මහනුවර රෝහලේ කොරෝනා මරණයක්

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මහනුවර මහ රෝහලෙන් ඊයේ (23) වාර්තා වී තිබෙන මරණයකට හේතුව ලෙස කොරෝනා ආසාදනය නම් කර තිබේ. මෑත කාලීනව ශ්‍රී ලංකාවෙන් මෙම රෝගය නිසා සිදුවූ පළමු මරණය බවට මෙය සටහන්වේ.

    නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණය සමග මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක පැතිරෙමින් තිබෙන කොරෝනා JN.1 ප්‍රභේදය සම්බන්ධයෙන් අන්තරාදායක තත්වයක් මතු කර තිබේ.
    මෙසේ මියගොස් තිබෙන්නේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

    කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් ඊයේ ඔහු මිය ගිය බවත් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවත් මහනුවර රෝහල දන්වා තිබේ.

    මේ වනවිට දිවයිනේ ඔමික්‍රොන් JN.1 ප්‍රභේදය පැතිරෙමින් පවතින බවට තමන් අනුමාන කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    sketch-1703407384731-removebg-preview.png