මහනුවර නගරයේ ඉපැරණි උමං පද්ධතිය

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore



    ඉතා සුන්දර කඳු වළල්ලකින් වට වී ඇතත් කන්ද උඩරට මහනුවරට වර්ෂා කාලයේ දී අධික ජල ධාරිතාවක් පැමිණෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.

    එහෙත් කිසි දිනෙක මේ මහනුවර නගරයේ, කිසිදු වීදියක්, ස්ථානයක්, කොළඹ වාගේ ජලයෙන් යටවන්නේ නැත.

    ඇයි ඒ?

    හාස්කමක් හින්ද ද?

    නැත!

    ඒ, ඒ නගරයට ඉතා දියුණු උමං ජල මාර්ගයක් තිබෙන නිසාය....

    මෙම භූගත, 'ජලාපවහන පද්ධතිය' මගින් නගරයට එකතු වන අතිරික්ත ජලය රැගෙන ගොස් මහවැලි ගගට මුදා හරිනු ලැබේ.

    සැබැවින්ම මෙය, අති විශිෂ්ට "විශ්වකර්ම" නිර්මාණයකි.

    මේ ආකාරයේ, ජල මාර්ග පද්ධතියක් නගරයේ තිබුණේ නැනිනම් සුන්දර මහනුවර නගරය ජලයෙන් යටවී හෝ මේ වන විට ගිලා-බැස අවසන් ය.

    හරි එතකොට කවුද ඔය කියන උමං මාර්ග නිර්මාණය කළේ....???

    නිල් ආණ්ඩුවක් ද ?

    කොළ ආණ්ඩුවක් ද ?

    ඒත් නැත්නම් සුද්දෝ වෙන්න ඇති?

    නෑ ඒ කවුරුත්ම නෙවෙයි, මේ නිර්මාණය තනිකරම අපේ රජ දරුවන් කළ තවත් සුපිරි රජ වැඩක්!

    ඔවුන් එදවස මහනුවර නිර්මාණය කිරිමේ දී ඔවුහු භූගත "උමං පද්ධතියක් ද" නිර්මාණය කළේ අනාගතය ගැන තිබු දුරදක්නාකම නිසා ය.

    එයින් පෙනෙනුයේ....

    අදටත් වඩා බොහෝ සියුම්ව සහ විද්‍යාත්මකව සංවර්ධන ව්‍යාපෘති එකල ඉටු කළ බව ය.

    එය කිසිසේත් හුදු රජ අණක් පමණක් ඉටු කිරීමක් නොවීය.

    දන්නවද මේ උමං මාර්ගය අපේ මිනිස්සු හදන්නේ සිමෙන්ති බින්දුවක් වත් යොදාගන් නැතිව!

    ඔව්, බටහිරකයින් සිමෙන්ති සොයාගෙන ඇත්තේ 1840 ගණන් වලදී.

    (ඔවුන් අපවහන පද්ධති ගඩොල් තට්ටු තුනකින් යුතුව සිමෙන්ති යොදා තම රටෙහි හා ඇතැම් යටත්විජිත වල ඉදිකොට තිබෙනු දැකිය හැකිය. එසේ ගඩොල් ලේයර් තුනක් ඔවුන් යොදා ඇත්තේ උමගට ඇකිලෙන්නේ හෝ වෙනස් වෙන්නේ නැති විමට ය.)

    පුදුමය කියන්නේ, අපේ සිංහල රජ දරුවන් මේ උමං මාර්ග සාදා ඇත්තේ "සිමෙන්ති භාවිතා නොකර" තනිකර හුණු වැනි ද්‍රව්‍යයක් මැදට යොදාගෙන.

    තාක්ෂණය අතින්, ඉතා සියුම්ව සාදා තිබීම ගැන එකල එය දුටු සුදු ඉංජිනේරුවෝ පවා පුදුම වී ඇත.

    ඊට අමතරව එකල සිංහල ශිල්පීන් එය තැනීමට යොදා ගෙන ඇත්තේ, 'තනි ගඩොල් ලෙයරයක්' පමණි.

    ඒවා අද තිබෙන ගඩොල් මෙන් නොව තරමක් විශාල ඒවාය. එය උමං සඳහා ම නිර්මාණය කරන ලද "විශේෂ ගඩොලක්" බව පෙනේ.

    ඒ අනුව, කාර්යෙයෙන් කාර්යය ප්‍රකාරව ගොඩොල් පිළිස්සීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක් මෙහි පැවති බව ද පෙනේ.

    එපමණක් ද නොව, එම ගඩොල් උමග ඇතුළත ආරුක්කුවක් ආකාරයට බැඳ තිබෙන්නේ ද ක්‍රම කිහිපයකට ය. එනම් පතුලේ අතුරා ඇති ආකාරයට වෙනස් අයුරින් දෙපැත්තේ යොදා ගැනීමෙනි.

    මෙම උමං මාර්ග පද්ධතිය 1895 දී සුදු ඉංජිනේරුවරයෙකු වන හෙන්රිබඩ් විසින් අළුත්වැඩියා කර තිබෙන බව ඔවුගේ ම ලේඛනවලින් සනාථ වේ.

    ඉන් මනාව පැහැදිලි වන්නේ ඊටත් වසර සිය ගණනකට පෙර මෙය සාදන ලද්දක් බවයි. එම නිසා ඉංග්‍රීසීන් ගේ කාලයේ සාදපු උමං පද්ධතියක් නොවන බව නම් සහතික කළ හැකියි. ඒ නිසා මෙය තනිකරම හෙළ වාරී ඉංජිනේරු නිපැයුමකි.

    මෙම උමං මාර්ගයෙන් රජ දරුවන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ වර්ෂා කාලයේ දී භූගත ජල මට්ටම පහත දමා පොළොව මට්ටම වියළිව තබා ගැනීමට යි.

    පැරණි වාර්තාවලට අනුව නුවර මාලිගාවේ තිබෙන දිය අගල අද විෂ්ණු දේවාලය ළගින් අවසන් වුවද ඊට පෙර මහයියාව තෙක් එය විහිදී ඇත.

    මහනුවර නගරයේ, සෑම මාර්ගයක් යටම ගඩොලින් සාදා ඇති උමං කාණු පද්ධතියක් දක්නට ලැබේ.

    දළදා මාළිගයේ, විෂ්ණු දේවාලය ළග දී ද තවත් උමං මාර්ගයක් ගවේෂණය විය. එය කොහාට යනවද කියා සොයා ගන්න බැරි වුවත්, එයද විශාල උමගකි.

    (ඇතැම් විට හදිසි අවස්ථාවලදී රජතුමාට නගරයෙන් පලා යාමට සාදා ඇති උමගක් විය හැකි ය. එය තවදුරටත් පරික්ෂා කළ යුත්තකි.)

    ආරුක්කු හැඩයෙන් සාදා ඇති, මෙම උමං පද්ධතිය රජ දවස භාවිතා කර ඇත්තේ ජලය රැගෙන යාම සඳහා පමණක් ම නොවේ.

    එහෙනම්....

    ඔව්.එම පද්ධතිය එකල කුණු රැගෙන යාම සඳහාත් භාවිතා කර තිබෙන බව පෙනේ. එදා වලව්වල කුණු ඉවත් කර තිබෙන්නේ අඩු කුළවල මිනිසුන් විසිනි.

    ඔවුන් ඒවා අනෙක් මිනිසුන්ට නොපෙනෙන ආකාරයට රැගෙන යාම සඳහා රාත්‍රීකාලයේ භාවිතාකර තිබෙන්නේ මෙම භූගත උමං පද්ධතිය මය.

    ඒ අනුව නුවර නගරයේ වලව් 27ක් තිබුණ බවත්, ඒ සෑම වලව්වක සිටම මෙම උමං මාර්ගයට, තවත් උමගක් සාදා තිබෙන බවත් දක්නට ලැබේ.

    එහෙත් කිසිවිටෙක රජ දවස වැසිකිළි අපද්‍රව්‍ය මෙම උමං මාර්ග වෙත බැහැර කර නැති අතර 1896 වසරේ දී පමණ ඒවා එයට බැහැර කර ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ය.

    ඇතැම් විට ඒ මේ විශිෂ්ට නිර්මාණය විනාශ කිරිමේ පවිටු චේතනාවෙන් විය යුතුය.

    සුද්දා ගල විදීම උත්කර්ෂයට නගන බොහෝ දෙනා මේ කාරණා නොදනිති. සිංහල රාජධානිය කිසිසේත් යුද්ධයකින් යුරෝපා ජාතීන්ට යටත් කර ගැනීමට නොහැකි වූයේ මේ උපායශීලි දේශීය චින්තනය නිසා ය.

     
    Last edited: