මහබැංකු නිලධාරීන් තනතුරුවලින් ඉවතට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අපි ණය දෙන්නැයි කිව්වාට ඔවුන් ණය දීලා නෑ. බැංකු නිලධාරීන් අස් කරන්න වෙනවා - ජනපති

    රී ලංකා මහබැංකුවේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය බැංකු නිලධාරීන් රජයේ උපදෙස් අනුව ව්‍යාපාරිකයින්ට ණය සැපයීමට ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ව තනතුරුවලින් ඉවත්කර දැමීමට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    "මහබැංකුවෙන් ඉල්ලා සිටියා රී ෆයිනෑන්ස් පහසුකමක් බිලියන 150ක්වත් දෙන්න කියලා. මොකද අපි බිලියන 50ක් දීලා තිබෙනවා, නමුත් ඊයෙත් කිව්වා ඒක බිලියන 150 දක්වා වැඩි කරන්නත් ඒවගේම සහතික කළ බිල්පත් ඇප වශයෙන් තබාගෙන විවිධ අංශවලට බැංකුවලින් මුදල් ලබා දෙන්නටත් කියලා.

    පසුගිය කාලය තුළදී රජයෙන් කරන ලද කටයුතු සඳහා විශාල ප්‍රමාණයක බිල්පත් තියෙනවා ගෙවලා නැති. ඒ අයට විශාල අපහසුතාවයක් තිබෙනවා, මේවා ගෙවන්නට. මම මේ වගේ පවත්වන හැම සාකච්ඡාවකදීම ආපු කාරණයක් තමයි මේ බැංකුවල අකාර්යක්ෂම තාවය. මං දන්නෙ නෑ මෙතන ඉන්නවද කියලා මහජන බැංකුව සහ ලංකා බැංකුව. හැම එක්කෙනාම දෝෂාරෝපණය කරනවා මේ බැංකුවල රජයේ බැංකු වගේම පුද්ගලික බැංකුවලත් අකාර්යක්ෂම තාවය.


    image_2d7b0e6384.jpg


    මේ කාරණය වහාම විසඳන්නට ඕනෙ. මොකද අපි ණය පහසුකම් දෙන්න කියලා යෝජනා කරලා තිබුණා. නමුත් ඒක සිද්ධ වෙන්නෙ නෑ කියන කාරණයට අපට දිගටම චෝදනා එල්ල වෙනවා. ලෝකයේ මීට ප්‍රථම තිබුණු ආර්ථික ප්‍රශ්නවලට වඩා ඉතා බැරෑරුම් තත්වයක පවතින්නේ. ඉතින් මේකෙන් ගොඩ එන්නට නම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් එළියට ගිහිල්ලා බය නැතුව අපි තීරණ ගන්නට ඕනෙ. ඒ බය නැතුව තීරණ ගත්තේ නැත්නම් සම්ප්‍රදායික විදියටම ඇදි ඇදී රැස්වීම් තිය තියා මේ කාරණය කළා නම් මේක කරන්නට බැහැ.

    ඉතිං බැංකුවල එහෙම මේ කාර්යයට ඉඩ දෙන්නෙ නැති අය ඉන්නවා නම් ඒගොල්ලො අස් කරලා දාන්නට ඕනෙ. එහෙම නැත්නම් මේක සිද්ධ වෙන්නෙ නෑ. මහබැංකුවත් අපි කියන දේ කරන්නෙ නැතුව නිකම් ඇදි ඇදී ඉන්නව නම් ඒ නිලධාරීන්ගෙන් වැඩක් නෑ. එහෙම කෙරෙන්නෙ නැත්නම් මම ඒ නිලධාරීන් පවා අස් කරලා මේක කරන්න පුළුවන් නිලධාරීන් දාන්න මම පසුබට වෙන්නෙ නෑ" යනුවෙනුයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක් අමතමිනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම හරි කරලා ඕකේ ඉන්න කාලකන්නි ටික ගෙදර යනවනම් ලොකු දෙයක් . ලක්ෂ ගණන් පඩි අරගෙන පුටු රත් කරනවට වඩා එක හොදයි

    නිළධාරින් තියාගෙන මහ බැoකුව කොල්ල කාල බිලියන 32 ක් හොරා කාපු උන් කියන දේවල් ගැන වොරි වෙන්ඩ දෙයක් නැ මචන්,

    ආණ්ඩුව කරන මේ වගේ හොද දේවලට සප් එක හම්බෙනව මුලු රටවටින්ම ඒ ඇති හොදටම... :yes: :yes:
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    පොලී මුදලාලි බැංකු ඇරෙන්න වෙන සංවර්ධන වියාපාරයකට, අලුත් නිශ්පාදනයකි ට ණය ගන්න එක බැංකුව නෑ....
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    2015 දි උයාලගෙ UNP ඵකෙන් කරපු bank robbery ය වගේ ඵකක්දද ප්‍රෙන්?😐😐😐
    Ko ithin horakan kara nan arrest karanna thibane...Hello friend .ogollange Ahjith niwan kabral and mahinda rajapaksha bank eken Horne gahapu badumkara wala gana eeka wage 10times .ekawath podak hoyala balapn.