මහින්ද_අබේසුන්දර

Jul 18, 2014
155
31
0
මහින්ද_අබේසුන්දර

“පිටපත... මහින්ද අබේසුන්දර”


af0909132.jpg



ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර ගේ ‘විපරම’ කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් කතුවරයා සමඟ කළ සංවාදයකි.

සැප්තැම්බර් මාසය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රබෝධය රැගෙන එන සමයකි. රටපුරා විසිරී සිටින ලේඛක ලේඛිකාවෝ තම නිර්මාණ පාඨකයා අතට පත් කිරීමට උත්සුක වෙති.

දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ස්වාධීන රූපවාහිනියේ ‘විපරම’ වැඩසටහන සඳහා රචනා කළ පිටපත් පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙයි.

රූපවාහිනී ප්‍රේක්ෂකයන් ගේ මෙන් ම දේශපාලන ක්ෂේත්‍රයෙහි ද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘විපරම’ මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එම වාර්තා වැඩසටහන වටා රොක්වූ ප්‍රේක්ෂක සමූහයාගේ මහත් අමන්දානන්දයට හේතුවනු ඇත. මේ විපරම කතුවරයා ‘සිළුමිණ’ සමඟ යෙදුණු කෙටි සංවාදයකි.

‘විපරම’ දේශපාලන ලෝකයේ ආන්දෝලනයට ලක්වූ වාර්තා වැඩසටහනක්, ඔබට ඉන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මට හොඳ ප්‍රතිචාර තිබුණා. අත්හදා බැලීමක් ලෙස පිටපත් කිහිපයක් මගේ නම නැතිව ප්‍රචාරය වුණා. ඒත් ප්‍රේක්ෂකයා හඳුනා ගත්තා පිටපත මහින්ද අබේසුන්දර ගේ කියලා. භාෂා රටාව වැනි මගේ අනන්‍ය ලක්ෂණ ඊට හේතුවක් වෙන්න ඇති.

කොහොමද ස්වාධීන රූපවාහිනියේ මේ වාර්තා වැඩසටහනට ඔබ සම්බන්ධ වුණේ?

1996 මම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස වැඩ බාරගත්තා. එවකටත් සමාජ තොරතුරු, ජාතික ක්‍රීඩා ආදිය පිළිබඳව වාර්තා වැඩසටහනක් විකාශය වුණා. හිටපු සභාපති නිවුටන් ගුණරත්න මහතාගේ ආරාධනයෙන් මම විනාඩි තුන හමාරක කාල සීමාවකට සුදුසු වන සේ විපරම වාර්තා වැඩසටහන සඳහා පිටපත් රචනයට යොමු වුණා.

බොහෝ විට විපරම මගින් දේශපාලනඥයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට ලක් වුණා?

ඔව්. දේශපාලනය ලියැවෙද්දී විපරම වාර්තා වැඩසටහනෙන් බොහෝ සෙයින් විවේචනයට ලක් වුණේ. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම්. ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණත් විවේචනය වුණා. ඔවුන්ගේ පක්ෂයේ දේශපාලනඥයන් විවේචනය කළ අවස්ථා තියෙනවා.

හැබැයි මම නිතරම කළේ සත්‍යය හෙළි කිරීම. දේශද්‍රෝහී ජනතා ද්‍රෝහී ක්‍රියාකාරකම් මම විවේචනය කළා. එම වාර්තා වැඩසටහනේ දී සත්‍යයම ප්‍රකාශයට පත්වුණා. මම ඒවා අමු අමුවෙම කීවා. එහිදී කියැවුණේ සත්‍ය වුණත් ඒ සත්‍ය පිළිගන්න බොහෝ දේශපාලනඥයන් කැමැති වුණේ නැහැ. ඔවුන් මට විරෝධය ප්‍රකාශ කළා. විපරම ජනප්‍රිය වැඩසටහනක්. එය සෑම පාක්ෂිකයෙක් ම නරඹනවා.

ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයෙත් හොඳ ක්‍රියාකාරකම් හා රටට යහපතක් කිරීමට ගත් උත්සාහයන් සියල්ල මම අගය කළා. විවේචනය කළ යුතු දේ නොපැකිල විවේචනය කළා.

ඔහොම බරපතල ලෙස දේශපාලනඥයන් විවේචනය කරද්දී ඔබට ගැටලු පැන නැඟුණේ නැද්ද?

බොහෝ ගැටලු පැන නැගුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිව සිටි සමයේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය බලය අල්ලා ගත්තා. ඒ 2001 වසරේ. මට විපරම ලියූ නිසා සැඟවී සිටීමට සිදුවුණා.

ඒත් රනිල් වික්‍රමසිංහ මහතාටත් විපරම වැනි කාලීන වාර්තා වැඩසටහනක් රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යතාවක් තිබුණා. නිර්භයව එවන් දේශපාලන සමාජ වාර්තා වැඩසටහනකට පිටපතක් ලියවා ගන්න කෙනෙක් ඔහුට හිටියේ නැහැ.

දේශපාලන විවේචනාත්මක වැඩසටහනකට පිටපත් රචනය කරද්දී ඔබට ව්‍යාජ නමකින් පෙනී සිටීමට අවස්ථාව තිබුණා, මං කියන්නේ ඔබේ ආරක්ෂාවට...?

පුළුවන්කම තිබුණා. ඒත් මම මේ වාර්තා වැඩසටහනේදී පිටපත සකස් කරන්නේ සත්‍යය මත පදනම් වෙලා, මම මගේ නමින් නිර්භයව ලියුවා. බොහෝ දෙනෙක් මෙවන් වාර්තා වැඩසටහන් සඳහා පිටපත් ලියන්නේ ආරූඪනාම භාවිත කරමින්.

ඔබට බොහෝ දේශපාලන විරුද්ධවාදීන් ඇති?

නැහැ. මේ වැඩසටහන නිසා විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් මට වඩ වඩාත් ළං වුණා.

මොකද කර්තෘ ප්‍රකාශනයක් ලෙස ග්‍රන්ථය පිට කරන්නේ ප්‍රකාශකයෙක් හමුවුණේ නැද්ද?

මේ පොත හොඳට විකිණෙන පොතක් වේවි. එනිසා කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීම කතුවරයා ලෙස මට ආර්ථික වාසියක් ගෙනේවි.

කවදද ‘විපරම’ ග්‍රන්ථය එළි දක්වන්නේ?

2009 සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ මස 16 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වෙනවා.

ඔබ ‘විපරම’ කෘතියට විද්‍යුත් මාධ්‍ය සඳහා රචනා කළ සියලුම පිටපත් අන්තර්ගත කළා ද?

නැහැ. තෝරා ගැනීමක් කළා විකාශය වූ පිටපත් 100 ක් පමණ ග්‍රන්ථයට ඇතුළත් වෙනවා. කාටත් රස විඳිය හැකි අපූරු දේශපාලන විග්‍රහයක් මේ කෘතියේ අන්තර්ගතවීම මේ ග්‍රන්ථයේ විශේෂත්වයයි.

1996 - 2001 අතර කාලයේ රටේ දේශපාලන සමාජ ස්වරූපය ‘විපරම’ මුද්‍රිත ග්‍රන්ථය අනාගත පරපුරට ප්‍රකාශ කරයි. අපටත් අමතක වූ බොහෝ දේ යළි මතක්කර දේවි. මම විශ්වාස කරනවා ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වූ ‘විපරම’ කාලීන වාර්තා වැඩසටහන වගේ ම ‘විපරම’ ග්‍රන්ථයත් ජනතාව අතර ප්‍රචලිත වෙයි කියා.

සාකච්ඡා කෙළේ
ටෙක්ලා පද්මිණී කාරියවසම්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull:
    මට පේන්න බැරි පොන්න නාකි හුකන්නෙක් ඕකා..
    ITN නිව්ස් බලුවෙ නෑ අවුරුදු දෙකකින් විතර..