මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ගෞරවනීය සමුගැනීමක

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    අලුතින් පත් කළ කැබිනට් මණ්ඩලය ඊයේ මුල්වරට රැස්වීම සිදුවූ අතර ඊට පෙර ඊයේ රාජපක්ෂ පවුලේ හමුවීමක් සිදුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

    රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර පැවති සාකච්ඡාව කොටුව ජනාධිපති මන්දිරයේ රාත්‍රියේ පවත්වා ඇත.
    අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,
    චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.රාජපක්ෂ පවුලේ තවත් කිහිප දෙනකුද එක්ව ඇති අතර ඔවුන් පමණක් රහසිගත ලෙස මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
    මැදියම් රැය වන තෙක්ම පැවති සාකච්ඡාවේදී රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිසා ඉදිරියට ගතයුතු පියවර හා ඉල්ලා අස්විය යුතු අය කවුද යන්න සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .

    මෙහිදී ජනාධිපතිවරයා යෝජනා ‌කොට ඇත්තේ අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසටය. එයට අගමැතිවරයා එකඟවී ඇතැයිද වාර්තාවිය.
    ජනාධිපතිවරයා තමන් ඉවත් විය යුතු බව කියන්නේ නම් තමන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් යැයි කියා ඇත. සාකච්ජාවට මැදිහත් වී ඇති බැසිල්ද එම තීරණය අනුමත කර තිබෙන අතර ඔහු කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ජා කොට තීන්දුව අද(26) දිනයේදී දැනුම් දෙන්නම් යැයි කියාය.

    තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට පෙරද පවසා තිබූ අතර එම කාරණාව
    මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවකදී කීවේය. ඔහුට එය දැනගන්නට ලැබී ඇත්තේ මෙම තීරණයෙන් පසුව භික්ෂූන් වහන්සේලා පිරිසකට, පක්ෂ නායකයින්ට සහ ව්‍යාපාරික මිතුරන් පිරිසකට අගමැතිවරයා මේබව පවසා තිබීමෙනි.

    ‘මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට දැවැන්ත ජයග්‍රහණ ලබා දුන්නු යුග පුරුෂයෙක්. ජනතාව විසින් හෝ මන්ත්‍රිවරුන් විසින් එලවා දමනවා වෙනුවට ගෞරවණීය සමු ගැනීමක් ලැබිය යුතු නායකයෙක්. එතුමාට උරුම ඒ ගෞරවනීය සමු ගැනීම අහිමි කරලා එතුමාව විනාශ කරන්න එපා කියා එතුමා වට කරගෙන සිටින ජරාව කෑමට ලොල් කපුටු රෑනගෙන් අපි ඉල්ලා සිටිනවා.” ඔහු කීය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    //එතුමා වට කරගෙන සිටින ජරාව කෑමට ලොල් කපුටු රෑනගෙන් අපි ඉල්ලා සිටිනවා. ///


    ගෙම්ම්බත් ඉල්ලන් කන්න යන්නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gaurawaneeya... yako kagenda eka labune LOL
    oka maranakan me game nawatinne.
    balan idapan.. ekko hire danna one ekko marienna one
     
    • Like
    Reactions: Dubairox

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුකට පයින් ගහල අස්වෙලා පලයන්න් කිව්වම ගව්රවනීය සමුගැනීමක් ලු. කව්ද යකෝ මේ රචනා ලියන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Dubairox

    Similar threads