මහින්දගේ ඔප්පුත් මෛත්‍රී බෙදයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මහින්දගේ ඔප්පුත් මෛත්‍රී බෙදයි

DSCF14971.jpg

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අත්සන් කළ ඉඩම් ප්‍රදාන පත්‍ර තොගයක් නව රජයේ නියමයෙන් අඟහරුවාදා (24) යාපන කච්චේරියේ දී බෙදා දුන් බව යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියයි.
දින සියයේ ජාතික වැඩසටහන යටතේ යාපනයේ ජනතාවට ඉඩම් අයිතිය පිරිනැමීම සංකේතවත් කරමින් ඉඩම් අක්කර 425ක අයිතිය පසුගිය සඳුදා (23) නව රජයේ නායකයෝ යාපනයේ දී ඊට පෙර දින (23) උතුරු වැසියනට පිරි නැමූහ. අධි ආරක්ෂක කළාපයෙන් නිදහස් කළ අක්කර 1000ක් එමේ ඔවුනට බාර දුන්හ.
මෙම උත්සවයට රජයේ ඉහළම පෙළේ නියෝජිතයෝ සහභාගී වූහ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරංතු ඔවුහුය. එවැනි නියෝජිත පිරිසක් යාපනයට ගිය පළමු අවස්ථාව මෙයයි.
රන්බිම ඔප්පු එහි දී ප්‍රදානය කැරිණි.
මාර්තු 23 වැනි දා දුන් රන්බිම ඔප්පු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරිය සහ යාපනය දිසාපති අත්සන් තබා තිබිණි. එම ඔප්පු සමඟ ජනපතිගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉඩම් ඇමැති එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ සුබපැතුම් පණිවිඩ ද විය.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රදාන පත්‍ර ලෙස හැඳින්වූ ඔප්පු තොගයක් 24 වැනි දා කච්චේරියේ දී බෙදා දුන්හ. එහි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ අත්සන තබා තිබිණි. ඒ සමඟම හිටපු ජනපතිගේ හා හිටපු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පණිවුඩ ද එහි ඇතුළු කර තිබිණි.
හිටපු ජනපති ඉඩම් ප්‍රදාන පත්‍රවලට අත්සන් කර ඇත්තේ 2015 ජනවාරි හය වැනි දා ය. එනම් ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ය. යාපන ඉඩම් ලේකම් කාර්යාලයයේ එම ප්‍රදාන පත්‍ර ලියාපදිංචි කර ඇත්තේ 2015 පෙබරවාරි 11 වැනි දාය.

http://www.lankadeepa.lk/index.php/articles/305182
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    e kiyanne mahinda inna kalet rata kali kotiyata liyanna hadala :shocked::P;)
    Anika machan mahinda hitapu janadhi pathi, e manussaya thamange dura kalayeee owa bedala dennane haduwe, alutin my3 path una ethuma e tika bedala dunna, eke waradak nane :)

    mewa my3 wat mahindawat budalayen dena ewa nemeine rajayen dena ewane :) eka nisa e post eke inna kenage wagakima oka :)
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    e kiyanne mahinda inna kalet rata kali kotiyata liyanna hadala :shocked::P;)
    Anika machan mahinda hitapu janadhi pathi, e manussaya thamange dura kalayeee owa bedala dennane haduwe, alutin my3 path una ethuma e tika bedala dunna, eke waradak nane :)

    mewa my3 wat mahindawat budalayen dena ewa nemeine rajayen dena ewane :) eka nisa e post eke inna kenage wagakima oka :)

    :yes::yes::yes: