මහින්දගෙ අපේක්ෂකය තමිල්නාඩුවෙන් පිට තිය&

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්දගෙ අපේක්ෂකය තමිල්නාඩුවෙන් පිට තිය&

මහ මැතිවරණය අවසන් වන තුරු සනත් IPLවලින් ඉවත් කරන්නැයි ඉන්දියානු පක්ෂයක් ඉල්ලයි දේශීය 2010 මාර්තු 20 වෙනි සෙනසුරාදා, 10:55
Krishna.jpg
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර සනත් ජයසූරිය වෙමර මහ මැතිවරණය අවසන් වන තුරු වහාම එම කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස ඉන්දීය දේශපාලන පක්ෂයක් වන පුතිය තමිසගම් පක්ෂය පවසයි. පුතිය තිමසගම් පක්ෂයේ නායක ආචාර්ය කේ.ක්‍රිෂ්ණසාමි මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කර ඇත.


IPL තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය එළඹෙන 06දා පැවැත්වෙන තරගයට ක‍්‍රීඩා කළහොත් තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගනය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත් වන බවත් ක්‍රිෂ්ණසාමි මහතා අවධාරණය කර ඇත. ක‍්‍රිෂ්ණසාමි මහතා වැඩිදුරටත් පවසන්නේ සනත් ජයසූරිය අප්‍රෙල් මස 08 දා පැවැත්වෙන මහ මැතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පක්ෂයෙන් තරග කරන අයකු බවත්, එය අවසන් වන තුරු සනත් ජයසූරිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඇතුළත් කර නොගන්නා ලෙස ද ඉල්ලීමක් කර ඇති බවත්ය.

"අපි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට උපදෙස් දීල තියෙනවා මහින්ද රාජපක්ෂගෙ අපේක්ෂකයව තමිල්නාඩුවෙන් පිට තියන්න කියල. ඔවුන් ඒ ඉල්ලීම පැහැර හැරල, චෙන්නායි තරගය සඳහා සහභාගී කරව ගත්තොත් ක‍්‍රීඩාංගණය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා." ආචාර්ය කේ.ක‍්‍රිෂ්ණසාමි මාධ්‍ය හමුවේ පවසා ඇත.