මහර ගැටුම: තවත් රැදවියන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතලයි, 109කට තුවාලයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැදවියන් අතරෙන් සිවු දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

    බරපතල තත්ත්වයේ පසුවන රැදවියන් සිව් දෙනා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව පැවසේ.

    මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වන බවත් අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව වාර්තා වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අද (01) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

    “ඊයේ වෙන කොට 8 දෙනෙක් මියගිහින් 60 දෙනෙක් තුවාල වෙලා තිබුණා. සිරකරුවන් හා රැඳවියන් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා ඔවුන් ඔවුන්ම. අද උදෑසන 3 වන විට යම් යම් තුවාලකරුවන් රෝහල්ගත කරා. මේ වන විට රැඳවියන් 107 දෙනෙක් රෝහල්ගත කරලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සමග 109ක් රෝහල්ගත කරලා තියෙනවා. ඊට අමතරව මරණ 8ක් වාර්තා වෙලා තියෙනවා. අවසන් වශයෙන් ඇතුළත් කළ අය සාමාන්‍ය තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳ තවමත් ප්‍රකාශ සටහන් කර ගෙන නෑ. ඔවුන් රාගම රෝහලේ කොවිඩ් ආසාදිතයින්ගේ වාට්ටුවට ඇතුළත් කරලා තියෙනවා ආරක්ෂිතව.“

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් පෙරේදා (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණි.

    ඒ අනුව එදින පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් පහරදීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

    අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.

     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Owa Nam Kari wada radawiyo maraneka Dan normal wela. Unge Nadu beraganna mun mini maranawa. Eda idan Kare okama thamai Kari ponna pawla.
    Eetapasse sakki karuwan nathuwa Nadu Tika nidos Kota nidahas wenawa.
    Amana wada ballange
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මදුෂ්ට අර වෙඩි තියලා බයික් එක්ක පැනලා ගිය උන් ඇල්ලුවා ද බන් ?

    :lol:

    අාණ්ඩුව නැති ප්‍රශ්නයක් දාගත්තා..ජාත්‍යන්තරයටත් ගිහින් සීන් ඵක..දැන් උන් වුනත් බලනවනේ රාජපක්ෂල බලයට අාවහම විතරක් මෙහෙම වෙන්නෙ මොකෝ කියලා...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උන් අල්ලන්න බෑ උන් පිටසක්වලින් බැහැපු දෙන්නෙක්.


    අාණ්ඩුව නැති ප්‍රශ්නයක් දාගත්තා..ජාත්‍යන්තරයටත් ගිහින් සීන් ඵක..දැන් උන් වුනත් බලනවනේ රාජපක්ෂල බලයට අාවහම විතරක් මෙහෙම වෙන්නෙ මොකෝ කියලා...

    සක්‍රිප්ට් එක අලුත් උනාට ලියන්නේ මොන්ටිසෝරි ගියපු ඩයල් එකක් වගේ නේ බන්. :lol:
     
    • Haha
    • Like
    Reactions: pavanruka and dxx

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    View attachment 104229
    මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්



    මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

    කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැුඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    https://lankacnews.com/මහර-බන්ධනාගාරයේ-ගැටුම-ජා/



    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි

    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මැරිච්ච උන් ටික පුච්චලා දැයි කොවිඩ් හැදිලා කියල. එතකොට සාක්ෂිත් ඉවරයි
     
    • Dislike
    Reactions: jcj

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මදුෂ්ට අර වෙඩි තියලා බයික් එක්ක පැනලා ගිය උන් ඇල්ලුවා ද බන් ?

    :lol:

    පොලිසිය පස්සෙන් පන්නගෙන එද්දි bike එකෙන් වැටිලා ගාණක් වත් නැතුව අල්ලගන්න බැරි වෙන්න දුවපු උන් නම් මිනිස්සු වෙන්න බෑ දෙවිවරුම තමයි.
     
    • Haha
    Reactions: lasankandy