මහින්ද ගියේ නිලධාරීන් නියෝග ප්‍රතික්ෂේප

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    මහින්ද ගියේ නිලධාරීන් නියෝග ප්‍රතික්ෂේප

    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් ඉවත්ව යාමට පෙර බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සාහ කළ බව අනාවරණය වේ. ඇතැම් නිලධාරීන් ඔහුගේ අත්තනෝමතික නියෝග ප්‍රතික්ෂේප කිරීම නිසා එය අසාර්ථක වී ඇත.

    මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීමට උත්සහදරා ඇත්තේ ඊට අනුවය.

    එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත.

    ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.


    - http://sinhala.lankaherald.com/?p=16035

    අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න

    ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.


    ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.


    මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.


    එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.


    - http://sinhala.theindependent.lk/index.php/news2/7274-2015-01-09-06-30-08
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
    හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා‘

    ‘මහා විනාශයක් වැළැකී ගියා‘


    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

    හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත සහ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමිවරු ද ඊට එක් වූහ.

    රණවක මහතා මෙසේ ද කීවේය.

    ‘ආරක්ෂක ලේකම්ගේ අනු දැනුමෙන් ව්‍යාජ බොදු සංවිධාන හදා ජාතික හෙළ උරුමය අඩ පණ කරන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑ.

    රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ලජ්ජා සහගතද කියනවා නම් මේ මැතිවරණය සදහා බිලියන 250ක් පමණ ආණ්ඩුව වියදම් කළා. බුලත්කොළ නම නමා බණ කිව්වා.

    රාජපක්ෂ රාජ්‍ය බලය නැතිව තරග කළා නම් ඡන්ද විසි ලක්ෂයකින් පමණ අපි ජයග්‍රහණය කරනවා. මොවුන් වංචා කළ මුදල් ගැන මොවුන් කළ ක්‍රියාමාර්ග ගැන අපි එකිනෙක හෙළි කරනවා.

    මැතිවරණය සඳහා ජාවාරම්කරුවන්ගේ මුදල් ගෙන ගියේ හමුදා බෆල් රියවලින්.

    මේ අශීලාචාර රාජ්‍ය පාලනය බිඳ දැමීමෙන් ශ්‍රීලනිප අලුත් වෙයි.

    සියලු අපරාධකරුවන්ට අපි නීතියෙන් දඩුවම් දෙනවා.

    මහින්ද හා පවුලේ උදවිය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියැයි කියා කවුරුත් වෛර උපදවා ගන්න එපා. රාජපක්ෂවරුන් ජනතාව රැවටවූ හැටි පසුව හෙළි වෙයි.

    අපි බැඳ දමන්න ගෝඨාභය පොඩි වැඩියි. සමහර අපරාධකාරයන් රට හැර ගිහින්. නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි.

    මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා. ‘


    - http://www.lankadeepa.lk/index.php/top_story/288738
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    තොපි හින්දයි පැරදුනේ! ගොඨා ඥානසාරට, ඩිලන්තට කුණුහරුපෙන් බැනවදී, ජීප් 3ත් ආපසු ගනී !

    අද උදැසන ගොඨාභර රාජපක්ෂගේ නිවසට කැඳවා ඇති බොදු බල සෙනා ත්‍රස්ත සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ට හා එහි විධායක නිළධාරී ඩිලන්ත විතානගේට ගොඨාභය විසින් ඉතා පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

    'තොපි හින්දයි අපි පැරදුනේ .. උඹල අයියට සහයෝගය දෙනවා කියපු නිසයි අපි පැරදුනේ..' ආදී වශයෙන් කියමින් පරුෂ ලෙස බැන වැදී ඇත. එම මොහොතේ එහි සිටි බැසිල් රාජපක්ෂත් තදිම මේ දෙදෙනාට බැන වැදී තිබේ. ඩිලන්ත විතානගේ මංගල සමරවීර ට අවශ්‍ය විදිහට කටයුතු කල බවත් ජනාධිපතිවරණයේදී මහින්දට සහයෝගය ප්‍රකාශ කරන බව කීවේ මංගලගේ උපදෙස් පරිදි බව බැසිල් රාජපක්ෂ විසින් පවසා තිබේ.

    එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් බොදුබල සේනාවට ලබා දී තිබු සුපිරි ජීප් රථ 3 ම නැවත ලබා ගෙන ඇත.

    කෙසේ නමුත් පසු ගිය කාලයේ ඩිලන්ත විතානගේ විපක්ෂයේ ප්‍රබලයකු සමඟ ගනුදෙනු කල බව ඇතැම් වෙබ් අඩවියක් විසින් හෙළි කර තිබිණි. ඩිලන්ත විතානගේ එජාපයට සම්බන්ධවීමට වීමටද බලාපොරත්තුවෙන් සිටියේය.


    - http://lankadaily.com/latestnews/item/3910-3
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා‘

    ‘මහා විනාශයක් වැළැකී ගියා‘


    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨා..................... පොඩි වැඩියි. සමහර අපරාධකාරයන් රට හැර ගිහින්. නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි.

    මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා. ‘


    - http://www.lankadeepa.lk/index.php/top_story/288738


    True news MY3 ada havasa divrum denneth oya case eka nisa :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ‘මහින්ද නොගියා නම් රට ලේ විලක්‘

    බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් පිටව ගියේ බැරිම තැන යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියයි.

    ඔහු නික්ම නොගියේ නම් මුළු රටම අරාජික වී ලේ විලක් වනු ඇතැයි ද, ඔහුගේ හිත වෙනස්වීම රට ව්‍යසයනයකින් බේරා ගැනීමට ලැබුණු වාසනාවක් බව ද අයිවන් මහතා පවසයි.

    ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයනට එරෙහිව ඔවුන්ගේ දේශපාලන අකටයුතුකම් හෙළි කරමින් මාස කිහිපයක සිට ඔහු ජනපතිට එරෙහිව ජනමතයක් ඇති කළේය.

    බොහෝ දෙනා බලගතු රාජපක්ෂ රජයට එරෙහිව වචනයක්වත් නොලියද්දී මුල්ම වෙඩි මුරය තැබූ මාධ්‍ය වේදියා ලෙස වික්ටර් අයිවන් මහතා ඉතිහාසයට එක්වෙයි.


    - http://www.lankadeepa.lk/index.php/articles/288617
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
    හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.

    Ow ban samaharu thamath Rajapaksha baba karanna yanawa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    පුටුව රැකගැනීමට ගැසූ ගැට හෙළිවේ

    මහින්ද රාජපක්ෂ මහතා පරාජය පිළි ගැනීමට පෙර ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට උත්සාහ කළ බව අනාවරණය වේ. මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීම සහ එම ශාලාවලට විශේෂ කාර්ය බලකාය යෙදවීම කාගේ නියෝගයකට අනුව සිදු කර ඇත්දැයි හෙළි වී නැත.

    එම තත්වයට විරුද්ධව රාත්‍රීකාලයේදීම රට පුරා මතයක් ගොඩනැගී තිබියදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත. ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.


    මෙම සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර අරලියගහ මන්දිරයෙන් නික්ම යාම පිළිබඳව පවසා තිබේ. දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මහජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා අවසාන මොහොතේදී අරලියගහ මන්දිරයෙන් ඉවත් වූ බවය.


    - lankatruth
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    මහින්ද, ගියා නෙවෙයි පැන්නුවා !

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රඳී සිටිම සඳහා ගත් උත්සාහය වැලැක්වූයේ ආරකෂක මණ්ඩලය හා රජයේ ජේෂ්ඨ ඇමැතිවරුන් විසින් බව හෙළිවේ,
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ‘මහින්ද නොගියා නම් රට ලේ විලක්‘

    බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් පිටව ගියේ බැරිම තැන යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියයි.

    ඔහු නික්ම නොගියේ නම් මුළු රටම අරාජික වී ලේ විලක් වනු ඇතැයි ද, ඔහුගේ හිත වෙනස්වීම රට ව්‍යසයනයකින් බේරා ගැනීමට ලැබුණු වාසනාවක් බව ද අයිවන් මහතා පවසයි.

    ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයනට එරෙහිව ඔවුන්ගේ දේශපාලන අකටයුතුකම් හෙළි කරමින් මාස කිහිපයක සිට ඔහු ජනපතිට එරෙහිව ජනමතයක් ඇති කළේය.

    බොහෝ දෙනා බලගතු රාජපක්ෂ රජයට එරෙහිව වචනයක්වත් නොලියද්දී මුල්ම වෙඩි මුරය තැබූ මාධ්‍ය වේදියා ලෙස වික්ටර් අයිවන් මහතා ඉතිහාසයට එක්වෙයි.


    - http://www.lankadeepa.lk/index.php/articles/288617

    lankaenews eeta goda kalekata issara indala gema genichcha
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....