මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

කිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සුවීෂේශි දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ.මේ දවසේ එක විශේශත්වයක් නෙමෙයි කිහිපයක් තියෙනවා.

ජේසුස් වහන්සේ, තම දහම දේශනා කරන්න උදව්වට තෝර ගත්තු ගෝලයන් සමග එකට එකතුවී ගන්නා අන්තිම රාත්‍රි භෝජනය (The last Dinner) වැළදිම සිදු කරන ලද්දෙත් මහ බ්‍රහස්පතින්දා දවසේ.මෙම අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජේසු තුමා තම ගෝලයන්ගේ පා දෝවනය කරනවා.මෙයින් අදහස් කරන්නේ තම ගෝලයන්ගේ පා සේදිමට තරම් නායකයා නිහතමානි විය යුතු බවයි.අනුන්ගේ අදහස් වලටත් ඉඩක් දිය යුතු බවත්ය.


ඊට පස්සේ රොටි ගෙනත් ආශිර්වාද කරලා ඒවා ගෝලයන් අතරේ බෙදා දෙනවා.එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා. මේ වාක්‍යයත් පූජාවල් වලදී සිහිපත් කරනවා.රොටි=ශරීරයටත්, මිදි යුෂ=ලේ වලටත් උපමා කරපු හේතුව නම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න.

එදා ඔවුන් පාවිච්චි කරපු රොටි හා මිදි යුෂ වෙනුවට පූප හා වයින් තමයි පාවිච්චි කරන්නේ. මේ දවසෙන් පස්සේ තමයි ජේසුස් වහන්සේ අනුව යන පූජක සංගයක් (පූජක පිරිසක්) බිහි වෙන්නේ.ඒ කියන්නේ දේවස්ථානවල පූජකවරු බිහි වෙන්නේ අන්තිම රාත්‍රි භෝජනයට පස්සේ.එහෙම ආහාර අනුභවයෙන් පස්සේ ජේසුතුමා තම ගෝලයන්ට කියනවා ඔබ අතුරින් කෙනෙක් මා පාවා දෙන්නෙහිය කියලා. මේ අවස්ථාවේ ගෝලයොත් ටිකක් බයවෙලා එකිනෙකාගේ මූනවල් දිහා බලා ගන්නවා.



අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ ජේසු තුමා ගෝලයන් එක්ක ගෙත්සෙමනි කියන මල් උයනට යනවා යාච්ඥා කරන්න.දේව පුත්‍රයාට උනත් භය කියන දේ පොදුයි.මේ අවස්ථාවේදී ජේසු තුමාත් බය වෙනවා. එහෙම බයවෙලා "මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක්විය හැකිනම් එසේ වේවා, නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" කියලා දෙවියන්ට යාච්ඥා කරනවා .ජේසු තුමා යාච්ඥා කරලා ඉවර වෙනතෙක් ඇහැරිලා ඉන්න කියලා ගෝලයන්ට කියලා යනවා. නමුත් ගෝලයන්ට එහෙම ඇහරිලා ඉන්න බෑ. ඔවුන්ට නින්ද යනවා.

මේ බව ජේසු තුමා දකිනවා. දැකලා ඇතිවෙච්චි හිත් වේදනාවෙන් "මා සමග එක පැයක්වත් පිබිද සිටින්න නුබලාට බැරි උනාදැයි" කියලා අහනවා.තමන්ට මෙච්චර දුකක් වෙන්න යද්දිත් තමන් ලග ඉන්න අය තමන්ගැන බලන්නෙත් නැතුව එහෙම ඉදිද්දි දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. ජේසුතුමාටත් එහෙම දුක හිතෙන්නට ඇති.

අන්තිමේදී යාච්ඥා කලායින් පස්සේ ගෝලයන් ලගට ඇවිත් "මනුශ්‍ය පුත්‍රයා පවුකාරයින් අතට අසුවන වේලාව පැමිනුනේය. මෙතනින් නැගිට යම්හ යි" කියලා සියලු දෙනාම පිටත් වෙනවා. මේ අවස්ථාවේ නායක පූජකවරුයි හේවායිනුත් එක්ක ජේසු තුමා එක්ක හිටපු ජුදාස් ස්කාරියොත් කියන ගෝලයා ඇවිත්, ජේසු තුමාගේ මුහුණ සිබිමින් පාවා දෙනවා.

රිදී කාසි 30කට තමයි ජේසුව පාවා දෙන්නේ.අන්තිමේදී ජුදාස් ට කරපු වැරැද්ද අවබෝධ වෙලා රිදී කාසි ටික නායක පූජකයන් ඉදිරියේ විසි කරනවා. ඊට පස්සේ ඔහු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගන්නවා. අහිංසක මනුෂ්‍යයෙක්ගේ ලේවලට තක්සේරු කරපු රිදී තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයට දාන්නේ නෑ.ඒ මුදල් වලින් විජාතිකයින්ට (යුදෙව් නොවන අයට) සොහොන් පිටියක් හදනවා.ඒ සොහොන් පිටිය "කුඹල් කෙත" කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඒ සොහොන් පිටියට "ලේ කෙත " කියලත් කියනවා.

ඔය ටික තමයි මහ බ්‍රහස්පතින්දා දවසේ තියෙන විෂේශත්වය.එදාටත් වෙනදා වගේ ම පූජාවක් තියනවා. ගෝලයෝ දොලොස් දෙනාට මිනිස්සු දෝලොස් දෙනෙක් තෝරගෙන පල්ලියේ පියතුමා ඒ අයගේ පා දෝවනය කරනවා. ඒවගේම පාන් ආශිර්වාද කරලා බෙදා දෙනවා.


උපුටාගැනීම:- http://madurangacreations.blogspot.com/2011/04/blog-post_21.html
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බ්‍රෝ....මම අර ෆැෂන් ඔෆ් ක්‍රයිස්ට් ෆිල්ම් එක බලලා තියෙනවා....
    මම ඒ තරම් කම්පා වුණ වෙන ෆිල්ම් එකක් දැකලා නැති තරම්....
    මේ ලෝකෙ ජීවත් වුණ මිනිසුන්ගෙන් වඩාත්ම අසාධාරනයට ලක් වුණේ
    ජේසුස් වහන්සේ කියලයි මට හිතෙන්නෙ.ඒ පාවා දීම ඇතුළු හැම පවකටම ඊට අදාල අය තවමත් ගෙවනවා...
    මම ක්‍රිස්තු භක්තිකයෙක් නොවුනත් ඒ අදහස හිතෙන් අයින් වුණේම නැහැ.
    good post bro...
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    5502946.jpg
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    නෑ උබගෙ **************

    මචං එදා වගේම අදත් පිලාත්ලා, හෙරෝද්ලා, ජුදාස්ලා ඉන්නවා, එහෙම නැත්නම් මේ ලෝකේ විවිධත්වයක් නැහැනේ. ඒ නිසා ඔය වගේ දේවල් වලින් ආගමකට හෝ ධර්මතාවයකට හෝ වෙන යම් මොනම දේකට හෝ ගරහන්නන් , සමච්චල් කරන්නන් ගැන කිපෙන්න එපා. සමහර විට ඒ වචන ටික දැකලා කතෝලිකයෙක් හෝ ක්‍රිස්තියානියෙක් වන ඔබ ඔබේ දහම ගැන පෙරට වඩා භක්තියෙන් වැඩ කරාවි. කෙටියෙන්ම කිව්වොත් ජුදාස් ජේසුව පාවා නොදුන්නා නම්, පිලාත් ජේසුව කුරුසේ ඇණ ගහන්න කියලා අණ නොදුන්නා නම් අද උඹටයි මටයි සමරන්න පාස්කුවක් උදා වෙන්නෙත් නැහැනේ.

    ජුදාස් ජේසුව පාවාදීම ගැන කම්පාවුනා වගේම වර්ථමාන ජුදාස්ලාත් කවදාක හෝ මේ කරන දේවල් වැරදියි කියලා තේරුම් ගනීවි.
     
    Last edited by a moderator:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Macho uba waraddapu than thiyenawa jesus baya une na eya aduwe pray kale eya elaga moona denna yana de kochchara bara deyak da kiyala jesus dana gena hitiya e thamai me mulu lokema minissunge pau wenuwen jesus wandi gewana nisa poddak hithapan mulu lokema minissu karapu pau walata eka minihek daduwan widina eka kohomada kiyala? Roti kadala kiuwe jesus ge body ekath e wage kadanna yana nisa midi le walata samana kale jesus ge le gala yama thulin minissunta pau sama lebena nisa. Jesu kiuwa eyawa sihi karana pinisa eka sidda karanna kiyala.namuth ada minissu meke niyama theruma danne ne wage wage hasirenne. Friday ape minissu kalu ada gena sereppu nathuwa parawal gane duk wenawa eth sunday e okkoma amathaka karala puk wenna gahanawa. Jesus mewa balala kochchara duk wenawa atida?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමිදානන් ගේ සාමය ඔබ කෙරේ වේවා....!!!!ආමෙන්!!!!
    පලි
    මම බොදුනුවෙක්මි. ජේසුස් වහන්සේ ගැන මා සිතන්නේ විප්ලවාදියෙකු ලෙසටය. එතුමාණෝ දේවමාලිගයෙන් වෙලෙන්දන් පලවා ලූහ. පුදසුන කිළිටි කල පාහර පූජක ගවයන් ගේ සළු පිළි උනා ලූහ. යුක්තිය වෙනුවෙන් පෙනි සිටියහ. මම එයට ගරු කරමි.