~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

    ~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

    1zchmz4.jpg


    මහින්ද රාජපක්ෂ රජතුමා ලාංකීය හෙළ ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. මහා රජා, සංවේදී නායකයා යන නම් වලින්ද හැඳින්වේ. වසර 2009 සිට වසර 2015 දක්වා කාලය තුල ලක්දිව පාලනය කල මෙතුමා උතුරේ පාලකයාව සිටි ආක්‍රමණික ප්‍රභාකරන් පරදා දමිළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.

    මහින්ද රාජපක්ෂ යනු සාම්ප්‍රදායික සිංහල නමකි. කෙප්පවංශය විස්තර කරන අන්දමට මහින්ද කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස පෙර සිටි චෝර චන්ද්‍රිකා දේවිය හා පජාත විපක්ෂය අණ කරන ලදි. නමුත් ඔවුන්ගේ අණ නොතැකූ කුමරු රජ වී ගේමට එන්ටර් විය. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ ඔවුන්ව හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත කුමාරෙයකි. නමුත් මහින්ද රජතුමාගේ මරණින් පසු ඔහු "ධර්මාහින්ද" ලෙසද හදුන්වන ලදි. කෙප්පවංශය අනුව මහින්ද රාජපක්ෂ රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම බුද්ධාගමේ චිරස්ථිතිය සඳහා නොව, රජ සැප සඳහාය“ යනුවෙන් පවසා ඇත. නමුත් කෙප්පවංශය අනුවම ඔහු විසින් පරාජය කල ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු වුවද ඉතා ධාර්මික පොරක් බව පැවසේ..


    මහින්ද රාජපක්ෂ රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති මේ වන විට දක්නට නොලැබේ. (ඒ සියල්ල "made in china" බව පැවසෙන රහසිගත පැරණි සි.ඩි තැටියක් පුරාවිද්‍යා කැනීම් වලදී හමු විය.) ලක්දිව මහින්ද රාජපක්ෂ රජතුමාගේ රාජ්‍ය කාලය තුළ ලිබියාව, ඉරානය, පාකිස්තානය වැනි ඉතා දිවුණු රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට උගන්ඩාව රාජ්‍යයද ඇතුළත් වූයේ යැයි කිව හැක. තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටු මහින්ද රාජපක්ෂ රජතුමා ජාතින් අතර සමගිය නගාසිටුවීමේ ව්‍යාපෘති ආරම්භ කළේය..
    එ බව පැරණි අන්තර්ජාල ලිපි ගොනු වල දක්නට ලැබේ...


    මහින්ද රාජපක්ෂ රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. උදාහරණයක් ලෙස පැරණි හම්බන්තොට වාරය නිර්මාණය කරන විටදි දේව ආශීර්වාදයෙන් මුහුදෙන් මහා කළු ගල් මතු වීම් වැනි හාස්කම් සිදු වූ බව පැවසේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල හෙළ සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.


    කෙප්පවංශයේ සදහන් වන පරිදි මහිංද මහ රජු රට ස්වයංපෝෂිත කිරිමට මහත් වෙහෙසක් දැරුහ.. එම වෙහෙසලා රටේහි මහජනතාවගේ සතුටික් උණ ඒදිනෙදා ජිවන මිල ඉහළ දැමිම කෙරෙහි‍ මහිංද නමු වු ජනරජයට මහත් ප්‍රසාදය පල කළහ.
    තවද ඒතුමා මුලු රටේහිම පස සාරා සියලු නිදන් වස්තු ගොඩ ගෙන, පස බුරුල් කර දිමෙන් කෘෂිකර්මාන්තයටද මහගු සේවයක් ඉටුකල සේක..
    එවක තිබුණු වටිනා පුරාවස්තුන් තැන්පත් කල තිබුණු ස්ථානවල
    ින් රහසිගතව සොරූන්ගෙන් ආරාක්ෂාකිරිම සඳහා.. කාටත් නොකියාම ජාතික කෟතුකාගාරයෙන් පිටතට ගෙනගියේ එතුමාගේ දියුණු වේ මංපෙත් විවෘත කරමින්ය..
    දැයට කිරුළ නමු වු මහත් පිබිදිමෙන් රටේ යුද්ධයට පිවිසුණු සෙබළුන්ටද කුණු කාණු /තෘණ ආදිය ගැලවිම ලා ඔහුන්ගේ ඉවසිම ගොඩ නැගිමට රජතුමාගේ සහොදරයෙකු වු ගෝඨාභය නමු වු ජාතියේ මහා පහන් ටැඹේ පොල්තෙල් සැපයුම් කරුද උහ...


    රජුගේ ධාර්මිකත්වයේ අනුහස කෙසේද යත් හිසට සිදු වු මාරන්තික අනතුරක් හෙතුවෙන් සිහි නොලබා සිටි දුම + ඉන්ද්‍ර =දුමින්ද නම් රජකුමරෙක් වෙත "පුත මා කිසි පවක් සිදු කර නැත්නම් වහාම ඔබට සිහි එල්ඹෙවැයි" සත්‍යක්‍රියා කලහ ..ඒ සත්‍යක්‍රියා වේ බලයෙන් දුමඉන්ද්‍ර හාස්කමකින් මෙන් සිහි එලඹා සිය අසූ කෙලක් සේනාව සමග රජුට ගෞරවාදර දක්වනු පිණිස ..අරලියලතා මන්දිරයට ගොස් රජුට පුශ්පෝපහාර දැක්වූහ


    තුන්සිංහලයම ඵක්සේසත් කල මහා නිරිදාණන් වනුයේ මහින්ද රාජපක්ෂ රජතුමාය. කෙප්පවංශයේ වීරයා ලෙස සිංහල වංශ කථා‍වෙහි මෙතුමා හැදින්වෙයි. එතුමා විසින් එදා හෙළදිව බත බුලතින් සරු කර, සශ්‍රික යුගයක් ඇති කල බව පැවසේ. එම යුගයේදී කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිරුවතින් වුවද ගමන් කිරීමට තරම් හැකියාවක්, ආරක්ෂාවක් තිබු බව පැවසේ. එයින් එකල මනා සදාචාර සම්පන්න සමාජයක් තිබු බව පැහැදිලි වේ. විදේශීය බටහිර ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලදි.


    මටත් සලකන්න නිකන් බලල යන්න එපා..!

     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl: Sirawata Machan, Dewala Ehemath Hadala Dewathwayen Salakai... :rofl::rofl:

    නැතුව..දැන් මෙ අපිට නොසැහෙන්න පිහිට වෙනවා වගෙ..එ කාලෙදි දෙයිය්යෙක් වෙල පිහිට වෙයි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතුමානන්ගෙන් පැවත් එන එන පරපුරක් අදටත් උගන්ඩාවේ සහ සීශෙල්ස් රාජ්ජයේ දකින්නට ලැබේ.:lol::lol::lol::lol: (Year 2033)