මහා බයි විරුවාගෙ පලායාම.....

raaajit

Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) පාන්දර ශ්‍රී ලංකාවේ සිට මාල දිවයින බලා ගමන් කළේය. ඔහු අනතුරුව මාල දිවයිනේ සිට ඩුබායි බලා යනු ඇති බවටද ආරංචි තිබේ.
    ගෝඨාභයට ජනපති ධූරයෙන් අස්වෙන්නට පෙර කෙසේ හෝ ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමට අවශ්‍ය විය. ඒ සඳහා සිය සොයුරා සමග යෙදූ ප්‍රයත්න 5 ක් අසාර්ථක වූවත් 6 වැන්න සාර්ථක විය. අද උදේ එය සිද්ධ වූයේ මෙසේය.
    කටුනායක ගුවන් හමුදා කඳවුරේ රැඳී සිටි ගෝඨාභය ජනපතිවරයා පාන්දර කටුනායක ගුවන් තොටුපළට පැමිණයේ ගුවන් හමුදාව මගින් සූදානම් කළ AN 32 යානයේ නැගීමටය. පැයකට වඩා වැඩි වේලාවක් ගුවන් පථයේ නවතාගෙන 1.10 ට එයට පිටත්වන්නට සිදුවූයේ මාල දිවයිනේ ගුවන් තොටුපළ මුලදී මෙම යානය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසාය.

    මාල දිවයිනේ ‘සන්‘ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන ආකාරයට ශ්‍රී ලංකවේ රාජපක්ෂ පවුල සමග හිතවත් එරට හිටපු ජනපති හා වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මෙම අවස්ථාවේදී ගෝඨාභයට උදව් කර ඇත. ඔහු ගුවන් තොටුපලේ ගොඩබෑමට අවසරය අරන්දී ඇති අතර ඉන් පසු මෙම යානාවට පිටවෙන්නට හැකියාව ලැබී ඇත.
    ගෝඨා සමග ඔහුගේ බිරිඳ අයෝමා සහ බිරිඳගේ ඥාති පුතෙකු වන අවුරුදු 22 ක තරුණයෙකුද ගමනට එක්ව ඇත. ඊට අමතරව ආරක්ෂකයෙකුද මගියෙකු ලෙස එක්ව ඇත.
    * නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    * අයෝමා උදේනි රාජපක්ෂ
    * රණසිංහ මුදියන්සේලාගේ මහින්ද රණසිංහ
    * වික්‍රමරත්න කෝදාගොඩ හිටිගේ මධුර සංජීව
    යන අය වීඅයිපී අවසරය ලද මගීන් ලෙස සටහන්වී ඇත.

    මේ ගුවන් ගමනට ද මීට පෙරදා සිදුවූ ‘අවසර නොමැති‘ අකරතැබ්බය සිදුවන්නට ඉඩ තිබුණ නමුත්
    එයාර් ලංකා ගුවන් සේවයේ සභාපති මැදිහත්ව ඒ සඳහා ආගමන විගමන පාලක කොමසාරිස් වරයෙකු කැමැතිකරවා ගෙන අවසර ලබා දීමේ ක්‍රියාවලිය රහසේම ඉටු කර දී ඇත. ගුවන් ගමනට අවශ්‍ය ආරක්ෂක අනුමැතිය ලබාගැනීම ආරක්ෂක ප්‍රධානීන් ලවා කරගත යුතු නිසා ගෝඨාභයට අපහසුවී නැත.

    ගමනට කළු පැහැති විශාල බෑග් 6 ක් ද යානයට පටවාගත් බව පැවසේ.
    ගුවන් හමුදාපතිවරයාද, එයාර් කොමදෝරුවරයෙකුද මෙම ගමනට එක්වූ බවත් ඔවුන් දෙන්නා මාලදිවයිනට ගොස් ගෝඨාභය ඇරලවා යළි එන බවත් වාර්තාවේ.

    මාලදිවයිනේ පුවත් සේවා පවසන්නේ ගෝඨාභය පාන්දර 3 ට පමණ එරට මාලේ නුවර වෙත ළඟා වූ බවයි. ඔහුව පිළිගන්නට මොහොමඩ් නෂීඩ් ගොස් තිබූ අතර දැඩි ආරක්ෂක විධිවිධාන සපයා තිබූ බවද පැවසේ. අනතුරුව මාල දිවයින් දූපත් සමූහයේ කිසියම් නම් නොකළ ස්ථානයක් වෙත පිරිස රැගෙන ගිය බවද වාර්තා විය. මාලදිවයින් පුවත් සේවා තවම එම ස්ථානය වාර්තා කර නැත.

    ගෝඨාභය රාජපක්ෂ කෙටි කලකට පමණක් එරට රැඳෙනු ඇති බවද පසුව ඩුබායි වෙත ගමන් කරනු ඇති බවද වාර්තාකර තිබේ.

    Source
     
    • Haha
    Reactions: monson