මහ රෑට පිරිත් ඇසෙන දඩයක්කාරයන් සලිත වන සපŢ
මහ රෑට පිරිත් ඇසෙන දඩයක්කාරයන් සලිත වන සපුමල්ගස්කඩ බොදුබිම... මහා සෑය නිධන් හොරු හාරලා.....
තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් පබ්බතාරාම සිද්ධස්ථානයක්...
1980 ට පෙර ඉඳලා බෝගස්වැව වැසියන් වන්දනාමාන කරන්නේ මේ බොදුබිමට ඇවිත්...
අලි, කොටි, වලස්සු නිතරම ගැවසෙනවා ඒත් කිසිම හිරිහැරයක් නෑ...
ගුරු පාර දූවිලි වලාවෙන් වැසී ගොස්ය. දෝරෙ ගලා යන දූවිලි සැරට නාස් කුහර රත් වී ඉහමොළ ද රිදුම් දෙන්නට විය. මළ හිරුගේ වියරුවෙන් දැවෙන බෝගස්වැව පසු කරගෙන නැඳුන්කේනි මාර්ගය ඔස්සේ අප රැගත් ජීප් රථය ඉදිරියට ගමන් කරමින් තිබිණි.
ගමන වෙහෙසකරය. බාධක එමටය. මහ කැලයට මැදි වූ, වළ ගොඩැලි සහිත වක ගැසුණු ගුරු පාර දිගේ ජීප් රථයක් විනා වෙනත් වාහනයක් ධාවනය කරවීමට ද අසීරු තරම්ය. එහෙත් බාධක ජයගත් පසු හමුවන අරණෙ සිසිලසට ගත, සිත නිවිණි. මහ ගස් සෙවණ යට විශාල පුදසුනක විසිරුණු බෞද්ධ ස්මාරක දුටු විට නිවුණු සිත බුද්ධාලම්භන ප්‍රිතීයෙන් පිරිණි.
pirith2 සමනළ වැව් ඉස්මත්තෙන් ගලන සැන්දෑ අඳුරවිත් වනපෙත පොරවන්නට මත්තෙන් එම පින්බිමේ අසිරිය සිත් පුරා විඳගැනීමේ අටියෙන් අපි බොදු බිම පුරා ඇවිද ගියෙමු. කොළ රොඩුවලින් සුදු වැලිතලාව වැසී ගොස්ය. ස්වාභාවික භූමිය ස්ථර දෙකක් සේ සකසා ඇති ආකාරය වැසී ගිය කොළ රොඩු අතරින් පැහැදිළිව දර්ශනය විය. එය පිටමළුව සහ ඇතුළු මළුව ලෙස හඳුනාගත හැකිය. ඇතුළු මළුවේ කැටයම් රහිත මුරගල්, කොරවක්ගල්, සඳකඩපහණ දැකගත හැකි විය. ඒ බෞද්ධ ස්මාරක අතරින් ඇවිද ගිය අපි පියගැට පෙළ නැඟ නිධන් හොරු විසින් ගර්භය හාරා හානි කර තිබූ සෑය අසල නතර වීමු. ගඩොලූවලින් නිර්මාණය කර ඇති ස්තූපය උසින් අඩි පහකට වැඩි ප්‍රමාණයක් ශේෂ වී තිබේ. සෑය අසලට යෑමට සිව් දෙසින් පියගැට පෙළ හතරකි. සෑය අසල සිට එම බොදුබිම වටා දෙනෙත් යොමු කළ විට ඈතින්, ඈතට නටබුන් වූ තවත් බෞද්ධ ස්මාරක රාශියක් ඇස ගැටිණි. ශිලා ලකුණු සහිත ගොඩනැඟිලි සාධක,
පැරැණි ගඩොලූ සහ පැරැණි පෙති උළු, වළං කැබිලි තැන, තැන විසිරී තිබැණි.
ස්තූපය, පොහොය ගෙය සහ පිළිම ගෙය පැහැදිළිව හඳුනාගත හැකි මේ බොදුබිම මෙරට තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් පබ්බතාරාම සිද්ධස්ථානයක් බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම ක්‍රි. ව. 1-3 සියවස්වලට මුල් ඓතිහාසික යුගයට අයත් නටබුන් සහිත සුවිශේෂී බොදුබිමකි. වවුනියා දිස්ත්‍රික්කයේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිවයිතකල්ලූ 221 ඒ, ග්‍රාමසේවා වසමේ පෙරියකච්චිකුලම් වන සංරක්ෂණ කලාපයට අයත් ප්‍රදේශයක පිහිටා ඇති මේ බොදු බිම සපුමල්ගස්කඩ පුරාවිද්‍යා භූමිය නම් වේ. මෙම ආරාමික පරිශ්‍රයේ නටබුන් විසිර පවතින ප්‍රදේශය වර්ග මීටර් 22500 ක් පමණ වේ. එම බොදුබිම වටා දිය අගලක් ද තිබූ බවට සාධක හමු වී තිබේ. එම දිය අගලට ජලය ගලාවිත් ඇත්තේ සපුමල්ගස්කඩ බොදුබිම කෙළවරේ පිහිටි සමනළ වැවෙනි. එය දිය පිරුණු විශාල වැවකි. එම වැව දෙමළ ව්‍යහාරයේ හඳුන්වනු ලබන්නේ චමලන්කුලම වැව යනුවෙනි.
සමනළ වැව් කණ්ඩියේ සිට සපුමල්ගස්කඩ බොදුබිමේ අසිරිය විඳිමින් සිටින අපට හොරා දවස නිවිණි. වැව් ඉහත්තාවෙන් වේගයෙන් අඳුර ගලමින් තිබිණි. සමනළ වැව් තාවුල්ලේ සිට එම බොදුබිමේ ඇති එකම කුටිය සමීපයට ඒමට අපට පහන් එළිය වී ඇත්තේ ගස් අතරින් බේරෙන සඳ කිරණ පමණි. රැය පහන් කිරීමට කොට්ට, මෙට්ට, ඇතිරිලි කිසිවක් නැත. බොදුබිම ආසන්නයේ සුදු වැලි තලාව මත අප සියලූ දෙනාගේ නවාතැන්පළ වී තිබිණි.
රාත්‍රිය නිදිවර්ජිතය. සපුමල්ගස්කඩ බොදුබිම සංවර්ධනය කිරීමට නායකත්වය ගෙන සිටින ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ සහ බෝගස්වැව පුරාවෘතයක් බඳු ජයකොඩි මාමා මේ බොදුබිමේ අසිරිමත් විත්ති අපට කියන්නට සැදීපැහැදී සිටිති.
ජයකොඩි මාමා ගිනිමැලය දල්වමින් අප අසලටවිත් ගල මතට බර තැබුවේය. ‘කොටි, වලස්සු වගේම අලිත් එන්න පුළුවන්. මහත්තෙලා බය වෙන්න එපා...
උන්ගෙන් අපිට හිරිහැරයක් නෑ.... වන සතුන්ගේ පැමිණීම ගැන පූර්ව දැනුවත් කිරීමත් සමඟ සන්තබෝධි හාමුදුරුවෝ කතාවට ප්‍රවේශයක් තැබූහ.
"මේ පින්බිමේ දළදා වහන්සේ වැඩ සිටි බවට ජනප්‍රවාදයක් තියෙනවා. ඒ කතාව සත්‍යයක් වෙන්න ඕනෑ. අදටත් මේ සෑය දෙසින් මහ රෑට පිරිත් ඇහෙනවා. දේවතා එළි පාත් වෙනවා. මේ සෑය තුළ අදටත් ධාතූන් වහන්සේලා වැඩසිටින බව මට විශ්වාසයි. අද මම මෙතැන රැය පහන් කරන්න හිතාගත්තේ මහත්තෙලාටත් පිරිත් ඇහෙයි ද කියන විශ්වාසයට..." ගිනිමැලය බුර, බුරා ඉහළට නැෙඟයි. සඳ පහන මුළු කැලයම ආලෝකවත් කර තිබිණි. සපුමල්ගස්කඩ බොදුබිමේ මැවෙන ආශ්චර්යය දෑහින් දැක, දෙසවනින් ඇසීමේ ප්‍රාර්ථනාවෙන් අපි සියලූ දෙනා පසු වීමු.
"මහත්තෙලාට කියන්න මේ කැලෑවේ හරියට සත්තු දඩයම් කරනවා. දඩයම වෘත්තිය කරගත් මිනිස්සු මේ අසල්වැසි ගම්වල ජීවත් වෙනවා. ඒත් මහත්තයො ඔය කිසිම දඩයක්කාරයකුට මේ ඉසව්වේ රෑකට ඉන්න බෑ. මහ බිහිසුණු ශබ්ද ඇහෙනවලූ. කැලෑ රොදවල් අතරින් මතු වෙන ලොකු අත්වලින් තල්ලූ කරනවලූ. ඒ නිසා අපි දන්න කාලේ ඉඳලා මේ ඉසව්වට දඩයක්කරුවො එන්නෙ නෑ. ඒ නිසා මේ හරියේ සත්තු ගැවසෙනව වැඩියි. වලස්සු හරියට ඉන්නවා. මේ මෑතක දවසක වළහෙක්ව මද්දකට අහුවෙලා, ඌගේ කෑගැහිල්ලට තවත් වලස්සු පහළොවක් විතර එතැනට ඇවිත් ඉන්නවා අපේ ගමේ කොල්ලෙක් දැකලා. ඌ බයේ දුවලා. අලියා නිතරම ඉන්නවා. මම මේ පූජා භූමියට එන ගොඩක් දවස්වලට අලින්ව දැකලා තියෙනවා. කොටියා මුණගැහෙනවා. මුව රංචු, ගෝන්නු නිතරම මුණගැහෙනවා. ඒ සත්තුන්ගෙන් අපිට කිසිම හිරිහැරයක් නෑ. පාඩුවේ අපි වඳින්න යනවා. උන්ගේ පාඩුවේ ඒ සත්තු කැලෑවට යනවා...‘. ජයකොඩි මාමා ද අපේ කතාවට එකතු විය. රැහැයියන්ගේ ඇඬියාව, කණාමැදිරින්ගේ කෙඳිරිය නොඇසෙන්නට ඒ පින්බිමෙන් කිසිදු හඬක් මතු නොවේ. එතරම්ම පින්බිම නිහඬය. සමනළ වැව දෙසින් හමා එන සිසිල් සුළං රැළි ගත, සිත සීත සළුවකින් පොරවන්නේය.
ගිනිමැලයේ රස්නය නොවෙන්නට ගතට දැනෙන සීතල දරාගැනීමට ද නොහැකි තරම්ය.
"1980 අවුරුද්දට පෙර අපේ ගමේ සිංහල පවුල් තිස්දෙකක් හිටියා. ඒ කාලේ ඉඳලා අපේ මිනිස්සු කැලේ පන්සල කියලා මෙතැනට එනවා. එතකොට මම තරුණ වයසෙ. කොලූකමට අපි දවසගානෙ මෙතැනට එනවා. කවුරු අතු ගානවද දන්නෙ නෑ චෛත්‍ය වටා වැලි මළුව හොඳට අතුගලා තියෙනවා. ඒ වගේම මෙතැන රෑකට තනියෙන් වුණත් ඉන්න පුළුවන්. කිසිම ගුප්ත බවක් දැනෙන්නෙ නෑ. හොඳ ආලෝකයක් තියෙනවා. මෙතැන ඉන්නකොට වේලාව ගත වෙනවා තේරෙන්නෙ නෑ..." ජයකොඩි මාමාට වයස අවුරුදු හැත්තෑවකි. බෝගස්වැව ගමේ දැනමුත්තෙකි. ගොවිකම රජකම සේ සලකන ඔහු ප්‍රදේශයේ ගොවි රජෙකි.
pirith3 "බෝගස්වැව පොළොව වගාවට හරිම සරුසාරයි. මයියොක්කා දණ්ඩක් විසි කළත් පඳුරු දාලා හැදෙනවා. ඕන වගාවක් බය නැතිව කරන්න පුළුවන්. අපිට තියෙන එකම ගැටලූව වතුර නැතිකමයි. වතුර ටිකක් දෙනවා නම් අපි දන්නවා මේක අස්වද්දන හැටි..." ජයකොඩි මාමා දැඩි විශ්වාසයෙන් ඒ වචන ටික මුදාහරින බව ඔහුගේ මුහුණේ මැවෙන ඉරියව්වලින් අපට පෙනිණි. කාලයක සිට බෝගස්වැව වැසියන් වතුර ගැටලූවෙන් පීඩාවට පත්ව සිටින බව නොකිවමනාය. ඒ ගැන වෙනත් ලිපියකින් කතා කළ යුත්තකි. නැවත සන්තබෝධි හාමුදුරුවෝ හඬ අවදි කළහ.
"මේ බොදුබිමේ පිළිම ගෙය ආසන්නයේ තිබිලා බෝධිසත්ව පිළිමයක් සහ හිටිපිළිමයක් සොයාගෙන තියෙනවා. අදටත් ඒ පිළිම වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. නිධන් හොරු මේ බිමේ ගොඩක් තැන් හාරලා. තැන, තැන වළවල්. මේ ගමේ මිනිස්සු තමයි මේ සිද්ධස්ථානය දියුණු කරන්න මූලිකත්වය අරගෙන මාවත් හවුල් කරගත්තෙ. දැන් අපි දායක සභාවකුත් පිහිටුවලා තියෙන්නෙ. පොඩි කුටියක් හදලා හාමුදුරුනමකුත් වැඩ ඉන්නවා..." සන්තබෝධි හාමුදුරුවො උතුර, නැගෙනහිර බොදු උරුමය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැප වී සිටින හිමිනමකි. වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනාධිපති වහන්සේ ලෙස වැඩසිටිමින් ප්‍රදේශයේ දරු, දැරියන්ගේ නැණපහන් දැල්වීමට ද විශාල සේවයක් කරගෙන යන තරුණ හිමිනමකි. මේ මොහොතේ උන්වහන්සේ අප සමඟ නිදිවර්ජිතව වැඩ සිටිමින් සපුමල්ගස්කඩ පුදබිමේ ඉතිහාසයත්, ආශ්චර්යයත්, අනාගතයත් සියලූ කරුණු අපට විස්තර කරති.
රාත්‍රිය ද මෝරා වැඩෙමින් තිබිණි. කෝපි කෝප්පයක් රැගෙන ආ ප්‍රසන්න සන්තබෝධි ස්වාමීන් වහන්සේට පිළිගැන්නුවේය. ප්‍රසන්නගේ කෝපි කෝප්පයේ උණුසුමට සහ රසට ගතට අමුතු ජීවයක් ලැබුණු බව නොකවමනාය. කෝපි උණුසුම අතරේම මම මේ ප්‍රදේශයේ ඉතිහාසයට ගියෙමි.
වවුනියාව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ප්රාග් ඓතිහාසික අවධියේ සිට මානව ජනාවාස පැවති බවට සාධක හමු වී තිබේ. ඒරුපොතාන, සෙට්ටිකුලම යන ප්‍රදේශවල ගල්ලෙන් බොහොමයක ප්රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදු වී ඇති බව දැකගත හැකිය. මාමඩුව, පාවක්කුලම යන ප්‍රදේශවල මූල ඓතිහාසික යුගයට අයත් මෙගලිතික් සොහොන් බිමක්ද හමු වී තිබේ. එමෙන්ම වැව කේන්ද්‍ර කරගත් වියළි කලාපීය ජනාවාස පිළිබඳ සාධක මේ ප්‍රදේශයේ බහුලව පවතී. ඒ ආශ්‍රිතව ආරාමික ස්ථාන ද විශාල වශයෙන් තිබූ බවට සාධක හමු වී ඇත. සපුමල්ගස්කඩ මේ සිද්ධස්ථානය ඇතුළුව ඒරුපොතාන, සෙට්ටිකුලම, රුවන්මඩුව ආරාමික සිද්ධස්ථාන ඊට නිදසුන්ය. එමෙන්ම ක්‍රි. පූ. 2 වැනි සියවසේ දුටුගැමුණු රජුගේ සෙන්පතියකු වූ නන්දිමිත්රගේ නම සඳහන් සෙල්ලිපි බොහෝමයක් ද හමු වී තිබේ. තෝනිගල ශිලා ලිපියට අනුව මෙම ප්‍රදේශය ‘උතරපස. යනුවෙන් හඳුන්වා ඇත. ක්‍රි. ව. 10 වැනි සියවසෙන් පසුව ඇති වූ චෝල ආක්රමණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශවල හින්දු බලය ව්‍යාප්ත වූ බව ආරාමික භූමීන් තුළ හින්දු ශිව දේවාල ඉදිවීමෙන් පැහැදිළි වේ. එමෙන්ම වසභ සහ පළමුවන ගජබාහු යන රජවරුන්ගේ ශිලා ලේඛන අනුව ද, ගොඩනැඟිලි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව ද, ක්‍රි. ව. 10 වැනි සියවස දක්වා මේ ප්‍රදේශය අනුරාධපුර රාජධානිය කේන්ද්‍රකරගත් පාලනයක් පැවති බවත් මෙම ප්‍රදේශ තුළ සංවර්ධන කටයුතු සිදු කර ඇති බවත් ඉතිහායේ සඳහන් වේ. එහෙත් පොළොන්නරු රාජධානි සමයේදී මෙම ප්‍රදේශ පිළිබඳ රාජ්‍ය අනුග්‍රහය සහ අවධානය ගිලිහී ගොස් ඇත. ඒ සමයේ මේ ප්‍රදේශය පිළිබඳ සඳහන් එකම ස්ථානය වනුයේ මාමඩුව වැව අසලින් හමු වූ මහා පරාක්‍රමබාහු රජුගේ පුවරු ලිපිය පමණි. ඒ මාමඩුව වැව ප්‍රතිසංස්කරණය කළ බවට දැක්වෙන ලිපියකි.
කාලයෙන්, කාලයට පැමිණි විවිධ සතුරු ආක්‍රමණ සමඟ මේ ප්‍රදේශවල පැවති වැව් අමුණු කැඞී බිඳී විනාශ වී යැපුම් මාර්ග අවහිර වී, විවිධ වසංගත පැතිර යෑමත් හේතුවෙන් මෙම ප්‍රදේශ ජනශූන්‍ය බවට පත් විය. ඒ සමඟ බෞද්ධ සිද්ධස්ථාන මහා කැලෑවට වැසී ගියහ. එමෙන්ම වසර තිහකට වැඩි කාලයක් පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් ද මේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ අවධානය ගිලිහී ගියහ. නැවත මේ පුරාවිද්‍යා ස්ථාන ගැන සොයාබැලීම ආරම්භ කරනු ලැබුවේ 2009 ත්‍රස්තවාදී යුද්ධයේ අවසානයත් සමඟය. ඒ වන විට එම ප්‍රදේශ තුළදී පුරාවිද්‍යා නිලධාරීන් විසින් සොයාගන්න ලද බොහෝ සිද්ධස්ථාන නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශ වී ගොස් තිබේ. මේ උදා වී ඇත්තේ උතුර, නැෙඟනහිර භූමියේදී අපේ උරුමය නැවත ප්‍රතිස්ථාපනය කරන කාලයයි.
සිංහලයේ උත්තම ආධ්‍යාත්මික හරය යුගයෙන් යුගයට ගලා ගියේ බහුශ්‍රැත චින්තකයන්ගේ බරසාර පරිකල්පනයන් ඔස්සේ පමණක් නොවේ. තුන් සරණේ පිහිටි සැදැහැවත් ගැමියන්ගේ පිරී ඉතිරෙන බැතිබර හදවත් තුළින් නික්මුණ සාධුකාරයෙනි. මුල්වරට අහස් කුස සිප ගන්නා තුමුල දාගැබ් ඉදිවූයේ ඒ බැතිබර හදවත් තුළය. රළු පරළු ගල් කුළු අපරිමිත ශාන්තිය දනවන බුදු රූ බවට පෙරළුණේ්ත් ඒ බැතිබර හදවත් තුළය. එහෙයින් හෙළ සිංහල ලේ ධාතුවෙන් පැවත එන බෞද්ධයන් එකතු වූ විට ‘සපුමල්ගස්කඩ බොදු බිම. පමණක් නොව මුලූමහත් උතුර, නැගෙනහිර දෙපළාතේම ශ්‍රද්ධාවෙන් දෝවනය වූ අපේ පුදබිම් සංවර්ධනය කළ හැකිය. අවශ්‍ය ජාතියේ එකමුතුකම සහ මුරදේවතාවුන්ගේ ආශිර්වාදය පමණි.
මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සපුමල්ගස්කඩ පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබීම පැසසිය යුතු කරුණකි. වනඅරණ මැද පිරිත් ඇසෙන සෑය වන්දනා කරගෙන, ඒ පිං බිම පුරා ඈත, මෑත විසිරුණු බෞද්ධ ස්මාරක දෑසින් දැක බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්ත සිතින් ‘සපුමල්ගස්කඩ රජමහා විහාරය. නැවත පිළිසකර කිරීමට ඔබටත් දායක වන ලෙසට අපි මතක් කර සිටිමු...
තරංග රත්නවීර
ඡායාරූප මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්
Source divayina

Last edited: