මහ පරිමාණයෙන් කාබනික පොහොර හදාදෙන්න විදෙස් කණ්ඩායමක් ලංකාවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යල කන්නයේ සිට මෙරට වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට මැලේසියානු ආයෝජකයින් කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වූ මෙම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය 8%ක් පමණ අඩංගු වන ආකාරයට යෝජිත කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බවය.

    මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැලේසියාව දියුණු තාක්ෂණය යොදාගෙන වර්ෂය පුරා කෘෂිකර්ම කටයුතු කරන නිසා එරටේ දියුණු තාක්ෂණය මෙරට කාබනික වගාව සඳහා යොදා ගැනීමට අවස්ථාව ලබා දීම සතුටට කාරණයක් බවය.

    කෙසේ වුවද යෝජිත පොහොර නිෂ්පාදනය පිළිබඳව අංග සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි පොහොර ප්‍රමාණය, ඒ සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, මෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශවය අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

    මෙම ආයෝජකයින් පිරිස සමඟ ලංකා පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ද අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටියහ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අපේ කැම්පස් වල උන් වෙන රටවලට යනවා අපේ ඇමතියෝ පිට රට උන් මෙහෙ ගේනවා 😂😂 . වේස කාලකන්නි දියුණුවක් නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png