මහින්ද සහ මානව හිමිකම්

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මහින්ද සහ මානව හිමිකම්

මංගල සමරවීර විසින් පාර්ලිමෙන්තුව්දී කල කතාවේ කොටසක්

උදාහරණයක් හැටියට, සමාජයක නීතිරීති අනුව අපිට අපේම ගෙදර තුළදී වුවද අප සහෝදරයෙකුට, අපේ දරුවකුට පහර දෙන්නට එසේ නැතිනම් මරා දමන්නට කිසිම අයිතියක් නැහැ. එවැනි අවස්ථාවකදී පොලිසිය අපි සොයා පැමිණි විට, 'මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, ඒ නිසා තමුසෙලාට අයිතියක් නැහැ. මගේ ගේ ඇතුළෙ වෙන දේවල්වලට ඇගිලිගහන්න', යැයි කියමින් නීතියෙන් පැනයාමට බැරි වගේම, ගෝලීය ගම්මානයක ජීවත්වන අපි ජාත්‍යන්තර ගිවිසුම් හා නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්න, අපි විවිධ ගිවිසුම් හා එකගත්වයන්ට බැඳී සිටිනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැනි බලතල ලබාදීමට අප රටත් දිගින් දිගටම වගකිවයුතු රටක් හැටියට කටයුතු කර තියෙනවා. (ඇමුණුම් 01-සභාගත කරන ලදී )

"එක්සත් ජාතීන්ගේ සංවිධානයට අප රටට ඇවිත් අප රටේ කරුණු සොයා බලන්නට අවසර දෙන්න කියමින් පාර්ලිමේන්තුව තුළ බල කළේද ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

1989 දෙසැම්බර් 04 වැනිදා හැන්සාඩ් වාර්තාවේ 941 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට එතුමා රතු කුරුස හමුදාවට ලංකාවට ඒමට අවසර දීම සම්බන්ධයෙන් තම ස්තූතිය රජයට පළ කරමින් එතුමා මෙසේ කියනවා. "ඒ වගේම මේ යුනයිටඩ් නේෂන්ස් වර්කින් ගෘෘප් ඔෆ් එන්ෆොර්ස්මන්ට් ඇන් ඉන්වොලුන්ටර්ස්, ඩිසර්පියර්රන්සස් ඇන්ඩ් ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල්' කියන ආයතනවලටත් ලංකාවට එන්න අවසර දෙන ලෙස අපි ඉල්ලූවා. මේ ආයතන දෙකටම එන්න දෙන්න කියා අපි ඉල්ලුවා. මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ ආයතන දෙකටත් ලංකාවට ඇවිත් මේ කරුණු ගැන සොයා බලන්න අවසර දෙන්න කියලා" යයි එදා එතුමා කිවා.

එපමණක් නොව, මානව අයිතීන් පිළිබඳ කොන්දේසි ශී්‍ර ලංකා රජයට පැනවිය යුතුයි කියන ඉල්ලීමද කළේ රාජපක්ෂ මන්තී්‍රතුමාමයි. "අපි ආධාර දෙන රටවලින් ඇහුවා ....,ඇයි බැරි ආධාර දෙන ගමන් මේ රටේ මානව අයිතිය පිළිබඳ කොන්දේසියක් පනවන්න කියා, අන්න ඒ ඉල්ලීම තමයි අපි කළේ. ඒක තමයි අද ඉටුකර තිඛෙන්නේ" (1990 ඔක්තෝබර් 25 හැන්සාඩ් වාර්තාව - පිටු අංක 365)

මේ සම්බන්ධයෙන් එතුමා නැවතත් 1991 ජනවාරි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙසේ කියනවා.

'ආධාර දෙන රටවල්වලට අපි ගිහින් කිව්වේ තමුන්නාන්සේලාට පුලූවන් නම් මේ මේ ඒවා කපන්න කියා කියන්න. මේ රටේ මිනිසුන්ගේ මානව අයිතිය රකින්නැයි කියන එකත් මේ ආණ්ඩුවට කියන්නය කියන එකයි. එසේ නම් ආධාර දීමේදී එය කොන්දේසියක් වශයෙන් දාන්නය කියන එක වැරදිද කියා මම තමුන්නාන්සේගෙන් අහනවා" (පිටු අංක 424)

මෙහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මට පෞද්ගලිකවත් ඉන් පසුව මේ පාර්ලිමේන්තුවටත් ලබාදීපු වඩාත් වැදගත් උපදෙසක් මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා.

"ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනීවාවලට නෙමෙයි, ලෝකයේ ඕනෑම තැනකට, එහෙම නැත්නම් නරකාදියට හෝ ගොස් එම ආණ්ඩුවට විරුද්ධව කි්‍රයා කළ යුතුයැයි," කියපු ප්‍රකාශය (90-10-25 හැන්සාඩ් වාර්තාව-පිටු අංක 424)

මේ රටේ ජනතාවගේ අඳෝනාව, මේ රටේ අහිංසකයන්ගේ අඳෝනාව පිටරටකට නොවෙයි ඕනෑම අහකට ගිහින් කියන්න ඕනෑයි, කියන ඒ වටිනා උපදෙස (91-01-25 හැන්සාඞ් වාර්තාව - පිටු 424) වසර 22 කට පසුවත් මම නම් ඉතාමත්ම ආඩම්බරව පිළිපදිනවා.

අද අප රටත් රාජපක්ෂ රජයත් ඉතාමත්ම තීරණාත්මක මංසන්ධියකට පැමිණ තියනවා. රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ කි්‍රයාත්මක කරමින්, ශී්‍ර ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඉතිහාසයේ අඩුපාඩු හා වැරදි පසෙකට තබා රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන යමින් ධර්මාශෝක රජතුමා ගිය අඩිපාරේ යනවාද, එසේ නැතිනම් පුරුදු ගමන් මග යමින් ජාත්‍යන්තරව හුදකලා වූ චෞර රාජ්‍යයක් බිහි කරමින්, මුගාබේ වැනි ඒකාධිපතින්ගේ අඩිපාරේ යනවාද කියා තීන්දු කළ යුතු මොහොත අද මෙම රජයට උදා වී තියෙනවා
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
හැන්සාඩ් වාර්තාවේ ඔය කියන ඒවා තියනවද කියලා නම මම බැලුවේ නැහැ.
 
Mar 29, 2012
410
26
0
උදාහරණයක් හැටියට, සමාජයක නීතිරීති අනුව අපිට අපේම ගෙදර තුළදී වුවද අප සහෝදරයෙකුට, අපේ දරුවකුට පහර දෙන්නට එසේ නැතිනම් මරා දමන්නට කිසිම අයිතියක් නැහැ. ධර්මාශෝක රජතුමා ගිය අඩිපාරේ යනවාද, එසේ නැතිනම් පුරුදු ගමන් මග යමින් ජාත්‍යන්තරව හුදකලා වූ චෞර රාජ්‍යයක් බිහි කරමින්, මුගාබේ වැනි ඒකාධිපතින්ගේ අඩිපාරේ යනවාද කියා තීන්දු කළ යුතු මොහොත අද මෙම රජයට උදා වී තියෙනවා



i too read that and whatever he said is 100% correct. But in reality, with this huge UN resolution, everybody is going for the kill (government), as simple as that :D

today LEN reports that there have been 30 disappearances in the last month alone and US Embassy in Colombo also has inquired from the government about that. Me not suprised :yes: