මහින්ද පරදින විදිය

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මහින්ද පරදින විදිය

Lanka Irida Sangrahaya
ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැවැන්ත පරාජයකට ලක්වෙන බවට මේ වන විට තහවුරු වෙමින් පවතී. මෙි වන විට සිදුවී ඇති දේශපාලන පිල් මාරු කිරීම් අනුව ගණන් බැලුවද ජනාධිපතිවරයාගේ පරාජය තහවුරු වී පෙනේ. විපක්ෂයෙන් ආණ්ඩුවට එක් වී ඇති පිරිසගේ ඡුන්ද පදනම් විමසා බැලීමේදී පෙනී යන්නේ ආණ්ඩුවට අලූතින් එකතු වී ඇත්තේ ඡුන්ද 89,769 ( අසූනව දහස් හත්සිය හැට නමය * ක් පමණි. ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට එක් වූ පිරිසගේ ඡුන්ද පදනම් විමසා බැලීමේදී පෙනී යන්නේ ආණ්ඩුවෙන් දැනට ගැලවී ඇති ඡුන්ද ප‍්‍රමාණය 9,96,893 ( නම ලක්ෂ අනූ හය දහස් අටසිය අනූ තුන * ක් පමණ වන බවය. එසේම උතුරු නැගෙනහිර ඡුන්දදායකයාගේ හැසිරීමද නියත වශයෙන්ම මහින්ද විරෝධී වීම වැළැක්විය නොහැකිය. මුස්ලිම් කොංග‍්‍රසය සහ අමාත්‍ය තොණ්ඩමාන් ද ආණ්ඩුවෙන් ඉවත්වීමේ අවදානමක් පැන නැගී ඇත. මධ්‍යම පළාතේ බලය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් ගිලිහී ගොස් ඇත. එසේම කොළඹ දිස්ති‍්‍රක්කය, ගාල්ල දිස්ති‍්‍රක්කය මහින්ද ජනාධිපතිවරයාගෙන් ගිලිහී ගොස් ඇත. උතුරු මැද පළාත ද මහින්දගෙන් ගිලිහී ගොස් ඇති බවට තහවුරු වී ඇත. මෙි සියලූ කාරණා විමසා බැලීමේදී මහින්දගේ පරාජය නියත වශයෙන්ම තහවුරු වී අවසානය.
මේ අතර බහුතරයක් රාජ්‍ය ආයතනවල පරදින්නේ කවුද යන්න පිළිබඳව අභ්‍යන්තර සමීක්ෂණ කර ඇත. විගණන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතනවල මෙම සමීක්ෂණය කර ඇති අතර එම සමීක්ෂණයට සම්බන්ධ වී ඇති අය අතුරින් බහුතරයකගේ මතය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ පරදින බවය. පුද්ගලික ආයතනයන්හිද මෙම සමීක්ෂණය පවත්වා ඇත. වාර්තාවන ආකාරයට ආසිරි රෝහල් සමූහයේ සහ ලංකා රෝහලේ මෙම සමීක්ෂණය පවත්වා ඇති අතර එහිදීද බහුතර මතය වී ඇත්තේ මහින්ද පරදින බවය.
විශේෂයෙන්ම ජාතික මැතිවරණයකදී තීරණාත්මක බලපෑමක් කරනු ලබන්නේ පාවෙන ඡුන්දදායකයින්ය. සමීක්ෂණ වාර්තා අනුව එම ඡුන්ද පදනමි ද මහින්දගෙන් ගිලිහී ඇත. මෙි වන විටත් විද්වතුන්, නීතිවේදීන්, වෘත්තීයවේදීන්, බහුතර ජනතාවාදී කලාකරුවන් ප‍්‍රබුද්ධ ජන පදනම් මහින්ද විරෝධී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. මේ අතර එළඹෙන 23 - 24 පැවැත්වෙන තැපැල් ඡුන්ද බහුතරයක් මහින්ද විරෝධීවීම නියත ලෙසම සිදුවන බවට ඉ`ගි පළවී ඇත. මේ සියලූ කරුණු අනුව පෙනී යන්නේ මහින්දගේ පරාජය තහවුරු වී ඇති බවයි. නියත පරාජය හමුවේ මේ වන විට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ පරාජය අවමකර ගැනීමට උත්සාහ ගැනීම බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරුකර සිටී
 

Lak_Hada

Member
Dec 22, 2014
8
4
0
මේ මොහොතේ රට අස්ථාවර කිරීමට කැස කවනා බලවේග පරාද කරමු. තරුණ ඔබගේ ජන්දය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ලබා දෙන්න.
 

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    Mahinda_Chintan3.jpg