මහින්ද රාජපක්ෂ ෆේස්බුක් මෙහෙයුම අරඹයි!

monson

Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    මහින්ද රාජපක්ෂ ෆේස්බුක් මෙහෙයුම අරඹයි!

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දිවංගත සොයුරිය ජයන්ති රාජපක්ෂගේ පුත්‍රයා වන හිමාල් හෙට්ටිආරච්චි, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ජාල (Social Media Network) මෙහෙයුම අරඹා ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචිමාර්ග සඳහන් කර සිටී.

    himal-with-laptop.jpg


    මෙම හිමාල් හෙට්ටිආරච්චි යනු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබවූ අවධියේදී ඔහුගේ තොරතුරු තාක්ෂණ උපදේශකවරයා (IT Consultant) වශයෙන් කටයුතු කළ තැනැත්තාය. රුපියල් 20 ක ප්‍රාග්ධනයක් යොදවමින් 'Skynet' නැමැති සමාගමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවූ අලුත ඇරඹූ හිමාල් හෙට්ටිආරච්චි, එම සමාගමට තම බලතල පාවිච්චි කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තරංග ආයාත (Frequencies) විශාල ප්‍රමාණයක් ලබාගෙන එම සමාගම රුපියල් බිලියනයකට එනම් මිලියන දහසකට විකිණූ සටකපට පුද්ගලයෙකි. එම අවධියේදී මෙම වංචනික ක්‍රියාව සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කළ අතර එම ගනුදෙනුවේ සියලු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකිය. මේ දක්වා මෙම වංචනික ගනුදෙනුව පිළිබඳව යහපාලන ආණ්ඩුව පවා මුණිවත රකිමින් සිටී. හිමාල් හෙට්ටිආරච්චි කිසිදු බාධාවකින් තොරව ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ තම ව්‍යාපාර පෙර පරිදි සිදුකරගෙන යනු ලබයි.
    ළඟ එන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය ජාල මෙහෙයවීමේ කටයුත්ත භාරදී ඇත්තේ හිමාල් හෙට්ටිආරච්චිටය. තම මාමාගේ ඇණවුම පරිදි ක්‍රියාත්මක වී ඇති හිමාල් ලැප්ටොප් පරිගනක යන්ත්‍ර 50 ක් මිලදීගෙන තම තොරතුරු තාක්ෂණ ශිලපීන් අතර බෙදාදී ඇත. මොවුන්ගෙන් තිස්දෙනෙකු මහින්දගේ ප්‍රතිරූපය නැංවීම සඳහා ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉතිරි විසිදෙනා මහින්ද වෙත මහජන අනුකම්පාව ලැබෙන ආකාරයට පුවත් මවමින් තම කාර්යයේ නිරත වී සිටින බව වාර්තා වේ. මෙම වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වේ. මෙම සමාජ ජාල මෙහෙයුමට අයත් ඊළඟ කර්තව්‍යය වන්නේ අනෙක් වෙබ් අඩවිවල පළකරන පුවත් සඳහා කමෙන්ට්ස් දැමීමයි. විවිධ ව්‍යාජ නම් ඔස්සේ ෆේස්බුක් ගිණුම් ආරම්භ කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව විවිධ පුද්ගලයන් ෆේස්බුක් වෙත පැමිණිලි කිරීම නිසා මෙම ව්‍යාජ ගිණුම් වසා දැමීමට ෆේස්බුක් සමාගම විසින් පියවර ගෙන ඇත. මෑතකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තම ෆේස්බුක් ගිණුමේ ලයික් ප්‍රමාණය අඩුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසට හුවා දැක්වූයේ මෙම ෆේස්බුක් ගිණුම් වසා දැමීමයි.
    හිමාල් හෙට්ටිආරච්චිගේ මෙම සමාජ මාධ්‍ය ජාල මෙහෙයුමට අමතරව තවත් පිරිසක් මේ වනවිට නාරාහේන්පිට අභයාරාමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි රාශියක් අරඹා ඇති අතර ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ ලබාදුන් බව වාර්තා වේ.


    - http://sinhala.lankanewsweb.net/news/17249-2015-06-08-11-01-19
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇත්ත වෙන්න ඕනා මෑත කාලයේ fb වහල්ලු ගහනය වැඩිවීමක් පෙන්නුම් කරනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    රාජපනික්කියා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් මොකක්හරි පට්ටමක් ඉල්ලයි ඕකා මැරෙන්නේ ඒවාට අසාවෙන් ඕකා බහිරවයෙක් වෙලා ඉපදිලා හොල්මන් කරයි
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඕක බල තන්හාවේ මැරිලා මෛත්‍රීගේ ගෙදර හොල්මන් කරාවි....
     

    Similar threads