මහනුවර නගරය VR වෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,112
    8,222
    113
    Kandy to be developed as a Virtual City under ‘Clean Sri Lanka’ project


    අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා රජය විසින් හඳුනාගෙන තිබෙනවා.

    එම නියමු ව්‍යාපෘතියෙහි පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයන් ලෙස ප්‍රමුඛතාව මත හඳුනාගත් ස්ථාන 58ක් තාක්ෂණිකව නිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    එමෙන්ම එම ව්‍යාපෘතියෙහි දෙවන කොටස ලෙස ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඵෙතිහාසිකමය හා සංචාරකමය වැදගත්කමකින් යුක්ත වූ ස්ථාන 20ක් ද ඊට ඇතුළත්.

    නිෂ්පාදන ආයතනය සතු ශක්‍යතාව හා තාක්ෂණික හැකියාව පිළිබඳවත්, එම ආයතනය මඟින් සිදු කර ඇති පූර්ව නිෂ්පාදන කටයුතු පිළිබඳවත් ඇගයීමක් සිදු කොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අදාළ කාර්යය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.

    ඒ අනුව, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ වෙන් කර දී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් Virtual City in Kandy ව්‍යාපෘතියෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
     
    • Like
    Reactions: Yeezus

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    නුවර Traffic එකත් දැම්මා නම් VR එකට මොකෙක්වත් නුවරට එන් නැති වෙයි🤣
     
    • Haha
    Reactions: snm1990