මහණෙනි, රූපය අනිත්‍යයි. රූපයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ⚜️
    මහණෙනි, රූපය අනිත්‍යයි. රූපයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේ නිත්‍ය වන්නේද?
    ⚜️
    වේදනාව අනිත්‍යයි. වේදනාව ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් වේදනාව කෙසේ නිත්‍ය වන්නේද?
    ⚜️
    සඤ්ඤාව අනිත්‍යයි සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංඥාව කෙසේ නිත්‍ය වන්නේද?
    ⚜️
    සංස්කාර අනිත්‍යයි. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ නිත්‍යවන්නේද?
    ⚜️
    විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක්හේතුවේද යමක් ප්‍රත්‍යවේද?’ එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද?”
    ⚜️
    මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.


    ------ Post added on Aug 29, 2023 at 2:29 AM
     
    • Like
    Reactions: kinkon