මහින්දට ආයතන හුගක්ම වැඩී

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මහින්දට ආයතන හුගක්ම වැඩී

    අමාතයංශ වලට සේරම ආයතන 202ක් තියෙන්නේ.මේකෙන් 89ක්ම මහින්දගේ යටතේ ගැසට් කරලා .මේ ඔක්කොම ප්‍රබල ආයතන සංස්තා.මේවා කොමිස් ගහන්න පුලුවන් හොරකම් කරන්න පුලුවන් හොදම ඒවා. තව අමාත්‍යංශ 52ක් චමල්ට.ඉතිරි ඒවාගෙන් 60ක් විතර තමයි අනිත් එවුන්ට.සමහර රාජ්‍ය ඇමතිවරුන්ට ඇමතිකම විතරයි.එකම ආයතනයක්වත් නෑ.කරන්න කිසිම දෙයක් නෑ. වරාය ඇමතිට රේගුව නෑ.කරවල ගුදම විතරයි ඌට.ගුවන් ඇමතිට එයා ලංකා එක සහ ක‍ටුනායක නෑ.ඒක ආරකෂක ඇමතිට.ආරක්ෂක ඇමති කෙනෙක් නෑ.ඌට මත්තල විතරයි.මත්තල කුරුල්ලො විතරයි.ධීවර ඇමතිට හම්බන්තොට වරාය දීලා.ඒක චීනාගේ.සිමෙංති සංස්තාව මුදල් ඇමතිට.
     
    • Like
    Reactions: netlife007

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මට තිබුනේ කරවල සංස්තාව සභාපති.ඒක මට නැති උනා ආන්ඩුව පැරදුනාම.
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    වහලුන් වලව්වේ සෙල්ලම කිසිදා තේරුම් ගන්නේ නැත..! ආයතන බෙදීමේ දී රාජ්‍ය ඇමැති ජංගිය ඇන්ද උන් අඬද්දී රාජපක්ෂ පවුලට රටේ අයස්කාන්තම ආයතන 156 ක් බෙදා ගනී..!

    (ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.12, පෙ.ව.6.30) අමාත්‍යාංශ වලට ආයතන බෙදීමේ දී රාජපක්ෂ පවුලේ අයියා මලෝ තිදෙනා රටේ වැදගත්ම සහ අයස්කාන්තම ආයතන 156 ක් තරම් විශාල ප්‍රමාණයක් තනිවම බෙදා ගනිමින් අනෙක් ඇමැතිවරුන්ට හාල් කෑලි ආයතන දී රාජ්‍ය ඇමැතිවරුන්ට නම පමණක් මිස කිසිදු ආයතනයක් නොදීම හේතුවෙන් ගෝඨාභය ආණ්ඩුවේ තවත් ඝට්ඨනයක් හටගෙන තිබේ.

    10 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධීව ආරක්ෂක අමාත්‍යාංශය ලෙස ආයතන 31 ක් ද, මහින්ද රාජපක්ෂ ආයතන 88 ක් ද, චමල් රාජපක්ෂ ආයතන 37 ක් ද ලෙස රාජපක්ෂ හැන්දෙන් ඇති පදම් බෙදාගෙන තිබේ.

    රාජපක්ෂලාගේ පරාජයේ ආරම්භයේ සිට රාජපක්ෂලා වෙනුවෙන් පශ්චිම භාගය පුදමින් නොමනා දුක් විඳිමින් කඩේ ගිය ප්‍රසන්න රණතුංගට දී ඇත්තේ ආයතන 9 ක් වැනි සොච්චමකි. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයතන 5 ක් තරම් සොච්චම් භාගයකි.

    ඩලස් ට ආයතන 26 ක් ද, වීරවංශට ආයතන 29 ක් ද, දිනේෂ්ට ආයතන 22 ක් ද බෙදා දී ඇතත් කුමන්ත්‍රණ කරමින් හිටු කියා කඩේ ගිය ශ්‍රීලනිපයේ මහින්ද අමරවීරට දී ඇත්තේ ආයතන 19 කි. ඒවාද වැඩක් නැති තරම් ය.

    රාජ්‍ය ඇමැති ජංගිය ඇන්ද උන්..
    රාජ්‍ය ඇමැති ධූර නම් ජංගිය ඇන්දූ ජ්‍යෙෂ්ඨයන් වන වාසුදේවලා, සුසිල්ලා, එස්බීලා, අනුර ප්‍රියදර්ශනලා, සියඹලාපිටියලා පමණක් නොව දයාසිරිලා, ලොහාන්ලා, රොහිතලා, මහින්දානන්දලා වැනි රාජ්‍ය ඇමැති පුඟුලන්ට කිසිදු ආයතනයක් නැත.

    ගෝඨා ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන්ට සිදුව ඇත්තේ කාර්යාලයක් දී තිබේ නම් ඊට ගොස් හිස් ඒ 4 කොළයක් ගෙන උදේ සිට සවස දක්වා අත්සන් ගැහීම පුරුදු වී කොළය කුණු කූඩයට දමා හිස් අතින් ගෙදර යෑමට ය. එසේ නොමැතිව නිල අත්සනක් තැබීමට කිසිදු ආයතනික වගකීමක් ඔවුන්ට නැත. එපමණක් නොව රාජ්‍ය ඇමැතිවරුන් දිව්රුම් දුන්නද අද දක්වා රාජ්‍ය ඇමැතිවරුන් සඳහා ගැසට් නිවේදනයක් හෝ නිකුත් කර නැත.

    මෙකී කලකිරීම කොතෙක්දැයි කිවහොත් වාසුදේව ප්‍රසිද්ධියේ කියා ඇත්තේ ‘තමන් රවටා රාජ්‍ය ඇමති කමක් දී ඇති’ බවයි. ඒ බව වාර්තා කර ඇත්තේ කින්ඩියට මෙන් බැසිල් රාජපක්ෂ අත්පත් කර ගත් ලංකා සී නිව්ස් නමැති කලින් විමල් වීරවංශට අයත්ව තිබූ අංජනම් වෙබ් අඩවිය යි.

    සෙල්ලමට ‌නොගන්නා කැට ‌කොළ..
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ දිනයේ දී මැදමූලන වලව්වට සමාන වේදිකා පසුතලයක් ඉදිරිපස අයියා සහ මලයා සිප වැළඳ ගත්තේ පොදු ජන පෙරමුණේ දේශපාලනය කොතෙක් තම පවුලේ ව්‍යාපෘතියක්දැයි ජනතාවට ප්‍රදර්ශනය කරමිනි. ඇත්තටම එය මැදමූලන මිදුලේ රාජපක්ෂ පුතුන් එදා හොරා පොලිස් සෙල්ලම කළා සේය. හොරුත් රාජපක්ෂලාය. පොලිසුත් රාජපක්ෂලාය. ඒ කුට්ටමේ ආසියාගේ සිට හතේ කොළය දක්වා කොළ අටම රාජපක්ෂලාය. මහින්ද චමල් බැසිල් ගෝටා ශිරන්ති නාමල් යෝෂිත ශෂීන්ද්‍ර ආදී ලොකු කොළ සියල්ල රාජපක්ෂලාය. මහා ලොකුවට ඉක පුරාගෙන කඩේ ගිය උන් සියල්ලෝම සෙල්ලමට නොගන්නා කැට කොළය. ගෝඨා කළ එලි බට පොහොට්ටු මංගල සමුළුවේ දී වෙන එකෙකුටවත් කතාවක් හෝ නොදුන්නේ ඒ වග තහවුරු කිරීමට ය. අද ඇමැති ආයතන ‌බෙදා ගැනීමේ දී ද එය ඔප්පු කර තිබේ.

    වහලුන් වලව්වේ සෙල්ලම කිසිදා තේරුම් ගන්නේ නැත.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahindata ayathana godak hambu una kiyala kalabala wela tiyenne vote karapu un newe. kalu gal iwara wenawa kiyala boru kiyapau 3%
    .. unta swiss ganige case eka awulak na ayathana 80k hambu una eka tama awula. onna okai 3%:yes::yes:;);):yes::yes::yes: