මහින්දගේ තව හොරු දෙන්නෙක් අත් අඩංගුවට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ තව හොරු දෙන්නෙක් අත් අඩංගුවට

rajapaksa.gif


රාජපක්ෂ පදනමේ දෙදනකු අත්අඩංගුවට ගනී
2016-05-23 Lankaanews 0 Comment පදනම, මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ
රාජපක්ෂ අධ්‍යාපන හා සංස්කෘතික කේන්ද්‍රය නමින් පවත්වාගෙන ගිය සංවිධානයක නිලධාරීන් දෙදෙනෙකු වන ආචාර්ය විලී ගමගේ සහ ආරියතිලක දසනායක යන මහත්වරුන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ මිලදී ගත් ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන් අද (23) එම පොලිස් කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර මූලික ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝටි 05ක් වටිනා එම ඉඩමට ඔවුන් දෙදෙනා රුපියල් කෝටිය බැගින් මුදල් ලබා දී ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.

ආචාර්ය විලී ගමගේ මහතා එම මුදල් ලබා දෙන වකවානුවන වන විට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කර තිබේ.

ආරියතිලක දසනායක මහතා එම කාලවකවානුව වනවිට ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇත.

මේ වනවිට ආරියතිලක දසනායක මහතා එම රාජපක්ෂ කේන්ද්‍රයේ ලේකම්වරයා ලෙසත් ආචාර්ය විලී ගමගේ මහතා එහි සභාපති ලෙසත් කටයුතු කරමින් සිටින බවද පැවසේ.