මහසෝනා කියන්නෙ werewolf කෙනෙක් ද?

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    මහසෝනා කියන්නෙ werewolf කෙනෙක් ද?:unsure:

    1620624951250.png

    හෙළ ජනප්‍රවාදයේ සඳහන් බිහිසුණුම යක්ෂයා​

    මහසෝනා - Mahasona​


    ශ්‍රී ලංකාවේ එහෙමත් නැත්නම් ඉපැරණි හෙළයේ නිදන්ගතව ඇති ජනප්‍රවාද ගැන අධ්‍යනය තවත් එක ඉතාමත් රසවත් අංශයක්. මේ ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ හෙළ ජනප්‍රවාදයේ එන හෙළ විශ්වාසයන්ගේ මුල් බැසගෙන සිටින මාතෘකාවක් ගැන. ඒ නම් මහසෝනායි.

    හෙළ ජනාප්‍රවාද අතර යකුන්ට හිමිවන්නේ ඉතාමත් විශේෂ තැනක්. මහසොහොනා, රීරි යකා, ඔඩ්ඩි යකා, සන්නි යකා, මෝහිනී, කළුකුමාරයා, බෝදිලිමා ආදී යක්ෂයන් ගණනාවක් පිළිබඳව අපිට ජනශ්‍රැතිය පිරික්සීමේදී තොරතුරු ලැබෙනවා. මේ ලිපිය මහා සොහොන් යක්ෂයා හෙවත් මහසෝනා ගැනයි.

    ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා.සාදයේ මුලදීම ගෝඨයිම්බර රා කළ ගණනාවක් පානය කිරීම නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ.

    ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා. ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් දස ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍

    ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි.

    රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.

    මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.

    සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය. ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය. ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය.

    තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.

    එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත. (අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)

    මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි. (එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු) හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය. ( එනිසාවෙන් පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)

    එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ සූකර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.

    එනම්,
    එළුවකු වාහනයක් කරගත් “ලේ සොහෝන් යක්ෂයා”
    මුවකු වාහනයක් කරගත් “අමු සොහොන් යක්ෂයා”
    අශ්වයා වාහනය කරගත් “ජය සොහොන් යක්ෂයා”
    බැටළු වාහනය සහිත “මරු සොහොන් යක්ෂයාද”
    අලියකු පිට යන “ගොළු සොහොන් යක්ෂයාද”


    මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.

    වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු ) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත. සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට අවනත වන බව පැවසේ.

    රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි. රිටිගල සුමේධ වැනි ගුරුවරුන් එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි.

    ජයවේවා !!! තවත් ලිපියකින් හමුවෙමු.

    ප.ලි. නර වෘකයන් පිළිබඳව ඔබ අසා ඇතුවා නොඅනුමානයි. මහසෝනාද මේ එක් ආකාරයක නර-වළස් රූපියෙක් බවට සමහරුන් මත පළ කරනවා.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    රිටිගල සුමේධ නං අංගම්පොර කියලා කරන්නේ බොරුවක් කියලා තතු දන්නෝ කියනවා.කොහොම වුනත් ලිපිය නං පට්ට මචං... (y) (y)
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    රිටිගල සුමේධ නං අංගම්පොර කියලා කරන්නේ බොරුවක් කියලා තතු දන්නෝ කියනවා.කොහොම වුනත් ලිපිය නං පට්ට මචං... (y) (y)
    කොටින්ම අන්ගම්පොර කියන්නෙම බොරුවක් බන්.ඔක කේරාලෙ තියන සටන් ක්‍රමයක්.ඔක කිව්වාම හෙල යක්කයො රෙදි උස්සන් එන්නෙ 😆😆😆😆
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කොටින්ම අන්ගම්පොර කියන්නෙම බොරුවක් බන්.ඔක කේරාලෙ තියන සටන් ක්‍රමයක්.ඔක කිව්වාම හෙල යක්කයො රෙදි උස්සන් එන්නෙ 😆😆😆😆
    මෙහෙමයි මචං..මම විස්වාස කරන විදිය කියන්නම්.ලංකාවේ (නියම )අංගම්පොර ඉස්සර තිබුනා වෙන්න පුලුවන්.අදටත් තියෙනවා වෙන්නත් පුලුවන්.හැබැයි ඉතාම රහසිගතව.ඔය පේජ් අටවගෙන,හරක් මඩු වගේ එවා දාගෙන,ටීවී එකේ පොර ටෝක්ස් දෙන,මහ ලොකුවට කතාකරන උන්දලා නං නෙවෙයි.ඕකුන් තමයි නමත් එක්ක කෑවේ.අද ඔය දකින්න ඉන්න එකම එකෙක් ලඟ වත් සාස්තරේ නම් නෑ.ඉන්දියාවේ ආර්ට් එක ගැන කියනවනම්,එහේ වැඩිපුරම තියෙන්නේ (මම අහලා තියෙන විදියට ) කලරි පයාට්ටු ආර්ට් එකයි සිලම්බරම් ආර්ට් එකයි.තවත් ඒවාත් ඇති.ඕවා ඉගෙන ගෙන ඇවිත් තමයි මුන් අංගම්පොර කියලා පෙන්නන්නේ.හෙල යඛ්ඛයොත් ඉතිං රෙද්දත් උස්සගෙන ජොකත් පාත්කරගෙන එන්නේ ඉතිං.. :lol:
     
    • Like
    Reactions: S_M_S and malpusa

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මට නම් මේකෙන් තේරුන එකම දේ රජ කාලේ ඉඳල අපේ මිනිස්සු බිපුවහම සව්ත්තු වෙනවා කියල .මොන හොඳ වැඩක් කරත් බිපුම්වහම සව්ත්තු වෙනවා .දැනුත් බිලා පැත්තකට වෙලා ඉන්නේ නැතිව රණ්ඩු වෙනවා .මේක ජාන වලම තියන දෙයක් .බොන්නේ නැතිව ඉන්න එක තමයි හොඳම දේ .
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මහසෝනාා සැර ආතල් එකකට අරන් තියෙන්නෙ දැන් බුකියේ නම් :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    රිටිගල සුමේධ නං අංගම්පොර කියලා කරන්නේ බොරුවක් කියලා තතු දන්නෝ කියනවා.කොහොම වුනත් ලිපිය නං පට්ට මචං... (y) (y)
    http://ritigalasumedha.blogspot.com/
    http://ritigalasumedha.blogspot.com/p/blog-page_19.html


    මෙහෙමයි මචං..මම විස්වාස කරන විදිය කියන්නම්.ලංකාවේ (නියම )අංගම්පොර ඉස්සර තිබුනා වෙන්න පුලුවන්.අදටත් තියෙනවා වෙන්නත් පුලුවන්.හැබැයි ඉතාම රහසිගතව.ඔය පේජ් අටවගෙන,හරක් මඩු වගේ එවා දාගෙන,ටීවී එකේ පොර ටෝක්ස් දෙන,මහ ලොකුවට කතාකරන උන්දලා නං නෙවෙයි.ඕකුන් තමයි නමත් එක්ක කෑවේ.අද ඔය දකින්න ඉන්න එකම එකෙක් ලඟ වත් සාස්තරේ නම් නෑ.ඉන්දියාවේ ආර්ට් එක ගැන කියනවනම්,එහේ වැඩිපුරම තියෙන්නේ (මම අහලා තියෙන විදියට ) කලරි පයාට්ටු ආර්ට් එකයි සිලම්බරම් ආර්ට් එකයි.තවත් ඒවාත් ඇති.ඕවා ඉගෙන ගෙන ඇවිත් තමයි මුන් අංගම්පොර කියලා පෙන්නන්නේ.හෙල යඛ්ඛයොත් ඉතිං රෙද්දත් උස්සගෙන ජොකත් පාත්කරගෙන එන්නේ ඉතිං.. :lol:
    ow mama post ekak damma balanna
    ------ Post added on May 10, 2021 at 2:59 PM
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    http://ritigalasumedha.blogspot.com/
    http://ritigalasumedha.blogspot.com/p/blog-page_19.html



    ow mama post ekak damma balanna
    ------ Post added on May 10, 2021 at 2:59 PM

    තෑන්ක්ස්.මම මේක බලලා තියෙනවා මචං අවුරුදු කීපයකට කලින්.මේකේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තෑකි.තව තිබුනා ඉන්ටර්නෙට් එක කීපයක්.මතක නෑ දැං.ඔය බ්ලොග් එකේම එෆ්.බී පේජ් එකකුත් තිබ්බා.දැං තියද දන්නෑ මචං..