මහින්දගෙන් රටටම ආදර්ශයක්
කිරි අම්මාවරුන් 300ක් කැදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිල් රෙදි බෙදාදීමට කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක් අද (15) පෙරවරුවේදී කුරුණෑගල පොලිසිය විසින් අත්හිටුවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ස්ථානයට ගොස් ඇති අතර, පැමිණ සිටි කිරිඅම්මාවරුන්ට දානමය සංග්‍රහයක් සිදුකරමින් සිටි බවත් පොලිසිය පවසයි.
මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද හිටපු ජනාධිපතිවරයා මේවන විට ක්‍රරුණෑගල දිස්ත්‍රික්කයේ පන්සල් ආශ්‍රිතව තම ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඉන්පසු රාජපක්ෂ අපේක්ෂකයා දෙමටලුව රජමහා විහාරයේ දී ජනතාව එක්රැස් කරමින් තවත් උත්සවයකට සහබාගි විය .මෙලෙස මැතිවරණ නීතියට පටහැනිව ක්‍රියා කරමින් අද දින ප්‍රදේශයේ විහාරස්ථාන ගණනාවක උත්සව සංවිධාන කර ඇත. රටටම ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස කටයුතු කලයුතු පුද්ගලයකු මෙලෙස මැතිවරණ නීති උල්ලංගනය කිරීම ජනතාවගේ අප්‍රසාදයට ලක්වී ඇත.