මහා මයිලෝ ජාතකය

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,512
    6,052
    113
    මහා මයිලෝ ජාතකය

    මහා මයිලෝ ජාතකය
    ===================



    යටැ ගිය දවසැ පොළොන්නරු නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු රාජ්‍ය විචාරණ්නට විය.
    මෙකල්හි රට වැසියෝ බොහෝ සැප සම්පත් වලින් යුක්තවැ දැහැමින් සෙමින් දිවි ගෙවන කල්හි මෙය දරාගත නො හී යක්ෂයන්ට අධිපති වු, ගෝත්‍රික බයි වැසියනට රජ වු, මහා තෙද බල පිරිබාහරන් ගේ ශීර්ෂය සතරකඩකට පැළුවා වූ , රන් කහවනු දහඅට කෝටියක් සොරාගෙන උතුරු කුරු දිවයිනේ සැඟෙව්වා වු මහේන්ද්‍ර නම් යක් තෙමේ ලෝක පාලන දෙවියන් හා මිත්‍රව රට වැසියා මධුමේහය ආදී අට අනූවක් ව්‍යාධි බාහුල්ලයන්ගෙන් පෙළනු වස් මයිලෝ නැමති පානයක් මවා රට වැසියා එය පානයට පොළඹවා ශරීරගත ශර්කාරා ප්‍රමාණය ඉහල දමන්නට විය.
    මෙත්පල් නිරිඳු මෙ කාරණා දෙසවන් වැකුණු මොහොතේ ක්ෂීරපථය සොලවා, වේරම්බ වාතයෙන් කලම්ඹා, අහස් මුදුන් තෙක් දුහුවිලි නංවා මහේන්ද්‍රයාණෝ පරසක්වල ගසන්නෙමි යි කුංචනාද කරන්නට විය.

    ඈත දූලීන් වැසී ගිය මෙත්පල් රජු ය...
    මෑත මයිලෝවක් අතින්ගත් මහේන්ද්‍රයෝ ය...
    ඈත කෝපයෙන් රත්ව ගිය යවට වන් මෙත්පල් රජු ය....
    මෑත ගත සිත පුබුදු කරන පානය ඇතැති මහේන්ද්‍රයෝ ය...
    ඈත බැලූ බැලූවන් හිටං යැයි කියවෙන මෙත්පල් රජු ය....
    මෑත දිව පිනවන පානය ගත් මහේන්ද්‍රයෝ ය...
    ඈත එබූ පයින් මහ පොළොව පලා යන මෙත්පල් රජු ය....
    මෑත රත් පැහැ සාටකයෙන් බබලන මහේන්ද්‍රයෝ ය....


    වෙන්නට යන මහා විපත දැක රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ මෙත්පල් නිරිඳු හා සතරකන් මන්ත්‍රණ පවත්වා ශර්කාරා පානය පිළිබඳව සොයා බැලීමට රජවාසලේ විශ්‍රාමික කේවට්ටයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට උපදෙස් දෙන්නා හු ය.මෙය අසා කෝපයට මෙත්පල් තෙමේ ඒ යෝජනා අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා රට වැසි තෙමේ දෙස මහා කරුණා නෙත් යොමා මයිලෝවක් රැගෙන ගෙයින් ගෙට වැද හොත්තේ ය. ඉනික්බිති ඒ පාන පෙන්වා අනන්තාපරිමාණ අර්ථානර්ථ දක්වා ඒ වෙනුවට බීර පානය කරන ලෙස ආයාචනා කරන්නට වු හ. එ බස් අසා රට වැසියෝ මහත් සොම්නසට පැමිණැ මයිලෝ පාන ඉවත දමා මහා සිද්ධාර්ථ තෛලය වන් බීර පානය කිරීමට උත්සුක වු හ.
    ඉක්බිති රට වැසියෝ සෞඛ්‍ය සම්පන්න බීර පානයට හුරු වී, අට අනූවක් වූ සියලු ව්‍යාධි බාහුල්ලයන්ගෙන් මිදී තෙද බලැති සිරුරැතිව යහපාලනගතව කල් යැවූ හ'යි මෙයින් දත යුතු.

    මහා මයිලෝ ජාතකය මෙතකින් නිමියේ වෙයි.

    copied from FB
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,537
    35,399
    113
    රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    chande

    Well-known member
  • May 22, 2015
    829
    821
    113
    දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ
    😂😂😂
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    යකෝ රටක නායකය වුනාම ලැජ්ජ නැද්ද බං රට වටේම යනව කියන්න මයිලෝ එක අරගෙන...
    නායකයෙක් කියන්නෙ ඔහොම කෙනෙක්ටද ?
    වහ වහාම ප්‍රතිපත්ති සම්පාදනය කරන්න එපායේ මුලු රටටම බලපාන විදියට
    මේ සීනී ප්‍රශ්නේ විසදන්න.
    මෙහෙමා බබා හුකුන් දාන්න ගියාම තමයි රට බල්ලට යන්නේ ?
    ශක්තිමත් නායකයෙක් වෙන්න බැරි ඔන්න ඕකයි හුටන්තුමාට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මයිලෝ උන්ගේ විනාඩි5න් පහට යන ඇඩ් ටික නැවැත්වුවා නම් හරි බන්..
    දැන් ඉතින් ශින්හලයොන්ට මාසයක් විටර යනකන් මයිලො තමා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    මයිලෝ උන්ගේ විනාඩි5න් පහට යන ඇඩ් ටික නැවැත්වුවා නම් හරි බන්..
    දැන් ඉතින් ශින්හලයොන්ට මාසයක් විටර යනකන් මයිලො තමා

    හිටං මයිලෝ බියර් ගැන කතා වෙන අස්සේ පොනිල් විවස්තාව ගෙනත් තියයි


    සිංහලීස් :lol: