මහජන~මුදලින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහජන මුදලින් පාලම් හදල මගේ නම දාන්න ඕන නෑ

    179111_554418097943611_1612151613_n.jpg


    දිනක් ප්‍රේමදාස මහතා හමුවට පැමිණි ප්‍රදේශවාසියකු මෙන්ම සමීපතම ඡන්දදායකයකු මෙසේ විමැසීය.

    'ඔබතුමා මේ පළාතෙ ඉපදිලා හැදිලා, වැඩිලා මෙතැනින් ඉහළට ගිය කෙනෙක්. ඒක අපි ඇස් දෙකෙන් දැක්කනෙ. ඇයි තමුන්නාන්සේ මේ වෙච්ච දේවල් අනාගතේ දරුවන්ට කියවන්න ලියලා තියන්නැත්තේ? අඩුම තරමේ තමුන්නාන්සේගේ අතීත කතාව ගැන රැස්වීමකදීවත් කියන්නෙත් නෑනේ ඇයි ඒ? ඊට කට කොනකින් හිනැහුණු ප්‍රේමදාස මහතා මොහොතකට පසු මෙසේ කීය.

    'මගේ වරුණාව ගැන මම කියන එක හරි නෑ. මම අකැමැති දේත් ඒකයි. මම කළ දේ ගැන පුරාජේරු කියන්නෙ කොහොමද? මම කළ දේට මගේ නමක්වත් දාන්න කැමැති නෑ. මිනිස්සු දන්නවනෙ මං කවුද කියලා. මට ඒ ඇති! ඒත් තමුන් දැන් කියපු එක දෙයක් මට ළඟදී දවසක කරන්න වෙනවා. ඒ තමයි ශ්‍රී සුචරිත ව්‍යාපාරය පටන්ගත්ත තැන හදපු ගොඩනැඟිල්ල විවෘත කරන දවසෙ ඒකෙ අතීතය මටම කියන්න වෙන නිසයි බලමු!'

    ඔහු කියූ සේම එහි ඉතිහාසය ගැන කිව යුතුව තිබුණේ ප්‍රේමදාස මහතාටම බැවින්, ඔහුගේ හිතවතකු වූ බේරුවල ධනපතිවර නලීම් හාජ්ජියාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ වත්මන් සුචරිත මාවතේ ප්‍රේමදාස මහතා ජීවත් වූ 'සැනසුම' නිවෙසට යාබදව දක්නට ඇති ශ්‍රී සුචරිත ශාලාව විවෘත කරන දා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුන හෙබවූ රැස්වීමේදී එම කතාව හෙළි කළේය. තැනෙක ඔහු මෙසේ කීය.


    "ශ්‍රී සුචරිත ව්‍යාපාරය පටන්ගත්තේ දුප්පත්ම සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වඩවන්න නොමිලයේ සේවාවක් විදියටයි. ඒකට අරක්කු කාරයොයි පළාතේ බලවන්තයොයි බය වුණා. ඒ අය හිතුවා මේ ලෑස්ති වෙන්නෙ ඊළඟ මැතිවරණයට තරග කරන්න හදන නිසාය කියලා අපේ රැස්වීම්වලට හරියට කරදර කළා. අපට පිළිසරණක් නෑ. අන්තිමට ගල් ගැසුවා. රැස්වීම කඩාකප්පල් වුණා. මිනිස්සු දිව්වා. අපි හිටපු තත්ත්වෙ, ජීවත්වෙච්ච හැටි අපේ ජනාධිපතිතුමා දන්නවානේ. එතුමා දැකලා තියෙනවා මෙතැන තිබුණු ටකරන් මඩුව. අපිට ජීවිතේ හංගන්න දෙයක් නෑ. ඒ නිසා මම තීරණය කළා දේශපාලනයට එන්ඩ. ඒත් ඉරිදා ඉස්කෝලේ උගන්වපු සාගර පලන්සූරිය මහත්තයා කිව්වේ දේශපාලනයට යන්ඩ එපා කියලයි. ඒත් ගල් ගහපු වැඩේ නිසා මගේ සමාජ සේවාවලට උදව් කළ අය බයවෙලයි හිටියේ. පළාතේ වැරැදි දේශපාලන නායකයත්වය පෙරළන්න ඊට මුහුණ නොදීත් බැහැ. මම තාත්තගෙන් ඇහුවා මම දේශපාලනය කරන්නද කියලා. ඒ.ඊ. ගුණසිංහ මහත්තයා මට තදින්ම හිටියා දේශපාලනයට එන්ඩ කියලා. පළාතේ මිනිස්සු මට තදින් බලපෑම් කළා. තාත්තා උත්තරයක් දුන්නෙ නැතත් මම ඉබේම 'ලංකා කම්කරු පක්‍ෂය' තුළින් ඒ.ඊ. ගුණසිංහ මහත්තය යටතේ දේශපාලනය ඇරැඹුවා. නැත්නම් ප්‍රේමදාස දේශපාලනයට එන්නේ නෑ."

    එදා ඔහුට කම්කරු පක්‍ෂය හරහා දැවැන්ත බලයක් ගොඩනැඟුණේ නැතුවා වුවද ඔහු හා කතා කරනවාටත් විරුද්ධ වූ අය සිටියහ. 'ප්‍රේමදාස එක්ක කතා කරලා තොපි අහුවුණොත් මරනවා!' යන තර්ජනය තිබිණි. දිනක් ප්‍රේමදාස මහතා ව්‍යාපාරයේ හිතවතකුගේ මළ ගෙදරකට ගියේය. එහිදී හොරෙන් මෙන් අයෙක් විත් ඔහු හා ආගිය තොරතුරු වටපිට බලමින් රහසේ කතා කළේය. ප්‍රේමදාස මහතා පිටත්ව ගිය පසු කනත්තේදීම ප්‍රේමදාස මහතා හා කතා කළ තැනැත්තාට පහරදී තිබිණි. ඒ නිසා ප්‍රේමදාස මහතා දිනක් මෙසේ කීය.

    'මේ විදියට අකුළගෙන ඉඳලා වැඩක් නෑ! මුන් එහෙම නම් මුන්ට හරියන විදියට නැඟිටින්න ඕනෑ. බලමු මොකද වෙන්නේ කියලා.'
    ඒ අනුව ප්‍රේමදාස මහතා වැඩට බැස්සේය. ඒ.ඊ. ගුණසිංහ මහතා මැතිවරණයෙන් පැරැදී ඉන්දුනීසියාවට ගියේය. ප්‍රේමදාස මහතා දේශපාලනය මරු කතරේ තනි නොවී එක්සත් ජාතික පක්‍ෂය තෝරාගත්තේය. එදින ඔහු සුචරිතයේදී තම හිතවතුන්ට මෙසේ කීවේය.
    'හිතන්න එපා මගේ පස්සේ ආපු ඔයගොල්ලෝ දාලා මම පැනල යන කෙනෙක් කියලා. මළත් මං පස්සට යන්නෙ නෑ. ඒ විශ්වාසය හිතේ තියාගන්න. මම එක්සත් ජාතික පක්‍ෂය තෝරාගත්තෙ ඒක හැම ජාතිකකාරයටම තැනක් තියෙන ජාතිවාදී පක්‍ෂයක් නොවෙන නිසයි. බය වෙන්න එපා අපි බලමු මොකද වෙන්නෙ කියලා. මම කෙළින් ඉන්නව නම් ඔයගොල්ලො බය වෙන්නෙ ඇයි?'

    ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ උත්සව සභාවේදී ඔහු මෙසේ කීවේ අතීතය සිහිගන්වමිනි.
    "මම පක්‍ෂයට බැඳුණු වෙලාවෙ දිවංගත ඩඩ්ලි සේනානායක මහත්තයා මහත්මා ලීලාවෙන් පක්‍ෂයේ නායක කමේ හිටියා. උප නායක වුණේ අපේ වත්මන් ජනාධිපති (ඔහු දක්වමින්) ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. මේ දෙපොළගේ කිට්ටු ආශ්‍රය මට බොහොම වැදගත් වුණා. නායකත්වයට හුරුපුරුදුකම් ඇති වුණේ ඇතිකරගත්තේ ඒ අය ගිය මඟ දිහා බලලයි. ඒ නිසයි මම එක්සත් ජාතික පක්‍ෂය තෝරාගත්තේ."

    ඔහු පළාත් පාලන ඇමැති හැටියට වැඩට බැස පූට්ටු කොන්ක්‍රීට් පාලම් ක්‍රමය රට පුරා ක්‍රියාත්මක කරවීය. ඒ අතර හිටිවනම ඔහු සෝමාවතිය වඳින්නට යන මඟ දැක තිබූ නිසා එහි දුෂ්කරම තැනෙක චෛත්‍යයට වැටෙන මාවතක්ද සකසමින් 1969දී සෝමාවතියේ - සුංගාවිල පාලම කරවීය. ඊට සී.පී. ද සිල්වා මහතාගේ සහායද හිමිවුණේය. එදින සන්ධ්‍යා කාලයේ හමුවේදී
    'මේ වගේ හද්ද පිටිසර පාලම් හදන එකේ මේ පාලම් වැඩසටහනට ඔබතුමාගේ නම දාලම කරමුකෝ. එතකොට ඒ ඡන්දත් අපේනේ!' යි හිතවත්ම යමෙක් ප්‍රේමදාස මහතාට සුංගාවිලදී කීවේය. ඊට ඒ මොහොතේ කිපුණේ නැති වුණත් පසුව ඔහු ළඟටම කැඳවා ප්‍රේමදාස මහතා මෙසේ කීය.

    'මේ මිනිසුන්ගෙ මහජන මුදලින් ඒ අයට පාලමක් හදා දීලා ඒකට මගේ නම දාන්න තරම් පහත් දේශපාලනයක් කරන්න මට ඕනි නෑ. මට වැඩේ හොඳට ඕනෑ. වැඩේ හරියට ඕනෑ. ඒකෙන් මිනිසුන්ට යහපතක් නම් මට ඇති. කෙරුවේ කවුද කියලා බොරු බෝඩ් ලෑලි ඕන නෑ. මේ මිනිස්සු අවංකයි. ඇරත් මේ දුප්පත් මිනිසුන්ට හොඳ හිතින් දෙයක් කළොත් මැරෙනකම් මතක තියාගන්නවා. පාලමක්, වතුර ටිකක්, විදුලිය දෙනවා කියන්නේ මේ මිනිසුන්ට මහමෙරක් තරම් ලොකු දෙයක්. ඔය කොළඹ පැහෙන ටයිපොලුකාරයන්ට නම් ඒක තේරෙන්නේ නෑ. උන්ට ඕනේ කාලෙ කකා වැඩේ දිග්ගහගෙන, අතට ගාණක් ලැබෙන වැඩක් කරන්නයි. මාත් එක්ක නම් ඒවා බෑ!'

    සුංගාවිල දුෂ්කර ගම්මානයේ පූට්ටු පාලම නිමා වූදා ඔහු තද පියවරක් ගත්තේය. එනම් ඔහුගේ යම් ව්‍යාපෘතියක් අරඹන දිනයක් වෙත්නම් එයත් එය නිමා කරන දිනයක්ද සමඟ දැක්විය යුතුය යන්න තීරණය කිරීමයි. ඔහු ඇමැති කාලයේ එය ඉතා තදින්ම ක්‍රියාත්මක වී දැන්වීම් පුවරුවක්ද ව්‍යාපෘතිය ගැන විස්තරයක්ද සහිතව ප්‍රදර්ශනය වූයේ මෙම තීරණයේම විකාශයක් හැටියට බව කියැවේ.
    මේ අනුව සෝමාවතී චෛත්‍ය වන්දනාවට යා නොහැකි තරම් අතිශය දුෂ්කර වනපෙත සියැසින් දුටු ප්‍රේමදාස මහතා කොළඹ එන අතරේ ඔහු සමඟ සිටි හිතවත් කිහිපදෙනෙක් හා ප්‍රකට ව්‍යාපාරිකයකුට මෙසේද කීය.

    "1966 අගෝස්තුවේ අපේ අගමැතිතුමා (ඩඩ්ලි සේනානායක) ඇවිත් නිධන් වස්තු තැන්පත් කරලා වල්බිහිවෙච්ච සෝමාවතිය වැඳපුදා ගන්නට ඇරැඹීම අපේ රටට හරිම වැදගත් දෙයක්. මේ ස්ථානය ගැන අපේ සමහර දේශපාලකයොත් හරිහැටි දන්නේ නෑ. ඒ ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවසේදී විතර කාවන්තිස්ස මහ රජ්ජුරුවන්ගේ නංගි... සෝමා දේවියත්, ගිරි අභය කුමාරයත් දකුණු දළදාව නිදහස්කොට ඉදිකරපු මේ චෛත්‍යයට බොහොම ආදර කරුණාව, ගෞරවය දැක්වූවා. මහ සටන් ජයගෙන එළාර පරදවන්නත් දුටුගැමුණු රජතුමාට ආශීර්වාදයක් වුණ තැනක්! මේ පළාතෙනුත් එතුමාගේ සේනාවට මිනිස්සු ගිහින් තියෙනවලු. ඒ නිසා මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා මේ ඓතිහාසික තැන් ඔක්කොම ඒ විදියටම සකස් කරලා හැම ගමක්ම, ප්‍රධාන නගරයක්ම එකට ඉක්මනින් සම්බන්ධ වෙන නගර නිර්මාණයක් කරන්න. ඒකට මහා ධනයක් වැය වෙනවා ...... මොනව හරි අරමුදලක් ඒ වෙනුවෙන් වෙනම පටන් අරන් ඒ වැඩේ කරන්න තියෙනව නම් හොඳයි!'
    ඔහුට මුදල් පසුකලෙක රජයේ මුදල් ප්‍රතිපාදන නැතිවනවිට 'සෙවණ' අරමුදල පිහිට වූයේ මේ කියන හැම කාරණාවක්ම සිතේ තබාගෙන බවත්, නිවාස හා ගම් හදපු තැනම හොඳ මංමාවත්ද වෙහෙර විහාරද ඉදි කෙරුණේ ඒ අනුව බවත් ප්‍රේමදාස මහතා ගැන බොහෝ දේ දන්නා සමීපතමයන්ගේ අදහසයි.ඒ ප්‍රේමදාසගේ හැටිය!

    සජිත් රෝහිත ලියනගේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්ත මචන් එ මනුස්සයාගේ වැරදි තිබුනත් ගොඩක් මිනිස්සුන්ට ‍වැඩ කලා එදා ආසියාවේ ප්‍රථම දිවා රාත්‍රි ක්‍රිඩාංගනය හදපු වෙලාවෙවත් තමන්ගේ නම දැම්මේ නෑ .කෙත්තාරාම කියලා තමයි හැදින්නුවේ පසුව නම ගෞරවයක් වශයෙන් වෙනස් වුනා .එ කාලේ ගම් උදාව සෙවන ,මුද්දර කාඩ් එකකටවත් නම දාලා විකුනන් කෑවේ නෑ .එකටත් එක්ක දැන් ඉන්න අපතයෝ බේට්ටක් දැම්මත් නම දාන්න තරම් පහත් දේශපාලයින් ඉන්නේ
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    R Premadasa Stadium කියල නම දැම්මෙ මැරුනට පස්සේ ඊට කලින් නම ඛෙත්තාරාම ක්‍රීඩාංගනය
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්ත මචන් එ මනුස්සයාගේ වැරදි තිබුනත් ගොඩක් මිනිස්සුන්ට ‍වැඩ කලා එදා ආසියාවේ ප්‍රථම දිවා රාත්‍රි ක්‍රිඩාංගනය හදපු වෙලාවෙවත් තමන්ගේ නම දැම්මේ නෑ .කෙත්තාරාම කියලා තමයි හැදින්නුවේ පසුව නම ගෞරවයක් වශයෙන් වෙනස් වුනා .එ කාලේ ගම් උදාව සෙවන ,මුද්දර කාඩ් එකකටවත් නම දාලා විකුනන් කෑවේ නෑ .එකටත් එක්ක දැන් ඉන්න අපතයෝ බේට්ටක් දැම්මත් නම දාන්න තරම් පහත් දේශපාලයින් ඉන්නේ

    ආයෙත් අහලා
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    R. Premadasa Stadium | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය
    http://en.wikipedia.org/wiki/R._Premadasa_Stadium
    :dull:සහෝ... මේක මුලින්ම නම් කරලා තිබුනේ "ඛෙත්තාරාම" කියලා. පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසුව තමයි ඕක ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය කියලා නම් කලේ:yes:. මා වැරදි නම් නිවැරදි කරන්න. :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    R Premadasa Stadium කියල නම දැම්මෙ මැරුනට පස්සේ ඊට කලින් නම ඛෙත්තාරාම ක්‍රීඩාංගනය

    ප්‍රේමදාස මහත්තයා මැරුණට පස්සේ 1994 නම දැම්මේ.

    ආර්. ප්‍රේමදාස මහතා හිත යටින් ඕනෑම අයෙකුට වැඩදී හිත උඩින් ඔපයට කතා කිරීමට දක්‌ෂ කපටි දේශපාලකයෙක්‌ වූ අතර ...
    http://www.divaina.com/2011/09/05/mano04.html

    මහින්දගෙයි ප්‍රේමදාසගෙයි කිසිම වෙනසක් මටනම් පේන්නෙ නෑ ... මහින්ද කියන්නෙ ප්‍රේමදාසගෙම දිගුවක් ... මේ විදියට ඉතිහාසය හැමදාම repeat වෙනව බලන් ඉන්න තමයි මිනිස්සු ආසත් :dull:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මහින්දගෙයි ප්‍රේමදාසගෙයි කිසිම වෙනසක් මටනම් පේන්නෙ නෑ ... මහින්ද කියන්නෙ ප්‍රේමදාසගෙම දිගුවක් ... මේ විදියට ඉතිහාසය හැමදාම repeat වෙනව බලන් ඉන්න තමයි මිනිස්සු ආසත් :dull:

    ප්‍රේමදාස වැරදි කලා නැත්තේ නෑ. එත් මේකා වගේ වැරදී කරලා රට මේ වගේ කෑවෙ නෑ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත මචන් එ මනුස්සයාගේ වැරදි තිබුනත් ගොඩක් මිනිස්සුන්ට ‍වැඩ කලා එදා ආසියාවේ ප්‍රථම දිවා රාත්‍රි ක්‍රිඩාංගනය හදපු වෙලාවෙවත් තමන්ගේ නම දැම්මේ නෑ .කෙත්තාරාම කියලා තමයි හැදින්නුවේ පසුව නම ගෞරවයක් වශයෙන් වෙනස් වුනා .එ කාලේ ගම් උදාව සෙවන ,මුද්දර කාඩ් එකකටවත් නම දාලා විකුනන් කෑවේ නෑ .එකටත් එක්ක දැන් ඉන්න අපතයෝ බේට්ටක් දැම්මත් නම දාන්න තරම් පහත් දේශපාලයින් ඉන්නේ
    මිනිහා කලේ රට සේවයක් කරන ගමන්, මිනිහට කැපිල්ල දාන සෙට් එක වේලාසනම කපලා දාන එක.. මොනවා උනත් රටට සේවයක් කරපු, ඇත්තටම දුප්පත් මිනිස්සු එක්ක ජිවත් උනු මනුස්සයෙක්.. ලොකුකම තිබුනෙම නැ.. ඒකයි හොද..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Premadasage waradi thibuna. eth miniha ratata minissunta sahenna dewal kala. ekada ada..

    okama thawa tika kalekin Mahinda ganath api kiyai :dull: