මහින්දගේ සහයකයින් ළඟ තිබී ආයුධ සොයා ගත් නš
මහින්දගේ සහයකයින් ළඟ තිබී ආයුධ සොයා ගත් නිසා පුත්තලමේ SF රැලිය තහනම් කරලා
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කෙරෙන මහ ජන රැලියක් පුත්තලම නගර සභා ක්රීඩාංගනයේදී අද (20) පැවැත්වීමට කටයුතු කර තිබූ නමුත් මෙම රැලිය පැවැත්වී අවලංගු කරමින් පුත්තලම දිසා විනිසුරු සේසිරි හේරත් මහතා නියෝගයක් නිකුත් කර ඇත. මෙසේ ෆොන්සේකා මහතාගේ රැලිය අවලංගු කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් ළඟ තිබූ ආයුධ තොගයක් නවගත්තේගමදී සොයා ගැනීම නිසා මෙම රැලියට ප්රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව පවසමිනි.
මේ අතර මදුරන්කුලියේදී මිය ගිය සන්ධාන ආධාරකරු සමන් කුමාරගේ අවමඟුලද එදිනට යෙදී තිබීමත් නවගත්තේගම සන්ධාන ආධාරකරුවන් ළග තිබී ගිනි අවි තොගයක් සොයා ගැනීමත් නිසා ජනරාල්ගේ රැලියට ප්රහාරයක් එල්ල වෙතැයි බුද්ධි තොරතුරු ඇති නිසා එය අවලංගු කරන්නැයි පුත්තලම මූලස්ථාන පරීක්ෂක කිංස්ලි ගුණසේකර මහතා අධිකරණයට කළ ඉල්ලීමක් සලකා බලමින් දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත. නමුත් සමන් කුමාර මහතාගේ අවමඟුල් කටයුතු සිදුවනුයේ පුත්තලම නගරයෙන් කිලෝමීටර 23 ක් දුරින් පිහිටි ආනමඩුව, තෝනිගල ප්රදේශයේදීය.