මහා_පිරමීඩය_දැවැන්ත_සම්ප්‍රේශක_යන්ත්‍රය&

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මහා_පිරමීඩය_දැවැන්ත_සම්ප්‍රේශක_යන්ත්‍රය&

    ඊජිප්තුවේ ඇති පිරමීඩ තරම් කුතුහලයට පාත්‍ර වූ කිසිම දෙයක් ලෝකයේ නැති වන්නට ඇත. එනිසාම ඒ ගැන ලියැවී ඇති අදහස් සහ මති මතාන්තර බොහෝය. එහෙත් ලෝකයේ ඒ ගැන අනුමානය කරන ලද එකක්වත් පිරමීඩ මගින් නොපෙන්වන්නට ඉඩ ඇත. සමහරවිට මේ ලිපියේ ලියැවී ඇති කරුණුද, ඊජිප්තු නිර්මාපකයන් දුටුවහොත් සිනහ වෙන්නට බොහෝ සේ ඉඩ ඇත.
    attachment.php


    මහා පිරමීඩයේ ජ්‍යාමිතික දත්ත ලෝකයේ ජ්‍යාමිතික දත්තවලට සමානුපාතික වන බව සොයා ගෙන ඇත. වෙන එකක් තබා මහා පිරමීඩයේ ඇති කෝණ වල අගයයන් දේදුන්නේ වර්ණ වල සංඛ්‍යාත වලට සමානුපාතික වන බව සොයා ගෙන ඇත. ආලෝකයේ ප්‍රවේගයටද සමානුපාතික වන පිරමීඩ දත්ත ඇත. පිරමීඩ ලෝකයේ අනුරුවක් වේ යයිද කියති. එහෙත් එසේ වන්නට පිරමීඩ නිර්මාණය කලේ කුමක් නිසාද යන්න, ශත වර්ෂ ගණනාවක් තිස්සේ බොහෝ ක්ෂේත්‍ර වල විද්වතුන් නගන පැනය වේ.

    මේ අතර විසි වන සියවසේ සිටි එක්තරා විද්‍යාඥයෙක්, මේ පිරමීඩය ජළ විදුළි බලාගාරයක් යයි අර්ථ දක්වා තිබිණි. එපමණක් නොව ඒ අදහස සඳහා ඔහු, ‘පේටන්ට් බලපත්‍රයක්’ පවා රැගෙන තිබිණි. ඔහුගේ අදහස් වූයේ නයිල් නදියෙන් ගන්නා ජළය මේ දෝනා සහ ගර්භ වලට පොම්ප කර අධි පීඩිත වාතය යටතේ ශක්තියක් නිපැදවීමය. තවත් කෙනෙක් කියන්නේ මේ දෝනා සහ ගර්භ වලින් දැවැන්ත පොම්පයක් [Ramp pump] තනා ඇති බවය.

    පිරමීඩය යට ජලාශයක් තිබේ යයිද විශ්වාසයක් ඇත.

    කෙසේ හෝ සාමාන්‍ය ද්‍රවස්ථිතික නියමයන් අනුව, වෘතාකාර හරස් කඩක් ඇති බටයක මිසෙක, සමචතුශ්‍රාකාර හෝ චතුශ්‍රාකාර හරස් කඩක් ඇති බටයක ජලය හෝ යම් ද්‍රවයක් ගෙන යාමේ ක්‍රමයක් ඉංජිනේරුවන් නිර්මාණය නොකරන්නට ඉඩ වැඩිය. එයට විශේෂ හේතු දෙකක් ඇත. එකක් වන්නේ දැවැන්ත පීඩනයක් ඇති විට එම පීඩනය ඒකාකාරීව එම චතුරශ්‍ර ආකාරයේ බට වල අභ්‍යන්තරයට නොයෙදීමය.

    මහා පිරමීඩයේ ඇතුලේ ඇති දෝනා වල හරස් කඩ චතුරශ්‍රාකාර වේ. එසේ හෙයින් ඉහත ඉංජිනේරුවා අර්ථ දැක්වූ අයුරු මහා පිරමීඩය ජළ විදුළි බලාගාරයක් නොවන්නට ඉඩකඩ ඇත. එහෙත් ඒ දෝනා තනා ඇත්තේ ටොන් ලක්ෂ ගණනක වුවද දැඩි පීඩනයකට උර දීමට බවද අමතක කල යුතු නැත. එය මඳකට අමතක කළහොත්, අනෙක් හේතුව වන, චතුරශ්‍රාකාර හරස් කඩ ඇති බට නොගැනීමට හේතුව නම්, වෘතයක් හැර ඕනෑම හැඩයක ජ්‍යාමිතික ද්විමාන නිර්මාණයක වර්ග ඵලයට සාපේක්ෂව පරිධිය විශාල හෙයිනි.

    ත්‍රිමානයටද මේ නීතිය සත්‍යයකි. උදාහරණයක් සේ එකම ඝන ප්‍රමාණය ඇති සම චතුරශ්‍රාකාර පැති 6ක් ඇති ඝනකයක් සහ ගෝලයක් ගත හොත්, ගෝලය වටා ඇති වර්ග ඵලය, ඝනකය වටා ඇති වර්ග ඵලයට වඩා කුඩා වේ. කෙටියෙන් සහ සරළව කිවහොත් වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ගෝලයක ඇත. එය එසේ නම් මේ පිරමීඩ වල චතුරශ්‍රාකාර හරස් කඩ ඇති දෝනා ජළය ගෙන යෑමට භාවිතා නොකළේ යයි මොහොතකට සිතමු. වෙන පැත්තක් ගැන සිතමු.

    මහා පිරමීඩයේ ඇති මේ දෝනා වල දෙකට නැවී ගෙන හෝ, සාමාන්‍ය මිනිසෙක්ට ඇවිදගෙන ගිය හැක. මේ ආකාරයේ දෝනා කෙනෙක් දුටුවේ නම්, ඔහු රේඩියෝ, ඉලෙක්ට්‍රොනික හෝ රේඩාර් සංනිවේදන ඉංජිනේරුවෙක් වූයේ නම්, එවැනිම ආකාරයේ හරස් කඩ ඇති යම් උපකරණයක් ඔහුට සිහියට නැගෙනු ඇත. එය නම් ‘Waveguide’ නම් වූ සම්ප්‍රේශක හෙවත් රේඩියෝ හෝ රේඩාර් ට්‍රාන්ස්මීටර් වල ඇති විද්‍යුත් චුම්භක තරංග සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරන, සාමාන්‍යයෙන් හතරැස් හරස්කඩ ඇති බට වේ.

    මේවා සාමාන්‍ය වයර් හෙවත් සන්නායක වෙනුවට භාවිතා කරන හේතු කීපයකි. නමෙන්ම පෙන්වා දෙනවාක් මෙන්, ‘තරංගය නියමාකාරයට ගමන් කරවීමට’ භාවිතා කරන ඇටවුම් වේ. ලෝහයෙන් තනා ඇති එය ඇතුළත හිස්ය. ලෝහයෙන් තනා ඇති නිසා තරංගය ප්‍රසාරණය නොවී ඉතා කාර්යක්‍ෂමව ඇන්ටෙනාවක සිට ට්‍රාන්ස්මීටරයට හෝ ට්‍රාන්ස්මීටරයේ සිට ඇන්ටෙනාවට තරංග ගෙන යනු ලබයි. සාමාන්‍ය සන්නායකයක මෙන් තරංගයේ ශක්තිය හානි නොවී, තරංගය මෙහි ගමන් කරයි.

    විශේෂයෙන්ම, ‘ක්‍ෂුද්‍ර තරංග’ සම්ප්‍රේෂණයට මේවා භාවිතා කෙරේ.


    attachment.php



    තවද මේ ‘Waveguide’ තනා ඇත්තේ ඇලුමීනියම්, කොපර් හෝ රිදී ආලේප කිරීමෙනි. රිදී ආලේප කරන්නේ නම්, සම්පූර්ණ රිදීයෙන් මේ බට තැනුවහොත් එයට විශාළ වියදමක් යන හෙයිණි. සෛද්ධාන්තික සේ රත්තරන් වලින් මේවා තනන්නේ නම් එය ඉතාමත් ප්‍රශස්ථ ‘Waveguide’ එකක් වෙනවා ඇත. 1930 වසරේ නිව් ජර්සි හිදී බෙල් විද්‍යාගාරය මගින් සැතප්මක් දිග ‘Waveguide’ එකක් තනන ලදී. එහි විෂ්කම්භය අඟල් 6ක් පමණ වේ. අද දිනද, අඩි දෙකක් දිග අඩියක් පළල ‘Waveguide’ ද භාවිතා කෙරේ.

    අතීත වාර්ථා අනුව මේ පිරමීඩයේ කොත එක්කෝ රත්තරන්, එසේ නැත්නම් රත්තරන් ආලේප කර තිබුණි. පසු කලෙක මේ රන් වලින් තනන ලද කොත, ඊජිප්තු පූජකයන් විසින් සඟවන ලද්දේ නිදන් හොරුන්ගෙන් එය බේරා ගැන්මටය. කුමක් නිසා මෙම පිරමීඩයේ කොත රනින් තැනුවේද යන්න අපැහැදිළිය. නමුත් මේ පිරමීඩයේ ‘Waveguide’ තිබුනා නම් එයට හේතුව පැහැදිළිය. කිසියම් දිනෙක මෙම කොත සොයාගත් විට පිරමීඩයේ රහස් එළි වේ යයි අනාවැකියකි.

    නිදන අනාගත වක්තෘ යයි කියන ‘එඩ්ගාර් කේසි’ කියා ඇත්තේ මේ සියවසේ එම රහස එළිවන බවය.

    මේ අතර මෙම මහා පිරමීඩය මුළින්ම කැඩූ අරාබි නිදන් හොරුන්ට හිස් අතින් යන්නට සිදු විය. එනම් රජ හෝ රැජින ගර්භ වල කිසිම ආකාරයේ මිහිදන් කිරීමක් නොතිබුණි. කිසිම ආකාරයේ වස්තුවක්ද නොතිබිණි. හුදෙක් එහි තිබුනේ හිස් බව පමණි. මෙය ඉතා වැදගත් නිරීක්ෂණයක් වේ. දැවැන්ත ගල් පෙට්ටියක් සහ එය වැසීම සඳහා ටොන් ගාණක් බර පියනක් පමණක් තිබිණ. මේ තරම් ආරක්‍ෂිතව ඒ පෙට්ටිය ඇතුලේ කුමක් තියෙන්නට ඇත්ද?

    තවත් දෙයක් වන්නේ, ඉහත කී ගර්භයේ වහළයේ ඇඳ ඇති තාරකා සටහන්ය. ඒ ආකාරයේ තාරකා සටහන් අද දින අහසේ, වසරේ මොනම දවසක වත් දකින්නට නැතැයි තාරකා ස්වරූප දන්නා කෙනෙක් සිතනු ඇත. වෙනත් මන්දාකිණියක සිට අහස දෙස බැලූ විට එසේ පෙනෙනවා ඇත. මෙම දෝනා හුදෙක් පිරමීඩය ඇතුලට වාතාශ්‍රය ගෙන දෙන්නට ඇති කල දෙයක් නොවන බවය. පිරමීඩයේ කිසි කෙනෙක් නැත්නම්, මමී හෙවත් බෙහෙත් කවන ලද ශරීර ඇත්නම් ඒවාටද වාතය අනවශ්‍යය.

    මක්නිසාදයත්, මළවුන් ආශ්වාස නොකරන හෙයිණි.

    ඊළඟට අප බැලිය යුත්තේ මේ දෝනා කිනම් දිශාවකට යොමුව තිබුනේද යන්නය. වසරේ කිසියම් දිනෙක කිසියම් තාරකාවක් හරහා එන ආලෝකය පිරමීඩයේ එක්තරා තැනකට වැටේ යයි කීම එතරම් තර්කානුකූල දෙයක් නොවේ. සශ්‍රීකත්වයට අදාළ තාරකාවක් මගින් එම දිනයට වැටෙන ආලෝකය පිලිබඳ මතයක් තිබුනද, බොහෝ දෝනා කෙලින්ම පිහිටා නැත. එනම් දෝනා හරහා ආලෝකය එන්නට ඒවා තනා තිබුනේය යන්නද සැක සහිතය. එහෙත් ඉහත කියන ලද ‘Waveguide’ එකක් හරහා විද්‍යුත් චුම්භක තරංග යෑමට එය බාධාවක් නොවන්නේ ‘Waveguide’ එසේ වක්‍රව තැනීමේ වරදක් නැති හෙයිනි.

    යම් යම් ස්ථාන වලින් වක්‍ර වූ ‘Waveguide’ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වල ඇත.

    කෙසේ හෝ මේ ‘Waveguide’ එකක ප්‍රමාණය තීරණය වන්නේ ඒ හරහා ගමන් කරන තරංගයේ තරංග ආයාමය මතය. මේ දෝනා වල ප්‍රමාණය ගතහොත් එම තරංග ක්ෂුද්‍ර තරංග නම් නොවේ. සමහරවිට, ඊට සමානුපාතික තරංග වෙන්නට ඉඩ ඇත.

    මොහොතකට මේ මහා පිරමීඩය ඇතුලත දැවැන්ත ‘සම්ප්‍රේෂණ යන්ත්‍රයක්’ [Transmitter] සහ ‘ආග්‍රාහක යන්ත්‍රයක්’ [Receiver] තිබුනා යයි උපකල්පානය කරමු. එම තරංග ‘Waveguide’ හෙවත් ඒ දෝනා හරහා එළියට මෙන්ම පිරමීඩයේ ඇතුළට එන්නට ඇත. මෙහිදී ඉතා වැදගත් කරුණක් වන්නේ මේ දෝනා විශ්වයේ කිසියම් තාරකාවන් වලට නාභිගත කර ඇති බව ජ්‍යාමිතිකව අපෝහනය කර ඇති බවය. මේ අදහස මුලින්ම ගෙන ආවේ ‘ඇලෙක්සැන්ඩර්’ [Alexander Badawy] විසිනි. ඔහු කියන ආකාරයට රැජින ගර්භයේ ඇති උතුරු දෝනාව, ‘බීටා බී’ යන ‘උර්සා මයිනර්’ තරු පංතියේ තාරකාවට යොමුව ඇත.

    මේ අතර දකුණු දෝනාව ‘සීරියස්’තාරකාවට එල්ල වී ඇත. සීරියස් තාරකාව ‘අයිසිස්’ දෙවියන්ට අදාළය.එයට කියන්නේ, ‘නයිල් තරුව’ කියාය.

    මේ ආකාරයටම ‘රජ ගර්භයේ’ දෝනාද, තාරකා වලට එල්ල වී ඇත. උදාහරණයක් සේ රජ ගර්භයේ දකුණු දෝනාව එල්ල වී ඇත්තේ, ‘ඔරායන්’ තාරකා පන්තියේ තාරකාවකට ය. එහෙත් ඉහත කී රැජින ගර්භයේ දෝනාවක් එල්ල වී ඇති තාරකාව වන ‘සීරියස්’ සහ මේ ‘ඔරායන් තාරකාව’ ට ඒ දෝනා එල්ල වී ඇත්තේ, මහා පිරමීඩය තැනුවාය කියන කාලයට (2575 – 2465 BC) ප්‍රථමයෙනි. එසේ හෙයින්, මේ අනුව මහා පිරමීඩයේ නිර්මාණය පාරාවෝ රජුන්ට වඩා බොහෝ ඈත කාලයකට යන්නේය.

    එය අවුරුදු 10,000 ක් පමණ ඈතට යන අතර, ඒ කාලය අත්ලාංතිසය විනාශ වූ කාලයට සමාන වේ.

    මෙය අලුත් අදහසක් නොවේ. ‘ප්ලේටෝ’, (428 to 347 BC) විසින් ලියන ලද “Timaeus” ග්‍රන්ථයේ මෙසේ කියා ඇත. ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැරණි අත්ලාංතිස යුගයේ සිටියහ. ඔවුන් සහ ඔවුන්ගේ දැනුම අත්ලාංතිසය විනාශ වීමත් සමඟම විනාශ වී ගියේය. අත්ලාංතිසය මෙන්ම පිරමීඩ වලටත් වඩා පැරණි විය හැකි ස්පින්ක්ස් ප්‍රතිමාව අමතක කල නොහැක.

    එනම් පසු කලෙක පැමිණි පාරාවෝ රජවරුන්ද අප මෙන්ම පිරමීඩ තැනූ නියම හේතුව නොදැන, අයාලේ ගොස් ඔවුන්ගේ ශරීර මිහිදන් කිරීමට ඒවා සොහොන් සේ භාවිතා කලේද?

    ඉහත ‘Waveguide’ අදහසෙන්වත්, පිරමීඩ තැනූ හේතුව සොයා ගන්නට නොහැක්කේ, අපේ සෞර ග්‍රහ මණ්ඩලයට සමීපවම ඇති තාරකාව වන ‘ඇල්ෆා සෙන්චරි’ යන තාරකාවට ආලෝක කිරණයක් යෑමට ගතවන කාලය අවුරුදු 4ක් වන බැවිණි. එය එසේ නම් මේ දෝනා නාභිගත කර ඇති තාරකා වලට සඥාවක් යැවීමට සහ ලැබීමට වසර ගණනාවක් ගතවන හෙයිණි.

    නමුත් අප සිතන්නේ අප දන්නා දැනීම් පරාසය ඇතුලේ සිට පමණි. අත්ලාංතිස ජාතිකයන් අපට වඩා බොහෝ දියුණුව සිටි මිනිසුන් ලොටසක් යයි කියත්. කෙසේ හෝ මේ ‘Waveguide’ අදහස, පිරමීඩ බැලූ අපමණ සාමාන්‍ය මිනිසුන්ගෙන් එකම එක කෙනෙක් වන මා හට පැමිණි හිතුවක්කාර අදහසක් පමණි.

    ස්වර්ගයේ සිටින පිරමීඩ නිර්මාපකයන් මේ අදහසට දැනටමත් සිනහ වෙනවා වෙන්නටද පුළුවන.

    Ref >>>>>>>>>>>lalithkrunaratna.wordpress
     

    Attachments

    • 1.jpg
      1.jpg
      38.9 KB · Views: 527
    • 2.jpg
      2.jpg
      58.7 KB · Views: 506
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මහා පිරමීඩයේ ජ්‍යාමිතික දත්ත ලෝකයේ ජ්‍යාමිතික දත්තවලට සමානුපාතික වන බව සොයා ගෙන ඇත. වෙන එකක් තබා මහා පිරමීඩයේ ඇති කෝණ වල අගයයන් දේදුන්නේ වර්ණ වල සංඛ්‍යාත වලට සමානුපාතික වන බව සොයා ගෙන ඇත. ආලෝකයේ ප්‍රවේගයටද සමානුපාතික වන පිරමීඩ දත්ත ඇත. පිරමීඩ ලෝකයේ අනුරුවක් වේ යයිද කියති. එහෙත් එසේ වන්නට පිරමීඩ නිර්මාණය කලේ කුමක් නිසාද යන්න, ශත වර්ෂ ගණනාවක් තිස්සේ බොහෝ ක්ෂේත්‍ර වල විද්වතුන් නගන පැනය වේ.

    WTF I just read
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    WTF I just read

    උඩින් පොල්ලෙන් කියෙව්වෙ
    මාත් දැන් දැක්කෙ :baffled:

    Patta



    You must spread some Reputation around before giving it to hiranlahiru2015 again. :( :(





    Rep++
    BUMP

    TFS +++++

    rep added :)
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha