මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ආර්ථිකයට දැක්වූ දායකත්වය ප්‍රස්ථාර 7කින්〽️✴️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්ද රාජපක්ෂ

    ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

    රාජපක්ෂගේ සොයුරු, ජනපති ගෝටාභය රාජපක්ෂ ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන විට, රට නව දැක්මකින් ඉදිරියට ගෙන යන බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු විය. පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කළ ප්‍රධාන ප්‍රතිපත්ති 10 මඟින් 'ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක්' ද පොරොන්දු විය.

    නව ආණ්ඩුව පත්වී තෙවසරකට පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය, දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය යි. සාමාන්‍ය ජනයා මේ වන විට ඉන්ධන හිඟය සහ උද්ධමනය සමග පොරබදිමින් සිටිති.මහින්දගේ අගමැති ධුරකාලය තුළ ඔහුගේ ආර්ථික දායකත්වය නිර්ණය කිරීම සඳහා, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, උද්ධමනය, ප්‍රේෂණ, වෙළඳ හිඟය, සංචාරක ඉපැයීම්, සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැනි ප්‍රධාන දර්ශක කිහිපයක් BBCය සමාලෝචනය කළේ ය.

    vfFEnuB.png

    මහින්දගේ ධුරකාලය ආරම්භයේ දී, ජාතික පාරිභෝගික භාණ්ඩ මිල දර්ශකයට අනුව ලංකාවේ උද්ධමනය 4.1%කි.

    2020 පෙබරවාරි වන විට උද්ධමන ප්‍රතිශතයේ වාර්ෂික වෙනස්වීම 8.1% දක්වා ඉහළ ගියේ ය. මහින්දගේ ධුරකාලය අතරතුරේ වූ අඩුම උද්ධමන අනුපාතය (3.7%) 2021 ජනවාරි මාසයේ දී වාර්තා විය.
    2021 සැප්තැම්බරයෙන් පසු උද්ධමන අනුපාතය වේගයෙන් ඉහළ නගින්නට වූ අතර, මේ වසරේ මැයි මාසය වන විට එය 39.1%කි.

    mUPpfJU.png

    2019 නොවැම්බර් මාසයේ දී මහින්ද අගමැතිධුරයට පත්වන විට විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 515.3ක් විය. 2019 නොවැම්බර් සහ 2022 අප්‍රේල් අතර සමයේ දී එහි උපරිමය පැවතියේ 2020 දෙසැම්බරේ සහ 2021 මුල් භාගයේ දී ය.කෙසේ වෙතත්, මෙම වසරේ ප්‍රේෂණ වසර ආරම්භයේ සිටම අඩු මට්ටමක පැවති අතර, අවමය වූ ඩොලර් මිලියන 204.9 පෙබරවාරි මාසයේ දී වාර්තා විය. 2022 අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණවල වටිනාකම ඊට පෙර වසරට වඩා 52%කින් අඩු ය. එම මුදල ඇ. ඩො. මිලියන 248.9කි.

    S0kHVm2.png

    2019 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය පිහිටුවන විට ඇ.ඩො. 1ක් රුපියල් 179ක් පමණ විය. 2021 දෙසැම්බර් වන විට ඇ.ඩො. 1ක මිළ රු. 203 දක්වා ඉහළ ගියේ ය.2022 මැයි මාසයේ දී, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල තියුණු ලෙස පහත වැටුණි. මැයි 9 වෙනිදා ඩොලරය රුපියල් 365ට ඉහළගිය අතර, එය මහින්දගේ පාලන කාලය තුළ වාර්තා වූ ඉහළම අගය විය. දැනට ඇ.ඩො. 1ක අගය රු. 360කි. 2022 මැයි 9 දක්වා ගතවූ වසර තුළ දී ඇ. ඩොලරයට සාපේක්ෂව රුපියල 45%කින් අවප්‍රමාණය විය.

    z0rbUxk.png

    2019 වසරේ සංචාරකයින් ලක්ෂ 20ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් 18.6%ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම් ඩොලර් මිලියන 3606.9ක් විය. මහින්දගේ ධුරකාලය තුළ උපරිම සංචාරක ඉපැයීම වූ ඩොලර් මිලියන 456ක්, 2019 දෙසැම්බර් මාසයේ දී වාර්තා විය.කෙසේ නමුත්, කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තු 18 සිට සියලුම මඟී ගුවන් යානා සහ නැව් පැමිණීම් අත්හිටුවීම හා සංචාරක වීසා ලබාදීම නවතා දැමීමත් සමග 2020 මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 95.9 දක්වා පහත වැටුණු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා සංචාරක ඉපැයීම් කිසිවක් නොමැත.2021 අගෝස්තු වන විට, ඉපැයීම් වැඩිවීමට පටන්ගත් අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී එහි උපරිමය වන ඇ.‍ඩො. මිලියන 233.3ට පැමිණියේ ය එහෙත් රටේ මේ වන විට පවතින ආර්ථික අර්බූදය හමුවේ නැවත සංචාරක පැමිණීම් පහත වැටෙමින් පවතින බවට දත්ත පෙන්නුම්කරයි.

    6bJpvF4.png

    ආනයන සහ අපනයන යන ද්විත්වයම පහත වැටීමෙන් 2019 නොවැම්බර් මාසයේ දී (වාර්ෂික) වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස සංකෝචනය වුණි. 2019 නොවැම්බර් මාසයේ වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න විය.

    2009 අගෝස්තු මාසයෙන් පසු අඩුම මාසික හිඟය වාර්තා කරමින් 2019 ජුනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 316ක හිඟයට සාපේක්ෂව, 2020 ජුනි මාසයේ දී වෙළඳ හිඟය ඇ.ඩො. මිලියන 161ක් දක්වා පහත වැටුණි.2021 අගභාගයේ දී වෙළඳ හිඟය නැවතත් පුළුල්වීමට පටන්ගත් අතර, එය ඩොලර් මිලියන 1085 දක්වා ඉහළ ගියේ ය.

    N4r14Vl.png

    ආනයන අඩුකිරීම් හේතුවෙන් වක්‍ර බදුවලින් ලැබෙන ආදායම පහත වැටීම, සහ විශේෂයෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම පැවති දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් 2019 වසරේ දී රජයේ ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණි.අලුතින් ක්‍රියාත්මක කරන ලද දේශීය ආදායම් පනත යටතේ ආදායම් බදුවල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවුව ද, වක්‍ර බදු ආදායම අඩුවීම එය ඉක්මවා ගියේ ය.

    නව රජය පතිවිමත් සමග 2019 අග සිට ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධන, කොවිඩ්-19 වසංගතයේ බලපෑම සහ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබාදුන් බදු සහන යන හේතූන්හි එකතුවක් ලෙස 2020 වන විට රජයේ ආදායම 27.7%කින් පහත වැටුණි.2021 දී රජයේ ආදායම මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ වාර්ෂික ප්‍රතිශතය 6.5%ක්, එනම්, රු. බිලියන 1,457.1ක් බවට පත් වෙමිනි.

    භාණ්ඩ මිල

    දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සමාලෝචනය කිරීම සඳහා අපි මූලික අයිතම කිහිපයක් තෝරාගතිමු. පිටි, සීනි, ළූණු, තක්කාලි, පරිප්පු, කිරි, මාළු, පාන්, පොල්, පොල්තෙල්, අමු මිරිස්, සහ කහ කුඩු ඊට ඇතුළත් ය. වත්මන් මිල ගණන් 2019 නොවැම්බර් මාසය හා සසඳන ලදී.

    වැඩිම මිල ඉහළ යාමක් පෙන්නුම් කෙරුනේ පරිප්පු සහ සහල්වලිනි. පරිප්පු මිල 436%කින් ඉහළ ගිය අතර සහල් මිල 142%කින් ඉහළගොස් ඇත.

    _124997061_srilanka_inflation_prices_sinhala_640-2x-4.png.webp
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මයිනා හොදයි කියලද කියන්නෙ

    මයින හොඳ වෙන්නෙ කොහොමද බං උෟනේ මේ අාණ්ඩුවෙත් අගමැති වෙලා හිටියේ..මේකේ දාල තියෙන හැටියට ඉතිං ඒ කාලේ මීට වඩා හොඳයි තමා..ඒකනේ වැඩ්ඩො ණය අරන් ජන්ද වලට වැඩ පෙන්නන්න ගිහින් හත් පොලේම ගා ගත්තෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම වැඩිය ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි, ඒත් ඕනම ප්‍රස්තාරයක එන්න එන්න වැඩිවෙනවැයි කියන්නෙ හොඳ දෙයක් කියලා අහලා තියෙනවා. මොනා උනත් මේ ආණ්ඩුව රට දියුණු කරලා තියෙනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377

    NIKAN BORU DANNA EPA
     
    • Haha
    Reactions: Truth Hurts

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම වැඩිය ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි, ඒත් ඕනම ප්‍රස්තාරයක එන්න එන්න වැඩිවෙනවැයි කියන්නෙ හොඳ දෙයක් කියලා අහලා තියෙනවා. මොනා උනත් මේ ආණ්ඩුව රට දියුණු කරලා තියෙනවා.
    @erozan @JBLs
     
    • Like
    Reactions: Truth Hurts

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    tfs

    මම වැඩිය ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි, ඒත් ඕනම ප්‍රස්තාරයක එන්න එන්න වැඩිවෙනවැයි කියන්නෙ හොඳ දෙයක් කියලා අහලා තියෙනවා. මොනා උනත් මේ ආණ්ඩුව රට දියුණු කරලා තියෙනවා.
    what?
    ------ Post added on Jun 3, 2022 at 10:47 AM
     
    • Like
    Reactions: Truth Hurts

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    බයියොන්ට මේවා තේරුම්ගන්න අමාරුයි. එයාලට තේරෙන්නේ අර දෙරණේ පෙන්නපු වගේ බයි chart 📉
     
    Similar threads