මහින්දගේ සතුටු කඳුලේ කතාව

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    මහින්දගේ සතුටු කඳුලේ කතාව

    මහින්ද රාජපක්ෂට යෝෂිත පුතා හිරේ යෑම ගැන දෑසට කඳුළු නැගුනේ ඇයි..? ඒ අන් කඳුලක් නොව ‘ඇති යාන්තම්.. අපි පවුලේ සියල්ලෝම එකතු වී කළ හොරකම් වලින් හසුවූයේ යෝෂිත විතරයි, අනෙක් අය තවම හසුවූයේ නෑ නේද? යන සතුටු කඳුලු ය. පහත ලිපිය කියැවීමෙන් මහින්දගේ කඳුලේ තරම ජනතාවට හොඳින් තේරුම් යනු ඇත.

    සී.එස්.එන් [CSN] සඳහා මුදල් යෙදවීම සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේද කාගෙන්ද යන ප‍්‍රශ්නයට ලැබෙන්නේ මෙවන් පිළිතුරකි. යෙදවූ මුදල රුපියල් මිලියන 230කි. එම මුදල ලැබුණේ කාගෙන්ද?
    සජින් වාස් ගුණවර්ධනට අයත් කොස්මෝස් ටෙක්නොලොජි ආයතනයෙන් රුපියල් මිලියන 50 යි, ඔහුටම අයත් කොස්මෝස් ප‍්‍රින්ටින් ආයතනයෙන් රුපියල් මිලියන 50 යි, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරාගෙන් මිලියන 52 යි, එල්.ඕ.එල්.සී (LOLC) ආයතනයෙන් ණයක් ලෙස රුපියල් මිලියන 50 යි, චෙස්මි කොන්සොලිඩේට්ස් ආයතනයෙන් මිලියන 25යි.

    ආරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩලය සචිත‍්‍ර කවිෂාන් දිසානායක, රබිනාත් ප‍්‍රනාන්දු, සාධ්‍යා කරුණාජීව, රොහාන් වැලිවිට, දිනේෂ් ජයවර්ධන වූහ. මාස දෙකක කාලයක් අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කිරීමෙන් පසුව රොහාන් වැලිවිට ඉන් ඉවත් වන අතර ඒ වෙනුවට අධ්‍යක්‍ෂ මණ්ඩලයට දිනේෂ් ජයවර්ධන ඇතුළත් කෙරිණ.

    පවුලේ සමාගම සීඑස්එන්

    සචිත‍්‍ර යනු යෝෂිතගේ කළණ මිතුරාගේ අයියාය. රබිනාත් යනු යෝෂිතගේ පන්ති සගයාය (Class mate). සාධ්‍යා කරුණාජීව රාජපක්ෂ පවුලට හිතවත්ව කටයුතු කළ ඩබ්ලිව්. කරුණාජීව හෙවත් මහජන බැංකුවේ හිටපු සභාපතිගේ ලේලි ය. රොහාන් වැලිවිට ජනාධිපති මාධ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කළේය. දිනේෂ් ජයවර්ධන යනු මැක්ලර්නස් ආයතනයේ හිමිකරු සහ ප‍්‍රකට කාර් රේස් ව්‍යාපාරිකයාය. සියල්ලෝම රාජපක්ෂ පවුලේ අතිජාත මිත‍්‍රයෝය. ආරම්භක ලිපිනය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්, අංක 260/12, ටොරිංටන් ඇවනිව්, කොළඹ 05. ‘සිරිලිය සවිය’, ‘තාරුණ්‍යයට හෙටක්’ යන ව්‍යාපාර ලියාපදිංචි කර තිබුණේ ද මෙම ලිපිනයේ ය.

    කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ලිපිනයේ ලියාපදිංචි කර තිබුණේ 2011 වසරේදීය. කාල්ටන් පෙර පාසල් සමූහය, කාල්ටන් ක‍්‍රීඩා සමාජ ඇතුළු කාල්ටන් හෙවත් රාජපක්ෂ සමාගම් සමූහයේ මෙහෙයුම් මධ්‍යස්ථානය ලියාපදිංචි කර තිබුණේ මෙතැනය. ආරම්භක ලිපිනය සහිත ඉඩම කාගේද? මෙම ඉඩම අයිතිව තිබුණේ ප‍්‍රභාත් නානායක්කාර නමැති ව්‍යාපාරිකයාටය. 2002-2003 වසරේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී ඔහු සහ ඔහුගේ පවුලට නවාතැන් ගැනීම සඳහා මෙම ඉඩමේ ගොඩනැගිලි ලබා දී තිබිණි. එහෙත් ඒ සඳහා බදු ගිවිසුමක් හෝ වෙනත් කිසිදු ලියැවිල්ලක් අත්සන් කර තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් අනතුරුව අදාළ ඉඩම ප‍්‍රභාත් නානායක්කාර නමැත්තාට දිය යුතුව තිබුණත් රාජ්‍ය බලයේ නාමයෙන් එය එසේ කර තිබුණේ නැත. ඒ වෙනුවට රාජපක්ෂ පවුල මෙම ඉඩම මිලදී ගන්නට කටයුතු කළේය.

    මේරි ලෝඩ් වික්‍රමසිංහ යනු කව්ද..?

    ඉඩම මිලදී ගත්තේ කවුද? රහස ඇත්තේ එතැනය. ඩී.අයි. අබේවික‍්‍රම නම් ප‍්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද 676 දරන ඔප්පුවට අනුව රුපියල් මිලියන 35කට මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ මේරි ලෝඩ් වික‍්‍රමසිංහ (ජා.හැ.අං. 535233314V) නම් තැනැත්තිය විසිනි. ‘මේරි ලෝඩ් වික‍්‍රමසිංහ‘ යනු කවුද?

    පාතාලයට, කුඩු ජාවාරම්වලට, සමාජ විරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ අපරාධකරුවන්ට විවිධ වර්ගයේ ව්‍යාජ නම් පටබැඳී ඇත. වම්බොට්ටා, මාළු නිහාල්, කළු අජිත්, මොරටු සමන්, මාමිස්මි, චණ්ඩි මල්ලි එවැනි නම් කිහිපයකි. පොලීසිය මොවුන් අධිකරණයට හඳුන්වා දෙන්නේ ඔවුන්ගේ ඇත්ත නමිනි. ”වෙලේ සුදා” හෙවත් සමන්ත කුමාර යැයි කියන්නට සිදු වන්නේ මේ නිසාය. සී.එස්.එන්. ඉඩම මිලදී ගැනීමේ දී ද තත්ත්වය මෙයයි. ඉඩම රුපියල් මිලියන 35කට 2013 අපේ‍්‍රල් 05 වන දින මිලදී ගෙන තිබුණේ ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරි ලෝඩ් වික‍්‍රමසිංහ මැතිණිය විසිනි. තවත් සරලව කිවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ විසිනි. ලිපිනය වෙන තැනක ව්‍යාපාරය තව තැනකය. සී.එස්.එන්. නාලිකාවේ ලියාපදිංචි ලිපිනය නො. 260/12, ටොරිංටන් ඇවනිව්, කොළඹ 05 යන ලිපිනයේ ලියාපදිංචි කර තිබුණත් එම ආයතනයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්නේ අංක 236/01, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයේ ය

    සමාජ සුබසාධනයට ගත් රජයේ ඉඩම පවුලට සින්න කර ගත් හැටි

    මෙම ඉඩම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යාබද ඉඩමය. ඒ ඉඩම කාගේද? අලුත් ලිපිනය කාගේද? 2003 අපේ‍්‍රල් 05 වන දින එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය එම්.එච්. මොහොමඩ් මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සංස්කෘතික හා සමාජ සේවා පදනමේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මෙම ඉඩම ලබා දෙන ලෙසය. එවකට හිටපු අමාත්‍ය එම්.එච්. මොහොමඞ් මහතා 2003 සැප්තැම්බර් 22 වන දින කැබිනට් අංක 19/2003 යටතේ කැබිනට් පත‍්‍රිකාවක් මඟින් ඊට අවසර ඉල්ලා සිටියේය. 2003 දෙසැම්බර් 03 වන දින කැබිනට් පත‍්‍රිකා අංක 10/8/1/602 යටතේ ඊට කැබිනට් අනුමැතිය ලැබෙන්නේය. 1998 අංක 23 දරන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත ගැසට් නිවේදනයක් මඟින් ද ප‍්‍රසිද්ධ කරන ලදී. කපටි රාජපක්ෂ ඉඩම ලබා ගත්තා මිස කිසිදු සමාජ සේවා කටයුත්තක් මේ ඉඩමේ පවත්වාගෙන ගියේ නැත.

    රාජපක්ෂ පදනම සංස්ථාගත කිරීමේ පනතට අනුව අනාථ නිවාස, මහලු නිවාස පිහිටුවීමට සහ පවත්වාගෙන යෑමට සමාජ සුබසාධන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්ෂ එකඟ වූයේය. අඳ, ගොළු, බිහිරි සහ ආබාධිත තැනැත්තන් සඳහා සුබසාධන පහසුකම් සැලසීමටත් නිවර්තන නිවාස පිහිටුවීමටත් එකඟ වූයේය. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැත. අවසානයේ පවුලේ ඥාතීන්ගේ ලැගුම්හලක් බවට එතැන පත් වුණේය. 2011 සිට සී.එස්.එන්. හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් නම් ව්‍යාපාරය ඇරඹෙන්නේ අඳ, ගොළු, බිහිරි උන් වෙනුවෙන් සමාජ සුබසාධනය කරනවා යැයි කියා එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා ගත් මෙම ඉඩමේය
    .
    යෝෂිත මාට්ටු

    සී.එස්.එන්. නාලිකාවේ නාලිකා ප‍්‍රධානී ලෙස කටයුතු කළේ යසාරා අබේනායක මෙනවියය. ඇයට එම තනතුර ලැබී තිබුණේ ඇය යෝෂිත රාජපක්ෂ එකල විවාහ ගිවිස ගත් තරුණිය වීම හේතුවෙන් බව රටට රහසක් නොවේ. තත්ත්වය මෙසේ තිබියදීත් සී.එස්.එන්. නාලිකාවට යෝෂිතගේ සම්බන්ධයක් නොමැති බව එහි පාලනාධිකාරිය ඔප්පු කර පෙන්වීමට මහන්සි ගත්තේය. නමුත් යෝෂිත රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ඇත්ත එළියට ආවේය.

    රජයේ සේවකයෝත් CSN සේවයට

    ප‍්‍රියන්ත අබේරත්න නම් තැනැත්තකු 2009.03.02 වන දින සිට 2013.03.13 දක්වා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කළේය. ඔහු ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාලය තුළ මාසිකව රුපියල් එක්ලක්ෂ තිස්දහසක (130,000) වැටුපක් ලබා ගත්තේය. එම කාලය තුළ ස්ථාන මාරුවක් හෝ වෙනත් ආයතනයකට අනුයුක්ත කිරීමක් ද සිදු වී නැත. එසේ වුව ද 2012.01.09 වන දින සී.එස්.එන් නාලිකාවේ බලපත‍්‍රය සම්බන්ධ ගැටලූවක් නිරාකරණය කරගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසමට යවන ලද ලිපියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස අත්සන් තබන්නේ ප‍්‍රියන්ත අබේරත්න නමැත්තාය. දේශපාලන බලය යොදවා රාජ්‍ය සේවය අවභාවිතාවට ලක්කර තිබෙන බව දැන් පැහැදිලිය.
    ප්‍රියන්ත අබේරත්න කවුද?

    ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරි ලෝ වික්‍රමසිංහ ගේ මුහුණේ වත්සුණු තවරා ඇය හැඩ ගන්වනු ලැබුවේ චාන්දනී බණ්ඩාර නම් රූපලාවණ්‍ය ශිල්පිනිය විසිනි. ඇගේ ස්වාමිපුරුෂයා වූයේ ප්‍රියන්ත අබේරත්න ය.

    කළු සල්ලි මාට්ටු

    සී.එස්.එන්. ආයතනයට මුදල් ලැබුණේ කෙසේද යන්නත් ඔවුන් කර ඇති ණය ගනුදෙනු සම්බන්ධවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ උකුසු ඇස යොමු විය. විමර්ශන සම්බන්ධව B/1823/15 යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව සී.එස්.එන්. ආරම්භ කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මුදල් පරිත්‍යාග කර නැත. නමුදු ඔහු මුදල් පරිත්‍යාග කළ බවට ලේඛනයක් ඉදිරිපත් කර ඇත්තේ යෝෂිත ප්‍රමුඛ සී.එස්.එන්. බළඇණිය විසිනි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ බලහත්කාරයෙන් කිසියම් ලිපියක් සඳහා නිමල් පෙරේරාගේ අත්සන යොදා ගත් බවයි. ඔහු කිසි විටෙක රුපියල් මිලියන 52ක මුදලක් සී.එස්.එන්. ආරම්භ කිරීම සඳහා ලබා දී නොමැති බව හෙලිවිය.

    සජින් වාස්ගේ කොස්මෝස් ටෙක්නොලොජි (Cosmos Technology) සහ කොස්මෝස් ප‍්‍රින්ටින් (Cosmos Printing) යන සමාගම් දෙකෙහිම අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරන්නේ ටියානා දියන්ති ඇන්තනීස් නමැත්තිය යි. ඇය සජින් වාස්ගේ බිරිඳය. මෙම සමාගම් දෙකේ උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ සජින් වාස් ගුණවර්ධනය.

    සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට කොස්මෝස් ටෙක්නොලොජි සහ ප‍්‍රින්ටින් යන සමාගම් දෙකෙන් රුපියල් මිලියන 50 බැගින් මුදල් ලැබුණු බව සී.එස්.එන්. නාලිකාව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවල දී සජින් වාස් ගුණවර්ධන පිළිගෙන ඇත්තේ කොස්මෝස් ප‍්‍රින්ටින් යන සමාගමෙන් රුපියල් මිලියන 50ක් සී.එස්.එන්. වෙත ලබා දුන්නත් කොස්මෝස් ටෙක්නොලොජි සමාගමෙන් මුදල් නොගෙවූ බවය. ඒ අනුව රුපියල් මිලියන 50 කට වගකිව යුත්තෙක් නැත.

    LOLC ණය නොගෙවීම

    සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා LOLC සමාගමෙන් රුපියල් මිලියන 50ක මුදලක් ණයට ගෙන තිබිණි. එම ණය නොගෙවා පැහැර හැරීම නිසා ඇපකරයක් මඟින් ණය මුදල කපා ගැනීමට LOLC ආයතනය ක‍්‍රියා කළේය. මෙම ඇපකරය ඉදිරිපත් කර ඇත්තේ සිංගප්පූරු TPL ප‍්‍රයිවට් ලිමිටඞ් නම් සමාගමයි. ඇපකරු වශයෙන් අත්සන් කර ඇත්තේ එහි සාමාන්‍යාධිකාරිවරියක ලෙස කටයුතු කර ඇති ටියානා දියන්ති ඇන්තනීස් නැතහොත් සජින් වාස් ගුණවර්ධනගේ බිරිඳය. සිංගප්පූරු TPL සමාගම ශ‍්‍රී ලංකාවේ කර ඇති එකම කාර්යය මිහින් ලංකා ගුවන් සේවයේ පර්යන්ත මෙහෙයුම (Ground Handing) සඳහා උපකරණ සැපයීමයි. එම කොන්ත‍්‍රාත්තුව ඔවුන්ට ලබා දී ඇත්තේ සජින් වාස් මිහින් ලංකා කළමනාකරණ අධ්‍යක්‍ෂ ධුරය දරන කාලයේය.

    සී.එස්.එන්. වෙනුවෙන් ඇපකර තැබීමට TPL සමාගමට නැතහොත් සජින්ගේ බිරිඳට මුදල් ලැබුණේ කෙසේද?
    මෙම ගනුදෙනුවට අමතරව සජින්ගේ බිරිඳගේ කොස්මෝස් ප‍්‍රින්ටින් නම් ආයතනය LOLC සමාගමෙන් රුපියල් මිලියන 35ක ණයක් ගත්තේය. එම ණය මුදලට ඇප වී ඇත්තේ ද සිංගප්පූරු TPL සමාගමය. කොස්මෝස් ප‍්‍රින්ටින් ආයතනය ණය නොගෙවීම නිසා LOLC සමාගම ණය අය කරගත්තේ TPL සමාගමේ ඇපකරයෙනි. නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය යනුවෙන් ජනවහරේ කියන්නේ මේ වාගේ වැඩවලටය. පොලිස් පරීක්ෂණ අනුව රුපියල් මිලියන 230 ක කළු සල්ලි සී.එස්.එන්. කොස්මෝස් LOLC යන සමාගම් අතර හුවමාරු වී තිබෙන්නේය.

    මහින්දගේ අක්කගේ දරුවනුත් හොරකමේ

    මීට අමතරව චෙස්මි කොන්සොලිඩේටඩ් (CHESMI CONSOLIDATED (PVT) Ltd.) පෞද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 25ක් සී.එස්.එන්. වෙත ලැබුණු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේය. චෙස්මි කොන්සොලිඩේටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා වන්නේ හිමාල් ලාලින්ද්‍ර හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චි යන අය ය. මොවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂගේ අක්කාගේ දරුවන් දෙදෙනාය. ඔවුන්ට අයත් මේ ආයතනය මඟින් 2011 වසරේ නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 15ක් ලබා දීම සම්බන්ධව FCID ඇස යොමු වුණේය.

    චෙස්මි කොන්සොලිඬේට්ස් නම් සමාගම කරන ලද එකම කාර්යය නම් එහි අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා වන හිමාල් ලාලින්ද්‍ර හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චි යන දෙදෙනා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඩයලොග් නියෝජිතයන් ලෙස කටයුතු කිරීම ම පමණි. එසේ කටයුතු කරද්දී අසීමිත ආදායම් ලැබුවේ කෙසේද යන්න පොලීසිය විමර්ශනය කරමින් සිටින්නේය. ඩයලොග් සමාගම ද රාජපක්ෂ සමාගම්වල දූෂණ හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බව ද දැනගන්නට ඇත. පිටරටින් විශේෂඥයන් ගෙන්වා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම ලබා දෙන්නට සිදු වී ඇත්තේ මේ ජාතියේ ඉංග‍්‍රීසි හොරකම් පිළිබඳව විමර්ශනය කරන්නටය.

    CSN යනු කළු සල්ලි සුදු කිරීමටම අටවා ගත් එකක්

    කළු සල්ලි සුදු කරන ජාවාරම ක‍්‍රියාත්මක කෙරී ඇත්තේ ද විශේෂඥ උපදෙස් මතය. තවත් සරලව කිවහොත් රාජපක්ෂවරු විශේෂඥ දැනුමකින් හොරකම් කළේය. සී.එස්.එන්. නාලිකාව ආරම්භ කර ඇත්තේත් පවත්වාගෙන යමින් සිටින්නේත් කළු සල්ලි මතය. සියලු දහංගැට දැන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සාක්ෂි සහිතව ඔප්පු කරගෙන අවසන්ය. විමර්ශන සිදු කෙරෙන මොහොතේ සී.එස්.එන්. විකුණා දැමීමට රාජපක්ෂවරු උත්සාහ දැරුවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එය වළක්වාලමින් තහනම් නියෝගයක් ලබාගෙන තිබේ. සී.එස්.එන්. සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන කටයුතු නුදුරේදීම අවසන් කෙරෙනු ඇත. සී.එස්.එන්. කර ඇත්තේ නාලිකාවක් පවත්වාගෙන යන මුවාවෙන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යාමය; ආර්ථික ඝාතකයකු නඩත්තු කිරීමය. මේ නිසා ඉතා නුදුරේදීම සී.එස්.එන්. නාලිකාව රාජසන්තක කෙරෙන්නේය. ඉංග‍්‍රීසියෙන් හොරකම් කරන්නේ ජනතාවට නොතේරෙන්නය. රාජ්‍ය බලය තිබිය දී ජනතාවගෙන් වසන් කරන සත්‍යය කවදාක හෝ එළියට එන්නේය. ඉතිහාසය විසින් ඔප්පු කර ඇත්තේ එයයි.

    ස්තූතිය - සිලෝන් ෆස්ට් -
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පරණ හොරකම් ඇල්ලුවේ නැතත් කමක් නැහැ. ආයේ නම් මේ වගේ හොරකම් ලංකාවේ සිද්දවෙන්න දෙන්න එපා.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකට මූලාශ්‍ර නෑ මචං.මේක ලංකා පත්තරේට ලියවුන ලිපියක්.උන් ඒක ලිව්වේ අදටත් ලියුම්කරුවෙක් නැති Colombotelegraph වෙබ් අඩවිය පාදක කරගනිමින්.
    මෙතන තියෙන ගිණුම් වාර්ථා හා නම ලිපිනයන් 25%ක් හරි.හැබැයි මහින්ද ඡන්දෙන් පරද්දන්න කලින් මැව්වා වගේ මාර සුරංගනා කතාවක් මේ ගොතලා තියෙන්නේ.ඒත් රාජපක්ෂලා හැමදාම අනාගන්න එක හේතුවක් වුන මඩවලට උත්තර නොදීමේ න්‍යාය නිසා මේ වගේ තුප්පහි හීන කතා වලට තටු ලැබුනා.

    රනිල් වගේ පන්දම අතට අරන් පරල වෙලා පාර්ලිමේන්තුවේ කෑගැහුවේ නෑනේ මහින්ද.මහින්දයාගේ එක වැරැද්දක් ඒක.මිනිහා උත්තර දෙන්න හරිම හොරයි.ඒ මිනිහාට උත්තර නැති නිසා නෙවෙයි.ඕනකමක් නෑ.
    මොකද මහින්ද හා ගෝඨා ළඟින් දන්න අය දන්නවා මේ නඟන චෝදනා කිසිවක් දුරදිග අරන් යන්න බැරි විහිලු කියලා.

    රනිල් CSN තෝරාගත්තේ ඒකට මුදල් යෙදෙව්වා කියන සජින් ද වාස් ගුණවර්ධන දැන් රනිල් එක්ක එකතු වෙලා නිසා.පොරව සාක්ෂිකාරයෙක් කරලා මේ නඩුව හරි දිනාගන්නයි රනිල් සහ සිරිසේනට ඕන.අපි බලමු.මම නම් හිතන්නේ නෑ හැබැයි ඒක කරන්න පුළුවන් වේවි කියලා..
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේක එක බයියෙක්වත් කියවන්නේ නෑ බන් උන්ව බ්‍රේන් වොශ් කරලා ඉන්නේ. උන්ට මේවා අරහන්. හැබැයි රෙප් නම් කැපෙයි. කොහොමත් මහ බයියා වගේම හොරෙන් වැඩ දාන්න තමා බයියෝ දස්ස. :P:P:P:P:P:P:P:P:P:P

    බයියන්ට මොළේ තියෙනවා ඒකයි. ටොයියො පළල් කරන් ඉන්නවා හැම තිස්සෙම. ඉතින් වටේ ඉන්න උන් ටික ඇරල යන එක අහන්න දෙයක්ද. ඉන්න තරමක් කොලු කාරයො ඉන්නේ ටොයි පිළේ. :yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Happy_Tears.jpg


    bump
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕව වැඩක් නැහැ

    තජුදීන් ගේ මිනිය ගොඩ ගත්තේ තූපී හැතිකරේ කන්නද බෙදාගෙන

    දැන් වෙන හේතුවක් හොයල ඇතුලට දැම්මා


    එකෙන්ම පේනවා unp පොන්නයන්ගේ නොහැකියාව
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,653
    113
    Auckland
    මහින්ද 2005දි එනකොට ආවෙ හොද චේතනාවෙන්. හිටන් වගේම ලොකුවට එතකොටත් මිනිහ ලොකු සද්දයක් කරන් ආවෙ. රටේ මිනිස්සු හිතුවෙ මේ මිනිහ නම් හොද වෙයි කියල. අවුරුද්දක් යනකොට ටික ටික ඇමති මන්ඩලේ ලොකු උනා. පවුලෙ එවුන් ලොකු පුටු වල ඉන්දුනා. යුද්දෙත් එක්කම චන්දෙත් ගියා.එහෙන් දරුනු යුද්දෙ මෙහෙන් හැමදාම චන්ද. 2008 විතර වෙනකොට බඩු මිල ඔන්න ඩබල් උනා. අවුලක් නෑ යුද්දෙ දැන් සැරටම යනව. කිලිනොච්චිය පේන දුරින්. අවුලක් නෑ ඔන්න එනව ආය චන්ද. 2009 උනා තෙල් වැඩි වෙනව. බස් වර්ජනය ලෙඩ කෝටියයි. හැබයි ලොක්කො ටික ෆුල් සපාන් එකේ. ආය චන්ද චන්ද. 2010 ඉදන් උන දේවල් ඔය මල්ලිලාට මතක ඇතිනෙ කියන්න ඕනෙ නෑ.
    ඉතින් මහින්දට ඇඩුනෙ සුවර් එකටම තමන්ගෙ කාලෙ ගත්ත ගොබ්බ තීරන නිසා අම්මලා අප්පලා කීදෙනෙක් අඩන්න ඇද්ද ? චන්ද පස්සෙ දුවල අන්තිමට ගෙදරම යන්න උනානෙ :dull:

    මාත් ගහනව අත දිග ඇරල මහින්දට X ගොබ්බ තීරන අරන් රට කෑවෙ නැත්තන් :yes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහින්ද 2005දි එනකොට ආවෙ හොද චේතනාවෙන්. හිටන් වගේම ලොකුවට එතකොටත් මිනිහ ලොකු සද්දයක් කරන් ආවෙ. රටේ මිනිස්සු හිතුවෙ මේ මිනිහ නම් හොද වෙයි කියල. අවුරුද්දක් යනකොට ටික ටික ඇමති මන්ඩලේ ලොකු උනා. පවුලෙ එවුන් ලොකු පුටු වල ඉන්දුනා. යුද්දෙත් එක්කම චන්දෙත් ගියා.එහෙන් දරුනු යුද්දෙ මෙහෙන් හැමදාම චන්ද. 2008 විතර වෙනකොට බඩු මිල ඔන්න ඩබල් උනා. අවුලක් නෑ යුද්දෙ දැන් සැරටම යනව. කිලිනොච්චිය පේන දුරින්. අවුලක් නෑ ඔන්න එනව ආය චන්ද. 2009 උනා තෙල් වැඩි වෙනව. බස් වර්ජනය ලෙඩ කෝටියයි. හැබයි ලොක්කො ටික ෆුල් සපාන් එකේ. ආය චන්ද චන්ද. 2010 ඉදන් උන දේවල් ඔය මල්ලිලාට මතක ඇතිනෙ කියන්න ඕනෙ නෑ.
    ඉතින් මහින්දට ඇඩුනෙ සුවර් එකටම තමන්ගෙ කාලෙ ගත්ත ගොබ්බ තීරන නිසා අම්මලා අප්පලා කීදෙනෙක් අඩන්න ඇද්ද ? චන්ද පස්සෙ දුවල අන්තිමට ගෙදරම යන්න උනානෙ :dull:

    මාත් ගහනව අත දිග ඇරල මහින්දට X ගොබ්බ තීරන අරන් රට කෑවෙ නැත්තන් :yes:

    තෙල් වල ගණන් කොහොමත් වෙනස්වෙනවනෙ යකෝ ලෝක වෙලදපලත් එක්ක. බස් වර්ජන කරපු එවුන් මොන පැත්තෙද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේ ලගදි බස් ගැමුණු කියපු කථාවත් එක්ක... 2009න් පස්සෙ අම්මල අප්පල තමන්ගෙ පුතා පෙට්ටියෙ ගෙදර නොඑන එකට කොච්චර සතුටු වුනාද... තොපි වගේ බඩජාරින්ට හැමදාම කන්න නෑ බොන්න නෑ... තෝ කඩේකටවත් යන්නෙ නැද්ද හැම මගුලම ගණන් ගිහින්...
    2015 ඉදල 2016 වෙනකම් රටේ ජාතික ආරක්ෂාවට උන දේවල් ගැන කථා කරපන්කො බලන්න... උඹළ මෛත්‍රීට ඒ දවස් වල රෙදි නැතුව කඩේ ගිහින් මාස ගාණක් හැංගිල ඉදල යෝෂිත ඇතුලට දැම්ම විතරයි මෙතන ඇවිල්ල තප්පුලනව...
    උබලගෙ කතිරෙ ගහගනින් දැන් පුකේ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,653
    113
    Auckland
    තෙල් වල ගණන් කොහොමත් වෙනස්වෙනවනෙ යකෝ ලෝක වෙලදපලත් එක්ක. බස් වර්ජන කරපු එවුන් මොන පැත්තෙද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේ ලගදි බස් ගැමුණු කියපු කථාවත් එක්ක... 2009න් පස්සෙ අම්මල අප්පල තමන්ගෙ පුතා පෙට්ටියෙ ගෙදර නොඑන එකට කොච්චර සතුටු වුනාද... තොපි වගේ බඩජාරින්ට හැමදාම කන්න නෑ බොන්න නෑ... තෝ කඩේකටවත් යන්නෙ නැද්ද හැම මගුලම ගණන් ගිහින්...
    2015 ඉදල 2016 වෙනකම් රටේ ජාතික ආරක්ෂාවට උන දේවල් ගැන කථා කරපන්කො බලන්න... උඹළ මෛත්‍රීට ඒ දවස් වල රෙදි නැතුව කඩේ ගිහින් මාස ගාණක් හැංගිල ඉදල යෝෂිත ඇතුලට දැම්ම විතරයි මෙතන ඇවිල්ල තප්පුලනව...
    උබලගෙ කතිරෙ ගහගනින් දැන් පුකේ...

    :P:P:rofl::rofl:

    මම කාටවත් කඩේ ගියේ නෑ. හොරුන්ට හොරු කියන එක කඩේ යෑමක් නෙවෙයි. මහින්ද ගොබ්බයා නිසා ගෙදර ගියා. සොරි තමා හිටන් කාරයත් මහින්ද ගිය පාරෙම වගේ තමා යන්නෙ. මොකද මහින්දයත් ආපු ගමන් කොටි එක්ක ෆුල් අන්ඩර්ස්ටෑන්ඩින් වෙලානෙ හිටියෙ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කෝ හොරු ඇල්ලුවද ආහ්?? ෆීල් ලයික් සිංහ සෙයියාවෙන්
    මෙන්න පලිගන්නවෝ!! බලු කෙදිරිය!!
    දැන් දැක්කනේ නොහැකියාව. අඩපන් දැන් ඉතින් සතියක් විතර අවජාතක බයියෝ!
    :P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :P:P
     

    Similar threads