේ කිට්ටු ආශ්‍රය මට බොහොම වැදගත් වුණා. නායකත්වයට හුරුපුරුදුකම් ඇති වුණේ ඇතිකරගත්තේ ඒ අය ගිය මඟ දිහා බලලයි. ඒ නිසයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ."

ඔහු පළාත් පාලන ඇමැති හැටියට වැඩට බැස පූට්ටු කොන්ක්‍රීට් පාලම් ක්‍රමය රට පුරා ක්‍රියාත්මක කරවීය. ඒ අතර හිටිවනම ඔහු සෝමාවතිය වඳින්නට යන මඟ දැක තිබූ නිසා එහි දුෂ්කරම තැනෙක චෛත්‍යයට වැටෙන මාවතක්ද සකසමින් 1969දී සෝමාවතියේ - සුංගාවිල පාලම කරවීය. ඊට සී.පී. ද සිල්වා මහතාගේ සහායද හිමිවුණේය. එදින සන්ධ්‍යා කාලයේ හමුවේදී

'මේ වගේ හද්ද පිටිසර පාලම් හදන එකේ මේ පාලම් වැඩසටහනට ඔබතුමාගේ නම දාලම කරමුකෝ. එතකොට ඒ ඡන්දත් අපේනේ!' යි හිතවත්ම යමෙක් ප්‍රේමදාස මහතාට සුංගාවිලදී කීවේය. ඊට ඒ මොහොතේ කිපුණේ නැති වුණත් පසුව ඔහු ළඟටම කැඳවා ප්‍රේමදාස මහතා මෙසේ කීය.

'මේ මිනිසුන්ගෙ මහජන මුදලින් ඒ අයට පාලමක් හදා දීලා ඒකට මගේ නම දාන්න තරම් පහත් දේශපාලනයක් කරන්න මට ඕනි නෑ. මට වැඩේ හොඳට ඕනෑ. වැඩේ හරියට ඕනෑ. ඒකෙන් මිනිසුන්ට යහපතක් නම් මට ඇති. කෙරුවේ කවුද කියලා බොරු බෝඩ් ලෑලි ඕන නෑ. මේ මිනිස්සු අවංකයි. ඇරත් මේ දුප්පත් මිනිසුන්ට හොඳ හිතින් දෙයක් කළොත් මැරෙනකම් මතක තියාගන්නවා. පාලමක්, වතුර ටිකක්, විදුලිය දෙනවා කියන්නේ මේ මිනිසුන්ට මහමෙරක් තරම් ලොකු දෙයක්. ඔය කොළඹ පැහෙන ටයිපොලුකාරයන්ට නම් ඒක තේරෙන්නේ නෑ. උන්ට ඕනේ කාලෙ කකා වැඩේ දිග්ගහගෙන, අතට ගාණක් ලැබෙන වැඩක් කරන්නයි. මාත් එක්ක නම් ඒවා බෑ!'

සුංගාවිල දුෂ්කර ගම්මානයේ පූට්ටු පාලම නිමා වූදා ඔහු තද පියවරක් ගත්තේය. එනම් ඔහුගේ යම් ව්‍යාපෘතියක් අරඹන දිනයක් වෙත්නම් එයත් එය නිමා කරන දිනයක්ද සමඟ දැක්විය යුතුය යන්න තීරණය කිරීමයි. ඔහු ඇමැති කාලයේ එය ඉතා තදින්ම ක්‍රියාත්මක වී දැන්වීම් පුවරුවක්ද ව්‍යාපෘතිය ගැන විස්තරයක්ද සහිතව ප්‍රදර්ශනය වූයේ මෙම තීරණයේම විකාශයක් හැටියට බව කියැවේ.

මේ අනුව සෝමාවතී චෛත්‍ය වන්දනාවට යා නොහැකි තරම් අතිශය දුෂ්කර වනපෙත සියැසින් දුටු ප්‍රේමදාස මහතා කොළඹ එන අතරේ ඔහු සමඟ සිටි හිතවත් කිහිපදෙනෙක් හා ප්‍රකට ව්‍යාපාරිකයකුට මෙසේද කීය.

"1966 අගෝස්තුවේ අපේ අගමැතිතුමා (ඩඩ්ලි සේනානායක) ඇවිත් නිධන් වස්තු තැන්පත් කරලා වල්බිහිවෙච්ච සෝමාවතිය වැඳපුදා ගන්නට ඇරැඹීම අපේ රටට හරිම වැදගත් දෙයක්. මේ ස්ථානය ගැන අපේ සමහර දේශපාලකයොත් හරිහැටි දන්නේ නෑ. ඒ ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවසේදී විතර කාවන්තිස්ස මහ රජ්ජුරුවන්ගේ නංගි... සෝමා දේවියත්, ගිරි අභය කුමාරයත් දකුණු දළදාව නිදහස්කොට ඉදිකරපු මේ චෛත්‍යයට බොහොම ආදර කරුණාව, ගෞරවය දැක්වූවා. මහ සටන් ජයගෙන එළාර පරදවන්නත් දුටුගැමුණු රජතුමාට ආශීර්වාදයක් වුණ තැනක්! මේ පළාතෙනුත් එතුමාගේ සේනාවට මිනිස්සු ගිහින් තියෙනවලු. ඒ නිසා මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා මේ ඓතිහාසික තැන් ඔක්කොම ඒ විදියටම සකස් කරලා හැම ගමක්ම, ප්‍රධාන නගරයක්ම එකට ඉක්මනින් සම්බන්ධ වෙන නගර නිර්මාණයක් කරන්න. ඒකට මහා ධනයක් වැය වෙනවා ...... මොනව හරි අරමුදලක් ඒ වෙනුවෙන් වෙනම පටන් අරන් ඒ වැඩේ කරන්න තියෙනව නම් හොඳයි!'

ඔහුට මුදල් පසුකලෙක රජයේ මුදල් ප්‍රතිපාදන නැතිවනවිට 'සෙවණ' අරමුදල පිහිට වූයේ මේ කියන හැම කාරණාවක්ම සිතේ තබාගෙන බවත්, නිවාස හා ගම් හදපු තැනම හොඳ මංමාවත්ද වෙහෙර විහාරද ඉදි කෙරුණේ ඒ අනුව බවත් ප්‍රේමදාස මහතා ගැන බොහෝ දේ දන්නා සමීපතමයන්ගේ අදහසයි.ඒ ප්‍රේමදාසගේ හැටිය!

සජිත් රෝහිත ලියනගේ

[QUOTE="Srilankan1, post: 14998030, member: 100154"] [CENTER][SIZE="4"][B]මහජන මුදලින් පාලම් හදල මගේ නම දාන්න ඕන නෑ[/B] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash3/179111_554418097943611_1612151613_n.jpg[/IMG] දිනක් ප්‍රේමදාස මහතා හමුවට පැමිණි ප්රදේශවාසියකු මෙන්ම සමීපතම ඡන්දදායකයකු මෙසේ විමැසීය. 'ඔබතුමා මේ පළාතෙ ඉපදිලා හැදිලා, වැඩිලා මෙතැනින් ඉහළට ගිය කෙනෙක්. ඒක අපි ඇස් දෙකෙන් දැක්කනෙ. ඇයි තමුන්නාන්සේ මේ වෙච්ච දේවල් අනාගතේ දරුවන්ට කියවන්න ලියලා තියන්නැත්තේ? අඩුම තරමේ තමුන්නාන්සේගේ අතීත කතාව ගැන රැස්වීමකදීවත් කියන්නෙත් නෑනේ ඇයි ඒ? ඊට කට කොනකින් හිනැහුණු ප්‍රේමදාස මහතා මොහොතකට පසු මෙසේ කීය. 'මගේ වරුණාව ගැන මම කියන එක හරි නෑ. මම අකැමැති දේත් ඒකයි. මම කළ දේ ගැන පුරාජේරු කියන්නෙ කොහොමද? මම කළ දේට මගේ නමක්වත් දාන්න කැමැති නෑ. මිනිස්සු දන්නවනෙ මං කවුද කියලා. මට ඒ ඇති! ඒත් තමුන් දැන් කියපු එක දෙයක් මට ළඟදී දවසක කරන්න වෙනවා. ඒ තමයි ශ්‍රී සුචරිත ව්‍යාපාරය පටන්ගත්ත තැන හදපු ගොඩනැඟිල්ල විවෘත කරන දවසෙ ඒකෙ අතීතය මටම කියන්න වෙන නිසයි බලමු!' ඔහු කියූ සේම එහි ඉතිහාසය ගැන කිව යුතුව තිබුණේ ප්‍රේමදාස මහතාටම බැවින්, ඔහුගේ හිතවතකු වූ බේරුවල ධනපතිවර නලීම් හාජ්ජියාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ වත්මන් සුචරිත මාවතේ ප්‍රේමදාස මහතා ජීවත් වූ 'සැනසුම' නිවෙසට යාබදව දක්නට ඇති ශ්‍රී සුචරිත ශාලාව විවෘත කරන දා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුන හෙබවූ රැස්වීමේදී එම කතාව හෙළි කළේය. තැනෙක ඔහු මෙසේ කීය. "ශ්‍රී සුචරිත ව්‍යාපාරය පටන්ගත්තේ දුප්පත්ම සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වඩවන්න නොමිලයේ සේවාවක් විදියටයි. ඒකට අරක්කු කාරයොයි පළාතේ බලවන්තයොයි බය වුණා. ඒ අය හිතුවා මේ ලෑස්ති වෙන්නෙ ඊළඟ මැතිවරණයට තරග කරන්න හදන නිසාය කියලා අපේ රැස්වීම්වලට හරියට කරදර කළා. අපට පිළිසරණක් නෑ. අන්තිමට ගල් ගැසුවා. රැස්වීම කඩාකප්පල් වුණා. මිනිස්සු දිව්වා. අපි හිටපු තත්ත්වෙ, ජීවත්වෙච්ච හැටි අපේ ජනාධිපතිතුමා දන්නවානේ. එතුමා දැකලා තියෙනවා මෙතැන තිබුණු ටකරන් මඩුව. අපිට ජීවිතේ හංගන්න දෙයක් නෑ. ඒ නිසා මම තීරණය කළා දේශපාලනයට එන්ඩ. ඒත් ඉරිදා ඉස්කෝලේ උගන්වපු සාගර පලන්සූරිය මහත්තයා කිව්වේ දේශපාලනයට යන්ඩ එපා කියලයි. ඒත් ගල් ගහපු වැඩේ නිසා මගේ සමාජ සේවාවලට උදව් කළ අය බයවෙලයි හිටියේ. පළාතේ වැරැදි දේශපාලන නායකයත්වය පෙරළන්න ඊට මුහුණ නොදීත් බැහැ. මම තාත්තගෙන් ඇහුවා මම දේශපාලනය කරන්නද කියලා. ඒ.ඊ. ගුණසිංහ මහත්තයා මට තදින්ම හිටියා දේශපාලනයට එන්ඩ කියලා. පළාතේ මිනිස්සු මට තදින් බලපෑම් කළා. තාත්තා උත්තරයක් දුන්නෙ නැතත් මම ඉබේම 'ලංකා කම්කරු පක්ෂය' තුළින් ඒ.ඊ. ගුණසිංහ මහත්තය යටතේ දේශපාලනය ඇරැඹුවා. නැත්නම් ප්‍රේමදාස දේශපාලනයට එන්නේ නෑ." එදා ඔහුට කම්කරු පක්ෂය හරහා දැවැන්ත බලයක් ගොඩනැඟුණේ නැතුවා වුවද ඔහු හා කතා කරනවාටත් විරුද්ධ වූ අය සිටියහ. 'ප්‍රේමදාස එක්ක කතා කරලා තොපි අහුවුණොත් මරනවා!' යන තර්ජනය තිබිණි. දිනක් ප්‍රේමදාස මහතා ව්‍යාපාරයේ හිතවතකුගේ මළ ගෙදරකට ගියේය. එහිදී හොරෙන් මෙන් අයෙක් විත් ඔහු හා ආගිය තොරතුරු වටපිට බලමින් රහසේ කතා කළේය. ප්‍රේමදාස මහතා පිටත්ව ගිය පසු කනත්තේදීම ප්‍රේමදාස මහතා හා කතා කළ තැනැත්තාට පහරදී තිබිණි. ඒ නිසා ප්‍රේමදාස මහතා දිනක් මෙසේ කීය. 'මේ විදියට අකුළගෙන ඉඳලා වැඩක් නෑ! මුන් එහෙම නම් මුන්ට හරියන විදියට නැඟිටින්න ඕනෑ. බලමු මොකද වෙන්නේ කියලා.' ඒ අනුව ප්‍රේමදාස මහතා වැඩට බැස්සේය. ඒ.ඊ. ගුණසිංහ මහතා මැතිවරණයෙන් පැරැදී ඉන්දුනීසියාවට ගියේය. ප්‍රේමදාස මහතා දේශපාලනය මරු කතරේ තනි නොවී එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේය. එදින ඔහු සුචරිතයේදී තම හිතවතුන්ට මෙසේ කීවේය. 'හිතන්න එපා මගේ පස්සේ ආපු ඔයගොල්ලෝ දාලා මම පැනල යන කෙනෙක් කියලා. මළත් මං පස්සට යන්නෙ නෑ. ඒ විශ්වාසය හිතේ තියාගන්න. මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තෙ ඒක හැම ජාතිකකාරයටම තැනක් තියෙන ජාතිවාදී පක්ෂයක් නොවෙන නිසයි. බය වෙන්න එපා අපි බලමු මොකද වෙන්නෙ කියලා. මම කෙළින් ඉන්නව නම් ඔයගොල්ලො බය වෙන්නෙ ඇයි?' ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ උත්සව සභාවේදී ඔහු මෙසේ කීවේ අතීතය සිහිගන්වමිනි. "මම පක්ෂයට බැඳුණු වෙලාවෙ දිවංගත ඩඩ්ලි සේනානායක මහත්තයා මහත්මා ලීලාවෙන් පක්ෂයේ නායක කමේ හිටියා. උප නායක වුණේ අපේ වත්මන් ජනාධිපති (ඔහු දක්වමින්) ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. මේ දෙපොළගේ කිට්ටු ආශ්‍රය මට බොහොම වැදගත් වුණා. නායකත්වයට හුරුපුරුදුකම් ඇති වුණේ ඇතිකරගත්තේ ඒ අය ගිය මඟ දිහා බලලයි. ඒ නිසයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ." ඔහු පළාත් පාලන ඇමැති හැටියට වැඩට බැස පූට්ටු කොන්ක්‍රීට් පාලම් ක්‍රමය රට පුරා ක්‍රියාත්මක කරවීය. ඒ අතර හිටිවනම ඔහු සෝමාවතිය වඳින්නට යන මඟ දැක තිබූ නිසා එහි දුෂ්කරම තැනෙක චෛත්‍යයට වැටෙන මාවතක්ද සකසමින් 1969දී සෝමාවතියේ - සුංගාවිල පාලම කරවීය. ඊට සී.පී. ද සිල්වා මහතාගේ සහායද හිමිවුණේය. එදින සන්ධ්‍යා කාලයේ හමුවේදී 'මේ වගේ හද්ද පිටිසර පාලම් හදන එකේ මේ පාලම් වැඩසටහනට ඔබතුමාගේ නම දාලම කරමුකෝ. එතකොට ඒ ඡන්දත් අපේනේ!' යි හිතවත්ම යමෙක් ප්‍රේමදාස මහතාට සුංගාවිලදී කීවේය. ඊට ඒ මොහොතේ කිපුණේ නැති වුණත් පසුව ඔහු ළඟටම කැඳවා ප්‍රේමදාස මහතා මෙසේ කීය. 'මේ මිනිසුන්ගෙ මහජන මුදලින් ඒ අයට පාලමක් හදා දීලා ඒකට මගේ නම දාන්න තරම් පහත් දේශපාලනයක් කරන්න මට ඕනි නෑ. මට වැඩේ හොඳට ඕනෑ. වැඩේ හරියට ඕනෑ. ඒකෙන් මිනිසුන්ට යහපතක් නම් මට ඇති. කෙරුවේ කවුද කියලා බොරු බෝඩ් ලෑලි ඕන නෑ. මේ මිනිස්සු අවංකයි. ඇරත් මේ දුප්පත් මිනිසුන්ට හොඳ හිතින් දෙයක් කළොත් මැරෙනකම් මතක තියාගන්නවා. පාලමක්, වතුර ටිකක්, විදුලිය දෙනවා කියන්නේ මේ මිනිසුන්ට මහමෙරක් තරම් ලොකු දෙයක්. ඔය කොළඹ පැහෙන ටයිපොලුකාරයන්ට නම් ඒක තේරෙන්නේ නෑ. උන්ට ඕනේ කාලෙ කකා වැඩේ දිග්ගහගෙන, අතට ගාණක් ලැබෙන වැඩක් කරන්නයි. මාත් එක්ක නම් ඒවා බෑ!' සුංගාවිල දුෂ්කර ගම්මානයේ පූට්ටු පාලම නිමා වූදා ඔහු තද පියවරක් ගත්තේය. එනම් ඔහුගේ යම් ව්‍යාපෘතියක් අරඹන දිනයක් වෙත්නම් එයත් එය නිමා කරන දිනයක්ද සමඟ දැක්විය යුතුය යන්න තීරණය කිරීමයි. ඔහු ඇමැති කාලයේ එය ඉතා තදින්ම ක්‍රියාත්මක වී දැන්වීම් පුවරුවක්ද ව්‍යාපෘතිය ගැන විස්තරයක්ද සහිතව ප්‍රදර්ශනය වූයේ මෙම තීරණයේම විකාශයක් හැටියට බව කියැවේ. මේ අනුව සෝමාවතී චෛත්‍ය වන්දනාවට යා නොහැකි තරම් අතිශය දුෂ්කර වනපෙත සියැසින් දුටු ප්‍රේමදාස මහතා කොළඹ එන අතරේ ඔහු සමඟ සිටි හිතවත් කිහිපදෙනෙක් හා ප්‍රකට ව්‍යාපාරිකයකුට මෙසේද කීය. "1966 අගෝස්තුවේ අපේ අගමැතිතුමා (ඩඩ්ලි සේනානායක) ඇවිත් නිධන් වස්තු තැන්පත් කරලා වල්බිහිවෙච්ච සෝමාවතිය වැඳපුදා ගන්නට ඇරැඹීම අපේ රටට හරිම වැදගත් දෙයක්. මේ ස්ථානය ගැන අපේ සමහර දේශපාලකයොත් හරිහැටි දන්නේ නෑ. ඒ ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවසේදී විතර කාවන්තිස්ස මහ රජ්ජුරුවන්ගේ නංගි... සෝමා දේවියත්, ගිරි අභය කුමාරයත් දකුණු දළදාව නිදහස්කොට ඉදිකරපු මේ චෛත්‍යයට බොහොම ආදර කරුණාව, ගෞරවය දැක්වූවා. මහ සටන් ජයගෙන එළාර පරදවන්නත් දුටුගැමුණු රජතුමාට ආශීර්වාදයක් වුණ තැනක්! මේ පළාතෙනුත් එතුමාගේ සේනාවට මිනිස්සු ගිහින් තියෙනවලු. ඒ නිසා මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා මේ ඓතිහාසික තැන් ඔක්කොම ඒ විදියටම සකස් කරලා හැම ගමක්ම, ප්‍රධාන නගරයක්ම එකට ඉක්මනින් සම්බන්ධ වෙන නගර නිර්මාණයක් කරන්න. ඒකට මහා ධනයක් වැය වෙනවා ...... මොනව හරි අරමුදලක් ඒ වෙනුවෙන් වෙනම පටන් අරන් ඒ වැඩේ කරන්න තියෙනව නම් හොඳයි!' ඔහුට මුදල් පසුකලෙක රජයේ මුදල් ප්‍රතිපාදන නැතිවනවිට 'සෙවණ' අරමුදල පිහිට වූයේ මේ කියන හැම කාරණාවක්ම සිතේ තබාගෙන බවත්, නිවාස හා ගම් හදපු තැනම හොඳ මංමාවත්ද වෙහෙර විහාරද ඉදි කෙරුණේ ඒ අනුව බවත් ප්‍රේමදාස මහතා ගැන බොහෝ දේ දන්නා සමීපතමයන්ගේ අදහසයි.ඒ ප්‍රේමදාසගේ හැටිය! සජිත් රෝහිත ලියනගේ[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom