මහරගම සභාපතිගේ උඩු මහලේ' බැඩ්මින්ටන් පිටිය

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka


    රුපියල් මිලියන හයසිය තිහක් වැයකර මහරගම නගරයේ ඉදිකළ, එහෙත් ජනතාව ප්‍රයෝජනයට නොගන්නා, සය (6) මහල් රථගාලේ කොන්ක්‍රීට් පියස්ස මත බැඩ්මින්ටන් පිටියක් ඉදි කිරීම සඳහා මහරගම නගර සභාපතිවරයා විසින් මාසික මහ සභාවට ගෙන එනු ලැබූ යෝජනාවක් පාලක පක්ෂය ප්‍රධාන සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව මැද පසුගියදා (7) ප්‍රතික්ෂේප විය.

    මෙහිදී සභාව ඇමතු සභාපති ඉරාජ් ලක්රුවන් පියරත්න මහතා "අනෙක් නාගරික මන්ත්‍රීවරු ගෙන එන යෝජනා කිසිවකටත් සභාපතිවරයා ලෙස මා විරුද්ධ නොවී එයට සහය පළ කරද්දී මගේ යෝජනාවක් සඳහා මෙහි නාගරික මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබීම ගැන කනගාටුවන බව ප්‍රකාශ කළේය. මේ සඳහා මා නිලධාරින් එහි කැටුව ගොස් පරික්ෂා කර විශාල කාලයක් සහ කැප කිරීමක් සිදු කළා. එවැන්නක් ප්‍රතික්ෂේප වීම ගැන තමා කනගාටුවට පත්වන බවද සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය".

    එහිදී නැගී සිටි පාලක පක්ෂයේම නාගරික මන්ත්‍රීවරයෙකු වූ නිශාන්ත විමලචන්ද්‍ර (ශ්‍රීලපොපෙ) මහතා,



    “මහරගම නගරයේ විශාල ක්‍රීඩා පිටියක් සහ පිහිනුම් තටාකයක් සහිත ක්‍රීඩා සංකීර්ණයකට භූමියක් වෙන්කර තිබිය දී නගර මධ්‍යයෙහි සහ මහල් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් පියස්ස මත බැඩ්මින්ටන් පිටියක් ඉදිකිරීමට ඔබේ සිතේ සිතිවිල්ලක් පහළ වූ පමණින් එය අනුමත කළ නොහැකි බව කීය. මෙය ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි දෙක තුනක් වැය වන ව්‍යාපෘතියක්. මේ සඳහා යන වියදම තවම ඇස්තමේන්තු කරලත් නැහැ. මේක මහා මොංගල් යෝජනාවක්." මෙහිදී සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

    මෙහිදී නැගී සිටි කාන්ති කොඩිකාර මහත්මිය මෙලෙස පැවසුවාය.

    මා මෙහි හිටපු සභාපතිනිය ලෙස මට පෙර මෙහි සිටි සභාපති මාසකෝරාළ මහතාගේ පාලනය අනුමත කළ යෝජනා ඉදිරියට ගෙන ගියා සේ, ඔබ දැනට මෙහි ඉදිකර ඇති නාවින්න ක්‍රීඩා සංකීරණයේ ඔබේ බැඩ්මින්ටන් ක්‍රීඩාපිටිය ද ඉදි කරන්න. එසේ නොමැතිව අද සුදු අලියෙකු බවට පත්ව තිබෙන සය මහල් රථගාලේ වහල මතට එය ගෙන ඒමට කරනා යෝජනාව ප්‍රායෝගික නැහැ. මන්ත්‍රීවරු එලෙස අදහස් පළ කිරිමෙන් අනතුරුව යෝජනාව ප්‍රතික්ෂේප විය.

    මහා සභාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

    ජේ.ආර්. හැදු ජයවර්ධනපුරයේ පසුව පැමිණි පොදු පෙරමුණේ රජයන්ට නව ඉදි කිරීම් කළ හැකි වූයේ නම් වත්මන් සභාපතිවරයාට කොඩිකාර පාලනය යටතේ ඉදි වූ ක්‍රීඩා සංකීර්ණය තුළ නව බැඩ්මින්ටන් ක්‍රීඩාපිටිය ඉදිකිරීමට නොහැක්කේ මන්ද යන්නයි. මෙය සභාපතිවරයාගේ නම සදාකල් පැවතීම සඳහා කළ උත්සාහයක් වෙන්නද පුළුවන්. එහෙත් එවැන්නක් සඳහා ජනතා බදු මුදල් වැඩි කිරීම අපට අනුමත කරන්න බැහැ. ඒ සඳහා සභාපතිවරයාගේ පුද්ගලික මුදල් වැය කර මෙය ඉදි කරන්නේ නම් අප ඊට විරෝධය පළ නොකරණ" බවයි.


    - ගාමිණි සරත් ගුණවර්ධන -


    https://www.gossiplankanews.com/2021/01/maharagama-.html


    මුලින්ම හිතුන අනේ අපොයි අපේ රට කියල.

    ඊලගට හිතුනා මුන් වගේ මන්ද බුද්දික එවුන් පත් කරපු උන්ට හොඳ වැඩේ කියල.

    පස්සේ කල්පනා උනා දේශපාලකයෝ කියන්නේ ජනතාව අතරින් ම පත් වෙන අය තමා කියල.

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: castellain

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මූව කපල බලයට ඵන්න පෙරේතකමේ ඉන්නෙත් පට්ට පල් හොරෙක්.උෟ මූට වඩා හපන්.උගෙ නම උපාලි කොඩිකාර..පවුලම පට්ට හොරු..පාරක් හැදුවත් නම දාල බෝර්ඩ් ගහනව..මහරගම අවට ගිය ඵකෙක්නම් දන්නව ඒ ගැන..

    Qd8OBLs.jpg
     
    • Angry
    Reactions: Nelza

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නගර සභා කියන්නෙ හොරගුහාවල්. ලාන්ති ලොඩිකාර කියන්නෙත් කම්බ හෙරක් තමා.

    මුන්ට කවද හරි අල්ලා දෙයියොවත් දඬුවම් කරන්නෙ නැතෑ. ඒක හින්ද ඔන්න ඔහෙ ඉමු බ්‍රො.
     
    • Like
    Reactions: asylum

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මහරගම කොච්චර හොඳට හදන්න පුළුවන් නගරක්ද?

    තාමත් ඉඩ තියෙනවා. පාරවල් ගොඩකින් කනෙක්ට් වෙනවා.
    අතුරු පාරවල් සාපේක්ෂව පිළිවෙලකට තියෙනවා, conflicts අඩුයි. City bypass ප්ලැන් හදන්න පුළුවන්.

    Crowded තමා එත් දැන් උනත් හොඳට ප්ලැන් කරලා හදන්න පුළුවන් පිළිවෙලකට.

    වැඩක් නෑ මේවා කතා කරලා.
     
    • Like
    Reactions: RLT4U

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ratha galata senaga genna plan ekakda danne nane. Aneka membership ekak sell karala hoda ganak hoya gannat puluwan club ekak wage hadala.
    Habayi hariyata karanna one. Sabapatita sellam karanna nam wadak naha.

    Kodikara ponsla nam wadak naha. Me minihata nikanut mada gahanawa. Mona de kalath