මහරගමදී මියගිය නර්තන ශිල්පිනී ඉවන්තිකා සියදිවිනසාගත්තාද ඝාතනය කළාද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ivanthika-kumari-herath-achini


    නර්තන ශිල්පිණියක වූ 28 හැවිරිදි ඉවන්තිකා කුමාරි හේරත් පසුගිය සෙනසුරාදා (12) ලණුවකින් එල්ලී මියගොස් තිබුනේ මහරගම දුම්රිය පොළ පාරේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකකයක කාමරයකදීය.
    කාමරයේ ඇය එල්ලී සිටියදී ඉන් මුදවාගෙන ඇයව රෝහල්ගත කිරීමට ඇගේ අනියම් පුරුෂයා කටයුතු කර තිබූ අතර ඇය රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබූ බව කළුබෝවිල රෝහල් ආරංචි දන්වා ඇත.
    ගෙළ වැළලාගත් තැනැත්තිය රැගෙන ආ පුරුෂයාව පොලිසිය ප්‍රශ්න කිරීමට ලක් කරන ලද අතර ඔහු සමග නැවත නිවාස සංකීර්ණයට ගොස් සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය කටයුතු කළේය.


    ඉවන්තිකා කුමාරි හේරත් කුරුණෑගල හිරිපිටිය පදිංචිකාරියකි. ඇය හිරියාල අඔගස් වැව මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා තිබේ. විද්‍යාලයේ දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස දස්කම් පැ ඇය නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස කාලයක් කටයුතු කළාය. අනතුරුව
    ප්‍රසංග වේදිකාවේ නම රැන්දු සියලුම ආකාරයේ ප්‍රසිද්ධ සංගිත කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කළ ඇය ගීත වල පසුබිම් නර්තනයන්ට දායකවී ඇත.
    2016 ඇය පළමු විවාහය සිදු කරගන්නා අතර පසුව ටික කලකින් විවාහයෙන් දික්කසාද වූ පසු 2017 පමණ සිට සිය ගම් ප‍්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප‍්‍රදේශයේ රැඳී සිටිමින් සිය නර්තන කටයුතු වෙනුවෙන් වෙහෙසෙමින් සිටියාය.
    විවිධ රැකියාවල නිරතව සිටි අතර කාලයේ ඇයට කොළඹ රැඳී සිටීමට නිවසක් ලබාදී ඇත්තේ ඇගේ අනියම් පෙම්වතෙකු බව කියන ව්‍යාපාරිකයෙකි.
    ඇගේ දිවිනසාගැන්ම අවස්ථාවේ ලණුවෙන් මුදාගෙන රෝහල වෙත රැගෙන යන්නේ එම පෙම්වතාය.


    විවාහකයෙකු බව කියන ඔහු නිකවැරටිය මිල්ලගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන තිදරු පියෙකි. ඔහු රුපියල් 30000 ක මාසික කුලියකට මහරගම දුම්රියපොළ පාරේ මහල් නිවාසයකින් නිවසක් ලබාගෙන ඇය පදිංචිකරවා ඇති අතර වරින්වර සතියට වරක් පමණ එම නිවසට පැමිණ ඇය සමග අනියම් ඇසුර පවත්වා යන බව පැවසේ.
    ලණුවකින් ගෙල වැලලාගෙන මියගිය නර්තන ශිල්පිනියගේ මරණය සියදිවිනසාගැනුමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න තවම විමර්ශන පවතින අතර ඒ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සම්බන්ධ කරගෙන පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය කියයි.



    AVvXsEjCfNarWCgyMwK9LWHRrPkXb3d8DCIt_dVTx0jD79cvGMrJtM_1JgzPaDc6v5goht3n8k-RWT0GA0lD_k4zjG9549ryDlf61b1bLSIMphJBVvkDNIRbZ4hAYs-4TKF9SMiIx1dT2x3SKsF6XKcWhBg499lj2sAYXLNxWklMAZKHfNh-Q30dEeJX2o_ZMg=s16000


    AVvXsEgaIfZDyVAyQfmFh1FLGEKNEcYcL9hRsJpSLD9jS9OPp_XFMOp4FSM2AycivG-ShGeDBOwEOz_8QvGViaDnxlYGaaLOXuFXv-ARDSQ51Cn7px44j3NtEGV_9o8j2zZVHikiw1JNw8zpIOfFGSIByvbUPlLPX84JwW7W7lxr0jmLA92TUIZnj2KXSHVObQ=s16000


    AVvXsEiM4GS-dz_sTnvY1WQK7cTbI2B_60Oq1dboXYJArP7u6_zfR7hzeZwQcrllNivTCVNTuP58jLqPrCF7uFGYZ99_PVG-Sd45CfbghzFiGG1p7-xjgksgXmYimCzHIgnnGxyPIPearalKX2yUhI-sgKSF-W9zbbrjq5rdwhwT-K_SGNPvc3_LJrF_EzfVbg=s16000
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සගෙ තවත් තෙර්ඩ් එකක්, අද දවසට තෙර්ඩ් කියක් උබ දැම්මද පිස්සො???🤭🤭🤭
     
    • Haha
    Reactions: N A K A M U R A