මහින්ද එල්ටීටීඊයට එකට සල්ලි දුන් හැටි

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මහින්ද එල්ටීටීඊයට එකට සල්ලි දුන් හැටි

    මහින්ද එල්ටීටීඊයට එකට සල්ලි දුන් හැටි ටිරාන් අලස් හෙලි කරයි…

    by Admin 01 · August 13, 2015
    tiran-alles-720x340.jpg


    මහින්ද රාජපක්ෂ වෙනුවෙන් 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්දය වර්ජනයට එල්ටීටීඊ සහය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා එමිල් කාන්තන් හරහා එල්ටීටීඊයට ඩොලර් සහ රුපියල් කලවමේ රුපියල් මිලියන 180 ක මුදලක් තමාගේ ඇස් ඉදිරිපිට ලබා දුන් බව ටිරාන් අලස් පවසයි.

    ඔහු ඒ බව පැවසූ වීඩියෝවක් අන්තර්ජාලයේ ඇතුළත් ය.

    ටිරාන් අලස් මහින්ද රාජපක්ෂ රජයේ තාඩන පීඩනවලට ලක්වන අවධියේ කරන ලද මෙම හෙළිදරව්වේදී ඔහු පවසන්නේ මේ සියලු කාරණා තමා ත්‍රස්ත විමර්ශන ඒකකයට පවසා ඇති බව ය. එවකට එහි ප්‍රධානියාව සිටි වාකිෂ්ඨ මෙන්ම ස්ථානභාර නිලධාරියා වූ ප්‍රසන්න අල්විස් ද එම කරුණු ලිවීමට අකමැති වූ බව පවසන ටිරාන් අල්ස් එම කරුණු සඳහන් නොකරන්නේනම් තමා අත්සන් නොතබන බව කී විට එම සටහන තැබූ බව පැවසී ය.

    තමා ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා හරහා හදුනාගත් එමිල් කාන්තන් සහ බැසිල් රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධය ඇති කිරීමට තමා මැදිහත් වන්නේ, එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ ය සමඟ සාකච්ඡා කළ හැකි තත්ත්වයක් ඇති කිරීමට යොදා ගත හැකි පුද්ගලයකු හදුන්වා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව බව ද මෙම වීඩියෝව හරහා ටිරාන් අලස් පැහැදිලි කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රහාර එල්ලවන තෙක්ම මහින්ද රාජපක්ෂ රජය එල්ටීටීඊයට මුදල් දුන් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන චෝදනා බීබීසී ය සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂ මහතා එවැනි දේ කළේ රනිල් වික්‍රමසිංහ බව පෙන්වා දුන්නේය. එ ජනතාව දන්නා බව මහින්ද රාජපක්ෂයන් පැවසීය.

    උතුරේ ඡන්දය වර්ජනයට එල්ටීටීඊ සහය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා එමිල් කාන්තන් හරහා එල්ටීටීඊයට ඩොලර් සහ රුපියල් කලවමේ රුපියල් මිලියන 180 ක මුදලක් තමාගේ ඇස් ඉදිරිපිට ලබා දුන් බව ටිරාන් අලස් ප්‍රකාශ කරන වීඩියෝව







    වැඩේ කියන්නේ මේ හුලස් කාරයත් ඉන්නවා එදා රජාගෙන් මේක අහද්දි:lol:

    යකෝ එක පොන්නයෙක්ට බැරි උනාද හුලසගෙන් අහන්න "අඩේ උඔ එදා කිව්වේ බොරැද කියලා":lol:


     

    Similar threads