අනුරාධපුර යුගයේදී "මහාවිහාරය" සහ "අභයගිරිය" කියලා බුද්දාගමේ අය පාර්ශව දෙකකට බෙදුනා.
මහාවිහාරයට තමයි අද "ථෙරවාද" කියන්නේ. අභයගිරියෙන් මතු වුන ද්ර්ෂණය තමයි අන්තිමට මහායානය වෙලා නතර වුනේ.
මහායානය අද උතුරු ආසියානු රටවල්වල පැතිර ගිහිල්ලා තියෙනවා.
ලංකාවේ අති විශාල අරගලයක් කරලා මේ ගොල්ලන්ගේ වැරදි දර්ශනය ලංකාවේ පැරද්දුවේ. ථෙරවාදයේ යමි කුඩා ගැටළු තියෙනවා. නමුත් ශ්‍රී සධර්මය එතනින් ගොඩ ගන්න පුළුවන්. නමුත් මහායානය ගොඩ ගන්න බැහැ.
හැබැයි මේ සමන්ත බද්‍ර කියන පුද්ගලයා මහායාන බුද්ධාගම ලංකාවට අයෙමත් ගෙන්නලා වගේ තේරෙනවා. ඇයි එහෙම කියන්නේ?
- "සමන්ත බද්‍ර" කියන්නේ මහායානයේ බෝදීසත්වයෙක් -> https://en.wikipedia.org/wiki/Samantabhadra
- මහායානයේ බෝදීසත්ව වන්දනාව. -> https://www.youtube.com/watch?v=xAmg3ivZ114
- මහායානයේ "ශුන්‍යතා ධරිමය" -> https://www.youtube.com/watch?v=VRVrY7uK0sc
එම නිසා මට හිතෙන විදියට දැනට තියනවාට වඩා උද්යෝගයකින් කට්ටිය එකතු වෙලා මේ දරිෂණය තවත් ප්‍රචලිත වෙන්නට පෙර පැරද්දිය යුතුයි.
නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
දහම අහල බැලුවනම් තෙරෙයි මහායානද ථේරවාද ද කියල
මාර්ග පල ලබන්න පුළුවන් තව අරිය මාර්ගය ගමන් කරන පුද්ගලයෙක්ගෙන් බණක් ඇහුවොත් පමණයි. එසේත් නැතිනම් ජාති සෝතාපන්නයෙක් වෙන්න ඕනේ.
එතුමා අරිහත් පලය ලැබීමට හේතු වුනේ ඔය කරනා දෙකින් එකක් කියලා ඔහු කියා තියෙනවද කොහෙවත්?
එතුමාගේ චේතනාව හොද එකක් වෙන්න පුළුවන්. නමුත් එතුමාට වරදිලානම් ඔහුගෙන් බන අහන අයත් නොමග යන්න ඉඩ තියෙනවා.
මහායාන නම් විසුද්ධි මාර්ගයට බනින්නෙ ඇයි?
පසේ බුදුවරයෙක්ට පලුවන් තමන් විසින්ම චතුඅරිය සත්‍ය වටහාගෙන බුදු වීම පමණයි. ඔහුට අනෙක් අයට ධර්මය කියල දෙන්නේ නැහැ. ඔහුට ශ්‍රාවකයන් නැහැ.
විසුද්ධි මාර්ගයට බනින පලියට ථෙරවාද වෙනවයි? මහායානයේ පිළිපදින්නේ "ව්මුක්ති මාරිගය" කියලා ඒ හා සමාන අටුවාවක්. ඔහු එකට බනිනවද?
ඒක දුර්මතයක්. පසේ බුදු වරයෙක්ට සම්මා සම්බුදුවරයෙක් තරම් නිරුක්ති ඥානය නැහැ. නමුත් තමා අවබෝධ කල දහම දේශනා කරන්න බැරි කමක් නෑ.
දහම අහන්න. එකම නිවන් මගක් කියන්නෙ.
මම ඔයාට මේක පැහැදිලි කර දෙන්නම් දැන්. හැබැයි ඔයාට දැන්මම තේරුම් ගන්නේ නැති වෙයි. එකට කමක් නැහැ. හිතේ තියාගන්න දැනට.
මහායානයේ "අරිහත්" පලය පිලි ගන්නේ නැහැ. මෙතන කියවන්න.
https://en.wikipedia.org/wiki/Buddhahood
ඔවුන් කියන්නේ "බුදු වීම" අරිහත් පලය වඩා උතුම් දෙයක් කියලා. එම නිසා හැම කෙනෙක්ම බුදු වෙන්න උවමනා යැයි ඔවුන් කියනවා. සමන්ත බද්‍ර හිමි කියන්නේ ඔහු "බුදු වරයෙක්" වුණා කියලා මේ මහායාන බුද්දාගම මුල් කරගෙන.
"ප්චෙක" බුද්ද කියන්නේ කවුද කියලා මේ ස්වාමින් වනහ්සගේන් අහන්න.
නැහැනෙ. පසේ බුදු වරයෙක්.
මහායාන නම් විසුද්ධි මාර්ගයට බනින්නෙ ඇයි?
මම මාර්ගයට පිවිසුනෙත් මීවනපාලනෙ නමගෙන් බන අහල තමයි. ඒ අවබෝධය ලැබුවට පසුව සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේගේ බන ඇසුව, එතකොටයි තේරුනේ දෙකම එකක්. එකම මගක්. සමන්තබද්‍ර හිමි මිනිස්සුන්ට බුදු වෙන්න කියන් නෑ. අරිහත් ඵලයට යනව කියන්නෙ භව උද්ධ කරන එක බුදු වීම තමයි.
දෙයක් කතා කරන්න පෙර හොයල බලල ඉන්න. නැත්නම් නිකරුනේ ආර්ය උපවාද කර ගන්නව.


