මහ බැංකුවට ප්‍රහාරය එල්ලවී අදට වසර 21 යි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මහ බැංකුවට ප්‍රහාරය එල්ලවී අදට වසර 21 යි

    * ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණේ වටිනාකම රුපියල් ලක්‍ෂයක්‌ බව පොලිසිය තීන්දු කරයි

    * මහබැංකු නිලධාරීන් 41 කගේ දිවි අහිමි වෙයි

    * විපතට පත්වූවන්ට යුක්‌තිය ඉටු වූයේද?

    1996 ජනවාරි 31 දා කොටුවේ මහ බැංකුවට එල්ලවූ කොටි ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 100 කට අධික පිරිසක්‌ මරුමුවට පත් විය. මෙම බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය සිදුවී අදට වසර 21 කි. එම ප්‍රහාරයෙන් මහ බැංකුවේ නිලධාරීන් හා නිලධාරිනියන් 41 ක්‌ මැරමුවට පත්වූ අතර තවත් පිරිසක්‌ සදහටම අන්ධ විය. මහබැංකුවට ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කළ ඝාතක ප්‍රභාකරන් සහ ඒ සඳහා සැළසුම සකස්‌ කළේ අමීන්a මාස්‌ටර්ය.

    මෙම විනාශකාරී සිද්ධිය යුද අපරාධයක්‌ වුqවත් ප්‍රභාකරන් හා ටොසී බුද්ධි අංශයේ නායක පොට්‌ටු අම්මාන්ට එරෙහිව මානව හිමිකම් බලධාරීන්ට පැමිණිල්ලක්‌ යොමු වූයේ නැත.

    කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ යුරෝපා සංගමය ද ප්‍රභාකරන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල නොකළ අතර ඔහු ඊට වගකිවයුතු බවට වගවීම් යාන්ත්‍රණයක්‌ හෝ ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට පැවසුවේ නැත.

    මේ පසුබිම මැද මහ බැංකුවේ මියගිය නිලධාරීන් හා නිලධාරිනියන් 41 ක පිරිස සහ සිවිල් ජනතාව උදෙසා යුක්‌තිය ඉටු වූයේද? එහෙත් ප්‍රභාකරන්ගේ සබඳතාවය සනාථ කිරීමට එක්‌ නිර්භීත පොලිස්‌ නිලධාරියෙක්‌ දිවි පරදුවට තබා කටයුතු කළේය. ඔහු ත්‍රස්‌ත මර්දන පොලිස්‌ නිලධාරියකු වූ නිලබ්දීන් ය. 1996 පෙබරවාරි 7 දා ඔහු සහ පිරිසක්‌ අතිශය රහසිගත මෙහෙයුමක්‌ දියත් කරනු ලැබිය. ඒ තමන් අත්අඩංගුවට ගත් රගු නමැති ත්‍රස්‌තවාදියාගේ නිවස පිහිටි මුතූර් ප්‍රදේශයට යැමයි.

    මේ භයානක ගමන ප්‍රභාකරන්ට අනාවරණය වූයේ නම් නිලබ්දීන් ඇතුළු පිරිසට ආපසු කොළඹට පැමිණීමට ඉඩ ලැබෙන්නේ නැත. මුතූර්හි පොල් වත්තකට ගිය නිලබ්දීන් ඇතුළු පිරිස රගු නමැති ත්‍රස්‌තයාට ප්‍රභාකරන් තෑගි දුන් පෙට්‌ටිය සොයාගත්හ. එහි ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු විය.

    රගු තවදුරටත් පාපොච්චාරණය කළේ තමා සෝනි ත්‍රස්‌ත කඳවුරේ සිටියදී ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් පැමිණ මහබැංකු ප්‍රහාරයට නියෝග කළ බවයි. එසේම තමාට තෑගි පෙට්‌ටියක්‌ ද පරිත්‍යාග කළ බව රගු හෙළි කළේය.

    නිලබ්දීන් ගෙන ආ එම තෑගි පෙට්‌ටිය කොළඹ ඇඟිලි සටහන් අංශය වෙත ලබාදීමෙන් පසු එහි සිටි නෝමන් පෙරේරා සහ රත්නායක යන නිලධාරීන් මදුරාසි පොලිසියෙන් ලැබී තිබුණු ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් සමඟ සංසන්දනය කරනු ලැබීය.

    ඒ අනුව ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු පෙට්‌ටියේ තිබූ ඇඟිලි සලකුණුවලට සම විය. මේ නිසා මහ බැංකු අපරාධයට තවත් සාක්‍ෂි අවශ්‍ය වූයේ නැත.

    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය විනිසුරුතුමා ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවමක්‌ නියම කළේ ප්‍රභාකරන් යන නම ඇසූ විට වෙව්ලන දේශපාලනඥයන් මෙරට සිටි අවස්‌ථාවේයි.

    ඇඟිලි සටහන් විශේෂඥයන් වූ නෝමන් පෙරේරා සහ රත්නායක මෙන්ම පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන් ද අධිකරණය හමුවේ රහසිගතව සාක්‍ෂි දුන්නේ තම දිවි පරදුවට තබමිනි. කොටුවේ මහ බැංකුවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සිදුවූ හානියේ වටිනාකම රුපියල් මිලියන 1000 කට අධික විය. එසේම රුපියල් මිලියන 6 ක්‌ වටිනා වාහන 21 ක්‌ද විනාශ විය.

    මේ මහා විනාශය ගැන කිසිවෙක්‌ චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමට ක්‍රියා කළේ නැත. එවැනි චිත්‍රපටයක්‌ නිර්මාණය කළේ නම් විදේශ රටකදී සම්මාන ලබා ගැනීමේ හැකියාවක්‌ද නැත.

    මහබැංකු බෝම්බ ප්‍රහාරයෙන් දැස්‌ අන්දවූ මහබැංකු නිලධාරිනියන්a ද අද ජීවතුන් අතර සිටී. ඔවුන්ට යුක්‌තිය හිමි වූයේ ද යන්න ගැන දැන් කිසිවෙක්‌ ප්‍රශ්න කරන්නේ ද නැත.

    වසර 21 කට පෙර සිදුවුq මෙම බිහිසුණුq අපරාධය අද බොහෝ දේශපාලකයන්ට අමතක වී ඇත. එසේම සිය දිවි පරදුවට තබමින් ප්‍රභාකරන්ට දඬුවම් කිරීමට සහාය වූ පොලිස්‌ නිලධාරීන්ද පොලිස්‌ දෙපාර්තමේන්තුව අමතක කර ඇත.

    ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් නිලබ්දීන් සිය දිවි බේරා ගැනීමට විදේශ ගත විය. පොලිස්‌ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිය කැඳවා රුපිsයල් ලක්‍ෂයක තෑග්ගක්‌ පිරිනැමීය. එහෙත් රුපියල් ලක්‍ෂ 2 ක තෑග්ගක්‌ නියම වී තිබුණි. තෑගි මුදලේ ඉතිරි ලක්‍ෂයට සිදුවූයේ කුමක්‌ද යෑයි ඇය පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළාය.

    ප්‍රභාකරන් වසර 200 ක සිරදඬුවමකට අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. එම අභියාචනයෙන් පසු ඉතිරි ලක්‍ෂය ලැබේ යෑයි පොලිස්‌ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

    2009 මැයි 18 දා ප්‍රභාකරන් මරුමුවට පත් විය. ඔහු මිය ගොස්‌ වසර 21 ක්‌ සපිරෙන අවස්‌ථාවේ ඇඟිලි සලකුණට අයත් ඉතිරි රුපියල් ලක්‍ෂය නිලබ්දීන්ට හිමිවූයේ නැත.

    නිලබ්දීන් තම ජීවිතය පරදුවට තබමින් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් අයුරු විශේෂයෙන් හෙළි කළේ යි දිවයිනZයි. නිලබ්දීන් මෙන්ම ඇඟිලි සලකුණු සංසන්දනය කළ නෝමන් පෙරේරා සහ සැරයන් රත්නායක කෙරේද පොලිස්‌ දෙපාර්තමේන්තුව තැකීමක්‌ කළේ නැත.

    ඔවුන් ඒ ගැන ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන්ගේ අවධානය යොමු කළත් අද වනතුරු ඔවුන් කළ වටිනා සේවය ගැන ඇගයීමක්‌ නොවුණි.

    දැඩි ලෙස කලකිරීමට පත් නිලබ්දීන් සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඔහුට තම විශ්‍රාම වැටුප පවා ලබාගැනීමට පොලිසියට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට සිදු විය.

    චෝදනා 51 කට ප්‍රභාකරන් වරදකරු වූයේ ඇඟිලි සලකුණු නිසාය. එහෙත් පොලිසිය ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තක්‌සේරු කළේ රුපියල් ලක්‍ෂයකටය.

    එසේම කටුනායක ගුවන්තොටුපළට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධව ප්‍රධාන ත්‍රස්‌තයා අල්ලාගෙන රහස්‌ පොලිසියට බාරදුන්නේ ද නිලබ්දීන්ය. එහෙත් ඒ සඳහා ඔහුට තෑගි හිමි වූයේ නැත.

    මේ තත්ත්වය මත මහ බැංකු බෝම්බය අද බොහෝ දෙනකුට ද අමතක වී ඇත. එහෙත් රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌තයෝ නිදහස ඉල්ලති.

    * කීර්ති වර්ණකුලසූරිය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න ඔහොමයි ඒ කාලේ උනේ.....
    කලකිරෙනව ....
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ජනවාරි 25 ට දළදා මාලිගාවට බෝම්බ ගහලා අවුරුදු 18 යි. එකෙක් කතා කරේ නැ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජනවාරි 25 ට දළදා මාලිගාවට බෝම්බ ගහලා අවුරුදු 18 යි. එකෙක් කතා කරේ නැ

    ඊට දවස් 2කට පස්සෙ බෝම්බ ගහපු එකා stage නැග්ගනේ බන්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය ඇඟිලි සළකුණ ගේන මෙහෙයුමේ අනිත් මොළකරු IP ජෙයරත්නම් කොටි මැරුවා පවුල පිටින්:sorry::sorry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,699
    113
    Kadawatha, Sri Lanka
    Hmmm. Matath laawata wage mathakai. Mage thaththath CBSL eke. Edaa mage iskole prize giving eka. Ekata mama thaththa ekka bus eke yaddi radio eken scene eka dena gaththe. Prize giving eka nothibuna nam monaa weida manda. Mama funeral keepayakata giyaa. Eka lady kenekge mune paththak wahala thibbe.
    Kohoma hari mage batch eke kollekge amma kenek e athare hitiya. Kolla passe kaaleka wala bessa. Danvath hoda life ekak thiyenava nam hodai
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊට දවස් 2කට පස්සෙ බෝම්බ ගහපු එකා stage නැග්ගනේ බන්

    රවී මාම මහ බැංකුවට දීපු ප්‍රහාරෙත් එක්ක බලද්දී ඕවත් ප්‍රහාරද? :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    රවී මාම මහ බැංකුවට දීපු ප්‍රහාරෙත් එක්ක බලද්දී ඕවත් ප්‍රහාරද? :lol::lol:

    යුව රජවරු රසියන් බඩු ගෙනල්ලා නයිට් රෑස් යද්දි චියොර් කොරපු අපිට දළඳා මාළිගයේ ප්‍රහාරේ ලොවෙත් ලොකු නෑ නේද හිටං