මහින්ද ටීම් එකට සුබ පතයි

terrorist

Banned
Mar 21, 2011
62
4
0
මහින්ද ටීම් එකට සුබ පතයි

ජයග්‍රහණයේ අබියසට යැමට හැකිවීම පිළිබඳ සුබපතමි
ජනාධිපති

ක්‍රිකට්‌ ලෝක කුසලාන ජයග්‍රහණයේ අබියස දක්‌වා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ගමන් කිරීමට හැකිවීම පිළිබඳ සිය උණුසුම් සුබපැතුම් පිරිනමන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි මෙසේ ද සඳහන් වේ.

ලෝක කුසලාන ක්‍රීඩාවලියේ තෙවරක්‌ම අවසාන මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට හැකිවීම භාග්‍යයක්‌ කොට සලකමි. අපගේ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතාවන් නිසා අපට එක්‌වරක්‌ ලෝක කුසලානයට හිමිකම් කියන්නට අවස්‌ථාව ලැබිණි. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ද අනුශර්රතාව ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසය තුළ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කිරීමට කුමාර සංගක්‌කාරගේ නායකත්වයෙන් අපගේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට හැකිවූ අතර ඔවුන්ගේ එම ජයග්‍රහණය වෙනුවෙන් සමස්‌ත රටවාසී ජනතාව වෙනුවෙන්ම මාගේ උණුසුම් සුබපැතුම් පළ කරමි.

මුළු රටවැසි ජනතාවම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශී වී සිටියා සේම ඉදිරියේදී ඔබගේ සියලු ජයග්‍රහණ වෙනුවෙන් ජනතාවගේ ආශිර්වාදය හිමිවන බව ද මම මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි.