මහත් වෙලා record තියපු අය.(13+)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මහත් වෙලා record තියපු අය.(13+)

    මේ කියන්න යන්නෙ ලෝකෙ වාර්ථාගත වෙලා තියන ලෝකෙ බරම මිනිසුන් කිහිප දෙනෙක් ගැන.




    Robert Earl Hughes

    a98150_g4.jpg


    Robert Earl Hughes (June 4, 1926 – July 10, 1958). මෙයා ජීවත් වෙලා ඉන්නකන් ලෝකයේ බරම පුද්ගලයා විදිහට ඉඳලා තියනවා. මෙයාගේ උපරිම බර 486 kg (1,070 lb) කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලෙ මෙච්චර බර අය වැඩිය ලෝකයේ ඉඳලා නෑ. ඒක හින්දා මෙයා නොයෙකුත් විෂේශ අවස්ථා වලට හා සර්කස් වල පෙනී ඉඳලා තියනවා. මෙයා මැරෙන කොට ටොන් භාගයකට වඩා බර උනා කියලා තමයි කියන්නේ.​







    Manuel Uribe


    a98150_g3.jpg



    Manuel Uribe ඉපදිලා තියෙන්නේ 1965 ජූනි 11 මෙක්සිකෝ වල. මෙයා තමයි ලෝක ඉතිහාසයේ වැඩිම බර වාර්ථාව තියලා තියෙන්නේ. වාර්ථාගත වෙලා තියන වැඩිම බර 597 kg (1,320 lb). මෙයා 2001 ඉඳලා මෙයාට විෂේශයෙන් හදපු ඇඳක් උඩට වෙලා තමයි ජීවත් වෙන්නේ. මොකද මෙයාගෙ බර මෙයාගෙ ඇඟට දරාගන්න බෑ. හැබැයි කොහොම හරි try කරලා 2012 වෙනකොට දැන් මෙයා 200 kg වලට ඇඟ බස්සගෙන තියනවා. ඒත් තාම ඇවිදින්න පුලුවන් කියලනම් ආරන්චියක් නෑ.










    Paul Mason


    a98150_g1.jpg



    උඩ එක්කෙනා වාර්ථා වෙන්න කලින් ජීවත් වෙන අයගෙන් වැඩිම බර වාර්ථාව තියලා තිබ්බෙ මෙයා. දැන් වයස 50 යිලු. වැඩිම බර 445 kg (980 lb). සැත්කමක් කලාට පස්සේ බර 254kg කට බැහැලා තියනවා. එන්ගලන්තෙ ජීවත් වෙන්නේ. මිනිහා තාම රජයට බනින්නේ මුගෙ බර වැඩිවෙන්න කලින් උදවු කලේ නෑ කියලා.:oo:







    Mayra Rosales

    a98150_g7.jpg


    මෙයාගෙ බර 450 kg ක් විතර කියලා තමයි කියන්නේ. 2008 දී අවුරුදු 2 ක් වයස නෑදෑ ලමයෙක් මැරුවා කියන චෝදනාවෙන් උසාවිය මෙයාව නිදහසෙ කරලා තියනව මෙයා මිනීමරන්න බර වැඩියි කියලා.:shocked::oo::confused:





    Dzhambik Khatokhov


    a98150_g10.jpg



    මෙයා තමයි ලෝකයේ ඉන්න බරම ළමයා. වයස අවුරුදු 11 යි. බර 147 kg යි. ඉන්නෙ රුසියාවෙ. ලොකු උනාම ක්‍රීඩකයෙක් වෙන්න තමයිලු කැමති. මෙයාගෙ අම්මටනම් කිසි ගානක් නෑලු දොස්තරල කොච්චර කිව්වත්. වැඩිපුරම කැඳයි අයිස් ක්‍රීමුයි කාලලු මෙච්චර මහත් වෙලා තියෙන්නේ.:lol::lol:







    දැන් මම මේක දැම්මෙ කට්ටියට බලලා හිනා වෙන්න නෙමෙයි. හිතයි කටයි පාලනය නැති උනාම වෙන්න පුලුවන් එක දෙයක් මේක. හුඟක් වෙලාවට මේක පොඩි කාලෙදි තමයි පටන් ගන්නේ. ඒක හිනදා ලමයින්ගෙ බර ගැන පොඩි කාලෙ ඉඳලම අවදානෙන් ඉන්න. තමන්ගෙ තත්වෙ පෙන්නන්නවත් ආදරය වැඩි කමටවත් ලමයින්ව ඕනවාට වඩා මහත් කරන්න එපා. මොනවත් නොතේරෙන ලමයි තමයි අනාගතේදි දුක් විඳින්නෙ.:(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හිතයි කටයි පාලනය නැති උනාම වෙන්න පුලුවන් එක දෙයක්....:(
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි