මහනුවරට තවත් ධාවන සැලැස්මක්
මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා තවත් අත්හදා බැලීමක් හෙට (01) සිදුකෙරෙනවා. ඒ අනුව හෙට පස්වරු 3.30 සිට රාත‍්‍රී 7.30 දක්වා මාර්ග දෙකක වාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා වනු ඇති.
විලියම් ගොපල්ලව මාවතේ දුම්රියපොළ ආසන්නයේ ඇති බුදුපිළිමය ඉදිරිපිට සිට ගැටඹේ දක්වා වාහන ධාවනය ගැටඹේ දෙසට පමණක් සීමා වනවා. ගැටඹේ දියකපනාරාමය අසල වටරවුමේ සිට මහනුවර ඔරලෝසු කණුව දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ වාහන ධාවනය කළ හැක්කේ නගරය දෙසට පමණයි.
මීට අමතරව දෙයියන්නේවෙල සම්බෝධි මාවත, සුදුහුම්පල ටී.බී. තෙන්නකෝන් මාවත, විලියම් ගොපල්ලව මාවතේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත දක්වා ඇති හිරැස්සගල පාර යන මාර්ගවලට බස් රථ ඇතුළු වීම තහනම් වනවා.
ඉකුත් පෙබරවාරි 16 වෙනිදා හඳුන්වාදුන් අත්හදා බැලීමේ ධාවන සැලැස්ම ද මහනුවර නගරයේ තවදුරටත් කි‍්‍රයාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.
Source http://nethfm.com/article/98717#sthash.Fpb7dPRW.dpuf