මහාචාර්ය දියණියගේ නිබන්ධන සොරකම

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මහාචාර්ය දියණියගේ නිබන්ධන සොරකම

    shamalee.jpg


    කැළණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය කුලසේන විදානගමගේ මහතාගේ දියණිය වන ශ්‍යාමලී විදානගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යන අංශයේ 2006-2007 කණ්ඩායමේ උපාධි අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වී පළමු පංතියේ සාමාර්ථයක් ලබා ගෙන ඇති අතර දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යන අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

    නමුත් ඇය උපාධි පරීක්ෂණයේ ස්වාධීන නිබන්ධනය වශයෙන් ඉදිරිපත් කළ නිබන්ධනය වංචා සහගත එකක් බව අප වෙත වාර්තා වේ.

    PHY 498 යන විෂය වෙනුවෙන් 2007 ජූලි 09 දා විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයාට භාර දී ඇති මෙම නිබන්ධනය තම පියා වන මහාචාර්ය කුලසේන විදානගමගේ ඉඳුවර නම් සඟරාවට ඉදිරිපත් කල The concept of change in Heraclitus and Early Buddhism : A comparative Study නම් ලිපියේ පරිවර්තනයකි.


    ශ්‍යාමලී විදානගම විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රීය සදාචාරය මෙන් ම නීති රීති කඩ කරමින් සාවද්‍ය ලෙස කටයුතු කර ඇති අතර විශ්ව විද්‍යාලය තුල නිබන්ධන සොරකම (Plagiarism) බරපතල වරදක් ලෙස සැළකේ.

    මේ පිළිබඳව අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකොට ඇත.

    එම නිබන්ධනයේ ඉතාමත් සුළු කොටසක් පමණක් පහතින් වේ.එයින් මහාචාර්යවරයාගේ නිබන්ධනය සිංහලට පරිවර්තනය කොට ලබා දී ඇති අන්දම දැක ගත හැකි වේ.

    prof-krlasena.jpg

    shamali-1.jpg

    shamali-2.jpg
     

    Similar threads