මහ පාරේ දන් වළඳන තායි හිමිවරු

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු

    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු

    image_5dccf319d5.jpg


    කඩි ගුලක් ඇවිස්සුණු ලෙස ජනාකීර්ණ මාර්ගයකි. එය වරෙක ආහාර පිසින මුළුතැන් ගෙයකි. තවත් වරෙක මේස පුටු තබාගෙන ආහාර ගන්නා ආපන ශාලාවකි. තවත් විටෙක භික්‍ෂූන් වහන්සේ දන් වළඳන ද‌ානශාලාවකි. මේ සියල්ල එකවර සිදුවෙන සුවිශේෂි මාර්ගයක් දැක ගන්නට අපට අවස්ථාව ලැබිණි. මෙම මාර්ගය පිහිටා ඇත්​ෙත් බැං​කොක් නගරයේ සිට කිලෝ මීටර් තිහක් පමණ දුරින් පිහිටි පුතුනාචි නමින් හැඳින්වෙන ප්‍රදේශයේය.

    මාර්ගයේ ධාවනය වෙන දහසකුත් රථවාහන මාර්ගය දෙපසින්ම දක්නට ලැබේ. මෙහි වෙළඳ‌ාමේ යෙදී සිටින ආහාර කඩ වැඩි වශයෙන් හිමිව ඇත්තේ කාන්තාවන්ටය. එම මාර්ගයේ පදික වෙළෙඳ‌ාම වැඩි වශයෙන්ම සිදු කරනු ලබන්නේ කාන්තා ස්වයං රැකියා ලෙස බැව් දක්නට ලැබේ. හිමිදිරි පාන්දර මෙහි එන කාන්තාවෝ තෙල් තාච්චි ඇතුළු ආහාර පිසින බඳුන් පදික කරත්ත මත තබාගෙන ආහාර පිළියෙල කරති. විශේෂයෙන් මස් මාළු බැදීම් සහ පිළිස්සීම් සිදු කරනු ලැබේ.
    image_0340b151cb.jpg

    පදික කරත්තයේ භාජන වල දමාගෙන සිටින මස් වැදලි සහ මාළු ඒ මොහොතේම බැද හෝ පුළුස්සා දීමට ඔවුන්ට ගතවන්නේ තත්පර ගණනකි. කොතරම් ජනාකීර්ණ රථවාහන ගමන් ගන්නා කලබලකාරී පරිසරය මත වුවද ඔවුන් එම පදික කරත්ත තම තමන්ගේ මුළුතැන් ගෙවල් ලෙස භාවිත කරනු දක්නට ලැබේ. කරත්තය වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඒ අසල තිබෙන මාළු ටැංකි වලින් තමන් කැමැති මාළුවෙකු ​ෙතා්රා තම්බා හෝ පුළුස්සාදීම ඔවුන් අතින් සිදු කෙරේ. එසේ බැද ගන්නා මාළු කූරින්ගේ අබමල් රේණුවක් තරම්වත් කොටසක් ඉවත නොදමති. කොරපොතු වරල් ඒ අයුරින්ම තිබියදී පිළිස්සීම හෝ බැදීම සිදු කරති.


    මෙම කෑම කඩවල වැඩ ආරම්භ වන්නේ උදේ පහයි තිහට පමණය. හය වෙනවිට පිසූ ආහාර භාජන වල පුරවා පදික වේදිකාවේ පදික කරත්ත මත තබති. කැඳවර්ග, සුප් වර්ගද ඒ අතරය. මස්වර්ග අතර කුකුළු අඬුද බැද හෝ තම්බා පාරිභෝගිකයන් සඳහා සූද‌ානම් කෙරේ. කුකුල් මස් වලින් ඉවත් කරන එම කුකුල් අණ්ඩක් බැද හෝ පුලුස්සා දීමට එරට මුදලින් බාත් දෙකකි. (ලංකාවේ මුදලින් රුපියල් විස්සකි)
    image_9819b7471d.jpg


    පදික වේදිකාවක් නොමැති වුවද ඒ සියල්ල සිදුවන්නේ මාර්ගය අයිනේය. මෙම ආහාර කඩවල වැඩ ආරම්භ කිරීමට ප්‍රථම ඔවුන් වැඩි දෙනෙකු සංඝයා වහන්සේට දන් පිළිගැන්වීම සිදු කෙරේ. එම වෙළෙඳ සල් අසලට වැඩම කරන භික්‍ෂූන් වහන්සේට මහාමාර්ගය අයිනේම පැදුරක් දමා ඒ මත කුඩා අසුනක් පනවනු ලැබේ. එම අසුනේ වැඩම කරවන භික්‍ෂූන් වහන්සේට දන් පිළිගැන්වේ. එම ආහාර භික්‍ෂූන් වහන්සේ එම ස්ථානයේදීම අනුභව කරති. ඉන් අනතුරුව පින් අනුමෝදනා කිරීමෙන් පසු භික්‍ෂූන් වහන්සේ ඉවත්ව යති.

    අනතුරුව එහි එන පාරිභෝගිකයන්ට ආහාර අලෙවි කිරීම සිදු කෙරේ. ඇතැම් කාන්තාවෝ පදික කරත්ත මත වෙළෙඳ‌ාමේ යෙදී සිටින්නේ තම සිඟිති දරුවන්ද එහි රඳවාගෙනය. මහා මාර්ගයේ මේ සියල්ල සිදුවන විට එහි ධාවනය වෙන රථවාහන දැඩි ඉවසිලිවන්තව ධාවනය කිරීම අතිශය පුදුම උපදවන සුලුය. කිසිදු නළා හඬක් හෝ නිකුත් නොකර එම කාර්යයන්ට ඉඩදී මගීන්ගේ ආරක්‍ෂාව තකා ඔවුහු රථ ධාවනය කරති. මාර්ගය අවහිර වෙන පරිදි ආහාර මිලදී ගැනීමට සිටින පිරිස් එම කාර්යය නිමවෙනතුරු රථය නවතා ගෙන සිටීමට ඔවුන් තුළ ඇත්​ෙත් පුදුමාකාර ඉවසීමකි. එම රියදුරන් තුළ පවතින විනීත භාවය අතිශය ආදර්ශවත්ය. ඔවුන් හැම විටම මුල් තැන දෙනු ලබන්නේ පයින් ගමන් ගන්නා මගීන්ට වීම එහි ඇති විශේෂත්වයයි.
    තිස්ස ජයවර්ධන
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තායිලන්ඩ් බික්ෂුව තමා හරිම බික්ෂුව. මෝඩ අදහස්, ගොන් ලොජික් නැ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    muta ape budhdhagama allergic wage.
    අපෝ එහෙම එකක් නෙමෙයි, තායිලන්ඩ් මිනිස්සු සිවුරට ගරු කරන්නේ, සිවුරත් මිනිසුන්ට ගරු කරන නිසා. ඔය මිනිස්සු දානේ දෙන්නේ ඔහොම ඒ මිනිස්සුන්ට හාමුදුරුවරු කරදරයක් නැති නිසා. හිතපන් ලංකාවේ පාරක් අයිනේ දානයක් වලදන්න ආරාදනා කලොත්, ටහිකෙන කුණුහරපෙන් අහගත්තකි.. ලංකාවේ සිවුරට වඩා එක දාගෙන ඉන්න මනුස්සයා උඩින් යන්නේ. තායිලන්ඩ් මිනිස්සු වදින්නේ සිවුරට. ලංකාවේ උන් වදින්නේ සිවුර පොරෝපු එකාට. මොකෙක් උනත් සිවුරක් පොරෝපු එකෙක්නෙ කියලා.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපෝ එහෙම එකක් නෙමෙයි, තායිලන්ඩ් මිනිස්සු සිවුරට ගරු කරන්නේ, සිවුරත් මිනිසුන්ට ගරු කරන නිසා. ඔය මිනිස්සු දානේ දෙන්නේ ඔහොම ඒ මිනිස්සුන්ට හාමුදුරුවරු කරදරයක් නැති නිසා. හිතපන් ලංකාවේ පාරක් අයිනේ දානයක් වලදන්න ආරාදනා කලොත්, ටහිකෙන කුණුහරපෙන් අහගත්තකි.. ලංකාවේ සිවුරට වඩා එක දාගෙන ඉන්න මනුස්සයා උඩින් යන්නේ. තායිලන්ඩ් මිනිස්සු වදින්නේ සිවුරට. ලංකාවේ උන් වදින්නේ සිවුර පොරෝපු එකාට. මොකෙක් උනත් සිවුරක් පොරෝපු එකෙක්නෙ කියලා.

    not all of our monks are like that: but i have to agree with you: I experienced something similar recently