මහරහතුන් වැඩි මග ඔස්සේ......

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මහරහතුන් වැඩි මග ඔස්සේ......

    maharahath.jpg

    http://sasarinobbata.wordpress.com/
    සයුරු සැපෙහි වේ මේ සා දෝසා


    සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, zඅපි තිරිසන් ලෝකයේ උපත නොලබනවාZ කියලා. මනුෂ්‍යයාට එහෙම හිතන්න පුරුදු කළහම මේ සිත නැමැති පාප මිත්‍රයාට, මිත්‍ර ෙද්‍රdaහියාට හරිම ලේසියි ඔබව, තිරිසන් ලෝකයේ උපතට අවශ්‍ය හේතූන් ඔබ තුළින් සකස්‌ කරන්න. තිරිසන් ලෝකයේ නිසරු උපතකට අවශ්‍ය ගැලපෙන, අකුසල් වලින් සරු ජීවිතයක්‌ මෙලොවදී ඔබට ලබාදෙන්න. සතර අපායෙන් අපේ ඇසට පෙනෙන ලෝකය තමයි තිරිසන් ලෝකය. සතර අපායට අයත් ප්‍රේත, අසුර සහ නිරය දැකීමට නොහැකි වුවත් ඔබට නිරය ගැන, ප්‍රේත ලෝකය ගැන දැනීමක්‌ තිබෙනවා. එහෙත් ඔබට මේ ප්‍රකාශ කරන්නට යන්නේ එතරම් සඳහනක්‌ නොවන සතර අපායට අයත් අසුර ලෝකය ගැනයි.

    ඒ අසුර ලෝකයට අපේ අවධානය අඩුයි. එහෙත් ප්‍රේත ලෝකයට සාපේක්‍ෂව අසුර ලෝකය විශාලත්වයෙන් වැඩි විය යුතුය. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක්‌ වසාගෙන පැතිර තිබෙන මහා සාගරය ආශ්‍රිතව තමයි අසුර ලෝකය ස්‌ථානගතවෙලා තිබෙන්නේ. මේ මහා සාගරය තමයි අසුරයන්ගේ නිජබිම. සත්වයෙක්‌ මේ අසුර ලෝකයේ උපතක්‌ ලබන්නේ ඇයි? මහා සාගරයට තිබෙන කැමැත්ත, ඡන්ද රාගය, උපාදානය නිසා මරණයෙන් මතු අසුර ලෝකයේ උපත ලබා මහා සාගරයට බැසගන්නවා.

    ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ මුහුදුකරය කියලා රට වටේ ප්‍රදේශය හඳුන්වනවා. ලෝකයේ අනිකුත් රටවල මුහුදු ආශ්‍රිත ප්‍රදේශ ඔබ මීට ගලපාගන්න. මෙන්න මේ ලෝකයේ මුහුදු ආශ්‍රිතව වෙසෙන ජනයා මුහුද තමන්ගේ ජීවිතය කරගෙනයි ජීවත් වන්නේ. ඒ අය නිවසින් එළියට බැස්‌සත්, ජනේලයෙන් එළිය බැලුවත් ඔවුන් දකින්නේ, පෙනෙන්නේ මුහුදයි. මුහුදේ ඝෝශාව, සුළඟ, මුහුදු රල මේ අය වැසිකිළියට යන්නෙත් මුහුදට, සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ මුහුදු වෙරළේ. නැතිනම් මහ මුහුදේ. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. මේ මුහුද ආශ්‍රිත මිනිස්‌සු යෑපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. අපේ රටේ පමණක්‌ නොවේ මුළු ලෝකයේම සමහරු උදේ ඉඳන් රාත්‍රි වනතුරු, බිලී පිති දමාගෙන මාළු අල්ලනවා. තවත් සමහරු ජීවිතය ගැනත් නොසිතා මුහුද මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන කුඩා තෙප්පමකින් මහ මුහුදේ මාළු දැල් එලනවා. තවත් සමහරු සවස තම බෝට්‌ටු වලින් මුහුදු ගියහම ආපසු ගොඩබිමට පැමිණෙන්නේ පසුදා අලුයම. තවත් සමහරු බහුදින ධීවර යාත්‍රා වලින් මුහුදු ගියහම ආපසු පැමිණෙන්නේ සති, මාස ගණනාවකින්. තවත් සමහරු නැව් වලින් මුහුදු ගිහින් මසුන් අල්ලා ටින් වලට අසුරා තවත් මාස ගණනක ගමනක යෙදෙනවා. ඒ තමයි පුළුල්ම තාක්‍ෂණය.

    මේ හැම ධීවර කාර්මික මහත්මයෙක්‌ම මහ මුහුද උපාදානය කරගත් අයයි. මේ අයගේ ජීවිතයත් මහ මුහුදයි. බිරිඳත් දරුවනුත් මහ මුහුදයි. සතුටත් බලාපොරොත්තුවත් මහ මුහුදයි. සාගරය ඔවුන්ගේ ආත්මයයි. මේ ආත්මය තුළින් තමන්ට සැප ලැබේයෑයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ඔවුන් මහා සාගරය උපාදාන කරගෙන ගොඩබිමට රැගෙන පැමිණෙන්නේ ප්‍රාණඝාතයේ අස්‌වැන්නයි. ප්‍රාණඝාතයේ අස්‌වැන්න යනු ඔවුන් ගොඩබිමට ගෙනෙන මරා දැමූ මසුන් ටොන් ගණනයි. කුඩා මසුන් පමණක්‌ නොවේ. කැස්‌බෑවුන්, විශාල මෝරුන්, තල්මසුන්, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්‌සන්... මේවා තමයි මුහුද උපාදානය කරගත් මිනිසුන්ගේ ප්‍රාණඝාතයේ අස්‌වැන්න.

    ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා, ඒ අය මහා සාගරය උපාදානය කරගන්නේ වෙනත් සංඥාවකින්. ඒ අය විනෝදය උදෙසා, සතුට උදෙසා, විවේකය උදෙසා, ක්‍රීඩාව උදෙසා, අධ්‍යාපනය උදෙසා මහා සාගරය උපාදානය කරගන්නවා. අපි මේ අයට කියනවා දෙස්‌, විදෙස්‌ සංචාරකයන් කියලා. සුන්දර මුහුදු වෙරළ තිබෙන රටවල ඉතාමත් දියුණු ආකාරයෙන් පැතිරුණු ව්‍යාපාරයක්‌ මේක. සංචාරයකයන් සැතපුම් දස දහස්‌ ගණනක්‌ දුර කතර ගෙවාගෙන රට රටවල සංචාරයට යනවා. මාලදිවයින කියන රටට වසරකට ලක්‍ෂ ගණනක සංචාරකයන් පිරිසක්‌ පැමිණෙනවා. කුමකටද? මහා සාගරය උපාදානය කරගන්න. අපේ රටත් එහෙමමයි. ලෝකයේ කොහෙ පිහිටියත් සංචරක හෝටලයක මහා සාගරයට මුහුණදාපු කාමර ගොඩබිමට මුහුණදාපු කාමර වලට වඩා මිලෙන් අධිකයි. මෙය සංචාරකයන් මුහුද උපාදානය කරපු නිසා ඇතිවූවක්‌. මේ අය මුහුදේ නාමින්, කිමිදෙමින්, ඔරු බෝට්‌ටු පදිමින්, නොයෙකුත් ජල ක්‍රීඩා කරමින් මහා සාගරය තුළ සතුට සොයනවා. වෙරළේ මහා අවුකාශ්ඨකයේ හිරු එළිය තපිනවා. මුහුද ඒ අයගේ ජීවිතයේ කොටසක්‌ වගේ. ලුණු වතුර, ලවන ස්‌වභාවය ඒ අය ස්‌පර්ශ කරන්නේ දැඩි කැමැත්තකින්. තන්හාවකින්. අපේ රටේ සුන්දර සංචාරක මුහුදු තීරයේදී මේ ස්‌වභාවය ඔබට දකින්න පුළුවන්. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. ඒ අයගේ ආහාරය මහ මුහුදයි. ඒ අයගේ ඇස ඉල්ලන්නේ මුහුදේ සුන්දරත්වයයි. කන ඉල්ලන්නේ රළ පෙරළෙන ඝෝෂාවයි. නාසය ඉල්ලන්නේ පිලී ගඳයි. දිව ඉල්ලන්නේ මුහුදු ආහාරයන්ගේ රසයයි. ශරීරය ඉල්ලන්නේ මුහුදු ජලයේ ලවන ස්‌වභාවයයි. මනස ඉල්ලන්නේ ඉහත සියල්ල තව මදි, තව මදි කියන ඉල්ලීමයි. කය නැමැති ගුහාවේ සැඟවී සිටින සිත නැමැති ඔබගේ පාප මිත්‍රයා ඔබව මේ මුළා කරන්නේ මුහුද මගේ ආත්මයයි. සැපයයි. ලෝකයයි කියාය.

    තව පිරිසක්‌ ලෝකයේ සිටිනවා. ඒ අය මහ මුහුදේ විශාල මඟී සහ භාණ්‌ඩ ප්‍රවාහන නැව්වල සේවකයන් සහ සංචරකයන්. නැව් වලට සංඥා ලබාදෙන ප්‍රදීපාගාර සේවකයන්. තවත් බටහිර රටවල පිරිසක්‌ සිටිනවා ඔවුන් සිය රැකියාවෙන් විශ්‍රාම ලබන විට හිමිවන සියලු දීමනා එකතුකර කුඩා රුවල් නැවක්‌ මිලටගෙන රටින් රටට තොටින් තොටට යාත්‍රා කරමින් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමනවා. මේ සියලු ආකාර වල අය ගොඩබිමකට පය නොතබා එක දිගට මාස ගණන් යාත්‍රාකිරීම තුළයි ජීවත්වන්නේ. ඔවුන් විනෝද වෙනවා, සතුටු වෙනවා. හොඳට කනවා, හොඳට බොනවා, තමා සිටින්නේ මහා සාගරය මැද සිර කුටියකයි කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. මහ මුහුද කෙරෙහි තිබෙන තන්හාවේ ස්‌වභාවය නිසා මේ සිර කුටිය ඒ අය දකින්නේ සිහින මාලිගාවක්‌ හැටියට. අපි හරියටම නොදන්නා නමුත් අහලා තිබෙන විදිහට මේ අය නැව ගිලුනත් බෑන් චූන් ගහනවලු සැපයි, සැපයි කියලා. මහා සාගරයේ මැරුණත් සැපයි කියන සංඥාවෙන්. මේ අයගේ ජීවිතය කියන්නේ මත්වීම, ඉන්ද්‍රියන් පිනවීම පමණමයි. මේ අය මුහුද මගේ කරගෙන, මුහුද ආත්මය කරගෙන, ඒ ආත්මය තුළ සැප ඇතැයි සොයනවා.

    ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා. ඒ අය තමයි කිමිදුම්කරුවන්. ගවේශකයන්. ඒ අයත් මුහුද තුළ සැප සොයනවා. සම්පත් සොයනවා. ඔක්‌සිජන් ටැංකියක්‌ කරේ එල්ලාගෙන එහි බර දරාගෙන, ගැඹුරු බියකරු මුහුදේ කිමිදෙමින්, ඒවා සැප හැටියට දකිමින් මුහුදේ සැඟවුණු අසිරිය, ධනය, නොපෙනෙන ලෝකය සොයනවා. මේ අයට මුහුදේ ලවන ස්‌වභාවය, මුහුදු ගැඹුරේ භියකරු ස්‌වභාවය බොහොම සුළු දෙයක්‌. මොකද මහ මුහුද කෙරෙහි තබන්නා වූ උපාදානය ඊට වඩා බලවත් නිසා. මේ පිරිසත් මුහුද ආත්මය කොට දකිමින් එහි සැප සොයන පිරිසක්‌මයි. මහා මුහුද ආශ්‍රිතව වෙසෙන කෝටි ප්‍රකෝටි ගණනක්‌ මත්ස්‍යයන්, කැස්‌බෑවන්, ලිහිණියන් වැනි පක්‍ෂීන්... මේ අයත් මුහුද උපාදනය කරගත් පිරිසක්‌මයි. මේ අය තම පංෙච්න්ද්‍රය පිනවන්නේ මහා මුහුදෙන් ලබාගන්නා ආහාරයෙන්. ඒ අයගේ ජීවිතය මහ මුහුදයි. මේ සෑම සතකුම මහ මුහුද තුළ සැප සොයනවා. මහ මුහුද මගේය කියලා දකිනවා. මහ මුහුද මගේ ආත්මය හැටියට දකිනවා.

    ඉහත සටහන් කරපු ආකාරයෙන් ධීවර කර්මාන්තය නිසා අධ්‍යාපනික, ගවේෂණාත්මක සහ ජීවත්වීම උදෙසා මුහුද උපාදනය කරගත් මනුෂ්‍යන් වගේම තිරිසන් සතුනුත් ගණනින් මහා විශාල සංඛ්‍යාවක්‌. මෙන්න මේ මුහුද උපාදානය කරගත්, මුහුද මගේ කරගත්, මුහුද තුළ සැප සොයන ඉහත සත්වයන් කවදා හරි දවසක මැරෙන මොහොතේ, තමා ජීවත් වන කාලයේදී තන්හාවෙන් බැඳී සිටි මහා සාගරය කෙරෙහි කැමැත්තක්‌, උපාදානයක්‌, ඡන්දරාගයක්‌, මතුවුණා නම් ඔහු අසුර ලෝකයේ ඉපදීමට ඇති ඉඩ ඉතාමත් වැඩියි. මේ වගේ සාගරය උපාදානය කර ජීවත්වෙලා අසුර ලෝකයට බැසගත්තට පස්‌සේ එම අසුරයන්ට පුළුවන් මහා සාගරය මගේ කරගෙන ජීවත්වෙන්න. සාගරය කළඹන්න, පිහිනන්න, කිමිදෙන්න. ඒ ඔහු අපේක්‍ෂා කළ කැමැත්ත අල්ලාගැනීම නිසා ඒ අසුරයන් අසුර ජීවිතය දුකක්‌ කොට දකින්නේ නැහැ. මොකද එයා පෙර මනුෂ්‍ය ජීවිතයේදීත් මුහුද, ජලය, එහි ලවන ස්‌වභාවය, හිරු රශ්මිය, මුහුදු සුළඟ, බියකරු බව දුකක්‌ හැටියට දැක්‌කේ නැහැ. උතුම් මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබී තිබෙද්දිත් ඉහත කරුණු සැපක්‌ කර ගත්ත කෙනා අසුර ලෝකය කියන සතර අපායට වැටුණහම එම ස්‌වභාවය දුකක්‌ හැටියට දකියිද? නැහැ. ඔහු ලැබූ මහා සැපක්‌ හැටියටයි එය දකින්නේ.

    පුංචි දරුවෙක්‌ තමන්ගේ මුත්‍රා අසූචි සමග සෙල්ලම් කරනවා වගේ, අසුරයොත් මහා සාගරයේ සෑම දුක්‌ඛ දෝමනස්‌සයක්‌ම මහා සැපයක්‌a කොටගෙන ප්‍රීතිවෙනවා. මහා සාගරයේ ආධිපත්‍යය පතුරවනවා. මහා සාගරයේ අයිතිය, ප්‍රදේශ වෙනුවෙන් ගැටෙනවා. සටන්කරනවා. මනුෂ්‍යයෝ මේ මුහුදු ප්‍රදේශය අපේ, වෙන අයට මෙහි මසුන් අල්ලන්න බැහැ. මේ වෙරළ අපේ හෝටලයේ. වෙන අයට මෙහි එන්න බැහැ වැනි අසුර සංඥාවල බැසගෙන සිටින නිසා අසුර ලෝකයේදී ඒ දේවල් වඩා පුළුල්ව සිද්ධවෙනවා.

    ඔබ හිතන්න කිමිදුම්කරුවකු යම් සේද මහ මුහුද තුළ ක්‍රියා කරන්නේ කියලා. ඔහු දිය මතුපිටත් පිහිනනවා. දිය යටත් කිමිදෙනවා. ගැඹුරු දියෙත් කිමිදෙනවා. මෙන්න මේ කිමිදුම්කරුවා වගේ අසුරයොත් මහසයුරේ කිමිදෙමින් පංචකාමය විඳිනවා. මුහුද වෙනුවෙන් තම වර්ගය සමඟ සටන් වදිනවා. මුහුදේ සැප සොයනවා. එය තමයි අසුර ලෝකයේ ස්‌වභාවය. මාළුවෙක්‌ යම් සේද මුහුද දිය සැපැයි කියමින් එහි වාසය කරන්නේ පිහිනමින්, කිමිදෙමින්, හැඩතල මවමින්, සතුටු වෙමින්.... මාළුවාට එය සැපයක්‌ වුවද එය තිරිසන් ලෝකයයි. තව කුඩා මාළු සිය දහසA ගනනින් ආහාරයට ගනිමින් තව කර්ම රැස්‌කරන එකයි. මාළුවා කරන්නේ අවසානයේදී කාගේ හරි දැලකට අසුවෙලා ජීවිතය පූජාකරනව. අසුරයන් තෘෂ්ණාවෙන් මහ සාගරය අල්ලාගෙන මුහුද බෙදාගැනීමට අයිතිකරගැනීමට වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වඩමින් අවසානයේ විනාශවෙලා තව තව දුකින් දුකට වැටෙනවා.

    භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවනවිට මහා සාගරයේ මුහුදු ජලය මත කිමිදෙමින්, සතුටු වන සත්වයන් කිහිපදෙනෙක්‌ දුටුවා. භික්‍ෂුව මේ අය හඳුනාගනු ලැබුවේ අසුරයන් හැටියටයි. හැබැයි මේ අසුරයන් කිහිපදෙනා බොහොම තේජාන්විත, පිරුණු මනුෂ්‍ය ස්‌වභාවයේ ශරීරයක්‌ සහිත බොහොම ශක්‌තිමත් පිරිසක්‌. මේ අය තනිකරම කිරි පැහැයෙන් යුක්‌තයි. මනුෂ්‍ය හිසට වඩා ලොකු හිසක්‌ ඔවුනට තිබුණා. මේ අසුරයන් ඉතා ප්‍රීතියෙන් ජලයේ කිමිදෙමින්, ජලය මතුපිටට එමින් විනෝද වුණා. මේ සියල්ලෙන් පෙනෙන්නේ භික්‍ෂුවට දර්ශනය වූ අසුරයන් කිහිපදෙනා අසුර නායකයන් බවයි. මොකද ඒ අය අසුර ලෝකයේ ජීවත්වුණත් දුක්‌ විඳින බවක්‌ පෙනුණේ නැහැ. ඒ අයගේ සියුම් කයේ පිරුණු ස්‌වභාවයේ විරුපී බවක්‌ පෙනුනේ නැහැ.

    සමහර විට මේ දෙය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ඒත් නිවැරැදිවම කියන්න නම් දන්නේ නහැ.

    ඔය මුහුදට ආසා කරන කෝටිපති ව්‍යාපාරිකයන්, සංචාරකයන් ඉන්නවා. මේ අය ගොඩාක්‌ සමාජ සේවය, දාන මාන වැනි ක්‍රියාවල යෙදෙනවා. මේවා තුළින් ඔවුන් තුළ කුසල් වැඩෙනවා. නමුත් මේ කෝටිපතියන් මැරෙන මොහොතේ ඔවුන් තුළ ඇතිවන්නේ ඉහත සමාජ සේවා, අනුනට කළ උපකාර පිළිබඳ මතකය නොවෙයි. සාගරය කෙරෙහි උපාදානයක්‌. zඅනේ මට නැවත මුහුදු සැප අහිමිවේයZ කියා බියක්‌. ඒ සැපය කෙරෙහි ආශාවක්‌.

    අනෙක මේ සමහරක්‌ කෝටිපතියන්, සංචාරකයන් මිත්‍යාදෘෂ්ටිකයන් වීම නිසා, පිං පව් පිළිබඳ විශ්වාසයක්‌ නොමැති නිසා දානයේ ආනිශංස පරලොවදී ලැබෙතැයි විශ්වායක්‌ නොමැති නිසා ඒ අයට මේවා මතක්‌ වෙන්නේ නැහැ. මතකයට එන්නේ තමන් කරපු, තමන් කැමති වූ දෙය පිළිබඳ අල්ලාගැනීමක්‌. මේ හේතුව නිසා මේ අය මරණින් මතු තමන් කැමති වූ මහ මුහුදේම අසුරයෙක්‌ ලෙස උපත ලබන්න බොහෝ ඉඩක්‌ තිබෙනවා. මෙන්න මේ අය අසුර ලෝකයට ලෝකයේදී භික්‍ෂුවට දර්ශනය වූ පරිදි තේජාන්විත පෞරුෂත්වයෙන් යුත් අසුර නායකයන්, ප්‍රාදේශීය නායකයන් වශයෙන් උපත ලබනත් ඉඩ තිබෙනවා.

    ඔබ මෙහෙම සිතන්න, එක ධීවර මුදලාලි කෙනෙක්‌ ඉන්නවා ඔහු අදහන්නේ ක්‍රිස්‌තියානි ආගම. එහෙම නැතිනම් මුස්‌ලිම් ආගම. ඒ ගැන කිසිම ගැටලුවක්‌ නැහැ. ඒ එම මහත්වරුන්ගේ නිදහසයි. එවැනි ආගම් භක්‌තිකයෙක්‌ට ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌ වෙන්නේ නැහැ කියලා භික්‍ෂුවක්‌ හිතනවා. වැරැදි නම් සමාවෙන්න ඕනේ. නමුත් බුදු දහම පැත්තෙන් ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌. අපි මෙහෙම හිතමු. ඔය ධීවර මුදලාලිට ට්‍රොලර් යාත්‍රා දහයක්‌ තිබෙනවා කියලා. දිනපතා හොඳින් කාලගුණය පවතිනකොට මේ යාත්‍රා දියඹට ගොස්‌ විශාල මාළු අස්‌වැන්නක්‌ ගොඩබිමට ගෙනෙනවා. මේ අස්‌වැන්න තමයි බෞද්ධ ජනතාවත් ආහාරයට ගන්නේ. ස්‌වාමීන්වහන්සේලාට පූජා කළොත් වළඳන්නේ. ඉහත එක යාත්‍රාවකින් මාළු දහස්‌ ගණන් මරලා ගොඩට ගෙනෙන්නේ. එතකොට දිනකට යාත්‍රා දහයකින් මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දමනවාද? එතකොට මේ මුදලාලිලා ජීවිත කාලය තුළ මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දැමීමට හවුල් වෙනවාද? මේ මුදලාලි උදයට මුqහුදුවෙරළට ඇවිත් සතුටුවෙන්නේ මාළු අස්‌වැන්න දැකලා. බලලා. අස්‌වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න මුදලාලිගේ, සේවකයන්ගේ, සතුට සිනහව බලාපොරොත්තු වැඩිවෙනවා. සමහරදාට මැරුණු මාළුන්ගේ කුස තුළ ලෝකයට බිහි නොවූ නමුත් ජීවී පැටවුනුන් කෝටි ගණනක්‌ ඉන්න පුළුවන්. මෙම මාළු පැටවුත් මැරෙනවා. මෙවැනි පිරිස්‌ ජීවිත කාලයක්‌ පුරාවට රැස්‌කරගන්නා අකුසල් ප්‍රමාණය ඉලක්‌කම් වලින් ප්‍රකාශ කරන්න බැහැ. මෙවැනි අකුසල් නිසාත් බොහෝම දුර්වල, විරූපී අසුරයන් වශයෙන් වගේම මුහුදු පතුළේ ගල් ප්‍රේතයන් වශයෙන්ද ඉපැදීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩිය. මුහුදු පතුළේ සිටින මේ ගල් ප්‍රේතයන් ගලක්‌, කොරල් පරයක්‌, මුහුදු ශාකයක්‌ වශයෙනුයි සිටිනුයේ. මේ ප්‍රේතයන් පහළ වෙන්නේ ගල තුළයි, කොරල් පරය තුළයි. විශාල මුහුදු ශාක නිධි තුළයි. මේවා තමන්ගේ නිවාස කරගෙන, භවන කරගෙන මේ අය ජීවත්වෙනවා. තමා තන්හාවෙන් අල්ලාගත් මුහුද මුරකරන්නේ, බලාගන්නේ zමගේZ සංඥාවෙන් අයිතියේ තබාගෙන සිටින්නේ මේ නිවස තුළ සිටයි. මේ ගල් ප්‍රේතයන් දිනකට දෙතුන්වරක්‌ හිස ගලෙන් මතුකොට මුහුදේ වටපිටාව හොඳින්, තෘෂ්ණාවෙන් නිරීක්‍ෂණය කරනවා. කවුරු හරි ඇවිත්ද, වෙනත් කෙනෙක්‌ අයිති කරගෙනද කියලා. මුහුද පතුලේ ඇති ධන නිධාන, ගිළුන නැව්, මත්ස්‍ය සම්පත බලලා නැවත එයා ගල්වෙනවා. මිනිස්‌සු මේ ධන නිධාන ගන්න එහෙම නැතිනම්, නිරීක්‍ෂණය කරන්න මුහුදු පතුළට ගියොත්, ඔන්න මේ අය පීඩා කරනවා. බය කරනවා. මේවාට තමයි මිනිස්‌සු හොල්මන් කියන්නේ. මේ හේතූන් නිසා වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාව තව තව වැඩි වෙනවා. මේ සත්වයන් තවත් දුකෙන් දුකටම යනවා. අසුර ලෝකයෙන් ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් නිරයට වැටී කල්ප ගණන් දුක්‌ විඳිනවා.

    දැන් ඔබ සිතන්න, ඔබත් මහා සාගරය ජීවිකාව උදෙසා, විනෝදය උදෙසා, අල්ලාගත් තෘෂ්ණාවෙන් උපාදානය කරගත් අයෙක්‌ නම් මහා සාගරයේ ප්‍රාණඝාත අස්‌වැන්න ගොඩබිමට ගෙනෙන අයෙක්‌ නම්, සතර අපායට අයත්වන අසුර ලෝකයේ ස්‌වභාවයත්, අසුර ලෝකයේ ප්‍රතිසන්ධියකට අවශ්‍ය කරන හේතූන් ගැනත් අවධානය යොමු කරන්න. අසුර ලෝකයේ ප්‍රතිසන්ධියක්‌ ලැබුවොත් ඔබට කල්ප ගණනාවකින් ගොඩ ඒමට නොහැකි බව දකින්න. ලවන රසයට ඇති අනවශ්‍ය ආසාවන්ගෙන් මිදෙන්න. බියකරු මහ මුහුදට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. එසේ නොවුණහොත් ඔබම, ඔබ කැමති වූ පරිදිම කල්ප ගණනක්‌ ලුණු රසයත්, ලවන ජලයත්, පිලී ගඳත්, ගැඹුරු නොගැඹුරු සයුරත්, එහි ඇති ධන නිධානත් ඔබේ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබට අයිති නැති, ඔබගේ වසඟයේ පවත්වාගැනීමට නොහැකි දෙයක්‌ ඔබට දුක පිණිසම හේතුවන දෙයක්‌ අවිද්‍යාව නිසා ඔබේ කරගෙන, සැපයක්‌ කරගෙන දුක්‌ විඳින්න ඔබට සිදුවේවි. මහා සාගරයට කැමති වන හැම මොහොතකම ඔබ අසුර ලෝකයට යැමට මඟ එළිපෙහෙළි කරගන්නවා වීම නොවැලැක්‌විය හැකි කරුණකි. මහා සාගරයට ඇති කැමැත්තෙන්, තෘෂ්ණාවෙන් මිදී අසුර ලෝකයට යන මාර්ගය ඔබ වසා දමන්න. ලැබූ මනුශ්‍ය ජීවිතය සතර අපායෙන් මුදාගෙන ඔබත් ලොව්තුරු සුවය අත්විඳින්න.

    මහා සාගරයේ ඇති බියකරු බව බියකරු බවක්‌ම ලෙසින් දකින්න. මහා සාගරයේ ඇති පාළුව, සෙවණක්‌ නොමැති හිරු රශ්මිය, ලවන ස්‌වභාවය, පිළිකුලක්‌ සේම දකින්න. ඒවා ඔබේ කරනොගන්න. මහා සාගරය සත්වයාට අකුසලයේ අස්‌වැන්න පමණක්‌ම උරුමකොට දෙන ඒ අකුසල් හේතුවෙන් අසුර ලෝකයේ දුකම උරුම කරදෙන zමාර සාගරයක්‌Z බවට දකින්න ඔබ දක්‍ෂවෙන්න. මහා සාගරයට ඇති කැමැත්තෙන් මිදී අසුර ලෝකයෙන් මිදෙන්න.

     
    • Like
    • Love
    Reactions: kinkon and lankalk

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ප්‍රේත ලෝකයේ මනාලිය

    ප්‍රේත ලෝකයේ මනාලිය
    (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)


    තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර… මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු… විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්, දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක්‌ වෙයිද? ඔබ සිතනවාද ඇය තම ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත් මඟුල් සාරි … මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්‌මයි. එහෙමනම් කුමක්‌ද සිද්ධවෙන්න පුළුවන්.

    භික්‌ෂුවක්‌ සමාධිය තුළ සිටින විට මෙවැනි දර්ශනයක්‌ දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්‌. හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්‌භාවයකි.

    ප්‍රේතිය වයස අවුරුදු විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක්‌ පළඳින සුදු සාරියක්‌ සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු ප්‍රසන්නභාවයක්‌ නොපෙනෙන, ගුප්ත මුහුණක්‌ සහිත මනාලියකි. මනාලියක්‌ සේ හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක්‌ වගේය. මළමිනියක මුහුණේ ස්‌වභාවය ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක්‌ මියගියහම ඇයගේ සිරුර පෙට්‌ටියේ බහා තැන්පත් කරන්නේ ඇයව මනාලියක්‌ සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක්‌ පමණ ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්‌වභාවයද එසේමය. ඇය මනාලියක්‌ සේ සැරසී මල් පොකුරක්‌ද අතැතිව ප්‍රෙත ලෝකයේ ඇවිදින්නීය. නමුත් ප්‍රේතියගේ කය සියුම් ස්‌වභාවයෙන් යුක්‌ත නිසා ඔබගේ මස්‌ ඇසට නොපෙනෙයි. සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්‌ෂුවට ඇය දර්ශනය වන මොහොතේ ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්‌වභාවයේ ස්‌ථානයකය. සමහරවිට එය හෝටලයක උත්සව ශාලාවක්‌ වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්‌වභාවයේ මඟුල් උත්සවයකි. භික්‌ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට විවාහවීමට දැඩි වුවමනාවක්‌ තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්‌ෂුවට දර්ශනය විය. ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්‌ෂුවට හඳුනාගැනීමට ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන දුක්‌මුසු අවස්‌ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක්‌ වීමටද පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක්‌ කේලමක්‌ කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත් නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක්‌ මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම ඇයට මෙ විරූපී ස්‌වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තමා මියයන මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක්‌ වූවාද විය හැකියි.

    කෙසේ හෝ ඇය මනාලියක්‌ වීමේ සිහිනය දරාගෙන මඟුල් සාරියකින් හැට්‌ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක්‌ අතින් ගෙන ඇය තවමත් ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්‌ සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5′ 5″ පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්‍ෂණික විවාහයක්‌ බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව, විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්‌ෂුව පුදුම වන්නේ නැත. පුදුම වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.

    දැන් ඔබට පැහැදිලිද මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක්‌ නොවේය කියලා? සුදු මඟුල් සාරියක්‌ හැට්‌ටයක්‌ ඇඳගෙන සුදු මල් කලඹක්‌ අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්‌, දුර්ලභ පාඩමක්‌, ඇඟ කිළිපොලා යන පාඩමක්‌. මනුෂ්‍ය දියණියක්‌ මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත ලෝකයේදී ඇය කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ ක_ම විපාකය නිසා සහකරුවෙක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්‌, පුතෙක්‌ විවාහයක්‌ හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක්‌ ජීවත්වෙලා මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම දරාගෙනම මනමාලයෙක්‌ සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත් මනමාලයෙක්‌ ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි. මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක්‌ නිසා වෛර කරලා , ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳිනා දියණිය. අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක්‌, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක්‌ ඔබේ කරගෙන ඔබ ඇයි දුක්‌ විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක්‌ ඇතිවෙනවා. බලාපොරොත්තු තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්‌සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක්‌ කියලා. බලාපොරොත්තුව කියන මිරිඟු=ව පස්‌සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්‌කා නේද?

    සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක්‌ පළවෙනවද, සෑම භාෂාවකින්ම. මිනිස්‌සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ, බස්‌රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිsරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද. තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.

    මේ මගේම සහෝදරියක්‌, මේ මගේම සහෝදරයෙක්‌ කියන හැඟීSම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟු=ල් සාරිය බාල්කය මතට දමා, මඟුල් සාරියම ගෙලට තොණ්‌ඩුවක්‌ වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි. ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක්‌ වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක්‌ කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක්‌ නිසා දුක්‌ ගොඩක උරුමක්‌කාරයෙක්‌, උරුමක්‌කාරියක්‌ නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක්‌ නැහැ. අහිංසකාවිය දුකෙන් දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්‌ථාවක්‌ නැහැ. අනේ මේ අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක්‌ නොමැති වූ නිසා මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක්‌ වේවා, නිරෝගී වේවා කියලා හිතුවානම්… එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්‌ සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත් චීවරයක්‌ නගාගත් භික්‌ෂුවක්‌ මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන් ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්‌මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි. යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.

    භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට ලොකු ශාලාවක්‌ හදලා තිබෙනවා. අලුත් ශාලාවක්‌. සුදු තීන්ත ගාලා හරි වෙහෙස මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්‌ටයක්‌ කැලය මැද්දෙන් කිලෝමීටර දෙකක්‌ පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ නම ධන තව නමක්‌ ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා, පිස්‌සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්‌වභාවය, මෙය විකෘතියක්‌. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්‌. පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ, අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්‌�ත ඉරණමටම පත්කරවනු ඇත. එහෙයින් ඔබ ප්‍රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්‌තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි. ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්‌ ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?

    සයනයේ ප්‍රේතිය





    art.jpg
    අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා. නිදන කාමරයේ කිසිවෙක්‌ සිටියේ නැහැ. හරිම පාළුවටයි පෙනුණේ. භික්‍ෂුවට දැනුනේ මෙය ඇය මනුෂ්‍ය ජීවිතයේදී පරිහරණය කළ කාමරය කියලා. නිදන කාමරයේ සයනය කළුපාට ඇඳ ඇතිරිල්ලක්‌ එලා කොට්‌ටයක්‌ සහිතව පිළිවෙළට තිබුණා. කිසිවෙක්‌ කාමරයේ නැහැ. හරිම නිශ්චලයි.

    නමුත් එකපාරටම අර සයනයේ එලලා තිබූ ඇඳ ඇතිරිල්ල මෑත් කරගෙන තම ස්‌වරූපය ඝන භාවයට පත්කරගනිමින් තරුණ ප්‍රේතිය ඇඳෙන් නැඟිට කාමරයෙන් එළියට ගියා. ක්‍ෂණයකින් නැවත කාමරයට ආවා. ඇඳ ඇතිරිල්ල පොරවාගෙන ඇය නැවත නිදාගත්තා. එහෙත් දැන් ඇඳේ කිසිවෙක්‌ නැහැ. ඇඳ ඇතිරිල්ලත් හොඳට පිළිවෙළට නැවත තිබෙනවා. ඒ කියන්නේ ප්‍රේතිය ඇඳ ඇතිරිල්ල යට සිsටිනවා. කිසිවකුට පෙනෙන්නේ නැහැ. දකින්න බැහැ. කවුරුවත් හිතන්නේ නැහැ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්‌ ඉන්නවා කියලා. බලන්න ඇය උපාදානය කරගත් ස්‌ථානය. ඔබට හිතන්න පුළුවන්ද?

    ඔබ නිවසේ කාමරයේ සයනයේ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්‌, ප්‍රේතයෙක්‌ සැතපී ඉන්නවා කියලා. ඉහත භික්‍ෂුවට ඇය ඝන ස්‌වභාවයෙන් දර්ශනය වූ නිසා මේ ප්‍රේතිය දැකගැනීමට හැකිවුණා. ගවුමක්‌ ඇඳගෙනයි සිටියේ. තරුණියක්‌ වුණත් ඇය මලානික, රෝගී ස්‌වභාවයෙන් යුත් ප්‍රේතියක්‌. භික්‍ෂුව ඇය දැක ඇත්තේ මලානික, මලමිනියක්‌ ඇවිදින ස්‌වරූපයෙන්. මුහුණේ බිය මුසු හැඟීමක්‌ තිබුණා. මගේ තැන, මගේ ස්‌ථානය අහිමිවේය කියන හැඟීමකින් වගේ මහත් තන්හා සහගත සිතකින් ඇය කාමරයෙන් එළියට ගිය සැනින්ම නැවත කාමරයට පැමිණ, සයනයේ ඇඳ ඇතිරිල්ල ඇතුළට ගොස්‌ ඇයගේ ඝන කයේ ස්‌වරූපය නැතිකරගත්තා. ඇය මනුෂ්‍ය ජීවිතයේ එම නිවසේ ජීවත් වූ තරුණියක්‌. ඇය රෝගීව මියයන මොහොතේ තමන් අල්ලාගත් තැන ප්‍රේතියක්‌ ලෙස නැවතත් ප්‍රතිසන්ධිය ලබන්නට ඇතැයි සිතන්නට පුළුවන්. බලන්නකෝ වාසනාවන්ත මනුෂ්‍ය දියණියකගේ අවාසනාවන්ත නැවත උපත මොන දුකක්‌ද කියලා. කවදා සැනසිල්ලක්‌, ගැලවීමක්‌ ලබයිද කියලා. මේ ප්‍රේතිය ඇඳට නැඟ ඇඳ ඇතිරිල්ල යටට යන්නේ ඉඩෝරය දැඩි කාලයක වතුර වලක්‌ දැක මී හරකෙක්‌ යම් සේ තෘෂ්ණාවකින් එම වතුර වළට බසීද එම ස්‌වරූපයේ කැමැත්තකිනුයි. එලෙස ඇය ඇඳ ඇතිරිල්ල යටට ගොස්‌ නිදා ගනී. එය ඇය ගත් උපාදානයේ බලවත්කමයි. මේවා පාඩමට ගෙන ඔබත් ස්‌ත්‍රී පුරුෂ වයස්‌ භේදකින් තොරව කුසල් දහම් වඩා ජීවිතයෙන් අතහැරීම පුරුදුකර මෙවැනි දුක්‌ දෙන සතර අපායෙන් මිදෙන්නට අවශ්‍ය කරුණු කාරණා ජීවිතයට එකතුකර ගන්න.

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්‌�ත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක්‌ ආරක්‍ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය පවා මගේ කර නොගන්න. ඒවා පරිහරණය කරන්න. භුක්‌ති විඳින්න. ඔබේ සැප උදෙසාද, අන්‍යයන්ගේ සැප සතුට උදෙසාද, ශාසනය උදෙසාද යොදවන්න. ඔබද සතුටුවෙන ගමන් ඒවා අනිත්‍ය බවත් zමගේ අච්චී සීයා, මගේ අම්මා තාත්තා මේ සියල්ල දමලයි, තියලයි මියගියේ. කිසිවක්‌ රැගෙන ගියේ නැහැ. මම ද මේ කිසිවක්‌ අරගෙන යන්නේ නැහැZ කියලා, ඉහත දේවල් වලට ඇති බැඳීම අල්ලාගැනීම අතහැර ඒවා භුක්‌ති විඳීමට පුරුදුවෙන්න. ඔබ ඒවා මගේ කර අල්ලාගත්තා යනු, තෘෂ්ණාවෙන් බැඳුනා යනු, අතහැරගැනීමට බැරි වූවාය යනු අවාසනාවන්ත උපතක්‌ නැවත ඔබ ඔබේ කරගැනීමකි.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: kinkon and lankalk

    Similar threads