මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි බව හෙළ
මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි බව හෙළිවෙයි. හිටo ප්‍රමුක ගූ.එන්.පීය සහ අසුර බලකාය සලිත වෙයි...

එදා අපි කිව්ව දේ අද හැබෑ වෙන්න ද හදන්නේ......
🎗2019 January 15 Facebook report
2019/2020 ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ව්‍යවස්ථාමය බාධාවක් තිබේ ද?
19 වන සංශෝධනයෙන් පසුව හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට 2019 හෝ 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තරග කළ නොහැකි බවට නෛතික හා සමාජ මතයක් පවතී. නමුත් 19 වන සංශෝධනයේ ප‍්‍රතිපාදන ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමේදී අපට පෙනී යන්නේ එම ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඔවුන්ට ව්‍යස්ථාමය බාධාවක් නොමැති බවයි.
බොහෝ නෛතික විශාරදයන් අදහස් දක්වන පරිද්දට හිටපු ජනපතිවරුන්ට නැවත තරග කිරීම සඳහා නොහැකියාව පැන නැගී තිබෙන්නේ දහනවවන සංශෝධනය මගින් සංශෝධිත 31(2) අනු ව්‍යවස්ථාවේ පහත සදහන් ප‍්‍රතිපාදන හේතුවෙනි.
31 (2) ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය.
මෙම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ජනාධිපති ධුරයට පත්වීම සඳහා තරග කිරීමට නුසුදුස්සෙක් වන්නේ දෙවරක් ජනාධිපති ධුරයට පත් වූ තැනැත්තෙකි.
ජනාධිපති ධුරය යනු කුමක්ද යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 ව්‍යස්ථාව මගින් විග‍්‍රහ කර තිබේ.
19 වන සංශෝධනයට අනුව,
30 (1) ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානයා ද විධායකයේ ප‍්‍රධානයා ද ආණ්ඩුවේ ප‍්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.
(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය.
මෙම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා යනු කවරෙක්ද යන්නත්, ඔහු පත් වෙන ආකාරයත්, ඔහුගේ ධූර කාලයක් විග‍්‍රහ කර තිබේ. මෙම 30 වන ව්‍යස්ථාව 19 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් අලූත් ව්‍යවස්ථාවකි.
ගැටළු සහගත කාරණය වන්නේ මෙම 30 ව්‍යවස්ථාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ පැවති 30 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් නොව පැවති 30 ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් වීමයි.
19 වන සංශෝධනය පනත් කෙටුම්පත මෙසේ සදහන් කර තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේ.
එසේනම් සිදුවී ඇත්තේ කුමක්ද? 1978 සැප්තැම්බර් 7 වනදා සිට 2015 අපේ‍්‍රල් මස 22 වන දා වනතෙක් ලංකාවේ බලාත්මක වූ 30 ව්‍යවස්ථාව, දහනවවන සංශෝධනය මගින් ඉවත් කිරීම (Repeal), හේතුවෙන් එතෙක් මෙතෙක් ලංකාවේ සිටි සියලූ ජනාධිපතිවරුන් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තන් බවට පත් නොවන බවයි.
එබැවින් 19 වන සංශෝධනයට යටතේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය ලෙස සැලකිය හැක්කේ නව 30 (1) හා 30 (2) ව්‍යස්ථාව යටතේ පත් වූ ජනාධිපතිවරයෙකු පමණකි.
ඒ අනුව වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද නව 30 (1) හා 30 (2) ව්‍යස්ථාව පැනවීමට පෙර පත් වූ තැනැත්තෙක් වන නිසා ඔහු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙක් ද යන සාධාරණ සැකයක් මතු වේ.
එම සැක දුරු කිරීම සඳහා 19 වන සංශෝධනයේ 49. (1) ව්‍යවස්ථාව පනවා ඇත.
49. (1) සැක දුරු කිරීම සඳහා පහත සඳහන් ලෙස ප‍්‍රකාශ කරනු ලැබේ.
(ආ) 2015 අපේ‍්‍රල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග‍්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය.
එබැවින් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දහනවවන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බවට පත්වී තිබෙන්නේ 49 (1) (ආ) ව්‍යවස්ථාව බලාත්මක වීම හේතුවෙනි.
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6ක් නොව 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය මතය විය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව මගින් ප‍්‍රකාශයට පත් කරන ලද නෛතික විග‍්‍රහය කුමක්ද?
වත්මන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දහනව වන සංශෝධනයට පෙර පැවති 30 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධූරයට පත් වූ වසර 6ක ධුර කාලයක් ඇති ජනාධිපතිවරයෙක් වුවද, 19 සංශෝධනය මගින් මෙතෙක් පැවති 30 ව්‍යවස්ථාව අවලංගු කිරීම හේතුවෙන් එතුමාට හිමිව තිබූ වසර හයක ධුර කාලය සමග ජනාධිපති ධූරය යන දෙකම ස්වයංක‍්‍රීයව ඉවත් වී ඇත. එබැවින් වත්මන් ජනාධිපතිතුමා නැවත ජනාධිපති ධුරයට පත්වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 49 (1) ව්‍යවස්ථාව අනුව බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මතය වූයේ වත්මන් ජනාධිපතිතුමාට හිමි වන්නේ 19 වන සංශෝධනයට යටත් අවුරුදු 5 දුර කාල සීමාව පමණක් බවයි.
ඒ අනුව මෙයින් අපට නිගමනය කළ හැකි වන්නේ වත්මන් ජනාධිපතිතුමා හැර අනිත් සියලූම හිටපු ජනාධිපතිවරුන් දහනවවන සංශෝධනයට යටත් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධූරය යන තනතුර නොදැරූ පුද්ගලයන් වන බවයි. එබැවින්, අපට නිගමනය කළ හැක්කේ 31 (2) ව්‍යවස්ථාවේ සදහන් ”දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ තැනැත්තෙක් යන්නට මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නොවැටෙන තැනැත්තෙක් බැවින් 2019/2020 ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට හිටපු ජනපතිවරුන්ට 31 (2) ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බවයි.
🎗Prepared By: Dishan Senarathne, Dilan Jayasinghe, Pubudu Chandrasekara
This is not a political analysis, but a legal analysis based on the constitution. මෙය දේශපාලන විග්‍රහයක් නොව ව්‍යවස්ථා අනුව සිදු කල නෛතික විග්‍රහයක් පමණි.
උපුටාගැනීම - FB
මෙවන් පැහැදිලි කිරිමක් කල රටේ සියලු දක්ෂ නීති විශාරදයන්ට මාගේ ගෞරවය ...........

ආයුබෝවේවා මහරජාණෙනි.........

mahinda returnමහින්දාගමනය 2020.......................

Last edited: